කොළඹට ආසන්න ප‍්‍රදේශයක නිවෙසක ජීවත් වූ මවක මිය ගියේ දූ දරුවන් දුකට පත් කරමිනි.
පවුල් පන්සල් වී ඇති දූ දරුවන් සිය මවගේ දේහය ඉදිරියේ වැළපෙන්නට වූයේ අවමඟුලට එන හිතවතුන්ට පවා පාලනය කොටගත නොහැකි තරම් වේදනාවෙන් දඟලමිනි.
එක් දියණියක් සිය මවගේ දේහය රැගෙන යන්නට නොදෙන බව පවසමින් කෑ ගසා විලාප දුන් අතර තවත් දියණියක් තමාද මව සමඟ යන බව පවසමින් විලාප දෙන්නට වූවාය.
රාත‍්‍රියේ දේහය නිවෙසට ගෙන එන මොහොතේත් ගිගුරුම් දෙමින් වැස්ස ඇදහැලෙන්නට වූයේ නිවෙසේ විදුලියද විසන්ධි කරමිනි.
දේහය තැන්පත් කොට තිබූ මැද සාලයෙන් අඬා වැටෙන දියණියන්ගේ හඬ එක වරම වෙනස් ස්වරූපයෙන් අමුතු ශබ්දයක් සමග ‘බුදු අම්මෝ’ කියමින් උස් ස්වරයෙන් ඇසෙන්නට වූයෙන් නිවැසියන් කලබලයට පත්ව හිස හැරුණු අත දුවන්නට විය. ඒ මියගිය කාන්තාව පෙට්ටියෙන් නැගිට එනවා යැයි බියෙන් තැතිගෙනය.
වැස්ස පවා නොතකා නිවැසියෝ හිස් ලූ ලූ අත දිවූහ.
විදුලිය ටික වෙලාවකින් පැමිණි පසු සිදු වූ කාරණය සියල්ලන්ටම වැටහිනි. විදුලිය විසන්ධි වූ මොහොතේ කලබලයට පත්වූ නිවැසියකුගේ ඇගේ වැදී මිනී පෙට්ටියේ පියන බිම වැටී තිබුණි.
මිය ගිය මව සමඟ යන්නටත් මවගේ දේහය රැගෙන යන්න ඉඩ නොදෙන බවත් කිව් දියණියන් ගොළුවී බලා සිටියේ අඬා වැළපෙමින් කිවූ දේ කරන්නට බැරි බව වටහා ගත් හෙයිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මවූ සෙනෙහේ නේ. පවු. (නදී)
මළගිය අයට කරන නිගරුවක් (අ)
අනේ හැබෑටම මෙහෙමත් නාටක(ස)
ඕක තමා ඇත්ත. අනේ මාවත් එක්ක යන්නකෝ කියලා කෑ ගහලා ඇඬුවට, දාලා යන්න එපා කියලා මැරෙන්න හැදුවට, කිසිම කෙනෙක් මැරුණ කෙනා ආයේ කවදාවත් දකින්න බලාපොරොත්තු වෙන්නේ නෑ.දැක්කොත් බලි තොවිල් කරනවා මිසක් සතුටු වෙන්නේ නෑ. (ස)
මෙවන් දේ ප්‍රචාරය කිරීමට තරම් අද වාර්තා කරුවන් පෙලබෙන්නේ......තමාගේ වගකීම කුමක්දැයි නොදන්නා කමිනි...................
මේවා රට්ටු හිනස්සවන වැඩ. (නි)
දුක තමයි. ඔය වෙලාවට අපි කරන කියන දේවල් ප්‍රායෝගිකම නෑ (ස)
ඔය ඔක්කොම ඔහොම තමයි. පවුලේ කෙනෙක් වෙන් වී යාමේ දුක තියෙන්නේ ඒ දුක විදලා තියෙන කෙනෙක්ට විතරයි. (නි)
කෙනෙක් මිය ගිය දුක විහිළුවක් කරගන්න එපා. (නි)
ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නෙත් එලෙසයි. එය වටහා ගත යුතුයි. බිම් අඟලට මරාගන්න කාලෙක අවසානයේ අරන් යන්නේ කුමක්ද ? (ස)
ඔය කියන කවුරුත් ඔහොම තමා. (නි)
මටත් මගේ අම්මාව මීට මාස තුනකට පෙර නැතිවුණා. (නි)
බොරුව තමයි හැමතැනම (දී)
ජීවිතය හරිම කෙටි කාලයකි. සහසුද්දෙන්ම අපි කවුරුත් මැරෙන එක මැරෙනවාමයි. මොනවා රැස්කලත් ගෙනයන්න බෑ. නිතරම තමා මැරෙන්න ඉන්න කෙනෙක් වග මතක් කරගැනීම තුලින් තණ්හාව අඩුකරගන්න පුළුවන්. සතුටින් ජිවත් වෙන්න පුළුවන්. එක දවසක එක් මොහොතක ඔබ ඉහලට ගත් හුස්ම රැල්ල පහලට හෙලු පසු නැවත හුස්මක් ගැනීමට නොලැබෙන මොහොතක් එන බව හිතන්න. මියගිය අයට නිවන් සුව පතා මෙසේ සටහන් කලෙමි. තෙරුවන් සරණයි. (ස)
මේකත් හරියට අර කතාවක් තියෙන්නේ දවසක් තමන්ගේ අම්මව වලලන්න යද්දී දුව අදිනවලු අනේ අම්මේ මවත් අරන් යන්න නැත්නම් මම වලට පනිනවා මවත් එක්කම වලලන්න කිව්වම පස් කඩාගෙන ඒ දුවව වලට වැටුනම අනිත් අයට එයා "ඇයි උබලට පෙන්නේ නැද්ද මාව වලට වැටුනා මව ගොඩ ගනිල්ලකෝ " කියල කෑ ගැහුවේ . අන්න ඒ වගේ වැඩක් තමා . (ස)
නරලොව හොල්මන් කියන්නේ මේවාට තමයි (අ)