වන්දනා ගමනක් යාමට සූදානම් වූ පිරිසක් තමන් වන්දනාවේ යන බසය පැමිණියා යැයි සිතා කලබලවී පාරේ ගමන් කරන වෙනත් බසයකට රැවටී වන්දනාවේ රැගෙන යාමට ගෙනා බඩු බාහිරාදියද එම බසයට පටවාගෙන මඳ දුරක් එහි ගමන් ගත් සිදුවීමක් බුලත්කොහුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වේ. සිද්ධිය සැකවින් මෙසේය. මෙම පවුලට තමන්ගේ ඥාතීන් පිරිසක් වන්දනා ගමනක් යාමට යෝජනාවක් කළහ. ඒ අනුව එම යෝජනාවට මේ පවුලේ අය එකඟ වී වන්දනා ගමන සූදානම් වූහ.
දින කිහිපයකට පසු යොදාගත් වන්දනා ගමන යන දිනය උදාවිය. ඥාතීන් පිරිස සමඟ මෙම පවුලේ දරුවෝ සිවුදෙනෙක් මව පියා සමඟ මෙම ගමනට එක්ව සිටියහ. ඔවුහු වෙනදාට වඩා උදෙන් අවදි වී වන්දනා ගමනට රැගෙන යාමට අවශ්‍ය බඩු බාහිරාදිය ද ලෑස්ති කරගෙන ඥාතීන් පිරිස බස් රථයෙන් තමන්ගේ නිවස අසලට එනතුරු මාර්ගය අසලට වී බලා සිටියහ.
සුපුරුදු පරිදි බුලත්කොහුපිටිය නගරයේ සිට කෑගල්ල දක්වා දිවෙන පාන්දර බස් රථය මේ මොහොතේ ගමන් වාරය ආරම්භ කළේය. එම බස් රථය මෙම පිරිසගේ නිවස අසලට ළඟා වෙමින් තිබුණි. ඒ බස් එකේ හඬ ඇසී වන්දනාවේ යාමට සූදානම්ව සිටි පිරිස මාර්ගයට දුවගෙන ඇවිත් එම බසය නතර කළහ. පසුව ඔවුහු එකින් එක තමන් වන්දනාවේ රැගෙන යාමට සූදානම් කර ගත් බෑග්, වතුර කෑන් ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය දෑ බසයට පටවා වාඩි වූහ. මේ සියලු බඩු ටික පැටවීමෙන් පසු රියදුරු මහතා ගමන ආරම්භ කළේය.
පිරිස බස් එකට නැග කිලෝමීටරයක් පමණ ගිය පසු බසයේ කොන්දොස්තර මහතා ටිකට් ගැනීමට පිරිස වෙතට ගියේය. “ඔයාලා කොහොමද මේ ටිකට් ගන්නේ” යැයි ඇසීය. අපි ටිකට් ගන්නේ ඇයි අහවල් වන්දනාවේ අපි යන්නෙ යැයි පිරිස කීහ. කොන්දොස්තර මහතා අපි මේ උදේ කෑගලු යන බස්එක ඔයාලට වැරදිලා වෙන්නැති මේකට ගොඩ වුණේ යැයි කීය.
(බුලත්කොහුපිටිය රවීන්ද්‍ර වෙලගෙදර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට බස් එකේ තමන් සමඟ වන්දනාවේ යන්න සූදානම් වූ ඥාතීන් නැති බව කිලෝමීටරක් යනතුරුම දැක්කේ නැද්ද? (නි)
ඔච්චර සිහිය නැතිවුණාම ඇති (නි)
ඕක මොකද්ද. මම කටුනායකදී දිල්ලි යන යානාව මාරුවෙලා කරච්චි යන එකට නැග්ගේ.
මේක නම් ඇත්තටම හිනායන වැඩක්...... (නි)
අනේ ඔය බස් එකට අපේ. පිටබැද්දර ජය මහත්තයත් ගොඩවෙලාද කියල බලන්න. (ර)
පුදුම කොන්දොස්තර කෙනෙක්නේ, මෙපමණ බඩු පටවනකම් බලාහිටියේ. ඊටත් වැඩිය පුදුමේ වන්දනාවේ යන කට්ටිය. (නි)
අර අපේ දේශපාලකතුමෙකුට වුණ වැඩේම තමා මේ කට්ටියට වෙලා තියෙන්නේ (නි)
චතුරි ඔයා බුලත්කොහුපිටිය නගරයේ සිට කෑගල්ලට යන බස් එකක ගිහින් බලන්න . ඔයාට පිළිතුර ලැබේවි . බඩු පටවනකම් නෙවි මුණ කට හෝදගෙන බත් කාල එනකම් බස් එක පාඩුවේ ඉදිවී (බ)
නුතන ශ්‍රී ලංකික ජනතාව ගැන කදිම උදාහරණයක්. යන්නේ කොහෙද? මොනවද කරන්නේ? කිසිම විචාරයක් නැහැ. අපි වගේ අවසිහියෙන් වැඩ කරන රටක් ලෝකේ වෙන කොහෙවත් නැතුව ඇති .(ම)
සමන් ප්‍රියන්ත,නියමයි.\"බොම්බේ කමින් කලකට ගොයින්\"(රේ)
නන්දිගේ කතාව ප්‍රතික්ෂේප කරන්න වගේම නැහැ කියන්නත් අමාරුයි..... (නි)
කරුවලේ ජරමරේ! (නි)
අනේ මන්ද අපේ මේ රුපවති නෝනා. පිටබැද්දර ජයාත් එක්ක එල්ලෙන එකමයි වැඩේ . නයයි මුගටියයි වගේනේ....(බ)