කොළඹ පළාතේ පැවැත්වූ සාදයක ආහාරපාන පිළියෙළ කිරීමේ හා පිළිගැන්වීමේ කටයුත්ත දකණු පළාතේ හිතමිතුරන් වෙත පැවරුනි. ආහාර පාන ප‍්‍රනීත ලෙස සුදානම් කෙරිණි. සියලූ කටයුතු බලාපොරොත්තු වූ අයුරින් සිදුවිය. මධුවිත පානය කොට නැටුම් ගැයුම්ද සිදුවිය.
ආහාරපාන පිළියෙළ කළ අයට හා පිළිගැන්වූ අයටද මධුවිත පානයට ඉඩ ප‍්‍රස්ථාව ලැබුණි. ඔවුන් අතර සිටි තරුණයෙක් ” අද නම් හම්බ වෙන්නේ රට බඩු, හොඳට බොන්න පුළුවන්” යැයි පැවසීය.
පැය කිහිපයකට පසු සාදය අවසන් විය. තරුණයාට උන්හිටිතැන් අමතක වී තිබුණි. සාදය පැවැත්වූ නිවෙස ඉදිරිපිට වූ කාණුවක දෙපාරක් ඇද වැටුණි.
අනෙකුත් සේවකයෝ ලොරි රථයට සියලූ බඩු බාහිරාදිය පටවාගෙන යාමට සුදානම් වූහ. එහෙත් හොඳට සූර්වී සිටි තරුණයා ලොරියට ගොඩවූයේ නැත. කෑගසමින් දිව යන්නට විය. ඉන්පසු කෙසේ හෝ බලහත්කාරයෙන්ම ඔහු ලොරියට නංවාගෙන ලොරියේ දොර වසා යාමට පිටත් විය.
ලොරිය දක්‍ෂණි අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් කරන්නට විය. වේලාව රාතී‍්‍ර 2.00 පසුවී තිබුණි. ටික දුරක් ගමන් කළ විට සූර් වූ තරුණයා ලොරියේ පිටුපස තිබූ බඩු බාහිරාදිය දොර විවර කොට මාර්ගයට විසි කළේය. මුලින්ම කෑම පිළිගන්වන භාජන විසි කළේය.
ඉන්පසු තෙල් කෑන් එකක් විසි කළේය.එය දුටු ලොරියේ හිමිකරු ලොරිය නවතා පසුපසට පැමිණ තරුණයාට පහරක් ගැසීය. ඔහුටද තෙල් කෑන් එකකින් ගැසීය. එයින් කිපුණු ලොරියේ හිමිකරු ඔහු මඟ දමා යන්නට පිටත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සමහර අය බොන්නේ ආත්ම ශක්තිය නැති නිසා. බොන්නේ නැතුව නටන්න ලැජ්ජයි. සමහරු හිතන්නේ ඒක ලොකු දෙයක් කියලා. සමහරු බොන්න පටන්ගන්නේ යාලුවන්න්ගේ බලපෑමට. (නි)
සමන්,තේරෙන්නේ නැද්ද සමහරු මේ සභාවට සපැමිණ ඉන්නේ ඇයි කියලා (නි)
සමන්,අපිට ලංකාවේ බයියෝ ඉන්න රට තමයි හොඳම රට. (අ)
අදහස් දානකොට අනෙක් අයට කරදරයක් අයහපතක් නොවන විදිහට දාන්න. ඒ වගේම පිටුවට ලස්සන පරණ සිද්ධියක් කියන්න. පිටුව රසවත් වන්නේ මේ වගේ කතා වලින්. (නි)
ඉනෝකා, ඔයාගේ මහත්තයා බොන්නේ තනිවම කාමරේට වෙලාද? මගේ මහත්තයා නම් බොන්නේ යාලුවොත් එක්ක (නි)
ගාන දැනගෙන බොන්න ඕනේ. අපිත් දවසක් රත්මලාන හිතවතකුගේ ගෙදර බීලා 4-5 දෙනාම එනකොට අපේ කෙනෙක් මැලිබන් හන්දියේ කහ ඉරේ බිම ඉඳගෙන එතනට කෑම ගේන්න කියලා පොරේ. අපටම කෙලින් ඉන්න බෑ ඉතින් අපට එයාව කොහෙත්ම උස්සන්න බෑ. අපි පාරෙන් එයාව ගන්න කන්නලව් කරනකොට අපේ තව යාලුවෙක් ඇවිත් පයින් ගහලා පාර අයිනට එලෙව්වා. පසුව දවස් දෙකක් අඬ අඬ හිටියා එකට හිටපු කෙනාට පයින් ගහන්න වුනා කියලා.(හේ)
ඉඳලා හිටලා පොඩි අඩියක් ගහන වෙලාවට සිත්තැවුල් එහෙම අමතක වෙනවා (නි)
සමන්ත ටිකක් වැඩිවෙලා වාගෙයි.දෙහි ටිකක් අතුල්ලා බලන්න හොඳ වෙයි. (අ)
දෙය්යෝ සාක්කී තීරයට අලුතින් පිවිතුරු යහපාලලා කඩාපැනලා වාගෙයි. මෙතන දෙයියනේ කියලා ලියාගෙන හිටපු බවලතියන් එයාලාගේ නම් වලින් බොරු ලියා පන්නා දමා නුඹලා බලාපොරොත්තු වන්නේ මොනවාද? (නි)
බීලා වැඩිවෙලා දවසක් මාත් පිස්සු කෙලින කොට (1982දි දැන් නම් බොන්නේ නැහැ) යාළුවො මාව බාත් රූම් එකට දාලා ෂවර් එක ඇරලා දොර ලොක් කරලා. වෙරි හිනදුනම ගෙදර යන්න දොර අරින කොට පාටිය ඉවර වෙලා ඔක්කොම ගිහින්.අන්තිමට තෙත ඇඳුම් පිටින් ම රැ වෙලා බෝඩිමට ආවා. එහෙම වෙනවා ඉඳ හිට. ඊට පස්සේ හැමදාම දිවා ආහාර වෙලාවට මාව ඔක්කොම එක්ක බයිට් එකට ගන්නවා.ඒ කාලේ නම් හරි විනෝදයි. (බ)
වෙන්ඩ ඇති ,වෙන්ඩ ඇති රූපස් මහත්මයා මේක පරණ සිද්ධියක් මට දැන් මතක නැහැ ඔබට ජය (බ)
අනේ පවු! තාමත් එයා මහමඟද දන්නෙ නැහැ (නි)
ඔය මහත්වරුන්ගේ බොන වර්ණනාව කියන අයයි, ගොඩක් නොව ටිකක් බිව්වට කමක් නැහැ කියන අයයි කට්ටියම බුද්ධාගමේ නම් පස්වෙනි සිල් පදය කියන්නේ නැතුව ඇති නේද? (නි)
ඉනෝකා., ඔබේ ප්‍රකාශය දුටු විට මෙය නොලියම බැරි උනා., ඔබ නොදැන කිව් දේවලට තුන් හිතකින් වත් අමනාපයක් නැති නිසයි ඔබට සොයුරිය කියා ඇමතුවේ., නොදැන හෝ සිදුවුණ දෙයටත් ඔබ සමාව ගැනීමට මැලි නොවෙමි., කියා ලියා තිබුනෙන් මා නෙතු කදුලින් පිරුණේ ඇත්තටම අපි එකම මව් රටක ඉපදුන දු දරුවන් නිසයි ඔබට දිර්ඝායුෂ ලැබේවා සොයුරිය....(රේ)
සමන්,මා සමඟ ඇයි ඔබට මෙතරම් අමනාපයක්.?ඔබ හොඳ යැයි කියන රටවල් වල අපි ඉන්න නිසා තමයි බොහෝ අසරණ අයට අපිට උදව් උපකාර කරන්නට අවස්ථාවක් ලැබී තිබෙන්නේ. දකුණතින් දෙන දේ, වමතට වත් නොදැන දෙන්න ඕනේ කියන නිසා අපි කරනා හොඳ දේවල් ඔබට නොකියමි. මම ලංකාවට ආදරෙයි. නමුත් මම ඔහේ සිටියොත් මටත් වෙන්නේ හම්වෙන එකෙන් කාගෙන බීගෙන ඉන්නවා හැරෙන්න ,දැන් කරනා හොඳ දේවල් කරන්නට අවස්ථාවක් නොලැබී යන එකයි. සමන්,නිකරුනේ මට දොස් නොකියන්න.මගේ ඇති කිසිම පුචාරමක් නැත.ලෝකයේ අපි කොතැනක හිටියත් අප සැම එකම ලක් මෑණියන්ගේ දු පුතුන් නොවේද....? (අ)
සමහරුන්ට බොනවා කියන වැඩෙත් හරි ලොකු දෙයක් වෙලා..මොන වගෙ මට්ටමකද ඒ අය ඉන්නෙ කියන එක පැහැදිළි...(රේ)
වික්‍රම , ගොඩ කාලෙකින් කොහොමද ? පරණ දේවල් මතක් වෙද්දී හරි සතුටුයි , මතකද දවසක් අපිට වැඩි වෙලා රෑ එලි වෙනකම් මම ඔයාව ඇරලුව ඔයා මාව ඇරලුව , අන්තිමට මුළු රෑමඅපි දෙන්න මහා පාරේ (අ)
මේ වගේ අයට ඔය වගේ වැඩ කරන්න ඕනේ.(හේ)
මම මගුල් ගෙදරක ගිහින් ඉද්දි, මනාළ යුවල පිටත් වෙන්න හදනකොටම මනාලයාගෙ හොදටම බීල හිටපු යාලුවො වතුර ගහන්නයි, ශේවින් ක්‍රීම් ගහන්නයි ගත්තා. දුකෙන් හිටපු මනමාලිගෙ තාත්තා වියරුවෙන් වගේ දුවගෙන ඇවිත් ගහන්න ගත්තා රැග් කරපු අයට,මල් කුමරාගේ වේවැලෙන්, වයිරම් හිටින්නම. අමාරුවෙන් අපි නවත්ත ගත්තෙ..(බ)
පිටබැද්දර ජයායි මායි එ දවස් වල සෙට් වෙනවා, අකුරැස්ස පැත්තෙ තියෙන ඔයක් ලග.ජයා ඌරු මස්, මයියොක්ක ගේනවා, මම බොන ජාති ගේනවා.දැන් එහෙම නොකළත් අපේ හිතවත් කම් වැඩි වුනා ඒ දේවල් වලින්. (බ)
ටිකක් වැඩි උනාම ඔහොම දේවල් වෙනවා. (ර)
මගේ සැමියා නම් බොන්න ඕන උනොත්, බොන්න තියෙන කාමරේට ගිහින්, ඉස්තරම්ම විදේශිය පානයක් ගන්නවා.කාටත් කරදරයක්, බාදාවක් නොවෙන්න.මේ රටේ දේශගුනය අනුව ඉතින් මුකුත් කියන්නත් බැහැ.(හේ)
මට නම් මෙහි දමා තිබෙන අදහස් දිහා බලන විට පෙන්නී යන්නේ රුපවතී,චන්දී,ඉනෝක එයාලාගේ අදහස් නොවන බවයි. (අ)
තුෂා ,මටත් නිකමට හිතුනා,මෙයාලාගේ නමින් කව්රුහරි අදහස් දමා තිබෙන බව. (අ)
මොන සුරඟන කතා කිවුවත් සුරාව විනාශයකි (නි)
ලජ්ජා නැතිව රස කර කර කියන හැටි. (ර)
සිද්ධිය වුනේ දැනට අවුරුදු 20 උඩදී විතර ලංකාවට යන සැම වෙලාවකම කටුනායකින් විස්කි ගන්නවා ඉතින් යහළුවන් 7දෙනෙක් විතර ඇවිත් හිටිය වැන් එකක් හයර් කරගෙන පාන්දරින්ම කටුනායකින් බැහැල මීගමුවට ඇවිල්ල උදේ කෑමත් අරගෙන කුරුණෑගල රන් තැලියට දවල් වෙනකොට අවා {රන් තැලීය හෝටලය කුරුනගලවැව රවුම} ඉතින් සියලුදෙනාම බඩපිරෙන්න බිලහිටිය සමහර යහළුවන්ට හොඳටම වැඩි කන්න යමු කියල නැගිටලා ඇවිත් හෝටලයේ කෑම මේසයේ වාඩිවුනා මේසයේ කෑම ඇරලත් තිබුන . නමුත් එක මිත්‍රයෙක් කන්න බැහැ කියා, අදි,මදි කර කර හිටිය දැන් අපි කන්න පටන් ගත්ත අායෙත් අර මිත්‍රය වැනි ,වැනි මේසේ ලගටම ආව හිටපු ගමන් බාග් ගාලා දැම්ම නේද වමනේ පාරක් මේස රෙද්දයි,පුටුවලයි කෑම අසලයි ඉතින් වස ලැජ්ජාව මොනව කරන්න්නද දවල්ට මොන කෑමක් ද කියල බිල් ටික ගෙවල දාලා යාලුවත් ඇදගෙන ඉක්මනට එතනින් පිට වෙලා අනුරපුරය බලා පිටත් වුනා (බ)
සුරාවේ ඇති විපාක (බ)
මේ ඔය ඉනෝකලයි චන්දිලයි නරකද ඔය ඊමේල් වලින් කණගාටු ප්‍රකාශ කිරීම් කරගතහොත්, මෙතැන කෝලම් මඩුවක් නොකර (නි)
මම මේ බලා ඉන්නේ මේ සම්බන්ධව රූපවතිගේ ප්‍රතිචාරය. ඒ මොකද මෙතන පළවෙන හැම පුවතක් සම්බන්ධවම එයාගේ පුද්ගලික අත්දැකීම් ලියනවානේ. (නි)
රූපවතිගෙයි චන්දි අක්කාගෙයි අදහස් නෙවෙයි මේ නම්. (අ)
ඉනෝකා නමින් 25.10.30.:13:39:01 ප්‍රතිචාරයක් දමා ඇත. ඒ මම නොවේ.
මේ වගේ බේබද්දන්ට මේ වගේ දේවල් කරන්න ඕනේ.(හේ)
මේ වගේ වැඩ කොතරම් සිදු වෙනවාද?(හේ)
ඉනෝකා මහත්මියණි ඔබ එවූ ප්‍රතිචාර ලැබුණි නමුත් ඒ ඉනෝකා ඔබමය කියා කොතනකවත් නොමැත. තවත් ඉනෝකලා ඉන්නත් පුළුවන, ඔවුනට ප්‍රතිචාර දැමිය හැකියි. ස්තුතියි
එසැන කාර්ය මණ්ඩලයේ උතුම් ගුණයට අනෙක වාරයක් ස්තුති වන්ත වෙමි. අනෙකුත් අයගේ නම් වලින් ලියපු ප්‍රතිචාරයන් බලා වැරදි විදිහට සිතීමෙන් , මගේ ආදරණීය සහෝදරියන් වන රුපවතී, සහ චන්දීගෙනුත් සමාව අයැදීමට මැලි නොවෙමි. පිටබැද්දර ජයා සහෝදරයාණෙනි,ඔබ සමගත් මගේ කිසිම අමනාපයක් නැත.අපි සැම එකම ලක් මෑණියන්ගේ .ආදරණීය දු පුතුන් වෙමු. (අ)
අපේ මිනිසුන් අද ගොඩාක් පසුබෑමක සිටින්නේ මේ ජරා මත්පැන් නිසා තමයි. අපේ රට දුප්පත් පවුල්වල අද නිතරම වෙන්නේ මොනවද.? සැමියා හම්බ කරන පොඩි සොච්චමත් බීමට පමණයි. රාත්‍රීයේ ගෙදර එනවිට ඔහු එන තුරු බලා සිටින බිරිඳටත් ළමයි ළපටින්ට ඉතිරිවී තියෙන්නේ දුක සහ වේදනා පමණි. සතුටක් නැති මෙම දුක් ජීවිතේ අන්තිමට නතර වෙන්නේ සියල්ල අහිමිවුණු අවසානයකට ඉරණමක්වී පමණි. (ර)
ඉනෝකා නෝනා මම එහෙම කිවේ මෙතන ඔයගොල්ලොලන්ගේ පුචානම් අපිට වැඩක් නැති නිසා, ඉතින් කරුණාකරලා පුද්ගලික මේල් වලින් සමාවල් එහෙම අරගෙන ඔය තුෂා නෝනා කියනවා වගේ හොද රටවලම ඉන්න, අපි ඉතින් ලංකාවේ බයියෝනේ. (ර)
අපි අපේ නිවැරදි නමින් ම ප්‍රතිචාර දමමු (අ)
මේ වගේ සිද්ධි නිතරම වෙනවා.(හේ)
සමන්,සහ රුචිර,මෙය සුරාවට සම්බන්ද නිසා මම ඔයාලාට කතාවක් කියන්නම්.අපේ ගෙදරට අල්ලපු වැටේ ඉන්න මල් මාමා හැන්දෑවට ගෙදර එන්නේ වැනී,වැනී.එදා රෑට රෝසි අක්කාගෙන් අම්බානට ගුටි කාලා පහුවෙනිදාට දකින,දකින බවලතුන්ගේ ඇඟට ගොඩ වෙනවා.ඔන්න ඔහොමයි රෝසි අක්කාගේ නිතමානිකම. (ස)
සමන්,එකිනෙකා කනගාටුව ප්‍රකාශකර ගැනීම,සමාව අයදීම දියුණු ලෝකයේ නිහතමානි මිනිසුන් කරන දේවල් බව ඔබ නොදැන සිටීම කනගාටුවට කරැණකි.(රේ)
අනුන් ගේ නම් වලින් කට්ටිය ලියනවා බලන්න තිබුනේ පසුගිය මැතිවරණ සමයේ. කවදාවත් දේශපාලන ප්‍රතිචාර නොලියන අපේ නමිනුත් තිබණා.(අ)
හොද වැඩේ.(හේ)
බොහොම ඉස්තුති ඉනෝක , කොහොම වුනත් රුපවති , චන්දි , ජයනාත් , වගේ ඇරුණුකොට අනික් අයගේ නමින් මින් මතු මම අදහස් පල නොකරමි (බ)
අපේ ගමේ ඉන්න බේබද්දෝ රෑට බීගෙන කරන නන්දෙඩවිලි උදේ වෙනකොට කිසිවක් මතක නැත. මේ කියමන අපේ වැඩිහිටියන් කියනවා මට ඇසී තිබෙනවා. මම නම් කියන්නේ පමණ නොදැන බොන අයට මෙහෙම තමා වෙන්න ඕනෑ. (නි)
බොන එක වගේ මෝඩකමක් මටනම් වෙන නැහැ. (බ)
ඉනෝකා,අපේ මිනිසුන්ට ඕනවට වඩා නිනතමානි වෙන්න ගියාම ඔහොම කතා අහගන්න වෙන එක පුදුම නොවන. බටහිර ගති පැවතුම් තාම අපේ අයට පුරුදු නැතිබවකි.හොඳ දේවල් හොඳයි කියන්නට සමහරුන්ට බැරි උවත් චන්දිගේ සහ ඔබෙගේ අදහස් අගයමි. (බ)
මත්වතුර ගැන ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්පය වෙනස් වෙන්න ඕන. ටිකක් ගන්නවා වෙනුවට කරටි කැඩෙන්න බොන එක වීරකමක් කියල තමයි පිළිගැනීම. . පමණ දැන ටිකක් ගැනීමෙන් තමයි මත්වතුර පාවිච්චියෙන් ගන්න පුළුවන් උපරිම විනෝදය ගන්න පුළුවන්. එහෙම කරන්න බැරිනම් නොබී ඉන්න ඕන (රේ)
ගුණවර්ධන මහතාණනි රන්තලිය හෝටලයක් නොවේ රන්තලිය රෙස්ට් හවුස් එකකි (බ)
තුෂා,නිහතමානී වෙන්න කලින් ඔබේ වැඩක් බලාගත්තොත් නරකද? (නි)