මාතර නගරයෙන් තරමක් බැහැර වූ කෘෂිකර්මයට සම්බන්ධ ආයතනයක ප‍්‍රධානියකුවූ ඔහු සේවකයන්ගේ ප‍්‍රසාදයට පත් නිලධාරියෙකි.
පසුගියදා පස්වරුවේ කාර්යාල කාමරයට ආ සේවකයකු තේපැන් සංග‍්‍රහයකට අවශ්‍ය දේ මේසය මත තැබීය.
”ඇයි, කාගෙවත් උපන් දින සාදයක්ද?” ඔහු සේවකයාගෙන් ඇසීය.
”නෑ සර් පොඩි ජොලියකට” කී සේවකයා පිටතට ගියේ ඔහු තුළ කුතුහලයක් ඇතිකරවමිනි.
කාර්යාල සේවය අවසානයේ වාහනයට නැග සාක්කුවට අත දැමූ ඔහුට දෙවියන් සිහිවිය. ගෙදරින් එද්දී වාහනයට ඉන්ධන ගැසීමට දමාගත් රුපියල් දෙදහසේ නෝට්ටුව එහි නොවීය.
යළි කාර්යාලයට ගොස් තොරතුරු සෙවීමේදී ඔහුට වටින් පිටින් දැනගන්නට ලැබුණේ තමාගේ රුපියල් දෙදහසේ නෝට්ටුව මිදුලේ වැටී තිබියදී එය අහුලාගත් සේවකයකු එය ලොක්කාගේ බව නොදැන පස්වරුවේ සාදය පවත්වා ඇති බවලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් ඒ හැටි වැරැද්දක් පෙනෙන්න නැහැ. ඔහු තනියෙන් බුක්ති වින්ඳා නම් තමයි වැරදි. (නි)
පොඩ්ඩක් හොයලා බලන්න තිබුනා නේද? (නි)
වැටුන කෙනා දන්නේ නැත්නම් වෙන මොනවා කරන්නද ? (නි)
එක් අතකට තේ පැන් සංග්‍රහයක් දීම හොඳ වැඩක්.. හොරෙන්ම සාක්කුවේ දමාගෙන ගොස් හැන්දෑවට තනියම අඩියක් ගහන වාට වඩා !! (දී)
සොරිම තමයි. (නි)
හොඳ මිනිහෙක්. නිකම් ලබුන දේ හංගා නොගෙන කවුරුත් එක්ක භුක්ති විඳලා. හැබැයි ඒ නිසාම වැඩේ අහුවෙලා. මේක හොරකමක් හෙම නෙවේ ඔන්න.. (ස)
මොනවා උනත් හොඳ අවංක සේවකයෙක්; (ස)
කාර්යාල මිදුලේ තිබුන නිසා ටිකක් හොයලා බලන්න තිබුනා නේද? (නි)
සමදරා අක්කේ හිටියා ඇති ඉක්මනට එන්න (දී)
අනුන්ගේ සල්ලි වලින් පාටි දාන්න දන්සල් දෙන්න අපේ අය හරිම දක්ෂයි. (දී)