මාමේ මේ හරියේ මොකක් හරි පර්ස් එකක් එහෙම වැටිලා තිබුණාද?
පවනට බඳු වේගයෙන් ඉදිරියට ගිය තමා ගමන් ගත් ත්‍රිරෝද රථයේ පැති කවුළුවෙන් බිමට වැටෙන්නට ඇතැයි සැකයෙන් ආපසු හැරී පැමිණි ඇය ඒ මොහොතේ මාර්ගයේ ගමන්ගත් මගියෙකුගෙන් එසේ ඇසුවේය.
න්.. න්.. දැක්කේ නෑ”
මගියා මදක් තිගැස්සුණු ස්වරයෙන් දුන් පිළිතුර සැක සහිත විය. එහෙත් එකවර ඔහු සැක කළ නොහැකි නිසා තවත් වරක් ඇය මෙසේ ඇසුවාය.
‘අනේ මාමේ මම මේ මගුල් ගෙදරකට යන ගමන්. සල්ලිත් රුපියල් 5000 ක් තිබුණා.’ ඇය මදක් ශෝකී ස්වරූපයෙන් එසේ කීවද මගියාට ඒ පිළිබඳ නිනව්වක් නොවීය.
‘නෑ ළමයෝ මගේ ළඟ නෑ. ඇරත් මට මොකද ඔහේගෙන් සල්ලි. මේ තියෙන්නේ මගේ ආයුධ ටික විතරයි.
එසේ කියමින් පෙදරේරුවකු වූ තමාගේ ආයුධ මල්ල ඇය ඉදිරියේ දිග හැරියේය.
ඔහු නිවැරදිය. මල්ලේ තිබුණේ ආයුධ පමණි. එහෙත් මල්ල තුළින් ඉහවහා ගිය සුවඳක් හැමුවේය.
ඒත් සමග ඇය මෙසේ ඇසුවේය. ‘මාමේ මේ දවස්වල වැඩ කරන්නේ අහවල් ඕඩිකොලොන් සමාගමේද?’
ඔහු මුවින් යමක් අල්ලා ගනු අටියෙන් එසේ අසද්දී මගියා තුෂ්ණිම්භූත විය.
‘න්.. න්.. නෑ.. ඒ ඇයි’ නෑ මගේ පර්ස් එකේ තිබුණු ජාතියේම සුවඳක් මාමාගේ ආයුධ මල්ලෙන් එනවා. ඒකයි ඇහුවේ.
ඒ වන විට තවත් පිරිමි පුද්ගලයෙකු ඇයගේ ඇඳුනුම්කමකට මේ සංවාදයට හවුල් වී සිටියේය. මදවේලාවකින් ඒ සංවාදය මගියාගේ ගමන් මල්ල ලිහා බැලීම දක්වා දීර්ඝ විය.
මද වේලාවකින් මුදල් පසුම්බිය ලඹ කැටය අස්සෙන් මතුවිය.
එහෙත් මුදල් නැත.
සුවඳ පුරා පැතිරෙද්දී ඔහු මගියාගේ ඇඳිවත පිරික්සා කිරීමට තරම් දැඩි පියවරක් ගත්තේය.
සුළු මොහොතකින් සුවඳ දෙගුණ විය. ඒ මගියාගේ සරම යටින් තිබූ යට ඇඳුමේය.
හතරට පහට නැවූ රුපියල් දහසේ සහ පන්සීයේ නෝට්ටු යට ඇඳුමෙන් එළියට ගත් ඔහු සුවඳ අතරින් දුර්ගන්ධය පැතිරීමට පෙර දෑත් සෝදාගෙන පිටව ගියේය.
(වලල්ලාවිට විශ්ව ගැමුණු ප්‍රියංකර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරාට වංචාකාරයට මොන ගඳ සුවඳ දනිල්ලක්ද? ඕක එකපාරම දුන්නා නම් තමාගේ සුවඳ ජීවිතාන්තය පුරා පැතිරෙනවා. එ්ත් "තණ්හාය ජායති ශෝකෝ" කියලා දැන් ඉතින් ජීවිතය පුරාම ගඳ ගහනවා නේද? මෙහෙවූ ලෝකයක්! (නි)
ලබු කැටය දන්නේ නැති කට්ටියත් ඉන්නවා, පුදුමයි. (ර)
රාධා, ලබු කැටය අස්සේ මුදල් පසුම්බිය හංගන්න පුලුවන්. ලඹ කැටය අස්සේ බැහැ. රාධා ලබු කැටය සහ ලඹ කැටය දෙකේ වෙනස දන්නවාද?
දැන් මිනිසුන්ව සතේකට විශ්වාස කරන්න එපා. මම කිසිවෙක් විශ්වාස කරන්නේ නැත (නි)
ලඹ කැටය කියන්නේ එකක්, ලබු කැටය තවත් එකක්. (අ)
සල්ලි වලට ඔඩිකොලොන් දාල තිබ්බා නම් නියමයි නේද. පර්ස් එක නැතිවුණොත් හොයාගන්න පුළුවන්නේ ගත් කෙනා. (නි)
කොහොමහරි කමක් නැහැ, මුදල් ලැබුනානේ (නි)
බමුණුආරච්චිට නම් හොඳ දැනීමක් තිබෙනවා වගෙයි නේද? අනේ වාසනාවන්! හැබැයි රාධාගේ දැනීම නම් අල්පයි. (නි)
ලබු කැටය අස්සේ මුදල් පසුම්බිය හංගන්න පුලුවන්ද? (අ)
හොඳ වෙලාවට උදවුවට පිරිමි කෙනෙක් ආවේ (නි)