IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


ලොතරැයිපත් වෙළෙන්ඳා මියගියදා ‘නිධානයක්’ මතුවෙලා

(තිහගොඩ උපසේන ලියනගම)
 ලොතරැයි ටිකට් පත් හලෙන් දිනපතා ටිකට් පත් දෙතුන්සියයක් රැගෙන අලෙවි කිරීම  ඔහුගේ රාජකාරිය විය. මෙම මුදලින් බිරිඳක් නඩත්තු කළද දරුවන් නැති නිසා ඉන් ලැබෙන ආදායම ඔහුට ප‍්‍රමාණවත් විය.


පසුගියදා පාපැදියෙන් ටිකට් පත් අලෙවි කරද්දී හදිසි හෘදයාබාධයකට ලක්ව ඇද වැටී රෝහල්ගත කළද ඔහුට ජීවත්වීමේ වාසනාවක් නොවීය.


මෙය දරාගත නොහැකිවූ බිරිඳ අවමඟුල් කටයුතු සඳහාවත් මුදලක් නැති හෙයින් ඔහුගේ පොත් අඩංගු යකඩ පෙට්ටිය අවුස්සා බැලීය. එහි වූ රාජ්‍ය බැංකු පොතක ඔහු නමින් රුපියල් දොළොස් ලක්‍ෂ විසි හතර දහසක් ඇති බව දැක මවිතයට පත්ව යහලූවන්ගෙන් ණයට මුදල් ගෙන අවමඟුල සිදු කළේය.


 එහෙත් මෙය දැනගත්  ඔහුගේ සොහොයුරන් දෙදෙනකු තම සහෝදරයා ඇය ස්ථිරව විවාහ කර නොගෙන ඇති බවත්, ඔහුගේ අන්තිම කැමති පත‍්‍රයක් නැති බවත් දැන මේ මුදලට අයිතිවාසිකම් කියනවලූ.


දකුණු පළාතේ ප‍්‍රධාන නගරයකින් අසන්නට ලැබුණු පුවතකි.



අදහස් (0)

ලොතරැයිපත් වෙළෙන්ඳා මියගියදා ‘නිධානයක්’ මතුවෙලා

ශනිල්ක Sunday, 29 March 2015 06:07 AM

මොනවා වුණත් මේ මනුස්සයා ඉතිරි කරලා තියෙනවා (දිල්)

:       0       0

සරත් කුමාර Sunday, 29 March 2015 06:08 AM

ලංකාවේ මේ සම්බන්ධව බලපවත්වන්නේ ඉංග්‍රීසී හෝ රෝම ලන්දේසි නීතීය (දිල්)

:       0       0

සංජය Tuesday, 31 March 2015 04:49 AM

අපේ රටේ තියෙන්නේ රෝම ලන්දේසි නීතිය . ප්‍රංශ නීතිය මේ ප්‍රශ්නෙට අදාල නැහැ. (දිල්)

:       0       0

තිලක් -කටාර් Sunday, 29 March 2015 06:58 AM

මේ මිනිසුන්ගේ තියන තණ්හාවයි අමනුස්සකමයි දැක්කම පුදුම හිතෙනවා. රටේ නීතියත් හැදිලා තියෙන්නේ එකටම ගැලපෙන විදිහට .(දිල්)

:       0       0

තුෂාර Monday, 30 March 2015 02:43 PM

පවු අසරණ මනුස්සයා! (නි)

:       0       0

දුමින්ද Monday, 30 March 2015 04:30 AM

මංගල හරි, වලංගු නීතිය අනුව දරු පවුල අසරණය. නොමැත හව්හරණ (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 28 March 2015 08:36 AM

ඕකනේ කියන්නේ ගැනුන්ගේ මොලේ හැඳි මිටේ දිග කියල අහවල් දෙකටෆ්ද සහෝදරයන්ට කියන්නේ ගියේ ?(ත)

:       0       0

අරුනිකා Saturday, 28 March 2015 09:52 AM

මිනිසුන්ගේ තන්හාව දැකීම හරිම පිළිකුල් සහගත දෙයක්. අහෝ ඔවුන් දුකින් දුකටම පත්වෙනවා. (ත)

:       0       0

බණ්ඩාර රුසියාව Saturday, 28 March 2015 01:34 PM

විවාහ කරගෙන නැතිනම් කිසි අයිතියක් නෑ. (ත)

:       0       0

සමන්ති Saturday, 28 March 2015 02:13 PM

මිනිස්සු මැරෙනකොට ළඟින් සිටි නෑයන් තන්හාව නිසා වෙනස් වෙනවා.(ත)

:       0       0

මංගල Sunday, 29 March 2015 03:30 PM

නිදහස ලැබිලා අවු 60කටත් වැඩියි. තාම රෝම ලන්දේසි නීතිය. මේකෙන්ම පේනවා ලංකාවෙ දේශපාලුවන්ගෙ තරම. (ස)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Saturday, 28 March 2015 03:35 PM

මෙච්චර කාලයක් එකට දීගකාපු මේ බවලතාට දැන් වෙන්නේ පාරට බහින්නයි, මස්සිනලාගේ කෑදර කම නිසා. (ත)

:       0       0

ක්‍රිස් Saturday, 28 March 2015 07:04 PM

ප්‍රංශ නීතියට අනුව 6 මාසයක් ගැහැනියක් සහ පිරිමියෙක් එකට ජීවත් උනොත් එයා කසාද බැඳ හා සමානයි. එමෙන්ම දේපල වල උරුමය පවා ලැබේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 600 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 512 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 429 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site