ගමේ කිරි ගොවිපළට ආධාර දීමට ආ බව අඟවා ගොවි මහතා ළඟ තිබු රුපියල් ලක්ෂ එකහමාරට විදින්න ආ කතක් අල්ලා ගුටි ඇන එළවා දැමීමේ පුවතක් මාවතගමින් අසන්නට ලැබුණි.
ගමේ තරුණයකු කිරි හරක් කීපදෙනකු මිලට ගත්තේ කිරි ව්‍යාපාරයක් පිළිබඳ සිහිනය සැබෑ කර ගැනීමේ අදහසිනි. තම බිරියගෙන් ලැබුණ නොමද සහායත් සමෘද්ධි බැංකුවෙන් ලද ආධාරත්, පශු වෛද්‍ය සේවයෙන් ලද උපදේශත් නිසාම මෙම තරුණ යුවළ දිනෙන් දින දියුණුව කරා ගමන් කළහ.
දින සති මාස ගණන් ගෙවෙද්දී විශාල කිරි ව්‍යාපාරයක හිමිකරුවකු වීමට මෙම යුවළට හැකිවූයේ ගමේ කාගේත් ආශිර්වාදය මැදය. ටික දිනකදී මෙම කිරි ගොවිපළ ප‍්‍රදේශයේ ආදර්ශ ගොවිපළක් බවට පත්වූයේ ප‍්‍රමිතියෙන් හා ගුණාත්මකවත් පිරිසිදුවත් මෙම ව්‍යාපාරය කළ නිසාමය. දිවා රාතී‍්‍ර නොතකා වෙහෙස මහන්සියෙන් හරි හම්බ කරගත් මෙම තරුණයා අනෙක් තරුණයන්ට ආදර්ශයක් බව කාගේත් කතා බහට ලක්විණි.
කාලය ගෙවී යද්දී එක් දිනක මනාව හැඳපැළඳගත් කාන්තාවක් (තරුණ) මෙම ගොවිපළ වෙත ගොඩවැදුණේ රටේ ආධාර සපයන ප‍්‍රබල සංවිධානයක නම සඳහන් කරමිනි. මෙම ගොවිපල පිළිබඳ තම සංවිධානය ඉතා පැහැදීමෙන් සිටින බවත් එහි ප‍්‍රධානියාගේ උපදෙස් මත තමා නියෝජිතවරියක ලෙස මෙහි ආ බවත් පැමිණි සුරූපී කාන්තාව ගොවි යුවළට දැනුම් දුන්නේ ඔවුන් සතුටට පත් කරවමිනි.
මෙම කිරි ගොවිපළට ඉදිරි දියුණුව සඳහා ලක්‍ෂ හතක ආපසු නොගෙවන දිරි දීමනාවක් ලබාදීමට තමා පැමිණි බව කී මෙම තරුණිය ඒ සඳහා අදම බැංකුවේ ගොවි මහතාගේ නමින් නව ගිණුමක් ආරම්භ කර සඳුදා එම ගිණුමට ලක්‍ෂ එකහමාරක් බැර කරන්නට ඇගෙන් උපදෙස් ලැබිණි. සතුටට පත් ගොවි යුවළ පැමිණි කාන්තාවට තේ පැන් සංග‍්‍රහයක්ද සිදුකළහ. ඒ අතරතුර ලිපි ගොනු කීපයක්ම පුරවා අවසන් කළ කාන්තා නියෝජිතවරිය ගොවිපළ පිළිබඳ පූර්ණ වාර්තාවක් සකස් කළේ ඡුායාරූප සහිතවය. ගොවි මහතාගේ අත්සන් කීපයක්ම ඈ විසින් ගනු ලැබිණි.
පැය ගණනාවක් මෙම කටයුත්තට කාලය වැයකළ ගොවි මහතා කිරි ගොවිපළේ වැඩට යාමට සැරසුණේය. ”ඔයාලාගේ ව්‍යාපාරය බලන්න අපේ බොස් අද හවසම මෙහෙ එනවා. ඊට කලින් අද හවස 1.30ට පෙර ඔයාලගෙ නමින් ලක්‍ෂ 1 1/2 දාන්න යමු. කතා කරගත් පරිදි තම ගිණුමට තමා ළඟ තිබූ ලක්‍ෂ 1 1/2ක් රැගත් ගොවි මහතා තම බිරිඳ සමග ඈ විසින් නම්කළ බැංකුව වෙත ගියේ තම යතුරුපැදියෙනි. සංවිධානයේ නියෝජිතවරිද ඈ පැමිණි තී‍්‍රවීලයෙන් එම බැංකුව වෙත ගියාය. මම පුරවන්නම් ෆෝම් ටික...
කඩිනමින් කවුන්ටරය වෙත ගිය සුරූපී කාන්තාව මොවුන්ගේ නමින් ලක්‍ෂ 1 1/2ක් තැන්පත් කිරීමේ පෝරමයද සම්පූර්ණ කළේ ගොවි යුවළ අසලදීමය. ඔයාල දෙන්න වාඩිවෙලා ඉන්න මේ මුදල් ටික මම තැන්පත් කරන්නම්. ගොවි යුවළ ඈ අතට ලක්‍ෂ 1 1/2 මුදල දුන්නේ රුපියල් ලක්‍ෂ 7 (හතක)විශාල බලාපොරොත්තුව පිළිබඳ සිහින මවමිනි. දැන් අපේ බොස් ඔයාලගෙ ගෙදර එනවා කීවා ගොවිපළ බලන්නයි ලක්‍ෂ 7 දෙන්නයි.....
ඒ නිසා ගොවි මහත්තයා ගෙදර යන්න. මම මෙයත් එක්ක බැංකුවේ වැඩ ඉවර කරලා එන්නම්”. ගොවි මහතා සතුටින් යුතුව නිවස බලා ඉගිලගියේ යෝගට් ව්‍යාපාරයක් හා පුංචි ලොරියක් ගන්නට මැවූ සිහින සිහිපත් කරගනිමිනි. බැංකුවේ කවුන්ටරයේ අසල රුපියල් ලක්ෂ 1 1/2ක මුදල් නෝට්ටු සමග පෝලිමේ සිටින මෙම තරුණ සුරූපිණියගේ අතෙහි වූ මුදල් බැරපත දෙස ගොවි බිරිඳගේ දෑස් යොමුවිය.
ඈ නිකමට මෙන් එය කියෙව්වාය. තමා සමඟ තමා ඉදිරියෙන් පෝලිමේ සිටින කාන්තාවගේ අතෙහි වූ මුදල් බැරපතේ ලියා තිබුණේ ලක්‍ෂ එකහමාර වෙනුවට රුපියල් 1500කි. ඈට තරු පෙනුණි. තමාත් තම සැමියාත් දිවා ? නොබලා හරි හම්බ කරගත් මුදල් මේ...... වංචාකාරියකට....... තමා හසුවන්නට යන බව වැටහීමට ඈට වැඩිවේලාවක් ගත නොවිණි. ඈ ආගන්තුක කාන්තාව වැරෙන් යුතුව දැඩිලෙස අල්ලා ගත්තාය.
”මේ හෙරක්....... මගේ සල්ලි ගත්තා”යි ඈ කෑ ගසන්නට පටන් ගත්තාය. සංවිධානයක නියෝජිත කාන්තාවක බව හඟවා තමාත් සැමියාත් රැවටූ මෙම කාන්තාවගේ අතවූ මුදල් ගැනීමට ඈ පොරබැදුවාය. උදුරාගත් රුපියල් ලක්‍ෂ 1 1/2 (ලක්‍ෂ එකහමාරක) මුදල් තම බෑගයේ ඔබාගත් ගොවි කාන්තාව ඈට හොඳහැටි තඩිබාන්නට වූ නිසාම වටවූ පිරිස හෙරක් හෙරක් කියා කෑ ගසන්නට වූහ..
පිරිසෙන් මිදී දුවගිය සුරූපිණිය ඈත නොපෙනෙන්නට නවතා තිබූ තී‍්‍රවීලයෙන් පියඹා ගියේ විදුලි වේගයෙනි. කාන්තාව හා පොර බැදීමෙන් ඇතිවූ සිරීම් තුවාල සහිතව ගෙවිළිය සුසුමක් හෙලීය. ”ඇති යාන්තම් බේරුණා”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර තමයි කොළඹ කාක්කන්ට අහුවුණේ (නි)
ඔවු අබරන්, ඉස්සර තමයි කිවුවේ ගැහැණුන්ගේ මොළේ හැඳි මිටේ කියලා. දුක් මහන්සියෙන් හම්බ කරගත් මුදල් කවදාවත් අපතේ යන්නේ නැහැ (නි)
ගොඩක් හොඳයි බැංකුවේ ආරක්ෂක නිලධාරීන්.මේ වගේ ගැහැණු කෙනෙක් අල්ලගන්න බැරි ආරක්ෂකයෝ මොකටද? ඉතින් කොහොමද ෆුල්ෆේස් හෙල්මට් දාගෙන ආයුධ අරගෙන එන හොරුන්ව අල්ලන්නේ? මේ බැංකු වල තිබෙන ආරක්ෂාව අපිට විශ්වාස කරන්න පුලුවන්ද? අපිට දෙයක් වුණත් මේ දෙයමද? (නි)
කාන්තාවන් දෙදෙනෙක් බැංකුවේ කවුන්ටරය ළඟ පොර බදා හෙරක් හෙරක් කියා කෑ ගසද්දීත් එක් කාන්තාවක් පලා යනකන් බැංකුවේ ආරක්ෂක නිලධාරීන් බලා සිටියාද. බැංකුවල ආරක්ෂාව නම් අන්තිමයි. (අ)
මේ තවත් එක සිද්ධියක් විතරයි. හෙටත් මේ හා සමානම සිද්ධියක් අපට අහන්න ලැබේවි. කිසි කෙනෙක් මේවාගෙන් පාඩමක් ඉගෙන ගන්නේ නැහැ. ඒ අපේ සමාජයේ හැටි. (ර)
අයියෝ! මේ ගැහැණුන්ගේ මොළේ නම් හැඳිමිටක් තරම්. හ්ම්..හ්ම් . වැඩිපුර සල්ලි කිව්වොත් කණකර දරු මල්ලෝ හරි දෙයි (නි)
දැන් කාලේ බොහෝ දෙනෙක් උත්සහා කරන්නේ නිකම් ඉඳලා අනුන්ගේ දෙයක් කඩා වඩා ගන්න. තමන්ට ලියන්නට කියන්නට දන්නවානම් පිටස්තර කෙනෙකුට පෝර්ම් පුරවන්න දුන්නේ ඇයි.....? හිටපු ගමන් ගෙවල් වලට පහත් වෙන පිටස්තරයන් ගැන හැමෝම විමසිල්ලෙන් සිටිය යුතු වෙනවා. (ර)
සල්ලි දෙනවා කිවොත් ඕනෑම හොරෙකුට අහුවෙනවා අපේ අය. මොනවා වුණත් බවලත් මනුස්සයට ටිකක් හරි මොළේ තිබුන නිසා සල්ලි ටික බේරාගත්තා. එකපාරට ලක්ෂ හතක් දෙන්න එනකොට මොළේ කල්පනා කළා නම් මේ වගේ මර උගුල් වලින් බේරෙන්න තිබුනා. (නි)
ලැජ්ජයි කියන්න, ලංකාවේ සමහර බවලතුන් දැන් ජීවත්වෙන්නේ තමන්ගේ ගැහැණුකම පාවිච්චි කරලා. මෙහෙම උදව් කරන්න කියලා ඉදිරිපත්වෙන ලලනාවන් නිසා සමහර නෝනලාට ගෙදර තියන සල්ලි විතරක් නෙමෙයි මහත්තයාවත් නැතිවුණ අවස්ථා එමටයි. ඒ නිසා ඔය පැනලා උදව් කරන්න එන උදවිය ගැන හැමතිස්සෙම සැකයේ වාසිය තමන්ට තියාගන්න ඕනෑ. (නි)
ඔහොම උදව්වට කියලා කඩා පහත්වෙන ස්ත්‍රීන්ගෙන් අද කාලයේ පරිස්සම් කරගන්න ඕනෑ ගෙදර සල්ලි නෙමෙයි මහත්තයාව. මේ දවස් වල අහන්න ලැබෙන්නෙම තවත් බවලතියකට උදව් කරන්න සහ උදව්ගන්න ගිය මහිලාවන්ගේ ඔලුවටම දේවාලය කඩාවැටීම. (නි)
මට අහු වුණා නම් බාගෙට ඇඳුම් ගලවල ගහක බැඳලා තියෙනවා. (අ)
ඔය වගේ උදව්වට එන සුරූපී බවලතියන් ඇතැම්විට ගෙදර මුදල් වලට වැඩිය දේවල් අරගෙන යන බව අද කාලයේ බිරින්දෑවරු සිහිතබා ගතයුතුයි. මේ දිනවල රූපවාහිනියේ ටෙලි නාට්‍යයක තරුණ රූපවාහිනි නිවේදිකාවගේ මායමට අසුවෙන තලත්තෑනි ජ්‍යෝතිෂකරුවාගේ චරිතය හොඳ උදාහරණයක්. (නි)
ක්‍රිශාන්ත, ඔය වගේ සක්කරවට්ටම් එන්නේ කොහොමටත් බාගෙට ඇඳගෙන තමයි. (නි)
මේ සංවිධානෙ නම මොකක්ද දන්නෙ නැහැ (නි)
ඇයි මේ වගේ දේවල් වලට අපේ අය අහුවෙන්නේ? රටේ ලෝකේ වෙන දේවල් දන්නේ නැද්ද? ඔය උපදෙස් දෙන ආයතන වලින් මේ මිනිසුන්ට මේ ගැනත් උපදෙස් දීලා දැනුවත් කරන්න ඒ අයව. (නි)
ඔය කාන්තාව අල්ලගෙන පොලිසියට බාරදෙන්න බැරිවුණානේ,ඔතන හිටපු පිරීමි ටිකට.දැන් ආයෙත් ගිහිල්ලා පටන්ගනී පුරුදු සෙල්ලම. (නි)
තණ්හාව ශෝකයට හේතුවිය හැකිය (නි)
චාන්දනී, මටත් ඕකම මතක් වුනා. (බ)
සල්ලි විතරක් නැති වෙන්න ගිහින් බේරුනා එක ලොකු දෙයක්. (ර)
ඔය වගේ මගෝඩි වැඩ කොච්චර තියෙනවද. එක දවසක් අපේ ගෙදරට ඇවිත් අපේ නෝනගෙන් විස්තර අහල කියනවලු ස්වීප් එකක් ඇදිල සල්ලි වගයක් තියෙනවා ගන්න, ඒකට රුපියල් 50,000 ඉස්සෙල්ල බදින්න කියල. අපේ නෝනා කියල තියෙනවා එහෙනම් අ ඇදිච්ච සල්ලිවලින් අඩුකරගෙන ඉතිරි සල්ලි ටික ගෙනත් දෙන්න කියල, මෙන්න බොලේ මනුස්සය හිමිහිට මාරුවෙලා ගියාලු. (බ)