වෙළඳ පොළේ වැඩි මිලට තිබෙන විදේශීය මත්පැන් තොගයක් අඩු මිලට ගැනීමට ගොස් මත්පැන් තොගයත් මුදලූත් නැති කරගත් ව්‍යාපාරිකයකු පිළිබඳව පසුගියදා වෙන්නප්පුව ප‍්‍රදේශයෙන් වාර්තා විය.
සිද්ධිය මෙසේ විය.
ආනයන කටයුතුවල නිරත මෙම ව්‍යාපාරිකයාට තම හිතවතකු මාර්ගයෙන් විදේශීය මත්පැන් තොගයක් අඩු මිලට ගැනීමට ක‍්‍රමයක් තිබෙන බව දන්වා ඇත. මෙවන් අවස්ථාවක් පැහැර නොහැරීමට ඔහු තීරණය කර ඇත්තේ එමගින් ලැබෙන වාසිය ගැන දන්නා නිසාය.
මුදලූත් රැුගෙන අගනුවරට ආසන්න නගරයක් වෙත තම හිතවතා ලබා දුන් දුරකතන අංකයට කතා කර තමන්ට ලැබෙන වාසිය ගැන සිත සිතා ගොස් පුද්ගලයකු මුණගැසී මත්පැන් තොගයට අදාළ මුදල් දී මත්පැන් තොගය රැුගෙන එනතුරු බලා සිටියේය. එහෙත් ඔහු ගියා ගියාමය නැවත ආපසු ආවේ නැත.
මත්පැන් තොගය ලබාදෙන බව පවසා එම මුදල් රැුගෙන ගිය පුද්ගලයාගේ දුරකතන අංකය ගැන හෝ ඔහු ගැන මේ තොරතුරු දුන් තම හිතවතාට මේ බව පැවසුවද ඔහුද යම් උගුලකට හසුවී ඇති බව වැටහුණි.
වැඩි වාසියක් ගැන සිතා ගොස් තමන්ගේ මුදලත් අදාළ භාණ්ඩත් නැති කරගත් මෙම ව්‍යාපාරිකයා මෙවන් බොරුකාරයන්ට හසු නොවන ලෙස දැන් තමන්ගේ හිතවතුන්ට උපදෙස් දෙනවලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දී,දැන් ඕනවට වඩා වැඩියි වාගේ. (බ)
මත්පැන් ගැන තිබෙන පුවත් වලදී පවා සමහරුන්ට රුපවතිව මතක් වෙනවා කියන්නේ ......අනේ මන්දා ! (බ)
අනුන්ට ගින්දර දෙන්න යන අයට ඒ ගින්දරම තමාටම ඇවිළෙනවා කියන්නේ ඕකට තමා. මොකද මත්පැන් වලින් කෙනෙකුට යහපතක් සිදුවන්නේ නැහැනේ. (නි)
අනුන්ට ගිනිවතුර පොවමින් කොපමණ හම්බකරගෙන කොපමණ සුඛෝපභෝගීව ජීවිතගතකරන්න උත්සාහ කලත් දිනක එම දීපු ගින්දර නැවත ලැබෙනවා එවිට යන්නේ පොලියත් එක්ක බව කව්රු කව්රුත් හිතුවත් හොඳයි. (ස)
හිතන් හිටියේ "සිතන්නට පෙර පැන බලනු කියා . පිටබැද්දර ජයා වගේ දනමුත්තෙක් ඉන්න නිසා ගොඩක් වටිනවා එයාගෙන් අහල ඉගෙනගන්නේ. (ස)
අනේ සෝම සුන්දර කොලුවෝ ..සාමාන්‍යෙන් අපි හැමෝටම වෙලා තියෙන දේ තමයි ඔය සරත් මල්ලි කියල තියෙන්නේ ..?තවත් මොනවද අහන්න ඉතුරුවෙලා තියෙන්නේ ..? (රේ)
රූපවතී අක්කා ගමේ ඉන්න කාලේ, අඩුවට ගම්මිරිස් මාතලේ තියෙනව කියලා අහලා ලොරියකුත් අරගෙන ගියා ගම්මිරිස් ගන්න.ගිහින් බලනකොට ගම්මිරිස් තාම ලපටීයි. අනික වත්ත පිටින් බදු අරන් කඩාගන්න ඕනෑ. ඉතින් එහෙමම ආපහු ආවා.අන්තිමට අතින් පාඩුවුණා අක්කාට (නි)
ලාබ බඩුවේ හිලක් නොව. (ර)
හොඳ වැඩේ හොර වැඩ කරන්න යනවට (නි)
අනේ ජයනාත්, කෝ මේ අපේ රූපා? (නි)
ආනේ මෙහෙම මිනිස්සුත් සාර්ථක බිස්නස් කාරයොද? ව්‍යාපාරිකයොද? (ර)
ඒ කියන්නේ සරත් අපේ රූපවතී අක්කට වෙලා තියෙන දෙයක්ද? (නි)
බඩු ටික නැතුව සල්ලි දෙන්නේ කව්ද අද කාලේ. අනික කාවද විස්වාස අද කාලේ. (ර)
දැන් හැමවිටම රූපවති අක්කා ගැන කතාවෙන නිසා අපි මේක "රූපවති අක්කාගේ තීරය" කියලා නම වෙනස් කරමුද? (නි)
නොබොන කෙනාට තේ වතුරත් ගිනිවතුර කියනවනේ (නි)
වෙන්නප්පුව ප‍්‍රදේශයෙ "දන්කොටුව ස්පෙසල් " හොඳ නැත්ද ? (බ)
රූපාගේ මහත්තයා විදේශිකයෙක්ද? (නි)
රුපවති , සුරා සුදුවෙන් තොරයි . එයා මේවට අදහස් පළකරන්නේ නැහැ (බ)
පනින්න පෙර සිතා බලනු කියලත් කියලා තියෙනවා. (ර)
අපේ පැරණි මුතුන්මිත්තෝ ඒකනේ කියන්නේ 'වළට වැටුනමලු මොළේ ගොඩඑන්නේ ' කියලා. (නි)
ඇයි සිසිල ඔයා එහෙම කියන්නේ? නම සිසිල වුණාට මොකද, කිසිම සිසිලක් නැහැ වගේනෙ (නි)
මනෝරි, ඒ දවස්වලත් අනෙක් ප්‍රවෘත්ති වලට වඩා දෙයියෝ සාක්කි තීරුවට අදහස් ගොඩක් ලියනවා. ඒ අතරින් අපි පොඩි විනෝදයකුත්,සතුටකුත් ලබාගන්න තමයි එහෙම ලියන්නේ. ඔයත් දිගටම ලියලා ටික දිනක් නොලිවුවොත් අපි ඔයාවත් සොයන්නම්. එවිට මෙම තීරුව ''මනෝරිගේ තීරුව '' කියා නම් කරාවිද...? (නි)