ආයතන ප‍්‍රධානියාගේ වැඩි සැලකිල්ල ලබන අදහසින් වැඩිදුර නොවිමසා කි‍්‍රයා කිරීමෙන් කාගේත් හාස්‍යයට ලක්වූ වෙළෙඳ සේවකයකු පිළිබඳව පුවතක් සියනෑවේ නගරයකින් පසුගියදා වාර්තා විය.
මෙම නගරයේ පිහිටි ප‍්‍රධාන පෙළේ ආයතනයකි. මෙහි සේවා සැපයුම් දිස්ති‍්‍රක්කය පුරාම විහිදී පවතී. කාර්ය මණ්ඩලය මේ සඳහා ගමින් ගම යාම සිරිතකි. පෙරදා සවස ආයතන ප‍්‍රධානියා සේවකයකු අමැතීය. ”සිරිමල් හෙට බෝපිටි යන්න ඕනෑ” ඔහු දැනුම් දුන්නේය. ගිරිඋල්ලේද ජාඇලද සේවකයා විමසූ විට ජාඇල බව ප‍්‍රධානියා කීය.
පසුදා උදේ ප‍්‍රධානියා බෝපිටියට යැවිය යුතු ලිපි ලේඛන රැුසක්ද සූදානම් කරගෙන බලා සිටියේ සේවකයා එනතුරුය. නියමිත වේලාව පසුවිය. සේවකයා පැමිණියේ නෑ. මේ අතර සේවකයාගෙන් ප‍්‍රධානියාට දුරකථන ඇමතුමක් ආයේය.
”සර් මම බෝපිටි ආවා” ඔහු කීය.
මේ ලිපි ලේඛන අරගෙන යන්න තමුසේ කාර්යාලයට ආවේ නැත්තේ ඇයි? ප‍්‍රශ්න කළ ප‍්‍රධානියා තමුසේ අද ඔහොමම ගෙදර යනවා. මම ඒ වැඬේ වෙන කෙනෙකු ලවා කරවා ගන්නම් යැයි කීයේ සිනහව නවතාගත නොහැකිවය.
කෙසේ වෙතත් සේවකයා පස්වරුවේ කාර්යාලයට ආයේ ප‍්‍රධානියාගේ අණ ඉටුකළ බව කියමිනි. සර් මට කිව්වේ යන්න විතරයි. ඒ අනුම මම ගියා” යනුවෙන් සේවකයා කීවේය. මොහොතක් නිරුතතර වූ ප‍්‍රධානියා ඔහුගෙන් මෙසේ ඇසීය. මම කිව්වේ යන්න විතරයි. එන්න කීවේ නැහැ නේදැයි සේවකයාගෙන් පෙරළා ඇසීය. සේවකයාට කටඋත්තර නැතිවිය. දැන් ඔහුගේ මිතුරන් ඔහු දුටුවිට අසනුයේ ”සිරිමල් බෝපිටි ගියා වගේ” යනුවෙනි. නෑ බං මට කලින් කළුවා මාරපන ගිය බව දන්නේ නැද්දැයි සිරිමල් මිතුරන්නේ අසනුයේ මිතුරන් ”බයිට්”කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා වැඩියෙන් ලකුණු ගන්ඩ ගිහින් නේද ?(දිල්)
අනේ පව් කොල්ලා. (ස)
මල්ලි අපි නම් තාමත් ඔහොම තමා. ඉදල හිටලා ඔහොමත් වෙන්න ඕනෙනේ. (ස)
රස්තියාදු ගහපු පුරුද්දක් ඇහෙම ඇති. (ස)
ෂුවර් එකටම සිරිමල්ගේ පරණ ලව් එකක් බෝපිටියේ ඇති. (ස)
රසවත් කතාවක්. ටිකක් හිනා වුණා. (ස)
කළුවා මාරපන් ගියෙත් ඔහොමම තමයි. (ස)
කළුව මාරපන ගියා කියන කියමනින් අදහස් වන්නේ මේ වගේ සිදිදියක්මද ? දන්නා නැති නිසා අහන්නේ ? (නදී)
ශාන්ති,මාරපන් ගිය කලුවාගේ නෑයෙක්වද්ද? (නි)
යමක්, යම් දෙයක් හරි හැටි විස්තරාත්මකව අසා දැනගන්නේ නැතිව ක්‍රියා කිරීමේ ප්‍රතිපල. අග ,මුල නොදැන දුවනන් වාලේ දුවනවට හොඳ පාඩමක්. (ස)
කළුවා මරපන් ගිය කතාව දන්නවා නම් මෙයා ලොක්කව අන්දලා. (ස)