රෝහලට ඇතුළත් කර සිටි රෝගියකු වැඩිදුර පරික්‍ෂා කිරීම සඳහා රුධිර සාම්පලයක් ලබා ගන්නැයි කී විට එම රෝගියා සිටියදී සේවකයකු වැරදීමකින් අල්ලපු ඇඳේ සිටි රෝගියකුගේ රුධිර සාම්පල් ගෙන තිබූ සිද්ධියක් කොළඹට ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබුනි.
සිද්ධිය සැකෙවින් මෙසේය..
රෝගියා පරික්‍ෂා කළ වෛද්‍යවරයා වැඩිදුර පරික්‍ෂණයන් සඳහා රුධර සාම්පලයන් ලබාගන්නැයි ඒ සම්බන්ධ පුහුණුව ලත් රෝහලේ සේවකයකුට පවසා ඇත. ඒ අනුව රුධිර සාම්පලයක් ලබාගෙන වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට සූදානම් වූ අවස්ථාවේ රෝගියාගේ ඇඳ අසල සිටි පවුලේ අයකුට සැක සිතී, ඔයා වැරදි රෝගියෙකුගෙන් ලේ අරන් තිබෙන්නේ. මෙයාගෙන් තමයි ගන්න ඕනෑ යනුවෙන් පැවසූ විට අනේ මටත් වැරදුණා. කමක් නෑ. එහෙනම් මෙයාගෙන් ගමු කියා නැවත ලේ ලබාගෙන සිදුවූ අත් වැරැද්දට කනගාටුව පළකර තිබේ.
2025 දෙසැම්බර් මස 04
626
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලෙඩා පැත්තක ඉද්දී වෙන ලෙඩකුගෙන් ලේ අරන්
කුමාරිහාමි Friday, 03 January 2014 10:21 AM
රුධිර සාම්පල ගන්න පුහුණුව ලත් රෝහල් සේවකයාගේ තනතුර මොකක්ද? ඔහු වෙන සිහියක ඉන්න ඇති. නෑයාට වැරැද්ද අහුවුනේ නැත්නම් සේරම වැරදි දොස්තර පිටින් යන්නේ. (නදී)
ශාන් Wednesday, 01 January 2014 03:33 AM
මේවා සුළු දේවල්. මතකද අවුරුදු ගණනකට ඉස්සර කොළඹ පුද්ගලික රෝහලක සල්ලි අරගෙන බයිපාස් එකක් කරලා නමුත් ඕන කෑල්ල නොවෙයි කපල තිබුනේ. ඊට පස්සේ රජයේ රෝහලකින් තමයි හරි විදිහට ආයෙත් බයිපාස් එක කරේ.(නදී)
ගජබා Tuesday, 31 December 2013 10:17 AM
හැබැයි, වැසිකිලියේ කැමරාවක් හයි කරන්න කිව්වා නම් වරද්දගන්නේ නැතුව හරියටම කරයි.(නදී)
මහගෙදර ඇඹිලිපිටිය Tuesday, 31 December 2013 10:17 AM
දෙයියෝ සාක්කි තීරුවේ යන කතාවල කවදාවත් හරි නම ගම කියන්නේ නැහැ. කොළඹට කිට්ටුව , නුවරට කිට්ටුව වගේ දේවල් තමයි ලියන්නේ. එහෙම ලියන්නේ ඇයි? (නදී)
ධම්ම Tuesday, 31 December 2013 11:18 AM
දත් දොස්තර මහත්තයා අපේ ලොකු අයියගේ රිදෙන දත තියෙද්දී හොඳ දතක් ගැලෙව්වා වැරදීමකින්. ඊට පස්සේ 'සොරි' කියලා රිදෙන දත ගැලෙව්වා. හොඳ වෙලාවට ලොකු අයියාගේ වයසට දත් වැටෙන කාලේ මේ සිද්ධිය උනේ.(නදී)
කුමාරි Tuesday, 31 December 2013 11:49 AM
හොද වෙලාවට රෝගියා ළග හිටි කෙනා සිහි කල්පනාවෙන් ඉදලා. (ත)
ආනන්ද Tuesday, 31 December 2013 11:54 AM
ධම්ම, දැන් කොයි දොස්තරත් කරන්නේ ජනතාවගේ දත් ගලවන එක තමයි. (නදී)
රෝහාන් Wednesday, 01 January 2014 08:06 AM
එල්.ටී.ටී ත්‍රස්තවදය ඉවරයි. දැන් තියන්නේ රෝහලේ ත්‍රස්තවාදය.(නදී)
ශාන්ති Tuesday, 31 December 2013 12:11 PM
ඒ වගේ වැඩක් කරන විට හොද සිහි කල්පනාවෙන් සහ වගකීමකින් කරන්ඩ ඕනා. වැරැද්ද කරලා සොරි කිවට වැඩක් නැහැ. ලග සාත්තුවට හිටපු කෙනා ඒගැන කල්පනාවෙන් හිටිය නිසා හොදයි.(නදී)
කලනි Wednesday, 01 January 2014 08:48 AM
මොළේ තියන කෙනෙක් ළඟ හිටි නිසා හොඳයි. නැත්නම් අනිත් ලෙඩාගේ ලෙඩේ මෙයාට තියනවා කියල ජංජාලයක් වෙයි. (ස)
රොහාන් Thursday, 02 January 2014 08:29 AM
මේ අයට උත්තර දෙන්න උනේ අපිම තමා. හොද පොලු ටිකක් ගත්තම ඒ වැඩෙ කරන්න පුළුවන් (අ)
කුමාරි Wednesday, 01 January 2014 01:20 PM
දැන් එසැන පාටක අදහස් දමන්නේ තෝරලාද? ඉස්සර වගේ නෙවෙයිනේ දැන් ආඩම්බරණේ. අපේ අදහස් දැන් නැත්තේ තරහ වෙලා දෝ? (නදී)
ලක්ෂමන් ජයවර්ධන Wednesday, 01 January 2014 04:31 PM
අනේ කාලේ වනේ වාසේ කිව්වලු. දොස්තරලයි ගෝලොයෝයි ඔක්කොම යසයි. වැරදි ප්‍රතිකාර කරලා ලෙඩාගේ අය සද්දේ දාපුවාම ඉතින් රෝහල් වහනවා. වැඩට එන්නේ නෑ.(නදී)