IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ලීක්ස්-ග්‍රීස්-බටර් පටලැවිල්ල

ගුණපාල තරමක් මෝඩ පහේ කෙනෙකු වුවද ඕනෑම වැඩක් කඩිනමින් කරන්නට දක්වන්නේ ඉතාම දක්ෂකමකි.


පාසල් අධ්‍යාපනය ලබමින් සිටි ගුණපාල තම පන්තිභාර ගුරුවරියගේ යම් අවවාදයක් නිසා උරණවී පාසල් ගමන අතහැර නිවසට වී සිටියේ තම මවුපියන් දෙදෙනාගේ ද නොසතුට මැදය.


මෙසේ නිවසට වී යහළුවන් සමග වෙල් ඉපනැල්ලේ කෙළි සෙල්ලම් කරන ගුණපාල තරමක දඟයෙකු නිසාම රබර් කපා පවුල් රකින ගුණපාලගේ පියා උදේ පාන්දරම ගුණපාලට කථාකරගෙන තමා වැඩ කරන වැඩපලට එක්කර ගෙන යන්නට පුරුදු වී සිටියේය.


ටික දවසක් සිය පියා සමග රබර් වැඩපලට යන ගුණපාල තාත්තාගේ රබර් ඇඹරීමේ වැඩට ද උදව් වුණේ අකමැත්තෙනි. ටික දිනක් යද්දී පන්සලේ මුරදානය ගෙන යාමට තාත්තා සමග පන්සලට යන්නට ගුණපාල කැමැති වුණේය.


දානය පූජා කිරීමෙන් පසු පන්සලේ නායක හාමුදුරුවන් ගුණපාලට කථාකර පාසලේ කීවැනි පංතියේ දැයි විමසුවේ හොඳට ඉගෙන ගන්නවා ඇතැයි යන විශ්වාසයෙනි.


ගුණපාල ඇඹරි ඇඹරී සිටින විට පියා ස්කෝලේ ගිහිල්ලා ඉවරයි, අපේ හාමුදුරුවනේ කොලුවා ස්කෝලේ යන්න බැහැයි කියනවා හාමුදුරුවනේ යි කීය.


“එහෙනම් පිරිවෙනට එවන්න මම පොත්පත් ටික දෙන්නම්” යැයි හාමුදුරුවෝ පැවසූහ. ගුණපාල පිරිවෙනට භාර දී ගත වූයේ ටික කලකි. ඉතා කීකරු ශිෂ්‍යයක් ලෙස ඉගෙනීම් කටයුතු කරන ගුණපාල පන්සලේ වැඩ පල ද කරදුන්නේය.


ටික කලක් ගත වන විට පන්සලේ නායක හිමියන්ගේ ගුණානුස්මරණ පින්කම සඳහා සූදානම් කෙරෙමින් පැවතිණි.


එදින මධ්‍යම රාත්‍රිය දක්වා බණ දේශනා හා විවිධ පින්කම් පැවැත්වුණු අතර පසු දින හීල, දවාල සාංඝික දානය සඳහා කටයුතු යොදා තිබුණි.


මධ්‍යම රාත්‍රියේ යහළුවන් සමග පන්සල පිරිසුදු කරමින් සිටි ගුණපාල කාමරය තුළ බිම පැදුරු එළාගෙන නිදාගෙන සිටිය දී උදේ අවදිවෙන්නටත් පෙර පිරිවෙන අසල නිවසක ලැගුම් ගෙන සිටි විශ්‍රාමික ගුරු යුවළක් වූ අතර විශ්‍රාමික ගුරුවරයා කාමරයේ උළුවස්සට අත්දෙක තබා ගුණපාල නැගිටපන් මගේ බයිසිකලයෙන් ගිහින් මට ලීස් භාගයක් ගෙනත් දියන් යැයි කීවේය.


නිදිමතේ සිටි ගුණපාලට මේ වදන් පෙළ ඇසුනේ ලීස් නොව ග්‍රීස් යනුවෙනි. වහා පාපැදිය ගත් ගුණපාල එළිවෙන්නටත් පෙර පිටියේ කඬේ නමින් හැඳින්වෙන නගරයේ වෙළඳ සලට කතාකොට ග්‍රීස් භාගයක් ඉල්ලා සිටියේය.


කඬේ ලියනමහත්තයා “මොකටද බං උදේම ග්‍රීස්?” යනුවෙන් ඇසීය. “පෙරේරා මහත්තයට” ගුණපාල පැවසීය. ග්‍රීස් බෑගය බයිසිකලයේ එල්ලාගෙන නිවස දෙසට යද්දී ගුරු මහතාගේ බිරිඳ දානය සඳහා එළවළු සූදානම් කරමින් සිටියාය.


ගුණපාල ද බයිසිකලය නවතා “මෙන්න නෝනා” කියා ග්‍රීස් මල්ල පෙරේරා නෝනා අතට දුන්නේය. ගුණපාලගේ උජාරුවෙන් පෙරේරා නෝනා වැඬේ වැරදුණු බව දැන ගුණපාල අපේ මහත්තයා කීවේ ලීස් ගේන්න මොකටද මේ බටර්’ යැයි ඇසුවාය.


“මට ගේන්න කියපුවා තමයි මම ගෙනාවෙ. පෙරේරා නෝනා ග්‍රීස් තලියක් රැගෙන ගොස් පෙරේරා මහතාට ග්‍රීස් පාර්සලය දී මහත්තයෝ වෑංජනයට දාන්න ලීක්ස් ගේන්න කීවාම ගුණපාල බටර් ගෙනැල්ලා.


දානය පිළියෙළ කරමින් සිටි පිරිස අතර බටර් ග්‍රීස් අඳුනන අයකු නොසිටියෙන් අසල සිටි අයෙකුට කථාකර මේ මොනවාදැයි ඇසීය.


“මේ මහත්තයෝ ග්‍රීස් මේවා මොකටද?”


ගුණපාලට මම කියුවේ ලීක්ස් ගේන්න ගෙනැල්ලා තියෙන්නේ ග්‍රීස්නෙ යැයි ගුරු මහතා කීය.

(පිටිගල ඩී.ජේ. විජේසිංහ)



අදහස් (0)

ලීක්ස්-ග්‍රීස්-බටර් පටලැවිල්ල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 790 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 585 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site