(තිහගොඩ උපසේන ලියනගම)
ලොතරැයි ටිකට් පත් හලෙන් දිනපතා ටිකට් පත් දෙතුන්සියයක් රැගෙන අලෙවි කිරීම ඔහුගේ රාජකාරිය විය. මෙම මුදලින් බිරිඳක් නඩත්තු කළද දරුවන් නැති නිසා ඉන් ලැබෙන ආදායම ඔහුට ප‍්‍රමාණවත් විය.
පසුගියදා පාපැදියෙන් ටිකට් පත් අලෙවි කරද්දී හදිසි හෘදයාබාධයකට ලක්ව ඇද වැටී රෝහල්ගත කළද ඔහුට ජීවත්වීමේ වාසනාවක් නොවීය.
මෙය දරාගත නොහැකිවූ බිරිඳ අවමඟුල් කටයුතු සඳහාවත් මුදලක් නැති හෙයින් ඔහුගේ පොත් අඩංගු යකඩ පෙට්ටිය අවුස්සා බැලීය. එහි වූ රාජ්‍ය බැංකු පොතක ඔහු නමින් රුපියල් දොළොස් ලක්‍ෂ විසි හතර දහසක් ඇති බව දැක මවිතයට පත්ව යහලූවන්ගෙන් ණයට මුදල් ගෙන අවමඟුල සිදු කළේය.
එහෙත් මෙය දැනගත් ඔහුගේ සොහොයුරන් දෙදෙනකු තම සහෝදරයා ඇය ස්ථිරව විවාහ කර නොගෙන ඇති බවත්, ඔහුගේ අන්තිම කැමති පත‍්‍රයක් නැති බවත් දැන මේ මුදලට අයිතිවාසිකම් කියනවලූ.
දකුණු පළාතේ ප‍්‍රධාන නගරයකින් අසන්නට ලැබුණු පුවතකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුණත් මේ මනුස්සයා ඉතිරි කරලා තියෙනවා (දිල්)
ලංකාවේ මේ සම්බන්ධව බලපවත්වන්නේ ඉංග්‍රීසී හෝ රෝම ලන්දේසි නීතීය (දිල්)
අපේ රටේ තියෙන්නේ රෝම ලන්දේසි නීතිය . ප්‍රංශ නීතිය මේ ප්‍රශ්නෙට අදාල නැහැ. (දිල්)
මේ මිනිසුන්ගේ තියන තණ්හාවයි අමනුස්සකමයි දැක්කම පුදුම හිතෙනවා. රටේ නීතියත් හැදිලා තියෙන්නේ එකටම ගැලපෙන විදිහට .(දිල්)
පවු අසරණ මනුස්සයා! (නි)
මංගල හරි, වලංගු නීතිය අනුව දරු පවුල අසරණය. නොමැත හව්හරණ (නි)
ඕකනේ කියන්නේ ගැනුන්ගේ මොලේ හැඳි මිටේ දිග කියල අහවල් දෙකටෆ්ද සහෝදරයන්ට කියන්නේ ගියේ ?(ත)
මිනිසුන්ගේ තන්හාව දැකීම හරිම පිළිකුල් සහගත දෙයක්. අහෝ ඔවුන් දුකින් දුකටම පත්වෙනවා. (ත)
විවාහ කරගෙන නැතිනම් කිසි අයිතියක් නෑ. (ත)
මිනිස්සු මැරෙනකොට ළඟින් සිටි නෑයන් තන්හාව නිසා වෙනස් වෙනවා.(ත)
නිදහස ලැබිලා අවු 60කටත් වැඩියි. තාම රෝම ලන්දේසි නීතිය. මේකෙන්ම පේනවා ලංකාවෙ දේශපාලුවන්ගෙ තරම. (ස)
මෙච්චර කාලයක් එකට දීගකාපු මේ බවලතාට දැන් වෙන්නේ පාරට බහින්නයි, මස්සිනලාගේ කෑදර කම නිසා. (ත)
ප්‍රංශ නීතියට අනුව 6 මාසයක් ගැහැනියක් සහ පිරිමියෙක් එකට ජීවත් උනොත් එයා කසාද බැඳ හා සමානයි. එමෙන්ම දේපල වල උරුමය පවා ලැබේ (නදී)