IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


ලේකම් රැස්වීමේදී ගෙදර අඩුම කුඩුම මතක්කර දුරකතන ඇමැතුම් දීලා

(තිහගොඩ - උපසේන ලියනගම)
පසුගියදා අගනුවර පැවති අමාත්‍යාංශ නියෝජ්‍ය ලේකම්වරුන්ගේ සාකච්ඡුාවකි. එක් නිලධාරියකුට ජංගම දුරකථන පණිවුඩයක් ලැබුණේ බිරියගෙනි. ගෙදර කෑමට කිසිදෙයක් නැති නිසා එන විට පොළෙන් එළවළු මොනවා හෝ ගෙනෙන ලෙස ඇය කීවාය. ඔහු වටපිට බලා එය විසන්ධි කළත් ඇය යළි කතා කළාය. යළිත් එළවළු කතාවම ඇය කීවාය. ඔහු ”හරි හරි” කීවේ කෝපයෙනි.


මොහොතකින් යළිත් දුරකථනය නාදවිය. ඒත් බිරියගෙනි. ඔහු එය රැගෙන අසල වූ වැසිකිළි බිත්තිය අසලට ගොස් කතා කළ විට එළවළු සමඟ පුතාට කෑම පෙට්ටියක් ද ගෙන එන ලෙස ඇය කීවාය. ඔහු යළිත් ”හරි හරි” කීවේ කෝපයෙනි.


ආපසු සාකච්ඡුා කාමරයට ගියපසු යහළුවකු ඇසුවේ ”කලබලෙන් කතා කළේ කවුද” කියාය.


”ඇමැතිතුමාගෙන් බේරෙන්න බෑ මචං. අලූත් නිසා අත්දැකීම් නෑනෙ” ඔහු කීවේ උපහාසයෙනි. පසුපස සිටි අයකු ”ඇමැතිතුමාට තේරෙන්නෙ නැත්තෙ එළවළු ගන්නද? ළමයට කෑම පෙට්ටි ගන්නද?’’ ඇසුවෙන්  ඔහුට තරු පෙනිණ.


කරුණු සෙවීමේදී දැනගන්නට ලැබුණේ ඔහු වැසිකිළිය තුළ සිට තම කතාවට සවන් දී සිටි බවක්ලූ.



අදහස් (0)

ලේකම් රැස්වීමේදී ගෙදර අඩුම කුඩුම මතක්කර දුරකතන ඇමැතුම් දීලා

නන්දලාල් Tuesday, 17 February 2015 04:03 PM

මේ වගේ වැදගත් රැස්වීමකටත් අනුන්ගේ දේවල් වලට කන් දෙන, කිසිම සදාචාර ගතිගුණ නැති මොට්ටයෝ කීප දෙනෙකුත් ඇවිල්ල තිබෙන බව මේ කතාවෙන් මොනවට පැහැදිලි වෙනවා. (අ)

:       0       0

සංජය Tuesday, 17 February 2015 08:31 AM

මෙයාලගේ මෝඩ වැඩ ඇමති පිටින් යවන්න නේද හැදුවේ?(නදී)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 17 February 2015 08:37 AM

ගේන්න තියෙන දෙයක් ගේන්න එස් එම් එස් එකක් යවන්න තිබුනේ. ඕකනේ කියන්නේ ගැහැනුන්ගේ මොලේ හැඳි මිටේ තරම් කියලා (නදී)

:       0       0

සමන්ති Monday, 16 February 2015 09:42 PM

නෝනට මාර්කට් යන්න තිබුන කාර් එක ආණ්ඩු මාරුවේදී ආපසු දීලා ඇති. ඒකයි නෝනට කේන්ති. (නි)

:       0       0

සරත් Monday, 16 February 2015 10:57 PM

කතාව තාත්විකයි. එ්ත් මේ චීත්ත හැමතැනම කන්දීගෙන ඉන්නවනේ.(නදී)

:       0       0

මලික් Tuesday, 17 February 2015 08:36 PM

ඔහොම උදවිය තව ඉන්නවා. අපේ ඥාති මල්ලි කෙනෙක් බැඳලා ඉන්නේ මහගෙදරදී වැඩිහිටියන් ඇති පදම් හුරතල් කරලා හැදුණු තරුණියක්. ගෙදර වැඩකටයුතු සංවිධානය සහ තේරුම් ගැනීමේ හැකියාව අන්තිමයි. කිසිම දෙයක් එයාට තනිවම කරගන්න බැහැ. එයාලට ගෙදර උයලා දෙන්න තරුණියගේ අවිවාහක ලොකු අක්කා උදේට බස් එකේ මහ ගෙදර ඉඳලා එනවා. (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 17 February 2015 09:55 AM

හැම ගැහැණියක්ම ඔහොම තමා මිනිහගේ එල්ලෙන්නේ කුඩැල්ලන් වගේ (නදී)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 17 February 2015 03:03 AM

මහත්තයට එක පාරක් කියපුවම ඇහෙන්නේ නැතුව ඇති. එ්ක වෙන්න ඇති දෙපාරක් කියන්න ඕනි. හැම දෙයක්ම මෙහෙමද දන්නේ නැහැ. (නදී)

:       0       0

අසෝකා Tuesday, 17 February 2015 11:00 AM

ඇත්ත කියන්න ලජ්ජා වෙන්නේ මොකටද? කෙලින්ම කිව්වා නම් ඉවරනේ නෝනා ගෙදරට බඩු ටිකක් ගෙන්න කිව්වා. කියල. දැන් මිනිසුන්ට තියෙන්නේ හිනමානේ.ගෙදරට සැමියා අඩුම කුඩුම ගෙනියන එක ලජ්ජා වෙන්න දෙයක් නෙමෙයි. එහෙමත් නැත්නම් කවුද දන්නේ හොර අඹුවක් කියපු නිසා කියන්න ලජ්ජා හිතෙන්න ඇති. (බ)

:       0       0

කසුන් Tuesday, 17 February 2015 11:08 AM

සමහර උසස් නිලධාරියෝ දෑවැද්ද නිසා මොලේ අංශු මාත්‍රයක් හෝ බුද්ධියක් නැති බවලතුන්ව බැඳගන්නවා. මේක බොහෝ විට එහෙම දෙයක ප්‍රතිපලයක් වෙන්න පුළුවන්. අපි දන්නා පවුලක දොස්තර කෙනෙක් බැඳ ගත්තේ සල්ලිකාර මුදලාලි කෙනෙකුගේ හද්දා මෝඩ දුවෙක්. ඒගොල්ලන්ගේ ගෙදරත් මෙහෙම ප්‍රශ්න තිබෙන බව දැන් දැන් කන් කොණෙන් ආරන්චියි .(නදී)

:       0       0

රොෂාන් Tuesday, 17 February 2015 04:30 AM

ගෙදර උන්දෑ තමන්ගේ මහත්තයාට කියන්නේ නැතිව අල්ලපු ගෙදර එකාට කියන්න යැ (නදී)

:       0       0

නෙලුම් Tuesday, 17 February 2015 11:30 AM

සැමියා අතට සල්ලි දෙන්නේ නැති හෝ තමන් නැතුව ගෙදරින් එළියට යනවාට මනාපයක් නැති ගෙදරක නෝනා කෙනෙක්ද දන්නේ නැහැ. එහෙම නම් ඉතින් මෙහෙම දේවල් නිතර දෙවේලේ සිද්ධ වෙන්න පුළුවන්. නැත්නම් මහත්තයටම කරදර කරන්නේ නැතුව කඩේට ගිහින් එළවලු ටිකක් ගේන්න බැරිකමක් නැහැනේ. (නි)

:       0       0

දුමින්ද Wednesday, 18 February 2015 04:18 AM

කුස්සියේ යුද්දේ ඉවර වෙන්නේ නැහැ (දිල්)

:       0       0

ලලිත් Tuesday, 17 February 2015 06:04 AM

මගේ ප්‍රශ්නය මෙහෙම ලේකම් ලා ලේකම් බිරින්දෑවරු ලංකාවේ ඉන්නවද කියලයි ? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1287 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1233 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 448 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site