විදේශීය සංචාරක කාන්තාවකගේ ඉල්ලීම පරිදි මහ රෑ ඇයගේ කාමරයට රිංගා ආපසු යමින් සිටි පුද්ගලයකු හොරෙක් යයි සිතා නිවෙස් හිමියන් විසින් අල්ලා පොලිසියට බාර දෙනු ලැබීමේ පුවතේ උණවටුන ප‍්‍රදේශයෙන් වාර්තාවේ.
වයස අවුරුදු තිහක් තරම් වන එම පුද්ගලයා කටුගොඩ ප‍්‍රදේශයේ පදිංචි අයෙකි. නිතර උණවටුනට පැමිණෙන ඔහුට විදේශීය සංචාරක කාන්තාවක් හඳුනාගන්නට ලැබිණි. හඳුනාගත් පළමු දිනයේම රාත‍්‍රි කාලයේ තමාගේ කාමරයට පැමිණෙ ලෙස ඇය ඔහුට කීවාය.
ඒ අනුව ඔහු යද්දෙහිමුල්ල ප‍්‍රදේශයේ නතරව සිටි ඇයගේ කාමරයට රිංගුවේය. එවිට වේලාව මධ්‍යම රාත‍්‍රිය ද පසුවී තිබූ නිසා සියල්ලෝම තද නින්දේය.
එහෙත් තම නිවසේ උඩුමහලේ විදේශීය සංචාරක කාන්තාව නතරව සිටින කාමරයේ සිට කිසිවෙකු පහළට බසින ශබ්දයට නිවෙස් හිමියා එළියට බැස බැලූවේය. එවිට ඔහු දුටුවේ උඩුමහලේ සිට බිමට බසින පුද්ගලයෙකි. නිවෙස් හිමියා වහාම ඔහු අල්ලා ගත් අතර නිවසේ සිටි අනෙක් අයද එළියට පැමිණ ඔහුට ගුටිබැට දෙන්නට විය.
ඔහු විවිධ බොරු කියා පළායාමට උත්සාහ කළත් වැඩක් වූයේ නැත. අවසානයේ ඔහුට සිදුවූයේ හබරාදුව පොලිසියේ ජීප් රථයට ගොඩවීමටය. පොලිසියේදී ඔහු සත්‍ය අනාවරණය කළේය.
එම කාන්තාවගේ ඉල්ලීම පරිදි ඇයගේ කාමරයට ගිය බවත් ආපසු පහළට බසින විට නිවෙස් හිමියා අල්ලා ගත් බවත් ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කම් සැප විදින්නේ නැති අය විදින අයත් එක්ක හරිම තරහය .... (දී)
අපේ මිනිස්සුන් කරන ඕනෑම හොරකමක් ලස්සනට ප්ලෑන් කරලා කරගන්න දක්ෂයි.නමුත් අන්තිමේ අනා ගන්නවා. (නදී)
මෙහෙමත් මිනිහෙක් රෑ ගතකරලා උදේට ගියානම් හරිනේ... (දී)
ඒඩ්ස් තිබුන පලියට එහෙම මිනිස්සුන්ට ගරහන්න නරකයි. (නදී)
ගැහැණු පිරිමි කියල බේදයක් නැහැ , කව්රුත් එකයි වැඩේ කර ගත්තට පස්සේ අනෙකා මලත් කමක් නැහැ (පේස් බුක් එක නිසා දැන් ගැහැණු දෙන්නෙක් ජීවිතය නැති කර ගත්තේ පිරිමින් නිසා ) නැද්ද මං අහන්නේ...!!!(නදී)
පිරිමි ඔහොම තමයි. තමන්ගේ වැඩේ කරගන්න කල් ගණදෙවි නුවණ. ඊට පස්සේ තමයි ඉතුරු හරිය හිතන්නේ. (නදී)
කමක් නැහැ ගුටි කෑවට.(නදී)
මිනිහ මෝඩයි. ඔන්න මං ගියා නම් අහුවෙන්නෙත් නැතුව ලෙඩ හදාගන්නෙත් නැතුව ලස්සනට පනිනවා. (නදී);
මොනවටද හොරෙන් යන්නේ ඇත්ත කියල ගියානම් හරිනේ.(නදී) .
විදේශිකයින්ට ඕවා සාමාන්‍ය දේවල් (දී)
හොද වැඩේ ..... හොද වැඩේ .....හොදම වැඩේ (දී)
දේශාන් ඇයි ඔහොම කියන්නේ. ඔබව මේ ලෝකෙට බිහි කරපු ඔයාගේ අම්මා ගැහැනියෙක් නෙමේද ? (නදී)
සාධු....සාධු....සාධු....සාධු.... හොදවැඩේ (දී)
මෙය පිළිගත නොහැකි කතාවකි, (අ)
පව් මොඩය (දී)
දුක සැප දෙකම ලබාගත් ඔහුට සාධාරණයක් කරමු.(නදී)
"ඔය වගේ චාන්ස් එක්කක් මට හම්බවෙන්නේ නැහැනේ. " මොකක්ද ගුටිකන එකද? (දී)
ඔය වගේ චාන්ස් එක්කක් මට හම්බවෙන්නේ නැහැනේ. මේ මිනිහා මෝඩයෙක්.(නදී)
මම අහල තියනව මෙහෙම කතාවක් "දැක්කොත් රේප් නොදැක්කොත් ශේප් කියල" හැබැයි ඒක අදාල වෙන්නෙ ලන්කාවෙ අයට මෙයා පිට රටක කෙනෙක් හින්ද මම තමයි එන්න කිව්වෙ කියන්න ඇති(දී)
මේ කතාවේ සැබෑ පසුබිම ගැන නොදැන යමක් ලියන්න යන එක පාඨක යින් නොමග යැවීමක් වෙනවා. නමුත් බටහිර රටවල (දැන් රුසියාවත්) කාන්තාවෝ පිරිමින්ගේ පහස සොයා, ඒ වගේම පිරිමි ලාබාල ගැහැණු හා පිරිමි ළමයින් සොයා දකුණු හා අග්නිදිග ආසියාවේ රටවලට එනවා. අපේ රටවල ට සල්ලි ගේනවා කියා ඒඩ්ස් අරන් එන සංචාරකයාටත් මෙහෙදී මල්මාලා දාල පිළිගන්නවා. අහුඋන නිසා ඔයගැන කතා කලාට හැම රාත්‍රියකම ඔය දේ ලංකාවේ වෙනවා.(නදී)
නිරෝෂා, ඔයා වගේ මේ දවල් වලට අපේ අම්ම සම්බන්ද වෙන්නේ නැනේ. ඒකයි එහෙම කිව්වේ.(නදී)
"බමුණු මල්ලිට පොට වැරදිලා. ආරක්ෂා විදි විදාන දාගත්තම ඒඩ්ස් හැදෙන්නේ නැහැ." එහෙනම් කොහොමද ඒඩ්ස් පැතුරුනේ.(නදී)
"ඒඩ්ස් තිබුන පලියට එහෙම මිනිස්සුන්ට ගරහන්න නරකයි." කව්රුත් කාටවත් ගැරහුවේ නැත. ඩෙංගු පතුර වන්න එපා කියන්නේ ඩෙංගු රෝගීන්ට ගැරහීමක් නොවෙයි එහෙම නේද? (නදී)
මිතුරනේ මතක තියාගන්න ලංකාවේ ඒඩ්ස් ආසාදිතයන් තිස්පන්දාහක් ඉන්නවලු. තමනුත් නොමිලේම හදාගන්නද යන්නේ.(නදී)
අනේ මන්ද මල්ලි, කාට හෝ වැරදිලා ,(දී)
උණවටුනේ මෙයාල කාමරයක් කුලියට ගන්න හෝටලයක් තිබුණෙම නැද්ද මන්ද (දී)
අපි හැඟීම් වලට ඉඩදී මොහොතක් (දී)
විදේශිකයෝ ලංකාවට එන එක පුදුමයක් (දී)
දැන් අපේ අය විදෙස් සංස්කෘතියයි,අපේ රටේ සංස්කෘතියයි පටලවාගෙන.ඒ රට වල ඕක සාමාන්‍ය දෙයක් ඒ කාන්තාවට.එත් ඒ මිම්මෙන් මනින්න තරම් අපේ රටේ කාන්තාව පහතට වැටිලා නැනේ.මේක මේ පිරිමියාගේ නුගත් කමයි.විකුර්ති අසාවල් නිසා උනදෙයක්.මේ වගේ අය නිසා තාම රටට නොයෙකුත් ලෙඩ රෝග බෝවෙන්නේ. (දී)
ෂික් , ඇඩ්ඩ්‍රස් එක මේකෙ දාල නැහැනේ. අනිත් දවසෙ මේ වගේ ඒව දාන කොට හරියටම තැන කියන්න.එතකොට තනියම අපට ගිහිල්ල මට පුලුවන් ස්වාධීන පරීක්ෂණයක් කරන්න. (නදී)
බමුණු මල්ලිට පොට වැරදිලා. ආරක්ෂා විදි විදාන දාගත්තම ඒඩ්ස් හැදෙන්නේ නැහැ.(නදී)
මේ වගේ කතා අහනකොටත් හිනා යනවා. ඉස්කෝලේ යන කාලයේ බලපු පත්තර වලත් මේ වගේ කතා තිබුනා.(නදී)
දේශාන්, කමල්, ගැහැණිය කියන කොට එයට ඔයාගේ අම්මත් නංගිත්, බිරිදත් අයත් වෙනවා. (නදී)
ආරක්ෂක විදී විදාන ගැන දමපු අදහස මගේ නොවේ.(අ)
හොද වැඩේ අඩු 4 කඩන්න තිබුනේ (දී)
කාමරේට ගියාද? නොගියාද? (දී)
සදමාලි ,දවසින් අදුරගෙන එන්න කියපු ගමන් යන්නේ මොන අසාවටද..?එත් මහා රෑ රටෙත් නොවෙන කෙනෙක් ලගට.අනේ මන්ද ඔයා බොලද වැඩයි මේවා තේරුම් ගන්න මන් හිතන්නේ. (දී)
හැගීම් පාලනය කරගන්න බැරි උනාම මේවගේ දේවල් වෙනවා ආසාවල් වලටත් සීමාවක් තියෙන්න ඕනේ නේද? (නදී)
විඳපු දුකට පව් (අ)
අනේ නිලූ අපි කොහොමද කියන්නේ මේක විකුර්ති අසාවල් කියල? ගැහැණු පිරිමි එකතු වෙන එක විකුර්ති අශා නෙවෙයි. (අ)
විලි ලජ්ජාවෙ සන්තෝසෙ බැහැ (දී)
අපරාදේ පිනා චාන්ස් එකක් ලැබිලත් මාට්ටු උනා .(නදී)
මේකේ ගොඩක් අය මෝඩ කතා කියනවා .. ඒ මනුස්සය මහා රෑ ඉහල මහලට නැග්ගේ ඒ කාන්තාවගේ ඇරයුමට කියල මේකේ පැහැදිලිව තියෙනවා .. ඒ කියන්නේ ඒ මනුස්සය වරදක් කරලා නෑ.. වරද තමයි අහු උනාම ඒක එතන කියන්නේ නැතුව පොලිසියට යනකම් හිටපු එක.. ගෙදර මනුස්සය අල්ලගත්ත ගමන් ඇත්ත කිවුවනම් ගුටි නොකා සැපට ගෙදර යන්න තිබුන .. (දී)
එම කාන්තාවගේ ඉල්ලීම පරිදි ඇයගේ කාමරයට ගියා නම් ඒ බව කියා එලියට යන්න තිබුනා. මොකද ඒක එම කාන්තාවට ප්‍රශ්නයක් නොවෙයි. නමුත් ප්‍රශ්නය ඒඩ්ස් සමග එලියට පැමිණ තිබුනොත් තමයි.(නදී)
ගැහැණු ඔහොම තමයි. වැඩ කරගත්තම අනිකා ගැන හිතන්නේ අඩුවෙන්. (නදී)
සදමාලි,සොයුරියේ හැමදේටම සම්මත ක්‍රමයක් තියනවනේ.එක දවසින් දැකලා එන්න කියපු පලියට මහා රෑ ගෙවල් වලට රිංගන්නේ ගෙදර අයටත් හොරෙන් ඒ මොකටද..?? භාවනා කරන්න නෙමේනේ.ඉතින් එකට කියන නම මොකක්ද ..?විකුර්ති අසාව හැරෙන්න.ඔය වගේ අය තමා අපේ රට විනාස කරන්නේ.එහෙම අඩගහන පලියට යන්නේ ඒවාටම හුරුඋන අය ඉතින් එයාල ලග අපි හිතන ක්‍රමයේ ගැහැණු ,පිරිමි එකතුවක් නෙමේ තියෙන්නේ.එහෙනම් ඉතින් ගෙවල් වල ඉන්න අඹු සැමියොත් පොලිසියෙන් අල්ලන්න ඕනේනේ. (දී)
ලංකාවෙත් මේ වගේ දේවල් හරියට වෙනවා හි හි හි (දී)
ගැහැණු කියන ජාතිය ඔහොමම තමයි.(නදී)