පෞද්ගලික ආරක්ෂක ආයතන අතළොස්සක් විසින් ජනවාරි මස වැටුපට රුපියල් දෙදහස් පන්සීයක් එකතු කරන ලදී. ප්‍රතිඵලය අනෙකුත් ආරක්ෂක ආයතනවලට බලපෑවේය. වැටුප් වැඩිකළ ආයතනයක ආරක්ෂක නිලධාරියෙක් තම ජනවාරි මස වැටුප් පත්‍රිකාව, වැටුප් වැඩිනොවූ ආරක්ෂක ආයතනයක ආරක්ෂක නිලධාරීන්ට පෙන්වමින් උජාරුවෙන් කථා කරන්නට විය.
ආණ්ඩුවෙන් ගැසට් කරන්නත් ඉස්සර වෙලා අපේ බොස්ලා ලෝබ නැතිව දෙදහස් පන්සීය වැඩිකළා. බලන්න මගේ පඩිය. රුපියල් හතළිස් නම දාහයි. යනුවෙන් පැවසුවේ තම කමිසයේ කොලරයද ඔසවමිනි. වැටුප් පත්‍රිකාව දුටු අයෙක්, ඇත්ත තමයි අපේ ලොක්කෝ කියන්නේ රජයෙන් ගැසට් කළේ නැතිව වෙන සර්විස්වල රුපියල් දෙදහස් පන්සීය දුන්නා කියන්නේ බොරුවටලු එයාලා අපිව ගොනාට අන්ඳනවා යැයි පැවැසීය. දිනක් වැටුප් වැඩිවූ ආරක්ෂක නිලධාරියා “ඔන්න ඊයෙත් තවත් සර්විස් වලින් පනහක් ආවා ඉන්ටවිව්වලට පනහම ගත්තා” යැයි පැවැසීය. ගතවූයේ දින කිහිපයකි.
පෙරකී ආරක්ෂක නිලධාරියා ශෝකයෙන් සිටිනු දුටු වැටුප් වැඩි නොකළ ආයතනයේ ආරක්ෂක නිලධාරියෙක් “මොකද මචං දාහට අරන් සීයට දීලා වාගේ” යනුවෙන් විමසීය. අනෙකා පිළිතුරු දෙමින් “ඉස්සර මාසෙකට ඩියුටි හතළිස් පහක් කළා. දැන් කට්ටිය වැඩි නිසා ඩියුටිත් අඩුයි. පඩිත් අඩුයි. ගිය මාසේ මම ඩියුටි තිස් පහක් කලේ පොයින්ට් තුනකට ගිහින්. බොහොම අමාරුවෙන්. අපරාදේ දෙදහස් පන්සීය වැඩිකළේ. ඒක වැඩි නොකළානම් කට්ටිය එන්නෙත් නැහැ. අපිට ලොකු පඩියක් ගන්නත් තිබුණා” යැයි පැවසුවේ කළ කිරීමෙනි. අගනුවරින් වාර්තා විය.
ක්‍රිස්ටෝපර් සීපියන් අනුරාධපුරය
2025 දෙසැම්බර් මස 16
68
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
864
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වැඩි කළ 2500 ත් එපාවෙන වැඩක් වෙලා