(වියලූව වාර්තාකරු)
රජයේ එක්තරා ව්‍යාපෘතියක් හරහා ප්‍රදේශයේ වඩු කාර්මිකයින් වෙත නොමිලයේ ලබා දීමට නියමිත රුපියල් 30,000ක් පමණ වටිනා වඩු ආම්පන්න කට්ටලයක් සඳහා ඉල්ලූම් කළ පුද්ගලයකු එම භාණ්ඩ කට්ටලය ලැබෙන්නටත් පෙර එය උකසට තබා අරක්කු පානය කළ බව කියවෙන පුවතක් ලංකාදීපයට වාර්තා විය.
සිද්ධිය මෙසේය.
මත්පැනට බෙහෙවින්ම ගිජු වුවත් ඔහු ප්‍රදේශයේ තුළ නමක් දිනාගත් වඩු කාර්මිකයෙකි. අත්‍යවශ්‍ය වැඩ කටයුතු පවා අතපසු කළද හෙතෙම කිසි විටෙකත් දෛනිකව කරගෙන යන මත්පැන් පානය නම් අත්හැරියේ නැත.
පසුගිය දිනෙක මත්පැන් බොන්නට සිත්වුවත් අතේ සතයක් වත් නොමැති වූ හෙතෙම දහ අතේ කල්පනා කළේය.
අපුරු ගණදෙවි නුවණක් පහළ වූ හෙතෙම මිටින් හල කුරුල්ලෙකු සේ හිතවතකු සොයා ගියේ රිසිට් පතක් ද අතැතිවය.
”මහත්තයා මට ලබන සතියේ රුපියල් 30000 ක් වටිනා වඩු ආයුධ කට්ටලයක් ලැබෙනවා.
ඔයා ඒක ගන්න. දැන් මට රුපියල් 10,000 ක් දෙන්න.’’
ගනුදෙනුව සිදුවිය. හෙතෙම මොහොතක් ගතවෙද්දී ගමේ තිත්පොල වෙත පිය නැගුවේ රටක් රාජ්‍යයක් දිනූවකු පරිද්දෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිං මොකද ව්‍යාපෘතියයි අරක්කුයි දෙකම ආණ්ඩුවෙනේ