මොහු ගමේ වඩුබාස් කෙනෙකි. රූපවාහිනියේ ප්‍රචාරය වන දැන්වීම දැක ඔහුද ඖෂධ ලබා ගැනීම සඳහා ඒ ගැන විමසීමට දුරකථන ඇමතුමක් දුන්නේය. එදා සිට මොහුට නිවනක් නැත. දිනකට හත් අට වතාවක් ඔහුට එම ආයතනයේ ඇමතුම් ලැබෙන්නට විය.
“ගෙදර ඉන්න වෙලාවක් කියන්න. ගෙදර අය දැනුම්වත් කර තියන්න. අපි ඖෂධ ගෙදරට ගෙනැත් දෙනවා. මුදල් ලෑස්ති කර තියන්න”. ඒ ලැබෙන ඇමතුම්ය. රුපියල් දහස් ගණනක් ගෙවා බේත් ලබාගෙන ඒක වැරදුණොත් කාට කියන්නදැයි වඩුබාස්ට සිතුණු අවස්ථාද විය.
දිනක් මොහු නිවෙසක වහලයක් සැකසීම සඳහා වහලය මත සිටියදී ජංගම දුරකතනය හඩ දුන්නේය.
බිම සිටි ගෝලයා “බාස් උන්නැහැ පෝන් එක වදිනවා” යැයි කෑ ගැසීය.
වහලෙන් බැස්ස වඩු බාස් දුරකථන ඇමතුම හා සම්බන්ධ විය.
ඒ ඇමතුමක් අදාළ ආයතනයෙනි යකා නැග්ග වඩු බාස් ඒ ලෙඩා ඊයේ මළා. දැන් බේත් උවමනා නැතැයි මොර දුන්නේය. ඊට පසු යළි කිසිදා ඔහුට එම ආයතනයෙන් දුරකථන ඇමතුම් ලැබුණ් නැහැ.
(හරිස්චන්ද්‍ර කහවල)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙහෙත් ගෙනවිත් ඇඟේ ගහලා විකුණන්න තරම් බාල තත්වයේ ඒවා වෙන්න ඇති. සමහරවිට බෙහෙත් කියලා විකුණන්නේ මොන ජරාවක්ද කියලා කවුද දන්නේ (නි)
නියම උත්තරය දීලා තියෙන්නේ (නි)
අර එෆ් එම් එකකත් තොරතෝංචියක් නැතුව පංචබල බෙහෙතක ගුණ කියනවා. හරියට අමෘත පානය හොයාගත්තා වගේ. මෙහෙම බෙහෙත් තියෙනවා නම් රෝහල් වහන්න ඕනෑ. (නි)
ඇමෙරිකාවේ නම් බැරිවෙලාවත් ලිපිනය, ටෙලිෆෝන් අංකය, හෝ ඊ-මේල් ලිපිනය ඔය වගේ එකකට දුන්නොත් නම් ඉන්න ලැබෙන්නෙම නැහැ. පළමුවෙන් එය ලබාගත් අය ඒවා විකුණන එක තමයි කරන්නේ. (නි)
අපේ ජනහිත මහත්තයා ඉන්නේ ඇමරිකාවේද? (නි)
ඔය කියන්නේ සන්ධි වලට පාවිච්චි කරන බෙහෙත.(හේ)
බෙහෙත් වර්ගය මොකක්ද? සන්ධි කැක්කුම් වලට ඉන්දියාවෙන් ගෙන්වන එකක්ද? (නි)
නොදැනුවත්කමට හරි බාස්උන්නැහ කතා කළා තමයි. ඒත් කොහොමහරි මොළේ පාවිච්චි කරපු නිසා අහුවුණේ නැහැ. සතුටුයි බාස් උන්නැහේ (නි)