IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


වී හොරාම ඔත්තුවක් දීගෙන ගිහින්

(සිටිනාමළුව - අනීෂා මානගේ)
සොරකම් කරන ලද වී ගෝනි වලින් වැටුණු වී වැටුණු මාර්ගය ඔස්සේ ගමන් කිරීමෙන් සොරා හඳුනාගත් පුවතක් තංගල්ල ප්‍රදේශයෙන් වාර්තා විය.


සිද්ධිය සැකෙවින් මෙසේය.


මාස් කන්නයේ වගා කළ වී අස්වැන්නෙන් ගබඩා කර තිබූ කිලෝග්‍රෑම් හතළිහක් බැගින් අඩංගුව තිබූ වී ගෝනි හතරක් කිසියම් අයකු විසින් රාත්‍රී කාලයේදී සොරකම් කර ඇතැයි තංගල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබුණේ තංගල්ලේ පදිංචි ගොවි මහතකුගෙනි. 


සිද්ධියට අදාළව පරීක්ෂණ සිදුකළ නිලධාරීන්ට වී ගෝනි සොරකම් කළ සැකකරු හඳුනාගැනීමට අපහසු වූයේ නැත. එනම් ගොවිමහතාගේ නිවෙසෙහි සිට සැකකරුගේ නිවෙස දක්වා වැටී තිබූ වී බීජ වල ගමන් මාර්ගය ඔස්සේ ගමන් කිරීමෙන් සොරකම් කරන ලද වී ගෝනි හතරම පහසුවෙන් සොයාගත හැකිවීමය. සොරකම් කළ වී ගෝනි වල තිබූ කුඩා සිදුරකින් වී බීජ බිම පතිත වී තිබූ අතර ගොවි මහතාගේ නිවෙසෙහි සිට සැකකරුගේ නිවෙස දක්වා වූ මීටර් දෙසීයක පමණ දුරකට වී වලින් මාර්ගයක් තැනී තිබී ඇත. සැකකරුගේ නිවෙසෙහි කාමරයක් තුළ සඟවා තිබියදී සොරකම් කරන ලද වී ගෝනි හතරම පොලිස් නිලධාරීහු සොයාගත්හ. 


තංගල්ල පට්ටියපොළ ප්‍රදේශයේ පදිංචි විසිහත් හැවිරිදි සැකකරු පොලිස් අත්අඩංගුවට ගැනුණි.


තංගල්ල මූලස්ථාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් විජේතුංග මහතාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දමින්ද, පොලිස් කොස්තාපල් අමිල (87119) සහ හෙට්ටිආරච්චි (40925) යන නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගත්හ.

 



අදහස් (1)

වී හොරාම ඔත්තුවක් දීගෙන ගිහින්

lanka Friday, 08 March 2019 12:36 PM

තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක වෙයි එහෙනම් ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1695 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1420 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 510 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site