විධායක නිලධාරිනියකගේ සාරිය අස්සේ කටුස්සකු රිංගා යාම නිසා සිදුවූ අකරතැබ්බයක කතා පුවතකි මේ. බස්නාහිර පළාතේ ආයතනයකි. නිලධාරිනිය කාර්යාලයේ ඔබ මොබ ඇවිදිමින් සිටියාය.
කොහේදෝ සිට පැමිණි කටුස්සකු එකවරම නිලධාරිනියගේ දෙපා මුලින් සාරිය අස්සට රිංගා ඒමේ අත දිව යන්නට විය. මහත් බියට පත් වූ නිලධාරිනියගේ විලාප හඬින් සේවක සේවිකාවෝ මෙන්ම අනෙක් පිරිසද විමතියට පත් වූහ.
කටුස්සා ඉවතට ගැනීම ලේසි පාසු කටයුත්තක් නොවීය. සෙසු සේවිකාවෝද ඇගේ සහයට පැමිණියහ. වහාම විවේකාගාරයට ගොස් සාරිය ගලවා දැමූ පසු කටුස්සා නිරුපද්‍රිතව එළියට පැනගත්තාලූ.
දිවා ආහාර පැයේදී ඇය සෙසු නිලධාරිනියන් සමඟ පවසා ඇත්තේ ඊට පෙර දිනද ඔය කටුස්සා මල් පඳුර මත සිටිනු තමා දුටු බවයි.
”ඔයාට ඒ වෙලාවෙ බලාගන්න තිබුණෙ ඒ පිරිමි කටුස්සෙක්ද ගැහැනු කටුස්සෙක්ද කියලා’’ යැයි තවත් කටකාර විධායක නිලධාරිනියක් කී දෙයින් සියල්ලෝම කොක් හඬලා සිනාසෙන්නට වුණාලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට අපේ ලැජ්ජා බයට හැදුනු බවලතියෝ ටික මතක් වුණා...කටුස්සා වැරදිලාවත් එයාලගේ රිංගුවා නම් මොන දෙවියන්ට කියන්නද? (නි)
පරණ යාලුවෙක් වෙන්න ඇති (නදී)
කටුස්සා පාට වෙනස් කළේ නැද්ද දන්නෙ නැහැ (නි)
දැන් කටුස්සාගේ තත්වේ මොකද ? අසරණ සතා මැරිලද ? (අ)
කටුස්සෙක් හින්ද හොඳා,(අ)
දැන් කෝ කටුස්සා (නදී)
හොදටම විශ්වාසද ? (නදී)
බයවෙන්න දෙයක් නැහැ එච්චර. (නි)
අනේ මෙහෙම ආශාවක්..... (නි)
කටුස්සා හිතාගන්න ඇති ආයෙනම් ජීවිතේ තියෙනකම් ඒ ආසාව පසුපස නම් යන්නෙ නෑ කියලා. (අ)
කුමුදිනි වත්සලා, මේක වෙන්න බැරි කතාවක් නෙමෙයි. අපේ කණ්ඩායමේ ළමයෙකුටත් මේක වුණා.අපි කියන්නේ කටුස්සට පව් කියල.....එයට කටුස්සි කියල කිව්වහම තද වෙනවා (අ)
ලබන ආත්මයේ කටුස්සෙක් වෙලා ඉපදේවා කියලා කීදෙනෙක් ප්‍රාර්ථනා කලාද දන්නේ නැහැ (අ)
අනේ මම ඒ කටුස්ස වුනානම් .(අ)
කටුස්සට මෙනවා හිතෙන්න ඇති. (අ)
කටුස්සාගේ ෆොටෝ එකකුත් දමන්න (නි)
ඕක ඇත්තටම කටුස්සෙක්ද නැත්නම් කටුසු වේශය ගත්ත වර්තමාන දේශපාලුවෙක්ද කියල හොයල බලන්න. (නදී)
ෂුවර් එකටම අනිත් දවසෙත් ඔය එක්කෙනා එතෙන්ට යනවා.(අ)
කටුසා කොහොම අමාරුවෙන්ද දන්නේ නැහැ හිටියේ (අ)
නැහැ දැන් මෙතන විනය පරීක්ෂණයක් තියන්න යනවා සාමාන්‍ය සේවක කටුස්ස්සෙක් කොහොමද එයා විධායක සාරියක් අස්සට රිංගුවේ පූර්ව අනුමැතියකින් තොරව කියලා (නදී)
කටුස්ස අාවම බලය පාවිච්චි කලාද දන්නේ නැහැ (නදී)
කටුස්සාට දෙයියන් බුදුන් සිහි වෙන්න ඇති. (අ)
කටුස්සා පන්නා ගන්න නිලදාරිනියගේ සාරිය ගලවද්දී අපේ කටුස්සන් මොන විදියට හැසිරුනාද ? මොනවා සිහියට නගා ගත්තද ? ගොඩාක් අයට කටුස්සෝ වෙන්න ආස වෙන්න ඇති (නදී)
ඉතින් ඔය කටුස්සා නිතර මල් ගස් වලට වෙලා එයා දිහා බලන් ඉන්නකොට තේරුනේ නැද්ද මොකාටද එන්නේ කියල...(අ)
මේකා නම් මහම මහා නරකම කටුසෙක් නැද්ද මන් අහන්නේ ?(අ)
මනමාල කටුස්සෙක්. ඌ දන්නේ නැතිව ඇති ගැහැණුන්ගේ තරම. (නදී)
මේ කටුස්සට පාට මාරු කරන්න බැරිව ඇති එ්කනේ අහු උනේ. (නදී)
"කටුස්සාගේ පින " (අ)
මෙහෙමත් පින්වන්ත කටුස්සෙක් ! (අ)
මේක වෙන්න බැරි කතාවක් (අ)
උදව්වට කාර්යාලයේ කට්ටියත් උඩ පැනගෙන එන්න ඇති. (අ)
දැන් කටුස්සාගේ ගෙදර තොවිලයක් ලු. බය උන එකට නුල් බඳින්න. (අ)
"අලිය පිටේ.. කටුස්සා" කියල අපි පොඩි කාලයේ අලියෙක් දකින විට කැ ගහනවා. ඇත් ගොව්වා රවනවා. අපිට මොකද අලියා බය කටුස්සාටලු. එහෙම එකේ නිලධාරිණිය බියවීම සාධාරණ හේතුවක්. පව්නේ පල් කරන එක.(නදී)
මේ කටුස්සා සරමක් අස්සට රිංගන්නේ නැතිව සාරියක් අස්සට රිංගපු එකනේ වැඩේ. (නදී)
මීට පස්සේ සාරිය මහා කරදරයක් කියල කාර්යාලයේ බවලතියෝ ඔක්කොම කොට සායවල් අඳින්න පටන්ගත්ත නම් මොකද වෙන්නේ ? එහෙනම් ඔක්කොම පිරිමි ටික කටුස්සා ඉන්න පැත්තට හැරිලා වඳින්න පටන් ගනීවි. (නදී)
කටුස්ස හිතාගෙන ඇත්තේ ඕක මල් පඳුරක් කියලද? (අ)
කටුස්සටඔක්ෂිජන් දෙන්න වෙලාලු.(අ)
හීන්සැරය දෙවැනි කොටස ලියමුද ? (නි)
මහ නැහැදිච්ච කටුස්සෙක්. (නි)
සාරිය ඇතුළේ ඉන්නකොට කටුස්සාට මොනවා හිතුනද දන්නෙ නැහැ (නි)
කටුස්සා පොලිස් අත්අඩංගුවට පත්වෙයිද? (නි)
සමන්ත මල් පැදුර කෙසේ වෙතත් උෟ හිතෙන්න ඇති ආයෙත් වැහි වනාන්තර වලට රංගන්නේ නැහැ කියලා (නදී)
කටුස්සා දැක්කේ මල් පඳුරක්ද කාන්තාරයක්ද දන්නේ නැහැ (නදී)
කටුස්ස පිටවෙලා ගිහින්. ඌව තමන්ගේ ඇඳුම් අස්සේ තවමත් දාගෙන ඉන්නේ මේගොල්ලොනේ! මේ වගේ දේවල් වලට කටවල් ඇරෙන අය බොහොමයි. (නි)
උණුසුම යන්නත් කලින් පත්තරේටත් ආරංචි වෙලා නේද? (නි)
කටුස්සා දැන් බැහැ කියනවාලුද? (නි)
එඩිතර කටුස්සෙක්. එක දවසයි බලාහිටියේ. (නි)
සමහර ආයතනවල වැඩවලිනුත් කටුසු වෙස් ගත් බවලත්තු ඉන්නවා (නි)
කටුස්සා හින්දා හොඳයි. නයෙක් පොළඟෙක් වුණා නම්... (නි)
විධායක නිලධාරිනියට කටුස්සා සාරිය තුළට ආවම ඇතිවු බියම කටුස්සාටත් ඇතිවන්නට ඇති (නි)