එය නවීන විදුලි සෝපානයකි. පරිගණක තිරය මත ඇඟිල්ල තැබීමෙන් යා හැකිය. දිනක් ආරක්‍ෂක කළමනාකරු ආරක්‍ෂක නිලධාරියා අමතා ‘‘ලිෆ්ට් එක හැමදාම දවල් දොළහට ඕෆ් කරන්න. නැත්නම් කට්ටිය විනෝදෙට ලිෆ්ට් එකේ යාවි’’ යැයි කීය.
දිනක් විදුලි සෝපානය සවිකළ ආයතනයේ කාර්මිකයෝ පැමිණ එය ක‍්‍රියා විරහිතව තිබෙනු දැක, ඇයි මේක ඕෆ් කළේ යැයි විමසූහ. කෙනෙක් යනකොට විතරයි දාන්නේ ආරක්‍ෂක නිලධාරියා කීය.
‘‘මේ ලිෆ්ට් ටච් සිස්ටම් නිතරම ඔන් එකේ තියෙන්න ඕනේ. හැම වෙලේම ස්විච් එක පාවිච්චි කළොත් ඒක කැඩෙනවා. ඒකට රුපියල් ලක්‍ෂයක් වෙනවා අපේ වෙන තැන්වල ලිෆ්ට් පැය විසි හතරෙම ඔන් එකේ’’ යැයි පැවසූ ඔවුහු සෝපානය ක‍්‍රියාත්මක කර පිටවූහ.
ආරක්‍ෂක කළමනාකරු පැමිණ ‘‘ඇයි ලිෆ්ට් එක ඔන් කළේ’’ යනුවෙන් කෝපයෙන් විචාළේය. ‘‘ලිෆ්ට් නිතරම ඔන්x ඕෆ් කළොත් ස්විච් එක කැඩෙනවා කියලා සර්විස් කරන්න ආපු අය කීවා’’ ආරක්‍ෂක නිලධාරියා පැවසීය. ‘‘ ඕක ඕෆ් කරන්න.
එයාලා ඇහුවොත් මාව ගාවන්න එපා’’ ආරක්‍ෂක කළමනාකරු කීය. දිනපතාම ස්විචය භාවිතයෙන් එය කැඩිණි. ආරක්‍ෂක නිලධාරියාගේ කාර්යාලයට ඊමේලයක් ලැබිණි. ආරක්‍ෂක නිලධාරියාගේ නොසැලකිල්ලෙන් විදුලි සෝපානයේ ස්විචය කැඞී ඇත. ඔහුට ස්ථාන මාරුවක් ලබාදීමට කටයුතු නොකළහොත් ඔබ ආයතනයට ගෙවිය යුතු චෙක්පත නවත්වන බව දන්වමි. සංචාරක නිලධාරියා ආරක්‍ෂක නිලධාරියා හමුවී ‘‘උඹව ට‍්‍රාන්සර් කරන්නලූ. ලිෆ්ට් එක කැඩුණේ උඹ නිසාලූ.
හොඳ තැනක් මම දෙන්නම්’’ යැයි කී විට, ‘‘එහේ ලිෆ්ට් තියනවාදැයි’’ ආරක්‍ෂක නිලධාරියා විමසීය. ‘ඔව්’ පිළිතුරු ලැබිණි. ‘‘බුදු අම්මෝ ලිෆ්ට් නම් ඕන් නැහැ’’ හෙතෙම පැවසීය. ‘‘ඒක පැය විසි හතරෙම ඔන් එකේ ජීවිතේට කැඩෙන් නැහැ’’ සංචාරක නිලධාරියා සිනාසෙමින් පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ලිෆ්ට් එකක් ආරක්ෂක නිලධාරියා මාරු කරලා
දුමින්ද Thursday, 23 July 2015 06:55 AM
බලශක්ති ඉතිරි කිරීම ගැන පාඩමක් (ම)
කෝෂිලා Thursday, 23 July 2015 07:04 AM
ආරක්‍ෂක කළමනාකරු වැනි අය බොහෝ විට මැරිලා උපදින්නේ සතර අපායේ. කිරිබත්ගොඩ ඥානනද හිමියන් දේශනා කරන බුදුබණ ඕන තරම් ඉන්ටෙර්නෙට් එකේ තියෙන්නේ. ඇයි අහල සුගතියේ යන මාර්ගය ඉගෙන ගන්නේ නැත්තේ? (ම)
තේෂාන් Sunday, 26 July 2015 01:23 PM
මම නම් අැහුවමයි ලිෆ්ට් එකේ යන කට්ටිය යන්නේ විනෝදෙට කියලා. (නදී)
පහන් Thursday, 23 July 2015 08:09 AM
එක්තරා විදේශ රටක විදුලි සෝපානයේ ගහල තියනවා ජීවිතයත් විදුලිසෝපනය වගේ නිතරම ඉහළ සහ පහළ යනවා කියලා (ම).
අසංක Thursday, 23 July 2015 11:57 AM
ආයතනයේ සේවකයන් නිතර ලිෆ්ට් එක භාවිත නොකිරීම තමා හොද (බ)
හේමන්ත Thursday, 23 July 2015 08:25 AM
රෙජී සිඩ්නි . ආරක්ෂක නිලදාරියා නොවෙයි නියෝගය දීල තිබෙන්නේ .ආරක්ෂක කළමනාකරු. (බ)
පිටිගල Saturday, 25 July 2015 05:17 AM
ආරක්ෂක කළමනා කරුවෝ වැඩි දෙනෙක් හිතාගෙන ඉන්නේ තමන්ට වැඩිය බලවත් අය කව්රුවත් මේ ලෝකේ නැහැ කියලා. ඊට පස්සේ අහිංසක ආරක්ෂක නිලධාරීන්ට, නියාමක වරුන්ට පෙන්නන ගෙම්බර් පාට් වලින් මෝඩකම ඉස්මතු වෙනවා. කව්රුවත් කතා නොකරන නිසා මිනිහා නැගලම යනවා. අන්තිමට බිම ම ඇන ගන්නවා. (නදී)
රෙජි-සිඩ්නි Thursday, 23 July 2015 05:12 AM
ආරක්ෂක නිලධාරියා පුදුම කෙනෙක්නෙ. එයා දන්නේ කොහොමද ඒ කට්ටිය දහවල් දොළහට ලිෆ්ට් එකේ යන්නේ විනෝදෙට කියල. අනික ලිෆ්ට් එක දාල තියෙන්නේ යන එන අයගේ පහසුව පිනිසනේ. (බ)
සිරි Thursday, 23 July 2015 06:27 PM
මෙයාව තනතුරට පත්කරනවිට සුදුසුකම් මොනවාද කියලා බලන්නේ නැතුව පත්වීම දීලා වගේ. (නි)
චන්න බුවනක Thursday, 23 July 2015 01:39 PM
විනෝදෙට කව්ද ලිෆ්ට් එකේ යන්නේ. මැටි කතා. විනෝදෙට යන්නේ ක්ලබ් එකට. වෙරළට. පාර්ක් එකට. (බ)
සන්ජේ Thursday, 23 July 2015 06:23 AM
ගොඩේ කම තමයි. (ර)
සරත් Thursday, 23 July 2015 11:03 PM
එයාගේ ගම කොහෙද දන්නේ නැහැ (නි)
චින්තක Thursday, 23 July 2015 06:37 AM
ගොඩක් ආරක්ෂක කළමනාකරුවන් මෙහෙම තමා. (ර)
නිලානි Friday, 24 July 2015 09:48 PM
පවු නේද? (නි)