IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


විදෙස් කතකගේ ඉඟියට කාමරයට ගිහින් අම්බානක ගුටි කාලා

විදේශීය සංචාරක කාන්තාවකගේ ඉල්ලීම පරිදි මහ රෑ ඇයගේ කාමරයට රිංගා ආපසු යමින් සිටි පුද්ගලයකු හොරෙක් යයි සිතා නිවෙස් හිමියන් විසින් අල්ලා පොලිසියට බාර දෙනු ලැබීමේ පුවතේ උණවටුන ප‍්‍රදේශයෙන් වාර්තාවේ.

වයස අවුරුදු තිහක් තරම් වන එම පුද්ගලයා කටුගොඩ ප‍්‍රදේශයේ පදිංචි අයෙකි. නිතර උණවටුනට පැමිණෙන ඔහුට විදේශීය සංචාරක කාන්තාවක් හඳුනාගන්නට ලැබිණි. හඳුනාගත් පළමු දිනයේම රාත‍්‍රි කාලයේ තමාගේ කාමරයට පැමිණෙ ලෙස ඇය ඔහුට කීවාය.

ඒ අනුව ඔහු යද්දෙහිමුල්ල ප‍්‍රදේශයේ නතරව සිටි ඇයගේ කාමරයට රිංගුවේය. එවිට වේලාව මධ්‍යම රාත‍්‍රිය ද පසුවී තිබූ නිසා සියල්ලෝම තද නින්දේය.
එහෙත් තම නිවසේ උඩුමහලේ විදේශීය සංචාරක කාන්තාව නතරව සිටින කාමරයේ සිට කිසිවෙකු පහළට බසින ශබ්දයට නිවෙස් හිමියා එළියට බැස බැලූවේය. එවිට ඔහු දුටුවේ උඩුමහලේ සිට බිමට බසින පුද්ගලයෙකි. නිවෙස් හිමියා වහාම ඔහු අල්ලා ගත් අතර නිවසේ සිටි අනෙක් අයද එළියට පැමිණ ඔහුට ගුටිබැට දෙන්නට විය.

ඔහු විවිධ බොරු කියා පළායාමට උත්සාහ කළත් වැඩක් වූයේ නැත. අවසානයේ ඔහුට සිදුවූයේ හබරාදුව පොලිසියේ ජීප් රථයට ගොඩවීමටය. පොලිසියේදී ඔහු සත්‍ය අනාවරණය කළේය.

එම කාන්තාවගේ ඉල්ලීම පරිදි ඇයගේ කාමරයට ගිය බවත් ආපසු පහළට බසින විට නිවෙස් හිමියා අල්ලා ගත් බවත් ඔහු කීවේය.



අදහස් (0)

විදෙස් කතකගේ ඉඟියට කාමරයට ගිහින් අම්බානක ගුටි කාලා

බණ්ඩා Wednesday, 12 February 2014 11:10 PM

කම් සැප විදින්නේ නැති අය විදින අයත් එක්ක හරිම තරහය .... (දී)

:       0       0

ගාමිණී - සිරි Wednesday, 12 February 2014 12:09 PM

අපේ මිනිස්සුන් කරන ඕනෑම හොරකමක් ලස්සනට ප්ලෑන් කරලා කරගන්න දක්ෂයි.නමුත් අන්තිමේ අනා ගන්නවා. (නදී)

:       0       0

රිස්වාන් ඩුබායි Wednesday, 12 February 2014 11:10 PM

මෙහෙමත් මිනිහෙක් රෑ ගතකරලා උදේට ගියානම් හරිනේ... (දී)

:       0       0

උඩුවනුගේ දොන් සුජීව (වන්ඩුවා) පෙරේරා Friday, 14 February 2014 07:14 AM

ඒඩ්ස් තිබුන පලියට එහෙම මිනිස්සුන්ට ගරහන්න නරකයි. (නදී)

:       0       0

චන්දි Wednesday, 12 February 2014 12:18 PM

ගැහැණු පිරිමි කියල බේදයක් නැහැ , කව්රුත් එකයි වැඩේ කර ගත්තට පස්සේ අනෙකා මලත් කමක් නැහැ (පේස් බුක් එක නිසා දැන් ගැහැණු දෙන්නෙක් ජීවිතය නැති කර ගත්තේ පිරිමින් නිසා ) නැද්ද මං අහන්නේ...!!!(නදී)

:       0       0

ධම්ම Wednesday, 12 February 2014 12:29 PM

පිරිමි ඔහොම තමයි. තමන්ගේ වැඩේ කරගන්න කල් ගණදෙවි නුවණ. ඊට පස්සේ තමයි ඉතුරු හරිය හිතන්නේ. (නදී)

:       0       0

මනෝජ් Thursday, 13 February 2014 05:07 PM

කමක් නැහැ ගුටි කෑවට.(නදී)

:       0       0

සාමා Wednesday, 12 February 2014 12:44 PM

මිනිහ මෝඩයි. ඔන්න මං ගියා නම් අහුවෙන්නෙත් නැතුව ලෙඩ හදාගන්නෙත් නැතුව ලස්සනට පනිනවා. (නදී);

:       0       0

සමන්ත Wednesday, 12 February 2014 01:04 PM

මොනවටද හොරෙන් යන්නේ ඇත්ත කියල ගියානම් හරිනේ.(නදී) .

:       0       0

විනෝද් Thursday, 13 February 2014 02:03 AM

විදේශිකයින්ට ඕවා සාමාන්‍ය දේවල් (දී)

:       0       0

මුදිත Friday, 14 February 2014 08:42 AM

හොද වැඩේ ..... හොද වැඩේ .....හොදම වැඩේ (දී)

:       0       0

නිරෝෂා Wednesday, 12 February 2014 01:41 PM

දේශාන් ඇයි ඔහොම කියන්නේ. ඔබව මේ ලෝකෙට බිහි කරපු ඔයාගේ අම්මා ගැහැනියෙක් නෙමේද ? (නදී)

:       0       0

දිනිදු Sunday, 16 February 2014 11:18 PM

සාධු....සාධු....සාධු....සාධු.... හොදවැඩේ (දී)

:       0       0

චන්ද්‍රා Tuesday, 18 February 2014 06:44 AM

මෙය පිළිගත නොහැකි කතාවකි, (අ)

:       0       0

නිලන්ත Tuesday, 18 February 2014 04:14 PM

පව් මොඩය (දී)

:       0       0

මොහාන් දමාම් Wednesday, 12 February 2014 02:20 PM

දුක සැප දෙකම ලබාගත් ඔහුට සාධාරණයක් කරමු.(නදී)

:       0       0

බමුණු Thursday, 13 February 2014 03:48 AM

"ඔය වගේ චාන්ස් එක්කක් මට හම්බවෙන්නේ නැහැනේ. " මොකක්ද ගුටිකන එකද? (දී)

:       0       0

මනෝ Wednesday, 12 February 2014 02:27 PM

ඔය වගේ චාන්ස් එක්කක් මට හම්බවෙන්නේ නැහැනේ. මේ මිනිහා මෝඩයෙක්.(නදී)

:       0       0

තිමිර Monday, 17 February 2014 03:19 AM

මම අහල තියනව මෙහෙම කතාවක් "දැක්කොත් රේප් නොදැක්කොත් ශේප් කියල" හැබැයි ඒක අදාල වෙන්නෙ ලන්කාවෙ අයට මෙයා පිට රටක කෙනෙක් හින්ද මම තමයි එන්න කිව්වෙ කියන්න ඇති(දී)

:       0       0

සත්‍යයා Thursday, 13 February 2014 05:35 AM

මේ කතාවේ සැබෑ පසුබිම ගැන නොදැන යමක් ලියන්න යන එක පාඨක යින් නොමග යැවීමක් වෙනවා. නමුත් බටහිර රටවල (දැන් රුසියාවත්) කාන්තාවෝ පිරිමින්ගේ පහස සොයා, ඒ වගේම පිරිමි ලාබාල ගැහැණු හා පිරිමි ළමයින් සොයා දකුණු හා අග්නිදිග ආසියාවේ රටවලට එනවා. අපේ රටවල ට සල්ලි ගේනවා කියා ඒඩ්ස් අරන් එන සංචාරකයාටත් මෙහෙදී මල්මාලා දාල පිළිගන්නවා. අහුඋන නිසා ඔයගැන කතා කලාට හැම රාත්‍රියකම ඔය දේ ලංකාවේ වෙනවා.(නදී)

:       0       0

දේශාන් Wednesday, 12 February 2014 03:14 PM

නිරෝෂා, ඔයා වගේ මේ දවල් වලට අපේ අම්ම සම්බන්ද වෙන්නේ නැනේ. ඒකයි එහෙම කිව්වේ.(නදී)

:       0       0

බමුණු Saturday, 15 February 2014 08:19 AM

"බමුණු මල්ලිට පොට වැරදිලා. ආරක්ෂා විදි විදාන දාගත්තම ඒඩ්ස් හැදෙන්නේ නැහැ." එහෙනම් කොහොමද ඒඩ්ස් පැතුරුනේ.(නදී)

:       0       0

බමුණු Saturday, 15 February 2014 08:22 AM

"ඒඩ්ස් තිබුන පලියට එහෙම මිනිස්සුන්ට ගරහන්න නරකයි." කව්රුත් කාටවත් ගැරහුවේ නැත. ඩෙංගු පතුර වන්න එපා කියන්නේ ඩෙංගු රෝගීන්ට ගැරහීමක් නොවෙයි එහෙම නේද? (නදී)

:       0       0

සමන්ත ප්‍රදීප් Thursday, 13 February 2014 08:47 AM

මිතුරනේ මතක තියාගන්න ලංකාවේ ඒඩ්ස් ආසාදිතයන් තිස්පන්දාහක් ඉන්නවලු. තමනුත් නොමිලේම හදාගන්නද යන්නේ.(නදී)

:       0       0

නලින් Sunday, 16 February 2014 11:42 AM

අනේ මන්ද මල්ලි, කාට හෝ වැරදිලා ,(දී)

:       0       0

චමී Wednesday, 12 February 2014 04:55 PM

උණවටුනේ මෙයාල කාමරයක් කුලියට ගන්න හෝටලයක් තිබුණෙම නැද්ද මන්ද (දී)

:       0       0

තුෂාර Friday, 14 February 2014 02:35 PM

අපි හැඟීම් වලට ඉඩදී මොහොතක් (දී)

:       0       0

දම්මිකා Wednesday, 12 February 2014 05:54 PM

විදේශිකයෝ ලංකාවට එන එක පුදුමයක් (දී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 12 February 2014 05:54 PM

දැන් අපේ අය විදෙස් සංස්කෘතියයි,අපේ රටේ සංස්කෘතියයි පටලවාගෙන.ඒ රට වල ඕක සාමාන්‍ය දෙයක් ඒ කාන්තාවට.එත් ඒ මිම්මෙන් මනින්න තරම් අපේ රටේ කාන්තාව පහතට වැටිලා නැනේ.මේක මේ පිරිමියාගේ නුගත් කමයි.විකුර්ති අසාවල් නිසා උනදෙයක්.මේ වගේ අය නිසා තාම රටට නොයෙකුත් ලෙඩ රෝග බෝවෙන්නේ. (දී)

:       0       0

උදුල් වික්‍රමසේකර Thursday, 13 February 2014 01:38 PM

ෂික් , ඇඩ්ඩ්‍රස් එක මේකෙ දාල නැහැනේ. අනිත් දවසෙ මේ වගේ ඒව දාන කොට හරියටම තැන කියන්න.එතකොට තනියම අපට ගිහිල්ල මට පුලුවන් ස්වාධීන පරීක්ෂණයක් කරන්න. (නදී)

:       0       0

චන්දි Thursday, 13 February 2014 01:58 PM

බමුණු මල්ලිට පොට වැරදිලා. ආරක්ෂා විදි විදාන දාගත්තම ඒඩ්ස් හැදෙන්නේ නැහැ.(නදී)

:       0       0

සුරන් Thursday, 13 February 2014 02:02 PM

මේ වගේ කතා අහනකොටත් හිනා යනවා. ඉස්කෝලේ යන කාලයේ බලපු පත්තර වලත් මේ වගේ කතා තිබුනා.(නදී)

:       0       0

අසෝකා Wednesday, 12 February 2014 07:00 PM

දේශාන්, කමල්, ගැහැණිය කියන කොට එයට ඔයාගේ අම්මත් නංගිත්, බිරිදත් අයත් වෙනවා. (නදී)

:       0       0

චන්දි Wednesday, 19 February 2014 12:08 PM

ආරක්ෂක විදී විදාන ගැන දමපු අදහස මගේ නොවේ.(අ)

:       0       0

නෙලුම් Sunday, 16 February 2014 06:20 PM

හොද වැඩේ අඩු 4 කඩන්න තිබුනේ (දී)

:       0       0

තමරා Sunday, 16 February 2014 07:22 PM

කාමරේට ගියාද? නොගියාද? (දී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Thursday, 13 February 2014 11:52 PM

සදමාලි ,දවසින් අදුරගෙන එන්න කියපු ගමන් යන්නේ මොන අසාවටද..?එත් මහා රෑ රටෙත් නොවෙන කෙනෙක් ලගට.අනේ මන්ද ඔයා බොලද වැඩයි මේවා තේරුම් ගන්න මන් හිතන්නේ. (දී)

:       0       0

සුගත් ගුණවර්ධන Wednesday, 12 February 2014 07:57 PM

හැගීම් පාලනය කරගන්න බැරි උනාම මේවගේ දේවල් වෙනවා ආසාවල් වලටත් සීමාවක් තියෙන්න ඕනේ නේද? (නදී)

:       0       0

කසුන් යාපා Monday, 17 February 2014 07:06 PM

විඳපු දුකට පව් (අ)

:       0       0

සදමාලි Wednesday, 12 February 2014 08:28 PM

අනේ නිලූ අපි කොහොමද කියන්නේ මේක විකුර්ති අසාවල් කියල? ගැහැණු පිරිමි එකතු වෙන එක විකුර්ති අශා නෙවෙයි. (අ)

:       0       0

නාලක Friday, 14 February 2014 02:03 AM

විලි ලජ්ජාවෙ සන්තෝසෙ බැහැ (දී)

:       0       0

කරුනාපාල දොඹගොඩ Friday, 14 February 2014 02:09 AM

අපරාදේ පිනා චාන්ස් එකක් ලැබිලත් මාට්ටු උනා .(නදී)

:       0       0

කින් බෙනට් Sunday, 16 February 2014 08:23 PM

මේකේ ගොඩක් අය මෝඩ කතා කියනවා .. ඒ මනුස්සය මහා රෑ ඉහල මහලට නැග්ගේ ඒ කාන්තාවගේ ඇරයුමට කියල මේකේ පැහැදිලිව තියෙනවා .. ඒ කියන්නේ ඒ මනුස්සය වරදක් කරලා නෑ.. වරද තමයි අහු උනාම ඒක එතන කියන්නේ නැතුව පොලිසියට යනකම් හිටපු එක.. ගෙදර මනුස්සය අල්ලගත්ත ගමන් ඇත්ත කිවුවනම් ගුටි නොකා සැපට ගෙදර යන්න තිබුන .. (දී)

:       0       0

බමුණු Wednesday, 12 February 2014 11:33 AM

එම කාන්තාවගේ ඉල්ලීම පරිදි ඇයගේ කාමරයට ගියා නම් ඒ බව කියා එලියට යන්න තිබුනා. මොකද ඒක එම කාන්තාවට ප්‍රශ්නයක් නොවෙයි. නමුත් ප්‍රශ්නය ඒඩ්ස් සමග එලියට පැමිණ තිබුනොත් තමයි.(නදී)

:       0       0

කමල් විමලවීර Wednesday, 12 February 2014 11:46 AM

ගැහැණු ඔහොම තමයි. වැඩ කරගත්තම අනිකා ගැන හිතන්නේ අඩුවෙන්. (නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 12 February 2014 10:45 PM

සදමාලි,සොයුරියේ හැමදේටම සම්මත ක්‍රමයක් තියනවනේ.එක දවසින් දැකලා එන්න කියපු පලියට මහා රෑ ගෙවල් වලට රිංගන්නේ ගෙදර අයටත් හොරෙන් ඒ මොකටද..?? භාවනා කරන්න නෙමේනේ.ඉතින් එකට කියන නම මොකක්ද ..?විකුර්ති අසාව හැරෙන්න.ඔය වගේ අය තමා අපේ රට විනාස කරන්නේ.එහෙම අඩගහන පලියට යන්නේ ඒවාටම හුරුඋන අය ඉතින් එයාල ලග අපි හිතන ක්‍රමයේ ගැහැණු ,පිරිමි එකතුවක් නෙමේ තියෙන්නේ.එහෙනම් ඉතින් ගෙවල් වල ඉන්න අඹු සැමියොත් පොලිසියෙන් අල්ලන්න ඕනේනේ. (දී)

:       0       0

ජනක Sunday, 16 February 2014 08:42 PM

ලංකාවෙත් මේ වගේ දේවල් හරියට වෙනවා හි හි හි (දී)

:       0       0

දේශාන් කොඩිකාර Wednesday, 12 February 2014 12:03 PM

ගැහැණු කියන ජාතිය ඔහොමම තමයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1242 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1205 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 441 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site