පිටරට පාවිච්චි කළ ඇඳුම් විකුණන තැනකින් ලාබෙට දිගු කලිසමක් මිලට ගත් අයකුට එය අඳින්න පෙර සෝදද්දී රහස් සාක්කුවක තිබී පිටරට මුදල් නෝට්ටුවක් හමුවීමේ සිද්ධියක් කොළඹට ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබිණි.
උත්සව සමයේ ඇඳුම් විකුණන තැන් බහුල ප‍්‍රදේශයකි. මෙහි තැනක ලාබෙට ඇඳුම් විකිණීමට තිබෙන බව කියූ ආරංචියකට පුද්ගලයකු එතැනට ගොස් ඇත. පිටරට මද වශයෙන් භාවිතා කළ ඇඳුම් බොහොමයක් එහි තිබූ අතර ඒවා මිලට ගැනීමට උනන්දු වෙන අයද අඩුවක් තිබී නැත.
අලවියට තිබූ ඇඳුම් අතරින් සිත්ගත් ඩෙනිම් කලිසමක් තෝරාගෙන රුපියල් පන්සීයකට එය මිලට ගත් ඔහු නිවසට පැමිණ තිබේ.
මිලට ගත් කලිසම පාවිච්චි කළ එකක් නිසා අඳින්න පෙර සේදීම වඩා හොඳ යැයි කල්පනා කර එය වතුර බේසමකට දැමීමට සූදානම් වී නිකමට මෙන් කලිසමේ සාක්කුවට අත දමා පරීක්ෂා කර තිබේ. එහි පිටරටක නෝට්ටු කොළයක් තිබෙනු දැක පුදුමයට හා සතුටට පත් ඔහු එහි වටිනාකම බලද්දී මිලට ගත් කලිසමේ වටිනාකම මෙන් දෙතුන් ගුණයක්වීම නිසා ‘මේකට තමයි දෙන දෙයියෝ ගෙදරටම ගෙනවිත් දෙනවා යැයි කියන්නේ’ කියා මිතුරන්ට පවසා සතුටු වී ඇත.
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම” බිංදුවට වැටුණු උඩඟු කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර
අලුත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද
සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු දිසාවේ ගමකින
අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට
අවුරුදු උත්සවයේ සැඟවුණ අමුත්තා ලෙසින් සිදු වූ වැරදීමකින් සැඟවුණ අමුත්තාට ලැබුණු අපුරු ත්‍යාගයක් පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලාබෙට ගත් කලිසමේ සාක්කුවේ විදෙස් මුදල් නෝට්ටුවක්
ධනුෂ්ක Tuesday, 15 January 2013 10:41 AM
කලිසන් සාක්කුවේ සල්ලි තිබුණට ඔය කලිසමේ මොන තරම් සමාජ රෝග තියෙනවද කියලා එයා දන්නේ නැතුව ඇති (ස)
දිනේෂ් Wednesday, 16 January 2013 09:46 PM
ඇඳුම් මිලට ගන්න කොට මීට පස්සේ හොදට බලල ගන්න ඕනේ. (දී)
ධනුක Tuesday, 15 January 2013 07:24 PM
මේක ඇවිල්ලා ගණිතමය ප්‍රශ්නයක්. (නි)
නසාර් Sunday, 20 January 2013 01:50 PM
ඒ වුණාට කියන්නේ ලාභ බඩුවේ හිලක් කියලානේ. (නි)
සනා Monday, 14 January 2013 08:51 PM
ප්‍රවේශමෙන්. නොමිලයේම ලෙඩත් එන්න පුලුවන්. (නි)
රංග Saturday, 19 January 2013 05:03 PM
අනේ දෙවියනේ මිතුරන්ට කියලා සතුටුවෙලා ලංකාදීපයටත් කියලා සතුටුවෙලානේ.. (නු)
ශාන් Wednesday, 16 January 2013 11:27 AM
බොරුවක් වෙන්න ඇති (ස)
චමී Tuesday, 15 January 2013 10:52 AM
ගුණේ අපිට කියන්න බැරි දෙයක්ද තිබුණේ (ස)
රංජක Thursday, 07 February 2013 05:36 AM
කනවනම් කන්න ඕනේ මේ වගේ පාන්.(නදී)
සම්පත් Monday, 14 January 2013 09:30 PM
දැන් අපේ මෝඩයෝ තියෙන තුට්ටු දෙක දීලා ඕවා ගන්න යාවි (ස)
තරංග Monday, 14 January 2013 01:44 PM
අපිට නැහැනේ මේ වගේ අවස්ථා (දී)
චමින්ද Monday, 14 January 2013 01:41 PM
අයියෝ ඕක සාමාන්‍ය දෙයක් නේ. රෙදි ගත්ත මනුස්සයට ඕක අහුවෙලා නැ. පිටරට අය එහෙම දල දෙන්නේ එහෙදි රෙදි එකතු කරන අයට සන්තෝසමක් විදියට. ඒ හැම එකක්ම මෙහෙ ඔය රෙදී විකුණන අය දන්නවා. පුදුමයි මුදලාලිට මගඇරුනා. (දී)
සිතිර Monday, 21 January 2013 08:48 PM
කොහොමද පින පලදෙන හැටි (දී)
සුරේෂ් Sunday, 20 January 2013 11:56 PM
ආච්චි මුත්තා කාලේවත් අහලා නැති, ළගක් වෙනකල් ලංකාවේ තිබුණේ නැති ලෙඩ දැන් මිනිස්සුන්ට හැදෙන්නේ ඔය පරණ කඩමාලු ඇදලා තමයි. (නි)
ෆිරෝ Monday, 14 January 2013 10:38 PM
එහෙනම් ෂුවර් එකටම ඩොලර් 10ක් වෙන්න ඇති. (නි)
දමිත් Friday, 18 January 2013 04:29 AM
ලාබ බඩුවේ සල්ලි කියල වෙනස් වෙන්න ඕනේ (දී)
රජිව් Monday, 14 January 2013 10:42 PM
මේක නම් පිළිගන්නත් අමාරුයි. (නි)
රොෂාන් Monday, 14 January 2013 02:26 PM
නියම අවස්තාවක් (දී)
ලලිත් Monday, 14 January 2013 02:28 PM
ලාභයයි වාසියි දෙකම එකට (දී)
සෙනෙරත් Tuesday, 15 January 2013 11:32 AM
අනේ මන්ද මේවා කාට කියන්නද? (දී)
හේරත් Monday, 14 January 2013 11:15 PM
ලාබෙට ලෙඩත් ලැබේවි ?(ස)
සුදාරි Friday, 18 January 2013 01:41 PM
බොරුවක් වෙන්න ඇති (ස)
නිත්‍යා Wednesday, 16 January 2013 01:21 PM
දෙන දෙයියෝ ගෙට ගෙනැවිත් දෙනාවා. (ස)
දමිත් Wednesday, 16 January 2013 01:24 PM
ලෙඩක් හැදුනොත් කාට කියන්නද ? පරිස්සමින් ඕවා අරන් අදින්නේ (ස)
පිරිස් Tuesday, 15 January 2013 12:25 PM
ඒ කියන්නේ මේ ඇදුම් ඇදපු ඒවාද? (දී)
ප්‍රියන්ත Saturday, 19 January 2013 10:29 PM
සුද්දෝ ඇදපු ඇදුම් ගන්න අපේ සිංහලයින්ට ලැජ්ජාවක් නැද්ද ? (නි)
අජිත් Tuesday, 15 January 2013 07:29 AM
දැන්වත් අළුත් එකක් ගන්න.....(ස)
සිසිර Tuesday, 15 January 2013 10:15 PM
සල්ලි මාරුකරලා තියාගන්න සමේ රෝග වලට බෙහෙත් ගන්න. (නි)
ලංකා Tuesday, 15 January 2013 05:03 PM
දැන් එතනටම ගිහින් ඕකෙ යට කලිසම හොයා ගන්න. ඒකෙත් වටින මුදල් නෝට්ටු තියෙන්න පුලුවන්. (නි)
හේමන්ත Monday, 14 January 2013 04:33 PM
ඒකට කමක් නැහැ. කලිසම දෙපාරක්වත් හෝදලා අදින්න. (නි)
ආනන්ද Tuesday, 15 January 2013 08:09 AM
දැන් ඉතින් අලුත් කලිසමක් ගන්න පුළුවන් වේවි (ස)
ජයතිස්ස Wednesday, 16 January 2013 10:03 AM
ලැබෙන්න තියෙනවානම් ඒ දේ කොහෙන් හෝ ලැබෙනවා. ඒක වලක්වන්න කාටවත් බෑ (ස)
සුරේෂ් Tuesday, 15 January 2013 05:42 PM
ඕක මහා ලොකු දෙයක්යෑ? (නි)
ඉෂාර Wednesday, 23 January 2013 03:01 PM
මිතුරන්ට පවසා සතුටු වී ඇත. (ස)
කල්ප Tuesday, 15 January 2013 08:41 AM
බලමුකෝ අපිත් අලුත් ඒවා පැත්තකින් තියලා පරණ ඒවා ගන්න (ස)
යටියන ගුණේ Tuesday, 15 January 2013 08:57 AM
මමත් ගත්ත ඩෙනිමක් ඔය කියන තැනින් ඒකෙ සාක්කුවෙ තිබ්බේ වෙන දෙයක් (ස)
අසංක..... කොරියා Sunday, 20 January 2013 07:28 PM
හිත හොදනම් හරියනවා අයියා (ත)
පී. සෙනෙවිරත්න Tuesday, 15 January 2013 02:06 PM
අලුතින් ඇඳුම් ගන්න බැරිකෙනෙකුට නේ මේ ලැබීම ඒගැන සතුටුයි. ඒත් වඩාත් සතුටු වෙන්න ඕන මොහුගේ විමර්ශණ ශිලිත්වය ගැන (ස)
සුදේශ් Monday, 14 January 2013 11:38 AM
මිතුරන්ට පවසා සතුටු වුණාට පසසේ මොකද වුණේ?? (නි)
හේරත් Tuesday, 15 January 2013 09:21 AM
මේ වැරදි වල කව්ද වග කියන්නේ? (දී)
චින්තක Wednesday, 16 January 2013 03:05 PM
මට අපේ මිනිස්සු ගැන දුකයි. (නි)
සිල්වා Monday, 14 January 2013 11:54 AM
මේක ලාබෙට ඇදුම් විකුණන්නන්ගේ බිස්නස් ට්‍රික්ස් එකක් කියලයි මට නම් හිතෙන්නේ. (නි)
සෙනරත් Monday, 14 January 2013 12:22 PM
කලිසමේ ෆොටෝ එකක් එක්ක මේ නෝට්ටුවේ ෆොටෝ එකකුත් පත්තරේට දාන්නනේ තිබුණේ. (නි)