(මාවනැල්ල විශේෂ සමන් විජයබණ්ඩාර)
වී විකුණන්න “ඉන්ටනේට් යන්න” කියලා රේඩියෝ එකේ කීවාලු. අනේ මන්දා එහේ යන්න කීයක් වියදම් වෙනවද? මම නම් ඕක තියෙන දිහා දන්නේ නැහැ. ඇත්තටම බං කොළඹ කොහේද ඉන්ටනෙට් තියෙන්නේ” යැයි හෙම්මාතගම ගමක කඩ පිලක මැදි වයසේ මුදලාලිගෙන් ඇසීමේ පුවතක් වාර්තා විය.
කතාව දැන ගත් ආකාරයට මෙසේය.
රජය මගින් වී අලෙවි මණ්ඩලයේ ගොවීන් ලියාපදිංචි කරන අතර, එහි ලියාපදිංචි වන ලෙස ගොවීන්ට දන්වා ඇති බව ගුවන් විදුලියෙන් පවසා ඇත. එසේම ලියාපදිංචි වීම සඳහා පිවිසිය යුතු ඊමේල් අංකය ද දන්වා ඇති අතර, මෙය අසා සිටි මැදි වයසේ අයෙක් මේ සිද්ධිය මතකයේ රඳවා ගනිමින් ගමේ කඩ පිළට පැමිණි පසු එහි බොහෝ පිරිසක් සිටියදී “ඉන්ටනෙට්” යනු ලංකාවේ නගරයක පිහිටි ගමක් හෝ කුඩා ටවුමක් යැයි සිතා එය තිබෙන ස්ථානය කඩයේ මුදලාලිගෙන් ඇසීම නිසා එහි සිටි බොහෝ දෙනෙකුට නම් අපූරු ප්‍රශ්නය හේතුවෙන් සිනාසුණු බව පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙනෙකුගේ නොදැනුවත්කම හිනාවෙන්න දෙයක්නෙමේ(බ)
පව් අසරණ මිනිසුන් කීදෙනෙක් ලංකාවේ ඉන්නවද? තමන්ගේ නමවත් අත්සන් කරගන්න බැහැ. ඒ මනුස්සයා දැනුවත් නොකර හිනාවෙන්න එපා (නි)
මේක හිනාවෙන්න නෙමෙයි අඬන්න කාරණයක්. රටට බත සපයන ගොවියාව අසරණ කරවීම ලොකු පාපයක් (නි)
රුවන්ගේ අදහස් දැක්වීම ඉතා හොඳයි, අර්ථාන්විතයි. හැමෝම එය කියවන්න. (බ)
හිනාවෙන්න තරම් දෙයක් නැහැනේ. මොකද අන්තර්ජාල පහසුකම්, කොම්පියුටර්, ඊමේල් වගේ තාක්ෂණික දේවල් දියුණු රටවලට සාපේක්ෂව අපේ රටට ආවේ පමාවෙලානේ. ඉතින් අපේ වැඩිහිටි පරම්පරාවට මේවා ගැන ඒ හැටි අවබෝධයක් නැහැ (නි)
ඇත්තටම දුකක් දැනෙන්නේ මේවා අහනකොටත්. මේ රට ස්වයංපෝෂිත රටක් මීට අවුරුදු ගානකට කලින්. ගොවියා මඩ ගාගත්තේ නැත්නම් අපිට බත් කටක් කන්න පුළුවන් ද? මේ මිනිස්සු ඉල්ලන්නේ වාහන බලපත්‍ර නෙමෙයි. තමන් දුක් මහන්සියෙන් ලබාගත් අස්වැන්නට විකුණගන්න විදියක්. (නි)
ජවිපෙ ගොවි උද්ඝෝෂණ වලට ගෙන්වන ගොවියෝ නම් බොහොම ඉහළ දැනුමක් තියන, පරිගණක ශාක්ෂරතාවය තියන උගත් අය බව පෙනුනාට ලංකාවේ ගොවිතැන ජීවිකාව කරගත් සැබෑ ගොවියන් බහුතරයක් මෙවැනි අයයි. (නි)
මේ මනුස්සයා කොහොමහරි වී ටික විකුනගන්න බලන්න ඇත්තේ.. අපිටත් කරගන්න දෙයක් නැති උනාම කොච්චර අසරන වෙනවද? එහෙට යන්න කොච්චර වියදම් වෙනවද අහන්න ඇත්තෙ සල්ලි නැති හින්දනේ. මේ කතාවට හිනා වෙන්න එපා. ඒ මනුස්සයගේ අසරන කම තෙරුම් ගන්න උත්සාහ කරන්න. (ර)
සෑම් නිකම් මෝඩ කතා කියන්නෙපා. ඇයි ජවිපෙ මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න කලින් ඔයාලගේ කොළ, නිල් අය මේ ගැන කටක් ඇරියද? එයාලට ගොවියන් පීඩාවට පත් කරන එක ගැටලුවක් නෙමෙයි. ඒ අයට ගැටලුව කොහෙවත් නැති ජාත්‍යන්තර තර්ජන, කුමන්ත්‍රණ. (ර)
අධ්‍යාපනයක් නොලත් අයෙකු මෙවන් දේ කීම හාස්‍යයට කරුණක් නොවේ. එහෙත් උගතුන් යැයි සිතනා උදවිය රටට කළ සහ කරමින් පවතින විහිලු ඇසුවාම, දුටුවාම හිනායන්නේ මුඛයෙන් පමණක් නොවේ.... (නි)
මෙය විහිලුවකට කාරණයක් නොවෙයි...(බ)
අබය ඔවුන්ට ඇති අධ්‍යාපනය ඔබට නැත. ඔබට ඇති අධයාපනය ඔවුන්ට නැත. මට ඇත්තේ මගේ වෘත්තියට අදාල අධ්‍යාපනයකි. එයට අධ්‍යාපනයක් නොලත් අයකු කියා කීම කෘරය. ගොවිකම උතුම් වෘතියක් ඒ වගේම ඒකටම අවශ්‍ය දැනුමත් තියෙන්න ඕනා. හරියට අනිත් වෘතීන් වගේ. වෙනස වුනේ සඟ වෙද ගුරු ගොවි කම්කරු කියන එකට නූගත් පාර්ලිමේන්තුවක් උඩින් වැටුන එකයි...(බ)
ගොවියාට බැරිවුණත් ගොවියාගේ පුතාට හරි අන්තර්ජාලය පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා තාක්ෂණය මේ කර්මාන්තයට පාවිච්චි කරන එකට විරුද්ධවෙන එක වැරදි වැඩක්. (නි)