එදින ආයතනයේ සේවය කරනා ආරක්‍ෂක නිලධාරියකු අඩු වූයෙන් වෙනත් ආරක්‍ෂක නිලධාරියකු යෙදවුනි. ඔහුගේ රාජකාරිය වූයේ ආයතනයේ කාර්ය මණඩලයේ වාහන සඳහා ගේට්ටුව විවර කිරීමය. ඔහු රාජකාරියේ යෙදී සිටියදී ආයතනයේ නිලධාරිනියක් රියදුරු සමග වාහනයෙන් පැමිණ කාර්යාලය තුළට පිවිසියාය. ආරක්‍ෂක නිලධාරියා ඇමැතූ රියැදුරු ”මල්ලී මේ බෑග් එකයි කෑම එකයි මැඩම්ගේ කාමරයෙන් තියන්නැ”යි පැවැසීය.
ආරක්‍ෂක නිලධාරියා එයට මැලිකමක් දැක්වූ විට රියදුරා ”මෙතන ඉන්න එස් ඕත් එහෙම කරනව” යනුවෙන් පැවැසීය.
ගේට්ටුව විවර කළ ආරක්‍ෂක නිලධාරියා දිවා ආහාරය සහ බෑගය රැුගෙන යනු ආයතනයේ ආරක්‍ෂක කටයුතු භාර අධ්‍යක්‍ෂවරයා බලාගෙනය. ආපසු පැමිණෙන ආරක්‍ෂක නිලධාරියා දුටුවේ ගේට්ටුව අසල සිටින ආරක්‍ෂක අධ්‍යක්‍ෂවරයාය. ”එස් ඕ ගේට්ටුව ඇරලා කොහෙද ගියේ” ඔහු විමසීය. ”සර් මම අර මැඩම්ගේ බෑග් එක අරන් ගියා.” ආරක්‍ෂක නිලධාරියා පැවැසීය.
”ඔයා ඔයාගේ රාජකරිය පැහැර හැරලයි තියෙන්නේ නිලධාරීන්ගේ බෑග් ගෙනියන්න ඔයාලට අයිතියක් නැහැනේ” අධ්‍යක්‍ෂවරයා කීය.
”දැන් බලන්න ඒ ඔෆිසර්ට වඩා ඉහළ නිලයක් මම දැරුවත් කිසිම දවසක මගේ කෑම එකවත් බෑග් එකවත් ගෙනියන්න කියලා මම කිසිම කෙනකුට කියලා නැහැ. ඔයාලගේ රාජකාරිය ආයතනය ආරක්‍ෂා කිරීමයි. අනුන්ගේ බෑග් අරන් යන එක නෙමෙයි”. ආරක්‍ෂක අධ්‍යක්‍ෂවරයා පැහැදිලි කළේය.
දැන් පෙර කී නිලධාරිනිය තම බෑගය සහ දිවා ආහාරය තමාම රැුගෙන යන බව මරදාන පැත්තෙන් වාර්තා වේ.
කි‍්‍රස්ටෝපර් සීපියන්, අනුරාධපුරය.
තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම” බිංදුවට වැටුණු උඩඟු කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර
අලුත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද
සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු දිසාවේ ගමකින
අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලොක්කාගෙන් ආරක්ෂක නිලධාරියාට අපූරු පාඩමක්
සමන්ති Wednesday, 26 November 2014 12:59 AM
මේ සමහර අය තමන්ගේ ඉඳුල් පිඟානත් හෝදාගන්නේ සේවකයෙක් ලවායි. (නි)
කින් බෙනට් Wednesday, 26 November 2014 03:57 PM
ඕව මොනවද .. රටේ තීන්දු තීරණ ගන්න කට්ටිය මේ දවස් වල ඔය රෙදිත් අපුල්ලන්නේ .. (අ)
ඇසිලින් Wednesday, 26 November 2014 01:50 AM
අනේ මේ මැඩම්ව කාර්යාලයේ මේසය ළඟටම වාහනයෙන් ගිහින් දාන්න (නි)
උදාරත් Friday, 28 November 2014 06:04 AM
තමන්ගේ වැඩ තමන්ම කරගන්න එපාය (දිල්)
ගුණවර්ධන Wednesday, 26 November 2014 02:29 AM
පුද්ගලික අංශයේ ආරක්ෂකයෙක් වගේ. ඕක මොකක්ද පොලිස් අංශයේ අය ඔයිට වඩා දේවල් කරන්නේ (නදී)
ධම්ම Wednesday, 26 November 2014 11:09 AM
"දැන් බලන්න ඒ ඔෆිසර්ට වඩා ඉහළ නිලයක් මම දැරුවත්.." අධ්‍යක්‍ෂවරයා පොඩි පම්පෝරියකුත් ගහලා ඒ අස්සේ. වැරැද්ද පෙන්නලා දුන්නා නම් ඉවරයිනේ. (ර)
නුවන් Thursday, 27 November 2014 07:49 AM
මේවා කියල හදන්න පුලුවන් දේවල් නෙවෙයි. දෙමව්පිය උරුමයෙන්ම එන්න ඕන දේවල්. කාල කන්නි සමාජ රටාවකට අපි අවතීර්ණ වෙමින් තිබෙන බවනම් ඉතාම පැහැදිලියි. (නදී)
චින්තක Wednesday, 26 November 2014 03:48 AM
ගුණවර්ධන හරි (නි)
කුමාරි Wednesday, 26 November 2014 04:12 AM
අතට පයට උදවුකාරයෝ අවශ්‍ය මේ අය මොන විදියට රාජකාරි කරනවද දන්නේ නැහැ නේද? (නි)
හේමචන්ද්‍ර Saturday, 29 November 2014 07:11 AM
මේ මැඩම් විවාහකද දන්නේනැහැ නේද. අම්මපා (නදී)
ලලිත් Thursday, 27 November 2014 08:18 PM
වතුර බහින්නේ මිටි තැනින්. ලොක්ක කොන්දක් තියෙන එකෙක් නම් මැඩම්ට් කතාකරලානේ ඕක කියන්න තිබුනේ. මට පේන්නේ මැඩම් දැක්කම ලොක්කත් බයයි නගේ (නදී)
උපාලි Saturday, 29 November 2014 09:49 AM
ආරක්ෂක නිලධාරියා මැඩම්ට බයට කඩේ යන්න ඇති.(හේ)
මහින්ද කේ ගොඩගේ සී ෂෙල්ස් Wednesday, 26 November 2014 01:07 PM
ගුණවර්දන එක තමයි අපේ රටට වෙලා තියන නස්පැත්තිය ....බල්ලන්ගේ වැඩ බූරුවන් කරන්න ගියාම ....බුරන්න වෙන්නේ නෑ... බර අදින්න විතරයි වෙන්නේ ....මොන අංශයක් වුණත් ...කව්රුත් කැමති නෑ ...පක්කලි වැඩ කරන්න... නැති බැරි කමට හොරකම් නොකර ....මන් කොල්ල නොකා ...ආරක්ෂක නියාමකයෙක්...වෙලා කරන සේවය අපේ රටේ ගණන් නොගත්තට ...ඊට වඩා පිළිගැනීමක් හා ගෞරවයක් දක්වනවා එම රටවල මිනිස්සු..... (ස)
සම්පත් Friday, 28 November 2014 11:04 AM
ලලිත්ගේ කතාව හරි ආයතන වල ඉන්න ගොඩක් ලොක්කෝ බයෙන් ඉන්නේ හැමෝටම එක හරි කියමුකෝ පහල මිනිස්සුන්ට වැදි බන කියනවා එකේ වැරැද්ද ?(හේ)
රුවන් Wednesday, 26 November 2014 06:51 AM
කුමාරි, මේවගේ අය වැඩකට කියල කරන්නේ ලොක්කො ටික සතුටු කරන එක විතරයි. (ර)
රුවන් Tuesday, 25 November 2014 07:56 PM
අහිංසකයා හැම පැත්තෙන්ම තැළෙනවා. (නි)
ජෙනි Wednesday, 26 November 2014 07:37 AM
ආයතනය රජයේ ද පුද්ගලික දන්නේ නෑ නේද?(දිල්)