මහනුවර ප‍්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයකට සම්බන්ධ ආයතනයක සේවය කරන තරුණයන් දෙදෙනකුගේ හාස්‍යජනක සිදුවීමක් පසුගියදා අසන්නට ලැබුණි.
සේවය නිම කළ තරුණයන් දෙදෙනා බාර් එකකට ගොස් හොඳහැටි පදම් වන්නට මත්පැන් පානය කිරීමෙන් අනතුරුව රාතී‍්‍ර යළි බස් නැවතුම්පළට පැමිණියේ තම නිවෙස් කරා යාමටය.
බස් රථ කීපයකට අත දැමුවත් ඒවා නොනවත්වාම ධාවනය කළේ මගීන් පිරී සිටි නිසාය. මේ අතර එක් මිතුරකු දුටුවේ සෙනඟින් අඩු බස් රථයකි. ”අන්න මචං බස් එකක්” කියා දෙදෙනාම අත් ඉහළට ඔසවා බස් රථය නතර කළහ. වෙරි මරගාතේ නැවැත්වූ බසයට ගොඩ වී හොඳ හැටි හරිබරි ගැසී අසුන් දෙකක වාඩි වූහ. බස් රථය යන පාටක් නැත.
” ඕයි මේක යන්නැද්ද ඕයි, මේ රෑ වෙලා මිනිස්සු නෑ යං යං” කියමින් යහළුවන් දෙදෙනා බෙරිහන් දෙද්දී බසයේ පිටුපස අසුනේ නිදා සිටි කොන්දොස්තර කොලූවා ”මේ මොන කරදරයක්ද මහත්තයා, පේන් නැද්ද මේක ගරාජ් කරලා තියෙන්නේ. බැහැලා වෙන බස් එකක යන්න මට නිදාගන්න දීලා.” යැයි කීය.
ගමන් වාරය නිම කර ගරාජ් කර තිබූ බසයකට වෙරි මරගාතේ අතදමා ගොඩ වී සිටි තරුණයින් දෙදෙනා ඉන් බැස ගත්තත් මේ පුවත ඔවුන්ගේ සේවා ස්ථානයට ද ආරංචි වී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පෙම් බැන්ද ලං ලංව හද සනසමින්,මගේ පන කෙන්ද ගෙනියන්න කව්දෝ ඇවිත් ,,සුන්දරී මේ අසාපන්,,!!! පෙම්බරී මේ බලාපන්..!!!හිමිකර ගන්න බැරිවාට මේ ''ආත්මයේ'' මතු බවයේදී මගේ වෙන්න සිතපන් ලදේ ..!!!(මගේ ආසම සින්දුව) (ස)
ලොක්ක රවට ලා - කූඩුව ඉර ලා - -පෙත්තා පැන ලා - එලිසම රැක ලා // මදැයි කොලා...(නදී)
මම ලෙඩ වෙලා බේත් ගන්න ගිය ගමන් දොස්තර ඇහුවේ බොනවද කියලා. බොනවා නම් බොමු කියලා මමත් සෙට් උනා. (ස)
මේ අයට වෙන වැඩක් නැද්ද? (නි)
ඔන්න දවසක් පොරක් හොඳටම බීලා ගෙදර එන ගමන් උඩ ලයිට් එකක් දාල තියෙන ලයිට් කණුවකට ගෙදර කියලා හිතන් යතුර දාන්න ට්‍රයි කරනවලු. කණුවට පයින් ගහනවලු. ඒක දැකපු කොල්ලෙක් විහිලුවට ඇහුවලු අන්කල් ගෙදර කවුරුත් නෑ වගේ නේද කියලා. මිනිහා කියනවලු වෙන්න බෑ මල්ලි උඩ තට්ටුවේ ලයිට් දාලනේ තියෙන්නේ කියලා පොර අයෙත් ට්‍රයිලු. (ස)
නිලන්ති, මහත්තයා කරන එක පිස්සු වැඩක් ලියන්නකෝ. (ස)
අපෙත් මගුලක් තිබුනා දවසක මම මත්පැන් ඕන නැති බව කියන කොට බහුතරයගේ අදහස් උනේ ඕන කියන එක.නැතිනම් ඒකේ ගතියක් නැතිලු. ආතල් එකක්කුත් නැතිලු .ඉතින් ඉහලම ජාති වලින් දුන්න කියමුකෝ .අන්තිමට හිස් බෝතල් ගණන බලනකොට හිටපු බේබද්දෝ බීලා ,ගෙදර යන කොට බෝතල් ඉනේ ගහ ගෙන ගිහින් තියෙන්නේ.පහන් ,දාන්නකෝ හොඳ රසවත් කතාවක් (ස)
ඇල්කොහොල් බීපු විට අල්කොහොලික් වනවා නම් ෆැන්ටා බීපු විට ෆැන්ටාස්ටික් වෙනවද ? (ස)
ඔන්න රොෂාන් පුතා දෙයියෝ සාක්කි මිතුරු සමාජයේ කට්ටිය අපේ ගෙදර එනදාට මම සංග්‍රහයට අරක්කු ගේන්නේ නැහැ. හැබැයි නාකි කට්ටියට බොන්න ගහේ බඩු මුට්ටියක් ගේනවා. අපි ගේ පිටිපස්සේ අඹගහ යට මල්පැණි බීලා මයියොක්කා බයිට් එක කකා සීපද කියනවා. (නි)
දිසාවටම නායක දිසා නායක, වන්නියටම නායක වන්නි නායක, දෙන්නා ගොහින් සුන්දර ගම් පළාතක... රා කට්ටක් ගහමු හිඳ ගල් තලාවක... (නි)
පොඩ්ඩක් එන්න හනිකට......අරින්නකෝ අනෙ ඔබෙ කට - පැණි පැරණි වන්නට - කලින් කන්නකෝ කිරිත් සතුටට. .(නදී)
නිලන්ති මහත්තයි පොඩි එකා වගේ ඉන්න කොට කොච්චර පොඩිද? (ස)
බිව්වහම ගදයි නම් ඇයි මිනිස්සු බොන්නේ? (නි)
බොන කාලේ හිතුවේ ඒක තමයි හරි කියලා, වැරදුනාම තමයි තේරුණේ නොබී හිටියනම් කියලා. මේක කවදාවත්ම තේරුම් කරලා දෙන්න බැහැ. අත්දැකීමෙන්ම එන්න ඕනෑ. එතකොට ප්‍රමාද වැඩියි. කවුරුහරි මේක දැකලා නොබී ඉන්නවා නම් හොදයි. ඒත් එහෙම වන්නේ නැහැ. (නදී)
මම පොඩිකාලේ වුන දෙයක් ,අපේ ගෙවල් ගාව පාලු තියෙනවා ඒ දවස් වල ඒ පාරේ ගොඩක් දුර යනකල් ගෙවල් නැහැ . ඒ පාරේ කෙලවරේ ගෙදර හිටියා හොඳට බොන පුද්ගලයෙක් . හැමදාම වගේ හොඳටම රෑ වෙලා මේ පාරෙන් යනවා . හැබැයි කොච්චර රෑ උනත් මිනිහ යනකොට දැනගන්න පුළුවනි .මොකද මිනිහ හරිම බය කෙනෙක් ඉතින් හිතට හයියක් ගන්න මිනිහ කරන්නේ එක්කෝ මහා හයියෙන් සින්දුවක් කිය කියා යනවා . නැත්නම් කාට හරි හයියෙන් බැන බැන යනවා . එක දවසක් මහා රෑ මිනිහ අපේ ගෙදර ලඟින් යනකොට අපේ බල්ලා බිරුව , අපි හිතුව අදනම් අනිවාර්යෙන් අපිට බැනුම් අහන්න සිද්ධ වෙයි කියලා . නමුත් මිනිහ සින්දුවක් පටන්ගත්ත " බල්ලෝ බුරයි හඬ පායයි හාවා බයනැති ........ " කියලා ඊට පස්සේ බනින්න පටන්ගත්තා " හාවා නෙමේ හාවාගේ අම්මට ........" කියලා . බිරුවේ බල්ලා , බැනුම් ඇහුවේ කොහෙවත් නැති හාවාගේ අම්ම .(නදී)
පෙත්ත පෙත්තෙක් වෙලා කෑගහනවා වැඩි පිස්සෙක් වගේ (දී)
ඔන්න බීමටම ඇබ්බැහි උන පුද්ගලයෙක් ලෙඩවුණා.වයස අවුරුදු 80ත් පැනලා.ඔන්න පණ ගියා මෙන්න පණ ගියා කියලා ගෙදර අය හිතන්නෙ.පාංශකූලය දෙන්නත් සූදානම.ඒත් මිනිහා ඇස් ඇරලා බලනවා.ගෙදර අයට වස කරදරයක්.සති ගණනාවක් ගිහිල්ලා.තවත් බේබද්දෙක් කිට්ටු වෙලා බැලුවලු.ලෙඩා ඇඟිලි දෙකක් එකතු කරලා ටිකක් කියලා සංඥාවක් දුන්නලු.මේස හැන්දකට අරක්කු ටිකක් දමලා තොල් අතරින් තිබ්බලු.තලු මරලා පුංචි හිනාවක් දීලා මිනිහා මලාලු. මේක ඇත්ත කතාවක්... (ස)
කෝ අපේ කට්ටිය...චන්දි අක්කේ,රුපවතී අක්කේ ,දිසා අයියේ,පහන් .....ලියන්නකෝ අනේ...(නදී)
මිනිසා කෑමෙන් පමණක් ජීවත් නොවේ කියලා දෙවියන් කිවුවෙ නිකන්යෑ? (නි)
අනේ ඩේවිඩ් මහත්තයා එහෙම කියන්න එපා. ඔය චුට්ටක් ගත්තට ට අපේ ඔය කොල්ලෝ හරි අහිංසකයි. (නදී)
පෙරේරා මහතා, ඔයා හරියටම හරි. මමත් හොදට කනවා බොනවා ,නමුත් ඉහත විදිහට නම් දේවල් කරලා නැහැ.පෙරේරලා, ප්‍රනාන්දුලා සේරම හොද කන බොන අය තමයි. (නි)
වන්නි තිලක් : ඔබතුමා පානය කරන්නේ නැහැ කියල අපි ඔබතුමාව ආදර්ශයට ගන්න ඕනද ? බොන් නැති අය ඉන්නවනම් කට වහන් ඉන්නවලා. තමුසෙළාව ආදර්ශයට ගන්න නම් කියන්නෙපා ...(නදී).
හිහ්..හිහ්හ්...මං මෙහේ...පේනවද? (නි)
ඇති කෙරුවත් පොඩි කුඩුවේ දමලා ... පෙත්තන් යනවනේ අපිව දමලා ... එන්නද ගොහින් බොරු කි කොල්ලන්ට තලා .............. ඒක නෙමෙයි එලිසමය කියන්නේ (නි)
ආවොත් දන්නවා නේ ලිඳ ලගට. එක, දෙක, තුන පහකර ගන්න ඕනෙද? අදත් මිස් වුනා මාතරදී.(නදී)
කථා දෙකක් ලිව්වා අනුමැතිය ලැබිල නැහැ වාගේ.ඒවායේ නරකක් නම් තිබුනේ නැහැ .(නදී)
කාන්තාවනි නන කාමරයේදී බෝයි කෙනෙකු ඔබගේ ඇග ස්පර්ශ කල හැක . ඒ අන් කිසිවකු නොව ලයිෆ් බෝයිය .(නදී)
ඔන්න මමත් අද පිටුවට ආවා. එත් දිසා මාම කිව්ව වගේ ලියන්න දෙයක් තාම නෑ. මමත් එකඟයි සරත් අයියගේ තිලක්ගෙ කතාවලට. බොන මිනිස්සු කරන විකාර දැක්කම හිනා යන්නේ නෑ ඇඬෙනවා මිසක්. (නදී)
ඔන්න අහගන්න...පදමට වෙරි වුණ යාලුවෝ දෙන්නෙක් මස්කෙලියේ බස් එක වැරදිලා කේන්තියට බාර් එකට ගිහින් තව බිව්වලු. පස්සේ අපේ මුත්තලා මස්කෙලි ගියේ බස් වලින් නෙවෙයි. මොන බස්ද බන් යමු පයින් කියලා අත් දෙකත් අල්ලගෙන පාරට බැහැල ඇවිදගෙන ගීයාලු. ටික තැන් ගිහින් වමනේ දාන්න පටන් අරන් කානුවක වැටුනලු. එතනම නින්ද ගිහිල්ලා...බල්ලෝ වගයක් (කකුල් හතරෙ උන්) ඇවිල්ලා වමනේ කනවලු. එක යාලුවෙක් කියනවලු කපාපන් මගේ උඩු රැවුලේ අනික් පැත්තත්...කියලා. අනික් යාළුවා කියනවලු බාබරයෝ, කපාපිය මගේ රැවුල ඔක්කොම කියලා (නි)
මමත් ලස්සන සත්‍ය කතාවක් එව්වා. අනුමැතිය නැහැ ලැබිලා.(නදී)
"පොඩ්ඩක් එන්න හනිකට......අරින්නකෝ අනෙ ඔබෙ කට - පැණි පැරණි වන්නට - කලින් කන්නකෝ කිරිත් සතුටට.(නදී)
බීමත් විකට කතා කියද්දී මට අමතක වන්නෙම නැති චරිතයක් තමයි අපේ ප්‍රවීණ නළු විජය නන්දසිරි ගේ සිකුරු හතේ චරිතය..බලල නැති අයට බඩ අල්ලන් හිනා වෙන්න මෙන්න යු ටියුබ් එක බලන්න.(නදී)
දිලාන්, ඔයාටත් වැඩක් නැත්තම් එන්න පුතේ (නි)
තරහ වෙන්න එපා පහන් , අද ඔයාගේ කතාව දෙයියෝ සාක්කි කතාව වගේමයි, කිසි කමකට නැහැ. දාන්නකෝ හොඳ කතාවක්. රුප අක්ක, චන්දි, කටා මාමා, සරත්, හේරත් අයිය, ෂෙරිෆ් හැමෝම ( නම් ඔක්කොම මතක නැහැ) ප්ලීස් මාරුවෙන්න අලුත් නිවුස් එකට දැන්. මට නිතරම පරණ නිවුස් බැලෙන්නේ නැහැ. පරණ එවයේම එල්ලිලා ඉන්නකොට කිසිම ගතියක් නැහැ. අපි එකඟතාවයකට එමු, එක නිවුස් එකක ඉන්නේ දවස් තුනයි මීට පස්සේ, කැමතිද?(නදී)
නැහැ චන්දි, මම කියන්නේ දවස් තුනකටවත් පස්සේ අලුත් එකකට මාරු වෙමු කියලයි. දිසානායකට පිස්සුද මං දන්නේ නැහැ, එයා හිතාගෙන ඇති එයාගෙයි රූපවති අක්කගෙයි විස්තරේ මම දන්නේ නැහැ කියලා. (නි)
එලි සමෙ යන පාර කොහෙන්දෝ .....පි.බි. මට කියා දෙන්නකෝ //(නදී)
ලොක්ක රවටලා - කූඩුව ඉරලා - -පෙත්තා පැනලා - එලිසම රැකළා.//(නදී)
ඇත්තටම දිසා මාමේ මොකක්ද එළිසමය කියන්නේ (නදී)
කෑවට බිව්වට විනෝදෙන්... තරහක් නැහැ මගෙ කතාවෙන්.... මත්පැන් නැතුවත් විනෝදෙන්.... ඉන්නට පුළුවන් සනීපෙන්..... (නි)
පෙරේරා මහත්තයෝ, ඔයවගේම කෙනෙක් බීලා කණුවට වැටිලා වමනේ දාගෙන ඉන්නවලු. බල්ලෙක් ඇවිත් ලෙවකනවලු. මිනිහා කියනවලු වස්තුව, දැන් මට නිදිමතයි උදේට බලමු කිව්වලු (නි)
බොන්නේ නැති අය ඉන්නවනම් බොන්නේ නැතුවම ඉන්නවාලා ... හැබැයි ඔබලාව ආදර්ශයට ගන්න නම් කියන්න එපා. සද්ද නොකර වෙන පැත්තක් බලාගෙන ඉන්නවාල. (නදී)
ඉන්දු මෙල්බන් මාරු කරගන්න පුළුවන් කමක් නැද්ද ..තරහද ඔයා ....ඔය පරණ ඒවගේ එල්ලිලා ඉන්න අසා නැහැ මෙහෙට එන්න අලුත් එකක් තියනවා(නදී)
කාන්තාවනි, ප්‍රවේශම් වන්න (නි)
පේනවා පේනවා අමුඩේ පොඩ්ඩක් තදකරගත්තනම් හොද කොල්ලෝ නැත්තම් පැණි හැලිය බිම .(නදී)
පේනවා පේනවා අමුඩේ පොඩ්ඩක් තද කරගත්ත නම් හොද කොල්ලෝ නැත්තම් පැණි හැලිය බිම..(නදී)
අපේ ගමෙත් කෙනෙක් හිටියා .අපි පුංචි කාලේ ඉඳලා එයාගේ "හූ" හඬට හුරුවෙලා නිසා ගානක් නැහැ .මිනිහට හොඳ කරත්තයකුත් ගොනෙකුත් හිටියා .වැඩකට ගිහින් එනකොට පදමට දමලා කිලෝ මීටරයක් දුරින් එන්නේ හූවත් දාගනමයි. දවසක් මිනිහා කරත්තෙන් වැටිලා අගලට පෙරලිලා.ගොනා දන්නෙත් නැතිව ඇති .එයා එයාගේ පාඩුවේ කරත්තය අර ගෙන ගෙදරට ඇවිත් කුස්සිය ලඟට ගිහින් ගෙදර නෝනා.මහත්තයා කෝ කියලා බලනවලු.එතකොටම තව කෙනෙක් ඇවිත් කියලා පොර අගලේ කියලා. (ස)
ඉන්දු මෙල්බර්න් .., අපේ කතෘ තුමා මේවා මුල් පිටුවෙන් අයින් කරන තුරු අපි අදහස් ලියනවා (පරිස්සමින් ඉන්දු -හැමදේම අලුත් ඒවා හොයාගෙන යන්න එපා අමාරුවේ වැටෙයි ) (ස)
"ඇහැක් ඇරලා මම කෙල්ලෝ දිහානම් කිසිදින බැලුවේ නැහැ" පුහ්හ් ...පුහ්හ්හ්, හැමවෙලේම හැමතැනම අර සුදු වපර ඇහැ අරින්න බැරිනිසා නේ? (නි)
වන්නි තිලක්, මම මත්පැන් බීම නරකයි කියනවට විරුද්ධ කෙනෙක් නෙමෙයි. මත්පැන් බොනවා කියලා සූර් වෙනකම් බොන්න හොද නැහැ. ලාවට පොඩි අඩියක් ගහලා ජොලියේ ඉන්න ඕනෑ. (නි)
ඔබට බැහැ ඔබගේ කොණ්ඩය ගණන් කරන්න .ඔබට බැහැ ඔබගේ ඇස් සබන් වලින් සෝදන්න .ඔබට බැහැ දිව එලියට දමාගෙන හුස්ම ගන්න ................................................................................................................................දැන් කරුණාකර දිව ඇතුලට දමාගන්න. (ස)
රොෂාන් ප්‍රනාන්දු, ඔබ කිව් දේ හරි. නරක අය බිව්වම කරන්නේ නරක වැඩ. අපිත් බොනවා නමුත් කාටත් කිසි කරදරයක් නම් නැහැ. අපි බීලා පාඩුවේ ඉන්නවා. (නි)
අයියෝ පහන් ඔක්කොම කරන්න පුළුවන් .හිතුවොත් මොකද කෙස් ගස් ටික ගණන් කරන්න බැරි ?අනික් ඒවත් එහෙම තමයි. (ස)
ඉන්දු මෙල්බන් ,කවුද රුපවති සහ දිසානායක කියන්නේ ,රුපවති කියන්නේ ඇත්ත නමද ,රුපවති නමින් අදහස් දාන්නේ මොන රටේ ඉදලද ,කැමතිනම් රට කියන්න , (දී)
ඩිංගක් හිතන්නකෝ අයියේ....දැන්වත් හැදෙන්නකෝ අයියේ.... (නි)
හොඳම වැඩේ බේබද්දයන්ට. (නි)
දැන් නිදාගන්න තිලක්..හෙට බලමු....(දී)
අනේ මගේ ඔලුවේ තිබුන කිරිහට්ටිය.... අපරාදේ ඔලුව හෙල්ලුවේ... (නි)
දැන් කාටවත් මතක නෑ අර ප්ලේන් එකේ දොර ඇරලා මුත්‍රා කරන්න ගිය රසවත් කතාව. (නදී)
නැතුව චන්දි, නිවාඩු වෙලාවට ඔය කොහෙත් එකයි මෙල්බන්-ඉන්දු. (ස)
වන්නි තිලක්, මමත් එනවා අඹ ගහ යටට. සී පදයකුත් කියවුනොත් ලස්සනට තියෙයි. (ස)
මතට තිත කෝ ?(නදී)
වන්නි තිලක් කියන විදිහට නොබී හැම මිනිහටම ඉන්න බැහැ ,කාල බීලා ජොලියේ ඉන්න ඕන ,ඉහත තරුණයෝ දෙන්න තරුණ කමට කරපු දෙයක් ,බොන මිනිස්සු ඇත්ත කියනවා ,වන්නි තිලක් මට පෙන විදිහට වයසක කෙනෙක් වෙන්න ඕන,තමන් හොදනම් බීවත් නොබිව්වත් හොදයි .වැරදී පුද්ගලයෝ බිව්වහම කරන්නේ වැරදි ,එකට සේරම දෙනා පලි නැහැ ,(දී)
අනේ වන්නි තිලක් මට පුතා කියන්නේ මගේ වයස දන්නේ නැහැනේ ඔයා.ඔයාගේ ගම කොහෙද ,මම( හලාවත), මාදම්පේ, දැන් ඉන්නේ උතුරු ඇමරිකාවේ.රට ඕනේ නැහැනේ .මම මෙ මාසේ ලංකාවට එනවා.ඔයා එන්න කිව්වොත් මම ඔයාගේ ගෙදර එනවා.දැනුත් මම පාටියක ඉන්නේ. ඒ ගමන් තමයි ඔයාට ලියන්නේ. (ස)
දී කිරට සාක්කි කියන බළල්ලු කොහෙත් ඉන්නවා නේද රොෂාන්?(දී)
මම මේවා ලියන්නේ විනෝදෙට මිසක් කාටවත් රිද්දන්න නෙමේ ,බොන අය බොන්න නොබොන අය නොබී ඉන්න. (ස)
ඩේවිඩ්, ඔයාගේ කොන්ඩ ගස් දෙකක් විතරක් නිසා ගනින්න පුළුවන්......... (ස)
ඒ පිස්සා හිතන්නේ අනික් අයටත් පිස්සු කියල...අන්න පෙත්තා ඉංග්‍රීසියෙන් ඩබ්ලව් එච්. ඕ කියනවා ඇහෙනවද ? (නදී)
හොද කතාවක් (නි)
පෙත්තා බත් කෑවද........මගේ කුඩුව පෙත්තා වෙනුවෙන් විවෘතව ඇත ............(අ)
රන්ජි මාමේ ...දෙය්යෝ බැලුව එහෙනම්...දැන් ලෙඩ සනීපද? බේත් වැඩිය අරන් ලෙඩ වැඩි කොර ගන්නත් එපා. ඉක්මනට වෙන ඩොකෙක් හොයා ගන්න.හවසට අපට සීනිබෝල අරන් එන්න මාමේ..(නදී)
දිසානායක, ඔයා තරහා නැතුව රූපව බලාගෙන ඔය හිටපු විදිහටම ඇල්වතුර නිවලා බීලා, ඇහැක් ඇරලා බලන්නේ නැතුව ඇහැක් වහලා බලාගෙන ඉන්න. මගේ උණුසුම් සුබ පැතුම්! (නි)
රා බී තුට්ටුවක ! වෙරි වෙයි පනම් හතරක ! දොඩවයි ගිනි එකක! අහෝ ගුටි කයි පවුම් පනහක! (ස)
මම නම් බොන මිනිසුන්ට කැමතිම නැහැ (නි)
රොෂාන් ප්‍රනාන්දු, ඔයා රූපවති අක්කවයි දිසානායකවයි දන්නේ නැත්නම් ඔයා ලංකාදීප බලන්න පටන් අරගෙන තියෙන්නේ අද. (නි)
බුදුදහම තේරුම් අරගෙන ජීවිතය ගෙවනවා නම් කිසිකෙනෙක් සමාජයේ විහිලුවට ලක් වෙන්නේ නැහැ (නි)
වන්නි තිලක් !! අනේ ඉතින් අපිත්, දෙයියෝ සාක්කි මිතුරු සමාජයේ තමයි.., අපිට ආරාධනාවක් නැද්දෝ...... (ස)
ඔන්න ඉස්සර කාලේ දවසක් ආරච්චි කෙනෙක් ගියා එක බොන්න දුප්පත් මදින්නේක්ගේ ගෙදරට. මදින්නා බොහොම ගරු සරු ඇතිව ගහෙන් බාපු ගමන් මුට්ටිය පිටින්ම ආරච්චි උන්නාන්සේට රා ටික පූජා කරා. ඒත් බොන්න දුන්නේ පොල්කට්ටක. මට මේ හැම එකාම කට තියපු පොල් කට්ටේ බොන්ඩ බෑ බොළ ගෙනපිය අලුත් එකක් කියලා ආරච්චිල කිව්වා. ගේ හැමතැනම හෙව්වත් අලුත් පොල් කට්ටක් හමු වුනේ නෑ.බැරිම තැන ආරච්චි ටිකක් සැරෙන් කිව්වා බලාපිය ඔය ගෙයි තියෙන අලුත් බාජනයක් මොකවත් නැද්ද කියලා. මදින්නා ගෙයි තිබුණු අලුතෙන්ම ගෙනාපු පිත්තල පඩික්කමක් හෝදලා අරන් ආවා. අනේ ආමුදුරුවනේ මේක ගිය සුමානේ හකුරු විකුණලා පොලෙන් ගෙනාවේ තවම කවුරුවත් පාවිච්චි කරලම නෑ කිව්වා. තෝ කියන කතාව නම් හැබැව තමා බොළ ඒත් ඕකේ නම පඩික්කම නොවැ. ඕක රටට ආරංචි වෙන්නේ අහවල් ආරච්චි පඩික්කමේ රා බිව්වා කියලනේ කියලා. අර පොල් කට්ටේම්ම රා බීලා ගියාලු. (ස)
පෙත්ත හොදට බත් කනවා ජොලි අතේ - අනේ මේක ඉන්නේ නැහැ හාමතේ .....දොර ඇරලා තිබුනත් අනේ මාවතේ ....නොසංදාලේ යන්නේ නෑ වෙරි මතේ. ඔයා තරහ නෑ නේ කිරිසෝ ...(නදී)
කොලු කාලෙට ඕක මහ ලොකු දෙයක්ද?එතැනින්ම දෙන්න වෙරිමර ගාතෙ යං මචන් නාන්න කියල මහවෙලි ගඟට නාන්න ගිය නැති එක පුදුමයක් :( ගියානම් බස් එක කොහොම වුනත් හතර රියන් පෙට්ටියක ගෙදර එන්න තිබුනා.(නදී)
චන්ඩි, සරත්, රූපා පහනේ, මුලට, තිලකුත් වන්නියෙන් එයි ගල පිටි අඹරන්ට දිසා, නියෝජිතයන් හදුනාගන්ට දිනකදී හමුවෙන්න යමු අපි ලක්බිමට. (ස)
චින්තක මහත්තයා කරන පිස්සු වැඩ අපි දෙන්නා අතරේ විතරයිනේ. ඒවා හැමෝටම කියන්නේ නැහැ. (නි)
මම බේබද්දන් ගැන නම් ලියන්නවත් කැමති නෑ. මගේ ගෙදර මත්පැන් වලට තහනම් තැනක්. පසුගිය අහුරුද්දේ මගේ ඥාති පුතෙක්ගේ මගුල් ගෙදර අපේ ගෙදර ගන්න ඕනේ කිව්වා. එයාලගේ ගෙදර ඉඩ කඩ මදි නිසා. මගේ මුල්ම කොන්දේසිය මත්පැන් බෑ කියලයි. බොහොම සාර්ථකව මගුල්ගේ තිබුණා. බේබද්දෝ කිහිප දෙනෙක් පිටදී චුරු චුරු ගැවාලු. අති බහුතරය සතුටු උනා. අපි බය නැතිව මෙහෙම කරනවා නම් අනිත් අයත් මේවා ආදර්ශයට ගන්නවා. එතකොට සමාජය යහ මගට ගන්න පුළුවන්. (ස)
ඔන්න අපේ ගෙවල් ගාව හිටියා බොනපාට් මාමා කෙනෙක්. පාරේ ලයිට් එළියෙන් මොනවදෝ හොයනවා. අපි ඇහුවා මාමේ මොනවද හොයන්නේ කියලා. මගේ යතුර නැහැනේ. ඉතින් කොහේද වැටුනේ? මේ ගේ ගාව. ඉතින් ඇයි මෙතන හොයන්නේ. ගේ ගාව එලිය නැතිනිසා පෙනෙන්නේ නැහැ, ඒත් මෙතන ලයිට් එලියට හොදට පේනවා. ඒකයි මෙතන හොයන්නේ. (නි)
කාලා බීල ජොලියේ ඉන්නවා වගේම යන තැනට පිනක් දහමක් කර ගන්නත් ඕනෑ වෙනවා. අපි ගෙනාපු කර්මවල ප්‍රතිපලය තමා මේ ගෙවමින් තියෙන්නේ.මෙතනින් චුත වෙලා තවත් හොඳ බවයක ඉපදෙන්නේ අපිට පින් තිබුනොත් පමණි. (නි)
අනේ පෙත්තා තාම පුරුදු වෙනවානේ.. ඔය විදියට හිත රිදවනු හොඳ නෑනේ.. (ස)
අනේ මන්දා................ලියන්න දෙයක් එන්නෙම නැහැ.... (ස)
මේ අය රහත් වෙලා...." තම තම නැණ පමණින් දැන ගත යුතු" මේ අනුව ආගමේ විහිළු නැහැ. (නි)
හානේ! වන්නිගේ කතා නම් හරි හොඳයි. කොහෙන්ද අප්පා මේ තරම් කතා. ඔන්න යහළු යෙහෙලියනේ මමත් එනවා හැමදාම ඔයාලගේ කතා බලන්න. (නි)
දවසක් වැඩ නිමවී ගෙදර යන යාලුවෝ දෙන්නෙක් හෝටලයකින් කෑම කද්දී මැරුණු කැරපොත්තෙක් බත් එකේ ඉදලා. ඒ ගැන පැමිණිලි කරන්න කඩේ අයිති මුදලාලි කෝ කියලා සේවකයකුන් ඇසු විට පොඩ්ඩකට බැහැරකට ගිහින් බව දැනගන්න ලැබුණි. පැයක් විතර බලා ඉදලා ආයෙත් අහලා කොහෙද ගියේ ඉක්මනට එයිද කියලත් අහලා. එවිට දැනගන්න ලැබුනේ දවල් කෑමට වෙනත් හෝටලයක ගොස් ඇති බවත් තව සුළු වෙලාවකින් එනු ඇති බවත්ය. එසැනින් යාලුවෝ දෙන්නා කිසිත් නොකියා නැගිට යන්න ගියේලු. (නි)
මට පෙන්නේ මේ වැඩේ වෙලා තියෙන්නේ රොෂන්ටයි කින්ග්ටයි වගේ. ඒ දෙන්නා බොහොම විරුද්ධයි මත්පැන් බීම නරකයි කියනවට. (නි)
තේරුණා...තේරුණා... මේ කට අරගෙන බලන් ඉන්නේ පැණි කන්න..පොඩ්ඩක් ඉන්නවෙවී හඬ මෝරනකන්. අන්තිමට වෙන්නේ එල්ලුව පස්සේ ගිය නරියට උන දේ තමයි....(නදී)
දිසානායක කතාව ඇත්ත ! රූපවතී අක්කයි චන්දි නැන්දයි මේකට මොකුත් දානකම් ලියන්න කිසිම අදහසක් එන්නේ නෑ! (ස)
පෙත්තාගේ කවිය ලස්සනයි, එලි සමය නොමරා ලියලා තියෙනවා. (නි)
දිසානායක මහත්තයෝ පොඩි ෂොට් එකක් දාගත්ත නම් ලියන්න දෙයක් හිතට එනවනේ. (නදී)
ඉන්දු මෙල්බන් ..එහෙනම් රූප අමතක කරලා ඔයාට මෙහෙමම කියන්නම් ......ඔයාට පාලුයිද තනිකම දැනෙනවද .මාව නැතුවම බැහැ වගේද .............පිට රට ගියහම මට නම් ඔයාව අමතක උනේ නම් නැහැ ....ඇල් වතුරත් මම නිමලා මිසක් නම් කිසි දින බිවුවේ නැහැ ..............ෆේස් බුක් එකේ කෙල්ලොත් එක්කල මම නම් චැට් කලේ නැහැ. .......අනේ ..ඇහැක් ඇරලා මම කෙල්ලෝ දිහානම් කිසිදින බැලුවේ නැහැ ........... (ස)
කෝ මේ පෙත්තලා? (නි)
ඉස්සර අපිත් ඉතින් හීනියට පාවිච්චි කරලා පයින්ම ගෙදර එනවා කියමුකෝ. මගදී දන්නා කියන වහනයක් නතර කලා. යාළුවා වචන දෙකයි කතා කලේ ගෙදර ලගින් බස්සලා ගියා. (ඇතුලත වායු සමීකරණය කරලා නිසා ටිකක් ගද වැඩියෙන් දැනෙන්න ඇති). පස්සේ ඒ වාහනය නම් මට කවදාවත් නතර කලේ නැහැ. ඒකෙන් තේරුණා කොයි තරම් නොබොන කෙනා බොන අයව පිළිකුල් කරනවද කියලා. මම දැන් නම් දන්නවා මත් වතුර පාවිච්චි කරන අයගේ මතක ශක්තිය හීන වෙනවා සහ විනාශ වෙන සෛල නැවත කිසිම දිනක වර්ධනය නොවන බවත්. කොලු කාලේ අපිත් බීවා. ඒත් කිසි දිනක බොන්න එපා යාලුවනේ.. (ස)
වන්නි තිලක්ලත් කියන කතා? (නි)
සරත් මාමේ,.. දිසා මාමේ .., ඔය දෙන්නටම ලියන්න දෙයක් නැත්තේ මේ සිද්ධියට මුහුණ දුන්නේ ඔය දෙන්න නිසා නේද ..!! (ස)
මගේ මහත්තයා හරි හොඳයි. ඒත් බිව්වම නම් පිස්සු වැඩ කරනවා. වෙලාවකට මට එයාගේ පිස්සු වැඩ වලට කේන්ති එනවා හිනත් යනවා. බිව්වේ නැති දාට නම් හොඳයි. පොඩි එකෙක් වගේ. (ස)
පිස්සෝ බීපුවහම ඔහොම තමයි. (ස)
නොමරා එළිසමය ලිව් කවි කියවන්ටයි.... පෙත්තට දුන්න ඡන්දෙට තුති ගෙන එන්ටයි.... මෙල්බන් ඉන්න ඉන්දුට ජය ගෙන එන්නයි.... දැන් මං හදන්නේ මෙතැනින් නවතින්නයි.... (නි)
ඔන්න දිසායි බන්දුලයි චන්දිගේ දෙවෙනි කුලුදුල් වෙඩින් එකට ගිහින් හොඳට සප්පායම් වෙලා වැනි වැනී පාර දිගේ එනවලු..ඔය අතරේ කටු ගේක වත් දකින්න නැති 1900 බර ගණන් වල ලොරි බාගයක් දිසයි බන්දුලයි වගේම පමණට වඩා බඩු පටෝගෙන බයිසිකලයක තරම් උපරිම වේගයෙන් ඉස්සරහට එනවලු.. එතකොට බන්දුල කියනවලු සරත්ට 'අර බලපන්කො..අපිට වැඩිය දා ගත්තු ඩබලක් බයික් දෙකක වැනි වැනී එන හැටි..උන් දෙන්නට යන්න පුළුවන් විදියට මම පාර මැදින් ඉන්නම් ..සරත් අයිනට වෙන්න' කියාලා. ඔන්න ටික වෙලාවකින් දඩෝන් ගාන සද්දෙකුත් එක්කම බන්දුලත් විසි උනාලු සරත් හිටපු කානුවටම. එහෙම වැටෙන ගමන් බන්දුල කියාපි..'කවුද දන්නේ ලයිට් නිමාපු මෝඩ හරකෙක් මැද්දෙන් එයි කියාලා' (ස)
එළිසමේ..හ්ම්ම්. එළිසමේ..එක තියෙන්නේ කලිසමේ කියල හිතුවද...ලියනවා නිසදැසක් ...පද හතර ගැලප ගන්න බැරි නම්.. මල සමයම් නටන්නේ නැතුව යනවා පෙත්තයි මෙල්බර්න් ඉන්දුයි යන්න ඩෙස්ක් එක ලගට...(නදී)
සරත්,දිසා හෙම හොඳට කටුකම්බි ගහපු අය වගේ නිසා හිතට මුකුත් එන්නේ නැත්තේ එකනේ . මොකද මූණ වෙනස් උනේ ?(නදී)