ඇත්බටුවේ ගොවි මහතකු තම ගෙවත්තෙන් කඩා වියළාගත් ගම්මිරිස් කිලෝ දහනවයක් විකිණීම සඳහා ඉකුත් දා පාපැදියෙන් අඟුණකොළපෑලැස්ස තොග කඩපළට ගෙනාවේය. පාපැදිය තල්ලූකරගෙන යමින් වෙළෙඳසල් කීපයකට ගොස් ගම්මිරිස් මිල ගණන් විමසීය. එහෙත් ඔහු බලාපොරොත්තු වූ මිලක් නොලැබිණි. ගම්මිරිස් මල්ල ආපසු ගෙන යන අතර තවත් වෙළෙඳසලකට ගොස් මිල ගණන් විමසීය. මඳක් කල්පනා කරමින් සිටි ඔහු එම වෙළෙඳසලට ගම්මිරිස් විකිණීමේ අදහසින් වෙළෙඳසලෙන් එළියට බැස්සේය. ඔහු වටපිට බැලූවේය. වෙළෙඳසල ඉදිරිපිට නතර කර තිබූ පාපැදිය පෙනෙන්නට නැත. එහෙ මෙහෙ දුව ගියේය. ඒත් හෝඩුවාවක් හෝ දැනගන්නට නැත. ගම්මිරිස් මල්ලේ පාඩුවත් පාපැදියේ පාඩුවත් බැලූ විට තමන්ට සිදුවූ පාඩුව රුපියල් 22,000 අධික යැයි පැවසූ ගොවි මහතා මේ පිළිබඳ අඟුණකොළපෑලැස්ස පොලිසියට පැමිණිලි කර හිස් අතින් ගෙදර ගියේය.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස් වල ගම්මිරිස් කතාම තමයි...නේ. මට පටාචාරා කතාව මතක්වුණා......
අසරණ මිනිසුන්ගේ බත් පතට ගහන මේ වගේ හොරුන්ට මේ ලෝකේ වසන්න අවසර නෑ..
මම ඒවා හොරකම් කළේ නැතුවා.මගේ කැකුළි පොජ්ජ තමයි කෑවා.
ඇත්තටම දුක හිතෙන කතාවක්
ගිනි කසයා 2012-07-02 11:27:13 මේකට තමයි නබිතුමා කියලා තියෙන්නේ දෙවියන් ගැන විශ්වාශ කරනවා සේම ඔබේ ඔටුවාත් බැද තබා යන්න කියලා... ඒ කියන්නෙ ඔටුවව විශ්වාස කරන්න එපා කියලනේද?
මොන දෙවියොද නදීශ් දඩුවම් දුන්නේ ?
පවු. ඕව මේ අත්මදීම පලදනාව
අහින්සක මිනිහෙක්ගේ දාඩිය මහන්සිය හොරාකෑම....හොද වැඩ නෙමේ....
මේ වගේ අහිංසක මිනිසුන් ගේ දේපල සොරා ගන්නා තිරිසනුන් ලන්කාවන් තුරන් වේවා !!!
මේ මිනිස්සුත් හොරා කන්නේ දුප්පත් අහිංසකයින්ගේ දේවල්මනේ
දෙයියෝ සාක්කි !
මෙවන් පාපතරයින්ට හොදක් නම් වෙන්න එපා
මේව මහ අපරාධ....අහින්සක මනුස්සයෙක්..
ඔන්න ගම්මිරිස් තියන කට්ටිය පරිස්සමින් .ගම්මිරිස්වලට හරි අපල කාලයක් .
වසර 3,4 ක් පරණ සිද්ධියක්
ටිකක් පරණ කතාවක් වගේ
පරණ කතාවක් වගේ....මිල නම් අලුත්...
හොරාට දෙවියෝ නිසි දඩුවම් දේවි
මේකට තමයි නබිතුමා කියලා තියෙන්නේ දෙවියන් ගැන විශ්වාශ කරනවා සේම ඔබේ ඔටුවාත් බැද තබා යන්න කියලා
අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් නේ අනේ
දැන් දෙයියෝ සාක්කි ගම්මිරිස් සාක්කි වෙලා....ඔක්කොම දයියා කතා....
නැතිවුණ ගම්මිරිස් ගෝනිය සොයා ගන්නා විදිය ගැන අපේ ආචාර්යතුමා මොකද කියන්නේ?
ඔය තක්කඩි හොරාට නම් මොහොතක්වත් සැනසිල්ලේ ඉන්න ලැබෙන්නේ නෑ