ඔහු බස්නාහිර පළාතේ ප‍්‍රකට උපකාරක පන්ති ගුරුවරයෙකි. කාටත් හොරෙන් මධුවිත තොලගෑ ඔහුට පසුකලෙක එය නැතිවම බැරිවිය.
පදම ඉක්මවා යාම නිසා පසුගියදා අක්මාවේ ආබාධයක් ඇතිව රෝහල් ගතවිය. උදවුවට ළඟ සිටියේ හිතවත්ම යහළුවෙකි.
රෝගියාගේ වුවමනා ඉටුකිරීමට බිරිය ආවේ පොඩි දුවද සමඟය. මොහොතකට පසුව රෝගියා යහළුවා සමඟ වැසිකිළියට ගියේය.
පොඩිදුව පිපාසිතව බොන්නට යමක් ඉල්ලූවෙන් වට පිට බැලූ මව රෝගියාගේ ඇඳ අසල වූ උණු වතුර බෝතලය දැක එය රැගෙන විවෘත කොට කෝප්පයට වත් කළේ දුවට දීමටය.
ඉන් අමුතු ගඳක් ආවේය. ඉව ඇල්ලූ ඇයට තරුපෙණින. එහි වූයේ මත් වතුරය.
උණු වතුර බෝතලයත් රැගෙන වැසිකිළියට දිව ගිය ඇය යහළුවාට හා රෝගියාට සැර වචන දෙක තුනක් කියා මත් වතුර බෝතලයම කැසිකිළි බේසමට හැලූවාලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරුවරයෙකු වෙලත් තමාව පාලනය කරගන්න බැරි හැටි! (නි)
මොනවා වුණත් නියම යාලුවෙක්. (නි)
පංති කරන්න යද්දිත් ඔය උණුවතුර බෝතලය ගෙනියනවා ඇති (ස)
ගුරුවරයෙක් වුණහම මීට වැඩිය වැදගත් වෙන්න ඕනෑ (නි)
අකේ! අනේ කොල්ලෝ.(නදී)
ගුරුවරයෙක්නම් ඔහොම හැසිරෙනවද ? (ස)
කන බොන කොලු වයසනේ.... (නි)
බෙහෙත් වතුර (දී)
ඕං කොල්ලනේ හාපුරා කියල අරක්කු සිගරට් දෙකම බොන එක නැවත්තුව..හිතුවොත් බැරි නෑ.දැන් මම නිදහස් ගොවියෙක්.
උණු වතුරෙයි, මත් වතුරෙයි වෙනස දන්නේ නැතුව ඇති (ස)
ඉතාලියේ ඉදලා ගිය වෙන්නප්පු ගුරුතුමෙක් වෙන්න ඇති. (නි)
ඉතින් ලෙඩේ හොද නැහැ කියලා දොස්තරලාට බනිනවා (දී)
අරක්කු උණු කරලා බොන කෙනෙක් වෙන්න ඇති. (නි)
කවුද මේ ගුරුවරයා? (නි)
සුරාවේ ඇති අගයත් එහි ඇති මනා ගුණයත් බොන උතුමෝ මිසක් නොබොන අනුවන ගැහැණු නොදනිත් (ස)
ඉතින් කොහොමද අසනීපය සුව වෙන්නේ. හොඳ මිත්‍රයෙක් වෙන්න බෑ තනියට ලඟ හිටපු කෙනා (ස)
ගුරුවරුන් සහ ටියුෂන් ගුරුවරුන් අතර ඇත්තේ විශාල පරතරයකි. (නි)
ඇති යන්තන් දුවට පොවන්න කලින් දැන ගත්ත එක හොඳයි (ස)
මෙන්න මිනිස්සු, ආදාර්ශයට ගන්නවානම් (දී)
එයා සැර යන්න උණුකරලාලු බොන්නෙ. (නි)
අන්න යාලුවෝ (ස)
සැබෑ යාලුවෝ එහෙම තමයි. (නි)
හුරු වුණොත් නවත්ව ගන්න අමාරුයි (ස)
හැට පැන්නත් වඳුර බිමින් යන්නේ නෑ වගේ තමයි . (ස)
මමත් ඔහොම තමයි. යාලුවත් බොන කෙනෙක් වෙන්න ඇති (ස)
ගොඩම බේත තමයි ළඟ තියාගෙන ඉදලා තියෙන්නේ (දී)
ඔය වගේ තමයි හිර ගෙදරට කුඩු යන්නේ (ස)
මැරෙන්න තියෙන ආසාවනේ, ඉක්මණට. (නි)
උණ පුරුකේ දැම්මත් බලු වලිගේ ඇද ඇරෙන්නේ නෑලු (ස)
කාටවත් තේරුනේ නැද්ද (දී)
ඔය එක්කෙනෙක් විතරයි (දී)