(වියලූව වාර්තාකරු)
අනුන්ගේ ගෙවත්තක හොරෙන් අඹ කඩන්නට ගොස් වතු හිමියාගේ ගල් දුණූ පහරකින් තුවාල ලැබූ පුද්ගලයෙකු වතු හිමියාගෙන් රුපියල් පන්සියයක වන්දියකුත් රැගෙන ඔහුගේ වාහනයෙන්ම සිය නිවස බලා පැමිණි බව කියවෙන පුවතක් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
ඔහු ප‍්‍රදේශයේ සාමාන්‍ය වැවිලිකරුවෙකි. යමක් කමක් ඇති ව්‍යාපාරිකයෙකි. ඉඳහිට විවිධ සමාජ විරෝධී වැඩවල ද නිරත වූවෙකි. අක්කර දහයක් පහළොවක් වූ ඔහුගේ අඹ වත්තේ සරුවට වැඩුණු අඹ ඵලදාව දුටු පුද්ගලයකු එදින උදෑසනින්ම වත්තට රිංගුවේ හොඳවෑයින් අඹ ගෙඩි හත අටක් කඩා ගැනීමේ අටියෙනි.
ඔහුට අඹ ගස මත රැඳී සිටීමට හැකිවූවේ සුළු වේලාවකි. අඹ කොළ අස්සෙන් පැමිණි ගල් කැටයක් හිසේ වැදී ලේ ගලන්නට වූවේ ඔහුට දෙවියන් බුදුන් සිහි කරමිනි.
ගල් පහර නිකුත්වී තිබුණේ වතු හිමියාගේ අතෙහි වූ ගල් දුන්නෙනි. හොරාගේ කෑ ගැසීමත් සමගම එහි පැමිණි වතු හිමියා හොරාත් ඔහු අත වූ අඹ මල්ලත් සිය ග‍්‍රහණයට ගත්තේ ඔහුට නොසෑහෙන සේ දෙස් දෙවොල් තබමිනි. එයින් නොනැවතුණු හෙතෙම ඔහු පොලිසිය වෙත රැගෙන යන බවට ද තර්ජනය කළේ ඔහුගේ ලේ ගලන තුවාලය ගැන පවා නොසිතමිනි.
පරාජය පිළිගන්නට මැලි වූ තුවාලකරු ද ‘හොඳයි පොලීසි ගිහින්ම ප‍්‍රශ්නේ විසඳා ගනිමු’ යැයි ව්‍යාපාරිකයාගේ යෝජනාවට එක පයින්ම කැමැත්ත පළ කළේ ‘මම ඉස්පිරිතාලෙ නැවතුණ විට මුදලාලි කූඩුවේ දානවා’ යැයි ව්‍යාපාරිකයාට නීති උපදෙසක් ද ලබා දෙමිනි.
සැබෑවටම පොලීසි ගියහොත් කුමන අන්දමේ මරාලයක් හිසේ කඩා වැටෙන්නට බැරි නැතැයි සිතූ හෙතෙම අවසානයේදී හොරා අතට අඹ මල්ලත්, රුපියල් 500 ක නෝට්ටුවකුත් දුන් ව්‍යාපාරිකයා ළඟපාත ඩිස්පැන්සරියකින් ඔහුට ප‍්‍රතිකාර ලබාදී නිවසටම ගෙන ගොස් ඇරලූවේ ‘ආය එහෙම අඹ කඩලා අහුවෙන්න එපා’ යැයි පවසමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි දහස් ගණනක් වියදම් කරලා අන්තිමට රුපියල් දහසක් ලැබිලා අපටත් උනේ අඹ වත්තේ අයිතිකාරයට වෙච්ච දේමයි. කොයි හොරත් වාසනාවන්තයි නේද ?
මේක දැන් හොරුන්ට යටවුනු රටක් වෙලා නේද?
මුදලාලි මැට්ටෙක් නිසා හොඳයි. මම නම් හොරාගේ කකුල් දෙකත් කඩලයි පොලිසියට බාර දෙන්නේ. මමනම් පොලිසියට කියන්නේ මම එනවිට ගහෙන් පැනලා කකුල් කඩාගෙන ඔලුවත් පලා ගත්තා කියලයි.