IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ලක්ෂ 10 ක රන් බඩුත් අරන් කුණු ලොරිය යන්නම ගිහින්


වටිනා රන් භාණ්ඩ දමා තිබූ රෙදි උරය ඇත්වැරදීමකින් ප්‍රදේශයේ කසළ එකතු කරන ලොරියට දමා තිබියදී පසුව සොයාගත් සිද්ධියක් නාගරික ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 


සිද්ධිය සැකෙමින් මෙසේය. 


නිවස ඉදිරි දිනයෙක පැවැත්වෙන උත්සවයක් සඳහා සූදානම් කරමින් තිබිණි. 


ඥාති හිතවතුන් පැමිණ නිවස ඇතුළත හා පිටත ශුද්ධ පවිත්‍ර කිරීමට උදව්වී තිබෙන අතර එහි ගේ මුල්ලක රෙදි උරයක් තිබී ඇත. එය පරීක්ෂා නොකළ අයකු ඒ තුළට තවත් කසළ දමා පාරේ ගිය ප්‍රදේශයේ කුණු ලොරියට දමා තිබේ. 


පසුව නිවසේ හිමියාගේ බිරියට රෙදි උරය මතක්වී සොයන විට එය තිබූ තැන නොතිබුණු නිසා කලබලවී සොයනවිට කෙනකු පරණ රෙදි උරය කුණු ලොරියට දුන්නා යැයි කියා ඇත. ඒ කතාවෙන් තවත් කලබල වූ නිවසේ කෙනෙක් ලොරිය සොයා දිවගොස් ඇත. 


ඒ වනවිටත් කුණු ලොරිය අදාළ කසල අංගනය වෙත ගොස් අවසන්ය. 


සේවකයෝ කසළ බෑමට සූදානම් වනවිට අනේ මල්ලිලා පොඞ්ඩක් ඉන්න මගේ වටිනා උරයක් වැරදීමකින් කසළ ගොඩට වැටිලා යැයි පැමිණි අය කියා ඇත. බලන්න බලන්න හොඳට බලන්න අපිට නම් වටිනා දෙයක් හම්බ වුණේ නෑ යැයි සේවකයෙක් එවිට කියා ඇත. 


පසුව තවදුරටත් ලොරියේ කුණු පරීක්ෂා කරද්දී එහි කොනක පරණ රෙදි උරය තිබෙනු දැක එය බලද්දී රත්තරං බඩු තිබී ඇත. ඇති යාන්තං හම්බ වුණා. බැංකුවෙන් බේරාගෙන ආවේ පෙරේදා. තව පොඞ්ඩෙන් ලක්ෂ 10ක විතර රත්තරං කුණු යටම යනවා යැයි පවසමින් ඉහවහ ගිය සතුටෙන් කුණු අදින මල්ලිලාටත් පිං දෙමින් පැමිණි අය රන් උරයත් ගෙන පිටත්ව ගියේය. 
(වැල්ලම්පිටිය ශාන්ත සෙනෙවිරත්න) 



අදහස් (0)

ලක්ෂ 10 ක රන් බඩුත් අරන් කුණු ලොරිය යන්නම ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 300 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 785 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site