IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


විකුණන්න ගෙනා ගම්මිරිස් මල්ලත්-පාපැදියත් අතුරුදන්

ඇත්බටුවේ ගොවි මහතකු තම ගෙවත්තෙන් කඩා වියළාගත් ගම්මිරිස් කිලෝ දහනවයක් විකිණීම සඳහා ඉකුත් දා පාපැදියෙන් අඟුණකොළපෑලැස්ස තොග කඩපළට ගෙනාවේය. පාපැදිය තල්ලූකරගෙන යමින් වෙළෙඳසල් කීපයකට ගොස් ගම්මිරිස් මිල ගණන් විමසීය. එහෙත් ඔහු බලාපොරොත්තු වූ මිලක් නොලැබිණි. ගම්මිරිස් මල්ල ආපසු ගෙන යන අතර තවත් වෙළෙඳසලකට ගොස් මිල ගණන් විමසීය. මඳක් කල්පනා කරමින් සිටි ඔහු එම වෙළෙඳසලට ගම්මිරිස් විකිණීමේ අදහසින් වෙළෙඳසලෙන් එළියට බැස්සේය. ඔහු වටපිට බැලූවේය. වෙළෙඳසල ඉදිරිපිට නතර කර තිබූ පාපැදිය පෙනෙන්නට නැත. එහෙ මෙහෙ දුව ගියේය. ඒත් හෝඩුවාවක් හෝ දැනගන්නට නැත. ගම්මිරිස් මල්ලේ පාඩුවත් පාපැදියේ පාඩුවත් බැලූ විට තමන්ට සිදුවූ පාඩුව රුපියල් 22,000 අධික යැයි පැවසූ ගොවි මහතා මේ පිළිබඳ අඟුණකොළපෑලැස්ස පොලිසියට පැමිණිලි කර හිස් අතින් ගෙදර ගියේය.



අදහස් (0)

විකුණන්න ගෙනා ගම්මිරිස් මල්ලත්-පාපැදියත් අතුරුදන්

ඒබී Friday, 29 June 2012 11:14 AM

මේ දවස් වල ගම්මිරිස් කතාම තමයි...නේ.‍‍‍ මට පටාචාරා කතාව මතක්වුණා......

:       0       0

ජායි Sunday, 01 July 2012 10:54 PM

අසරණ මිනිසුන්ගේ බත් පතට ගහන මේ වගේ හොරුන්ට මේ ලෝකේ වසන්න අවසර නෑ..

:       0       0

හොරා Friday, 06 July 2012 02:05 PM

මම ඒවා‍ හොරකම් කළේ නැතුවා.මගේ කැකුළි පොජ්ජ තමයි කෑවා.

:       0       0

සිසිර Friday, 29 June 2012 11:07 AM

ඇත්තටම දුක හිතෙන කතාවක්

:       0       0

ලක්මාල් Tuesday, 03 July 2012 08:53 PM

ගිනි කසයා 2012-07-02 11:27:13 මේකට තමයි නබිතුමා කියලා තියෙන්නේ දෙවියන් ගැන විශ්වාශ කරනවා සේම ඔබේ ඔටුවාත් බැද තබා යන්න කියලා... ඒ කියන්නෙ ඔටුවව විශ්වාස කරන්න එපා කියලනේද?

:       0       0

පුංචා Saturday, 30 June 2012 01:45 PM

මොන දෙවියොද නදීශ් දඩුවම් දුන්නේ ?

:       0       0

ඩුබායි මල්ලි Sunday, 01 July 2012 08:59 AM

පවු. ඕව මේ අත්මදීම පලදනාව

:       0       0

මංඡුල බිරුට් Friday, 29 June 2012 11:32 AM

අහින්සක මිනිහෙක්ගේ දාඩිය මහන්සිය හොරාකෑම....හොද වැඩ නෙමේ....

:       0       0

ranjith kumarasinha Friday, 29 June 2012 01:25 PM

මේ වගේ අහිංසක මිනිසුන් ගේ දේපල සොරා ගන්නා තිරිසනුන් ලන්කාවන් තුරන් වේවා !!!

:       0       0

වරුණ Friday, 29 June 2012 12:49 PM

මේ මිනිස්සුත් හොරා කන්නේ දුප්පත් අහිංසකයින්ගේ දේවල්මනේ

:       0       0

අසංක Friday, 29 June 2012 12:58 PM

දෙයියෝ සාක්කි !

:       0       0

පොතේ ගුරා Friday, 29 June 2012 09:17 PM

මෙවන් පාපතරයින්ට හොදක් නම් වෙන්න එපා

:       0       0

ජනක Friday, 29 June 2012 01:48 PM

මේව මහ අපරාධ....අහින්සක මනුස්සයෙක්..

:       0       0

ප්‍රේමලාල් පෙරේරා Saturday, 30 June 2012 04:36 PM

ඔන්න ගම්මිරිස් තියන කට්ටිය පරිස්සමින් .ගම්මිරිස්වලට හරි අපල කාලයක් .

:       0       0

කුමාර Friday, 29 June 2012 10:52 PM

වසර 3,4 ක් පරණ සිද්ධියක්

:       0       0

රුවන් Friday, 29 June 2012 04:11 PM

ටිකක් පරණ කතාවක් වගේ

:       0       0

රුවන් Friday, 29 June 2012 03:38 PM

පරණ කතාවක් වගේ....මිල නම් අලුත්‍‍‍...

:       0       0

නදියා; Saturday, 30 June 2012 07:35 AM

හොරාට දෙවියෝ නිසි දඩුවම් දේවි

:       0       0

ගිනි කසයා Monday, 02 July 2012 11:27 AM

මේකට තමයි නබිතුමා කියලා තියෙන්නේ දෙවියන් ගැන විශ්වාශ කරනවා සේම ඔබේ ඔටුවාත් බැද තබා යන්න කියලා

:       0       0

කරනේරිස් ගොයියා Friday, 29 June 2012 10:08 AM

අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් නේ අනේ

:       0       0

ගාලු කොලුවා Friday, 29 June 2012 09:33 AM

දැන් දෙයියෝ සාක්කි ගම්මිරිස් සාක්කි වෙලා....ඔක්කොම දයියා කතා....

:       0       0

ගාලු කොලුවා Friday, 29 June 2012 09:35 AM

නැතිවුණ ගම්මිරිස් ගෝනිය සොයා ගන්නා විදිය ගැන අපේ ආචාර්යතුමා මොකද කියන්නේ?

:       0       0

හේමන්ත Friday, 29 June 2012 10:20 AM

ඔය තක්කඩි හොරාට නම් මොහොතක්වත් සැනසිල්ලේ ඉන්න ලැබෙන්නේ නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 81 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site