IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලොක්කාට කලර්ස් දාන්න ගිහින් වැඬේ වරද්දාගෙන

ප්‍රදේශයේ වතුයායක දිගු කාලයක් වල් බිහිවී තිබූ බිම් කොටසක් සංවර්ධනය කර නැවත වගා කිරීමට සැලසුම් කෙරිණි. අක්කර ගණනකින් යුත් යෝජිත වගා ව්‍යාපෘතිය නැකත් වෙලාවක් බලා සමාගමේ කළමනාකරුද ගෙන්වා උත්සව ශ්‍රීයෙන් වැඩ ආරම්භ කිරීමට වත්තේ ක්‍ෂේත්‍ර නිලධාරිවරයාට අවශ්‍ය විය.


 ඒ අනුව නැකත් දිනයදා එලැඹියෙන් උදේම ක්‍ෂේත්‍ර නිලධාරියා වත්තට පැමිණියේ. පෙරදා කරනු ලැබූ සැලසුම් සොයා බැලීමටය. සේවකයන් දෙදෙනකුගෙන්, අතු කපා පහන් පැල් සාදන අයුරු පෙනුණි. ඔවුන් අමතා ඉක්මනින්  පහන් පැල් ටික අටවන්නා ඕනෑ. 6.30ට ඉස්සර  වෙලා නැකත් වෙලාව එනකම් බලන් ඉන්නේ නැතිව පැවසුවේ වැඩ ඉක්මන් කිරීමටය.


‘හොඳයි  සර්’ යි පැවසූ සේකයෝ දෙදෙනා මීටර් 200ක් පමණ දුර පිහිටි අදාළ බිම් කොටසට ගොස් පහන් පැල් අටවන්නට වූහ. 


ටික වේලාවකින් නුදුරින් පිහිටි තේ කර්මාන්ත ශාලාවේ උදේ පෙරෙට්ටුව සඳහා 6.30ට හැඬවෙන නලාව නාද වන්නට විය. 


පහන් පැල් අටවමින් සිටි දෙදෙනා එක් වරම නතර වී උනුනුන්ගේ මූණ බලන්නට වූහ.


‘නැකත් වෙලාව - කෝ කවුරුත් නෑනේ’
‘නැකත පහු වෙනවා’
“අපි වැඬේ කරමු”අනෙකා පැවසීය.


දෙදෙනාම ලහි ලහියේ පොළව සුද්ධ කරන්නට වූහ.


ක්‍ෂේත්‍රයේ අනෙක් වැඩ කටයුතු සොයා බැලූ ක්‍ෂේත්‍ර නිලධාරියා මුරකරුවකු සමග වගා භූමිය වෙත පියවර මනින්නට වූහ.


මෙසේ යන අතර මග මගදීම දුටු දෙයින් වික්‍ෂිත වූ ඔවුහු ඉක්මන් ගමනින් වේගයෙන් ඒ දෙසට දිව ගියහ.


කලබලයෙන් පැමිණෙන ක්‍ෂේත්‍ර නිලධාරියා දුටු සේවකයෝ උදලු පසෙක තබා “සර්.. කිසි දේකට කලබලවෙන්න එපා. අපි නියමෙට නැකතටම වැඬේ පටන් ගත්තා. හය  හමාර් නලා හඬටම වැඬේ කළා”යි පැවසූයේ තරමක් උජාරුවෙනි.


මේ ඇසූ ක්‍ෂේත්‍ර නිලධාරියාට කේන්ති ගියේය.


“නැකත් වෙලාවක් කොහෙද? ඒක තියෙන්නේ හත හමාරට.”


ඇයි සර්මනේ කිව්වේ හය හමාරට කලින් නැකත් වෙලාවට පෙර පහන් පැල් හදන වැඬේ කරන්න කියලා.” සේවකයින්ගේ පිළිතුර විය.


“මේ මිනිස්සු වචන පටලාගෙන” ක්‍ෂේත්‍ර නිලධාරි කල්පනා කරන්නට විය.


පෙරදා රාත්‍රී පැවති සුළඟින් ඇද වැටී අවට භූමියේ තේ ගස් වසා පැතිරුණු දැවැන්ත ඇල්බීසියා ගසක්, දර්ශනය විය.


ඔහුට නුවණක් පහළ විය. වහාම වත්තේ තිබූ විදුලි කියත ගෙන්වා  වැසී ඇති තේ ගස් පෑදෙන පරිදි ගසේ අතු පතර කොළ ආදිය කප්පවා එවායින් බිම සුද්ධ කළ කොටස වැසී යන පරිදි උසට කොළ අතු සුන් බුන් එකතු කර ලොකු පරාසයක ගොඩ ගැසීය. කඳ සහ අතු - දරට කපන ලෙස උපදෙස් දුනි. ලොක්කා දර ටික දැක්කමත් සතුටු හිතෙයි. පැක්ටරියටත් මේ දිනවල දර අඩුයිනේ. ඔහුගේ සිත කීවේය.


මේ ජරමර අස්සේ ක්‍ෂේත්‍ර නිලධාරිගේ ජංගම  දුරකථනය නාද වන්නට විය. එයට සවන් දුන් ඔහුගේ  මුහුණ එළිය වැටී මුවගට සිනාවක් නැගිණි.


සර්..... හදිසි රාජකාරි වැඩකට කොළඹ ගිහින්. එන්නෙ නෑ. නැකත් වෙලාවට මට වැඬේ කරන්න කීවා. දැන් ඉතිං මට කරන්න දෙයක් නෑ. වැඬේ ආරම්භ කරලනේ මෙහෙ එනවා දැන් තියෙන්නෙ පහන් පත්තු කරන එක විතරයි. ඒකත් තමුසෙලාම කරනවායැයි සාක්කුවේ තිබු ගිනි පෙට්ටිය සේවකයින් දෙදෙනා වෙතට දමා ගැසූ ක්‍ෂේත්‍ර නිලධාරීන් එතැනින් පිටව ගියේ කෝපයෙනි. 


කෙසේ නමුදු මේ සිද්ධිය පිළිබඳ කසු කුසුව වත්ත පුරා හා අවට පැතිරෙන්නට වැඩි වෙලාවක් ගත නොවීය.
(පස්ගොඩ තිලක් එම්. ගමගේ)

 



අදහස් (0)

ලොක්කාට කලර්ස් දාන්න ගිහින් වැඬේ වරද්දාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 94 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site