IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වැඩි ලාබයට ලෝබවෙලා සේසතට කණ කොකා හඬලා

ගිනි පොලී තන්හාවෙන් වැඩි ලාභ සොයන්නට ගොස් මුදලත්, පොලියත් දෙකම අහිමි කර ගත් පිරිසක් පොලිසියට ගිය පුවතක් හැටන් ප්‍රදේශයෙන් වාර්තා වේ.


වාණිජ බැංකුවල පොලී ප්‍රතිශතයට වඩා වැඩි පොලියක් මාසිකව ගෙවන බවට පොරොන්දු වෙමින් පුද්ගලයින් රැසකගෙන් රුපියල් ලක්ෂ ගණනක් ලබාගෙන පොරොන්දු පරිදි මුදලත්, පොලියත් නොගෙවන පුද්ගලයකුට එරෙහිව පොරොන්දු කඩ කළ බවට පවසමින් පිරිසක් හැටන් මූලස්ථාන පොලිසියේ සුළු පැමිණිලි අංශයේ පැමිණිලි ගොනු කර තිබේ.


එම පුද්ගලයන් පවසන පරිදි එකී පුද්ගලයා මාසිකව පොලිය ගෙවීමේ පදනම මත මෙම මුදල් ලබාගෙන තිබේ. මුදල් ලබා ගන්නා අවස්ථාවේදී මුදල් ලබා ගත් බවට ලිපියක් සහ දින රහිත චෙක්පතක් නිකුත් කර ඇත. එමෙන්ම මාසිකව සියයට හතරක (4%) පොලියක් ගෙවීමට පොරොන්දු වී තිබේ. ලබාගත් මුදල් ඔහු සියයට විස්ස (20%) පොලියට වෙනත් පුද්ගලයින්ට ලබාදීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් තිබේ. පොරොන්දු වූ පරිදිම මාස කිහිපයක් පොලිය ගෙවීම සිදු කර ඇත.


එහෙත් පසුගිය මාස හතරක පමණ කාලයක සිට පොලිය නොගෙවීම නිසා මුදල් ලබාදුන් පුද්ගලයන් නිතර නිතර මෙම පුද්ගලයාගෙන් විමසීම් කිරීමත් සමග මුදල් ගැනුම්කරු හැටන් නගරය හැර යාමට කටයුතු කරන බවට සැලවීමත් සමග මොවුහු පසුගියදා පොලිසියට පැමිණිලි කළහ.


ඒ අනුව පුද්ගලයන් 6 දෙනකු පමණ දැනට පොලිසියට පැමිණිලි කර ඇති අතර, ඒ ලක්ෂ පනස් පහක් පමණ වූ මුදලකටය.


මෙම ව්‍යාපාරය සඳහා එම පුද්ගලයාට තවත් පුද්ගලයින් රැසක් රුපියල් ලක්ෂ ගණනක් මුදල් දී ඇති බව අනාවරණය වී ඇති අතර, එක් පුද්ගලයකු රුපියල් ලක්ෂ 20, ලක්ෂ 40 වැනි ඉහළ වටිනාකම්වලින් මෙම නීති විරෝධී ව්‍යාපාරය සඳහා මුදල් ආයෝජනය කර තිබූ බව ද පැවසේ. මෙම මුදල් ඉපයූ ක්‍රමය එළිදැක්වීය නොහැකි පිරිස් හා පිළිගත් බැංකුවක හෝ ව්‍යාපාරයකට ආයෝජනය කළහොත් බදු ගෙවීමට සිදුවන නිසා මෙවන් ස්ථානවල ආයෝජනය කර ඇතැයි කියති.
(මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)



අදහස් (0)

වැඩි ලාබයට ලෝබවෙලා සේසතට කණ කොකා හඬලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 48 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site