IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


වචන 7 ක ඔවදනක් රු. 250 කට වෙන්දේසිවෙලා

නිකවැරටිය ප‍්‍රදේශයේ ගම්මානයක පැවති භාණ්ඩ සල්පිල් වෙන්දේසියකදී උපදේශාත්මක වැකියක් රුපියල් 250/=ක මුදලකට වෙන්දේසිවීම පිළිබඳ වූ රසවත් පුවතකි.
එම ගම්මානයේ අවමංගල්‍යාධාර සමිතියේ අරමුදල තරකර ගැනීම සඳහා දෙබස් කථන මුද්‍රා නාට්‍යයක්ද සමග මෙම භාණ්ඩ සල්පිල් වෙන්දේසිය පැවැත්වුණේ ගමේ ප‍්‍රජාශාලා භූමියේය. අදාළ දිනයේ වෙන්දේසිය ආරම්භ කෙරිණි. ඒ වනවිටත් අති විශාල ජනකායක් එම ස්ථානයට පැමිණ සිටියහ. සල්පිල් වෙන්දේසිය මෙහෙයවනු ලැබුවේ ප‍්‍රදේශයේ දක්ෂ හිටිවන කවියෙකි.
රසබර කවිද සමග වෙන්දේසිය කරනු ලබමින් සිටින අතරතුර සංවිධායක මණ්ඩලය වෙන්දේසිය සඳහා ඔහු වෙත ලබා දුන්නේ ලියුම් කවරයකි. 
”මෙය ගත් කෙනකුට ලක්ෂපතියෙක් විය හැක” යනුවෙන් කවරයේ පිටපැත්තේ ලියා තිබුණේ ලස්සන අත් අකුරෙනි. එහි ලියා තිබූ දෙයද කියවා ලියුම්කවරය වෙන්දේසි කිරීම අරඹන ලද අතර එහි සිටි සෑම දෙනාම සිතුවේ කවරය තුළ ලොතරැුයි පත් කිහිපයක් ඇතැයි කියාය.
ලියුම් කවරය රුපියල් 250ක මුදලකට වෙන්දේසි විය. එම මුදලට එය ඉල්ලූම් කර අදාළ මුදල ගෙවා ලබාගත්තේ මධුවිත තොල ගා හොඳ පමණට සූර්වී එහි පැමිණ සිටි එම ගමේම පුද්ගලයෙකි.
ගතවූයේ සුළු මොහොතකි. එම පුද්ගලයා සංවිධායක මණ්ඩලය වෙත පැමිණ කියා සිටියේ ලියුම් කවරය තුළ ඇත්තේ කුඩා කොළ කැබැල්ලක් පමණක් බවත් තමා ගෙවූ මුදල ආපසු ලබාදෙන ලෙසත්ය.
කවරය පරීක්ෂා කිරීමේදී සංවිධායක  මණ්ඩලයටද දැකගත හැකි වූයේ එහි කුඩා කඩදාසි කැබැල්ලක් පමණි. ”අද කළ යුතු වැඩය හෙටට කල් නොදමනු” යනුවෙන් එහි ලියා තිබිණි.
වහාම කි‍්‍රයාත්මකවූ සංවිධායක මණ්ඩලය එම පුද්ගලයාගේ මුදල ගෙවා ඔහු පිටත්කර යැව්වේ මහත් කලබගෑනියක් ඇති කිරීමට පෙරය.



අදහස් (0)

වචන 7 ක ඔවදනක් රු. 250 කට වෙන්දේසිවෙලා

සරත් Friday, 26 April 2013 11:45 AM

හරියටම ක්‍රියාත්මක කලොත් ලක්ෂෙකට වඩා පුළුවන්.(නදී)

:       0       0

වරුණ Friday, 26 April 2013 12:38 PM

ඕවා මොනවද අනේ? ලංකාවේ ඉන්න සමහර උපදේශකවරු කිසි වැඩක් නොකර ගෙදර ඉදගෙන මාසෙකට ලක්ෂ එකහමාර දෙක පඩි ගන්නේ. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 27 April 2013 07:51 AM

අපේ අය නම් අද කළ යුතු වැඩ හෙටට කල් දාන්නේ නැහැ. දැක්කනේ ලයිට් බිල වැඩි කළ හැටි. (නි)

:       0       0

පුංචි කුමාරිහාමි Thursday, 02 May 2013 12:05 PM

ඒ ගානට වටිනවා වචන ටික වුණත්. මුග්ධ මිනිසාට හරි වැරැද්ද වටහා ගැනුමට බැරිය (නි)

:       0       0

දයා Saturday, 27 April 2013 01:10 PM

මේ ඔවදන දෙසිය පනහක් නෙමෙයි, කෝටියක් වටින එකක්. (නි)

:       0       0

ගාමිණී සිරි Friday, 26 April 2013 09:25 PM

" අද කළ යුතු වැඩය හෙටට කල් නොදමනු" මේ උපහැරණය කෙලින්ම වටහා ගත යුතුයි. (නි)

:       0       0

හේවාවිතාරණ Sunday, 28 April 2013 01:30 AM

පනින්න පෙර එබී බලනු! (නි)

:       0       0

චානක Monday, 29 April 2013 04:54 PM

බීලා වුණත් එයා කිව්ව දේ හරි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1146 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1153 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site