රෝහලට ඇතුළත් කර සිටි රෝගියකු වැඩිදුර පරික්‍ෂා කිරීම සඳහා රුධිර සාම්පලයක් ලබා ගන්නැයි කී විට එම රෝගියා සිටියදී සේවකයකු වැරදීමකින් අල්ලපු ඇඳේ සිටි රෝගියකුගේ රුධිර සාම්පල් ගෙන තිබූ සිද්ධියක් කොළඹට ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබුනි.
සිද්ධිය සැකෙවින් මෙසේය..
රෝගියා පරික්‍ෂා කළ වෛද්‍යවරයා වැඩිදුර පරික්‍ෂණයන් සඳහා රුධර සාම්පලයන් ලබාගන්නැයි ඒ සම්බන්ධ පුහුණුව ලත් රෝහලේ සේවකයකුට පවසා ඇත. ඒ අනුව රුධිර සාම්පලයක් ලබාගෙන වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට සූදානම් වූ අවස්ථාවේ රෝගියාගේ ඇඳ අසල සිටි පවුලේ අයකුට සැක සිතී, ඔයා වැරදි රෝගියෙකුගෙන් ලේ අරන් තිබෙන්නේ. මෙයාගෙන් තමයි ගන්න ඕනෑ යනුවෙන් පැවසූ විට අනේ මටත් වැරදුණා. කමක් නෑ. එහෙනම් මෙයාගෙන් ගමු කියා නැවත ලේ ලබාගෙන සිදුවූ අත් වැරැද්දට කනගාටුව පළකර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුධිර සාම්පල ගන්න පුහුණුව ලත් රෝහල් සේවකයාගේ තනතුර මොකක්ද? ඔහු වෙන සිහියක ඉන්න ඇති. නෑයාට වැරැද්ද අහුවුනේ නැත්නම් සේරම වැරදි දොස්තර පිටින් යන්නේ. (නදී)
මේවා සුළු දේවල්. මතකද අවුරුදු ගණනකට ඉස්සර කොළඹ පුද්ගලික රෝහලක සල්ලි අරගෙන බයිපාස් එකක් කරලා නමුත් ඕන කෑල්ල නොවෙයි කපල තිබුනේ. ඊට පස්සේ රජයේ රෝහලකින් තමයි හරි විදිහට ආයෙත් බයිපාස් එක කරේ.(නදී)
හැබැයි, වැසිකිලියේ කැමරාවක් හයි කරන්න කිව්වා නම් වරද්දගන්නේ නැතුව හරියටම කරයි.(නදී)
දෙයියෝ සාක්කි තීරුවේ යන කතාවල කවදාවත් හරි නම ගම කියන්නේ නැහැ. කොළඹට කිට්ටුව , නුවරට කිට්ටුව වගේ දේවල් තමයි ලියන්නේ. එහෙම ලියන්නේ ඇයි? (නදී)
දත් දොස්තර මහත්තයා අපේ ලොකු අයියගේ රිදෙන දත තියෙද්දී හොඳ දතක් ගැලෙව්වා වැරදීමකින්. ඊට පස්සේ 'සොරි' කියලා රිදෙන දත ගැලෙව්වා. හොඳ වෙලාවට ලොකු අයියාගේ වයසට දත් වැටෙන කාලේ මේ සිද්ධිය උනේ.(නදී)
හොද වෙලාවට රෝගියා ළග හිටි කෙනා සිහි කල්පනාවෙන් ඉදලා. (ත)
ධම්ම, දැන් කොයි දොස්තරත් කරන්නේ ජනතාවගේ දත් ගලවන එක තමයි. (නදී)
එල්.ටී.ටී ත්‍රස්තවදය ඉවරයි. දැන් තියන්නේ රෝහලේ ත්‍රස්තවාදය.(නදී)
ඒ වගේ වැඩක් කරන විට හොද සිහි කල්පනාවෙන් සහ වගකීමකින් කරන්ඩ ඕනා. වැරැද්ද කරලා සොරි කිවට වැඩක් නැහැ. ලග සාත්තුවට හිටපු කෙනා ඒගැන කල්පනාවෙන් හිටිය නිසා හොදයි.(නදී)
මොළේ තියන කෙනෙක් ළඟ හිටි නිසා හොඳයි. නැත්නම් අනිත් ලෙඩාගේ ලෙඩේ මෙයාට තියනවා කියල ජංජාලයක් වෙයි. (ස)
මේ අයට උත්තර දෙන්න උනේ අපිම තමා. හොද පොලු ටිකක් ගත්තම ඒ වැඩෙ කරන්න පුළුවන් (අ)
දැන් එසැන පාටක අදහස් දමන්නේ තෝරලාද? ඉස්සර වගේ නෙවෙයිනේ දැන් ආඩම්බරණේ. අපේ අදහස් දැන් නැත්තේ තරහ වෙලා දෝ? (නදී)
අනේ කාලේ වනේ වාසේ කිව්වලු. දොස්තරලයි ගෝලොයෝයි ඔක්කොම යසයි. වැරදි ප්‍රතිකාර කරලා ලෙඩාගේ අය සද්දේ දාපුවාම ඉතින් රෝහල් වහනවා. වැඩට එන්නේ නෑ.(නදී)