IMG-LOGO

‘ලෙඩා මළා: බේත් එපා’: වදකාර ඇමැතුමට බාස්ගෙන් පිළිතුරක්

 මොහු ගමේ වඩුබාස් කෙනෙකි. රූපවාහිනියේ ප්‍රචාරය වන දැන්වීම දැක ඔහුද ඖෂධ ලබා ගැනීම සඳහා ඒ ගැන විමසීමට දුරකථන ඇමතුමක් දුන්නේය. එදා සිට මොහුට නිවනක් නැත. දිනකට හත් අට වතාවක් ඔහුට එම ආයතනයේ ඇමතුම් ලැබෙන්නට විය.


“ගෙදර ඉන්න වෙලාවක් කියන්න. ගෙදර අය දැනුම්වත් කර තියන්න. අපි ඖෂධ ගෙදරට ගෙනැත් දෙනවා. මුදල් ලෑස්ති කර තියන්න”. ඒ ලැබෙන ඇමතුම්ය.  රුපියල් දහස් ගණනක් ගෙවා බේත් ලබාගෙන  ඒක වැරදුණොත් කාට කියන්නදැයි වඩුබාස්ට සිතුණු අවස්ථාද විය.


දිනක් මොහු නිවෙසක වහලයක් සැකසීම සඳහා වහලය මත සිටියදී ජංගම දුරකතනය හඩ දුන්නේය. 


බිම සිටි ගෝලයා “බාස් උන්නැහැ පෝන් එක වදිනවා” යැයි කෑ ගැසීය. 


වහලෙන් බැස්ස වඩු බාස් දුරකථන ඇමතුම හා සම්බන්ධ විය. 


ඒ ඇමතුමක් අදාළ ආයතනයෙනි යකා නැග්ග වඩු බාස් ඒ ලෙඩා ඊයේ මළා. දැන්  බේත්  උවමනා නැතැයි මොර දුන්නේය. ඊට පසු යළි කිසිදා ඔහුට එම ආයතනයෙන් දුරකථන ඇමතුම් ලැබුණ් නැහැ. 
(හරිස්චන්ද්‍ර කහවල)



අදහස් (0)

‘ලෙඩා මළා: බේත් එපා’: වදකාර ඇමැතුමට බාස්ගෙන් පිළිතුරක්

අබය Friday, 07 October 2016 10:41 PM

බෙහෙත් ගෙනවිත් ඇඟේ ගහලා විකුණන්න තරම් බාල තත්වයේ ඒවා වෙන්න ඇති. සමහරවිට බෙහෙත් කියලා විකුණන්නේ මොන ජරාවක්ද කියලා කවුද දන්නේ (නි)

:       0       0

අරවින්ද Saturday, 08 October 2016 04:14 PM

නියම උත්තරය දීලා තියෙන්නේ (නි)

:       0       0

රාධා Saturday, 08 October 2016 05:19 PM

අර එෆ් එම් එකකත් තොරතෝංචියක් නැතුව පංචබල බෙහෙතක ගුණ කියනවා. හරියට අමෘත පානය හොයාගත්තා වගේ. මෙහෙම බෙහෙත් තියෙනවා නම් රෝහල් වහන්න ඕනෑ. (නි)

:       0       0

ජනහිත Sunday, 09 October 2016 01:05 AM

ඇමෙරිකාවේ නම් බැරිවෙලාවත් ලිපිනය, ටෙලිෆෝන් අංකය, හෝ ඊ-මේල් ලිපිනය ඔය වගේ එකකට දුන්නොත් නම් ඉන්න ලැබෙන්නෙම නැහැ. පළමුවෙන් එය ලබාගත් අය ඒවා විකුණන එක තමයි කරන්නේ. (නි)

:       0       0

මහේෂ් Sunday, 09 October 2016 05:28 AM

අපේ ජනහිත මහත්තයා ඉන්නේ ඇමරිකාවේද? (නි)

:       0       0

බන්දුල Monday, 10 October 2016 03:33 AM

ඔය කියන්නේ සන්ධි වලට පාවිච්චි කරන බෙහෙත.(හේ)

:       0       0

රත්න Saturday, 08 October 2016 11:35 AM

බෙහෙත් වර්ගය මොකක්ද? සන්ධි කැක්කුම් වලට ඉන්දියාවෙන් ගෙන්වන එකක්ද? (නි)

:       0       0

අසෝකා Saturday, 08 October 2016 01:25 PM

නොදැනුවත්කමට හරි බාස්උන්නැහ කතා කළා තමයි. ඒත් කොහොමහරි මොළේ පාවිච්චි කරපු නිසා අහුවුණේ නැහැ. සතුටුයි බාස් උන්නැහේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 359 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 526 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site