කාර්යාලයක සේවය කරන ලිපිකරුවා පලතුරු සලාදයක් සෑදූ පුවතක් මෙසේය.
ලිපිකරුවා ආපනශාලාවකට ගොස් උදේ ආහාරයෙන් සප්පායම්වී පිටතට එන විට එහි එල්ලා තිබූ ඉදුණු කෙසෙල් කැනක් දුටුවේය.
කාර්යාලයේ මිතුරන් දෙදෙනාටත් තමාටත් කෙසෙල්ගෙඩි තුනක්ද මොහු මිලයට ගත්තේය. කෙසෙල්ගෙඩි කවරයද කලිසම් සාක්කුවේ දමාගෙන අතේ දෙකට නැවූ කුඩයද ගෙන බසයක් එනතුරා මග බලා සිටියේය.
ඔහුට යා යුතු බස් රථය ඈතින් පැමිණියේය. බසයට අත අල්ලද්දී බසය ඈතට ගොස් නතර වූයේය.
ලිපිකරුවා කලිසම් සාක්කුවට කුඩයද ඔබාගෙන පිම්මේ ගොස් බසයට නැග ගත්තේය.
කාර්යාලය ළඟින් බැසගත් ඔහු ඉක්මණින් කාර්යාලයට ගියේ රතු ඉරට පෙරාතුවය.
ඔහු තම කාමරයට ගොස් මිතුරන් දුටු විට ඔවුනට ගෙන ආ කෙසෙල්ගෙඩි ඔහුට සිහිපත් විය. ඔහු සාක්කුවේ තිබු කුඩය අතට ගෙන සාක්කුවේ අත දැම්මේ කෙසෙල්ගෙඩි මිතුරනට දීමටය.
සාක්කුවේ එකම තලපයකි. කුඩයට හිරවී කෙසෙල්ගෙඩි තලපයක් වී තිබුණේ කලිසම් සාක්කුවම පලතුරු සලාදයක් වෙමිනි. ලිපිකාර මහත්මයා පලතුරු සලාද හැදුවේ එසේය.
(දූනගහ බටේපොල විජයසිරි)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ලිපිකරු මහත්තයාගේ සාක්කුවේ පෘට් සැලඞ් අච්චුවක්