IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


වේදනාව නැතිව දත ගලවාගන්න අපූරු බෙහෙතක් බීලා

(මාවතගම - කාංචනමාලා බණ්ඩාර)
දතේ කැක්කුම නැති කර ගන්නට හොඳට සූර් වී දොස්තර ළඟට ගිය පුද්ගලයකුට සිදුවූ අකරතැබ්බයක් මාවතගමෙන් වාර්තා විය.


සිද්ධිය මෙසේය.


මාවතගම ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු දත් කැක්කුම හැදුණු දත ඉවත් කර ගැනීමට දන්ත චිකිත්සකාගාරයක් වෙත ගියේ සතියක් පුරා විඳි වේදනාව ඉවසාගත නොහැකි නිසාය.


නගරාසන්නයේ පිහිටා තිබූ මෙම දන්ත චිකිත්සාගාරය තුළ ඒ වනවිටත් දහ පහළොස් දෙනකු වාඩි වී සිටිනු දක්නට ලැබිණි. දත් ගැලවීමට හා පිරවීමට පැමිණි අය අතර ඔහු ද වාඩි විය.


දත් ගලවන්න ආ අයට හිරිවැටීමේ බෙහෙත් විදීම ආරම්භ කෙරිණි.


වෛද්‍යවරයා විසින් ඔහුගේ දත පරීක්ෂා කරනු ලැබීමෙන් පසුව හිරි වැටෙන බෙහෙත විද විනාඩි 45කට පසු නැවත දත ගැලවීමට එන ලෙස පැවැසීය.


වෛද්‍යවරයා කී වේලාව පැමිණෙන තුරු වාඩිවී සිටි මොහු කලින් දා යාළුවා කී උපදේශය පිළිපැදීමට දන්ත වෛද්‍ය මධ්‍යස්ථානය අවට පරිසරය විපරම් කළේය.


අසල කඩයකින් ලැබුණු තොරතුරකට අනුව ඔහු ආසන්නම මත්පැන් හලකට ගොස් මත්පැන් වීදුරු දෙකක්ම බීවේ දත ගැලවීමේ අවස්ථාවට මුහුණදීමේ ශක්තිය ඇතිකර ගැනීමේ අධිෂ්ඨානයෙනි.


යළි එම ස්ථානය වෙත දිව ආ ඔහු ටික වේලාවක් ගත කළේය. ටික වේලාවකින් ඔහුගේ දත ගැලවීමේ වාරය උදාවිය.


හෙදිය කරන ලද විධානයට අවනත වූ ඔහු වෛද්‍යවරයා වෙත ආවේ කිසිම පැකිළීමක් නොමැතිවය.


‘කට අරින්න හොඳට... හොල්ලන්න එපා...’ ඔහු මුළු කටම විශාල කළේ දැඩි ආත්ම ශක්තියකිනි.


වෛද්‍යවරයාගේ උපදෙස් අකුරටම පිළිපැද්දා යැයි ඔහුට සිතිණි. ඔහු කට ආයා පහසුවෙන් හුස්ම ගත්තේය. පිට කළේය. වෛද්‍යවරයා ඔහුට සමීප විය. ‘මොනවද මේ ගඳ. දහ ජරාවක් බීලා ද ආවේ. යනව එළියට’ වෛද්‍යවරයා කෝපයෙන් කෑ ගැසීය.


සූර් පිටම ඔහු දිව ගියේ වෙනත් කළ හැකි කිසිවක් නොමැති නිසාය. ඒ වනවිට 25-30ක පමණ පිරිසක් පැමිණ සිටි අතර ඔවුන් සිනාසෙනු දක්නට ලැබිණි.


ටික දුරක් පා ගමනින් පැමිණි ඔහුට තම මුඛය නැත්තා සේ දැනුණි. තනිවම කතා කරන්නට උත්සාහ ගත්තත් කට පැත්තකට ගොස් ඇති බව දැනෙන්නට විය. කටේ හිරිය සමගම බොහෝ වේලාවක් හිස් අතින්ම ආපසු පැමිණියේ කැක්කුම දෙන දත ද කටේ තිබියදීය. 

 



අදහස් (0)

වේදනාව නැතිව දත ගලවාගන්න අපූරු බෙහෙතක් බීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1733 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1435 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 516 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site