ඔක්කොම කුණු බේරුවල බොක්කටයි කියන කියමනට ප්‍රසිද්ධ නගරයක මෑතකාලයේ ගමේ සභිකයන් නොමැතිව ජනතාවට සේවය කරන පළාතේ රාජ්‍ය ආයතනයක පසුගිය දිනක අපූරු කාර්යයක් සිදුවී තිබිණ.
ප්‍රාදේශීය නියෝජිතයන් විසිරුන දා සිට මෙම ආයතන පාලනය කරන්නේ රජයේ වැටුප් හා විශ්‍රාම වැටුප් ලැබිය හැකි අයෙකි. තමන් මෙම ආයතනයේ ප්‍රධානියා වීම හේතුවෙන් නිල වාහනද නිලරියැදුරන්ද අනිකුත් පහසුකම්ද නොඅඩුව ලබාගනිමින් සේවක සේවිකාවන්ට නිරපරාදේ බැණ වදිමින් කොයි මොහොතෙත් ‘රතුකට්ට’ පන්නා ගන සිටින මේ ප්‍රධානියා තමන් සේවය කරන ආයතනයට අනුබද්ධව ඇති උප කාර්යාලවලට මහ මාර්ගයේ ගමන් කරමින් වෙනත් කටයුතුවලට යමින් එමින් මෙම කාර්යාලවලට හිටි හැටියේ කඩා පැන පරීක්ෂාකරමින් පිටස්තර මහජනතාව සිටීනම් ඔවුනට ඇසෙන සේ නොමැති වරදක් පෙන්වා සේවක සේවිකාවන්ට දොස්නගා වරින්වර පිටවයයි.
නැවතත් දිනක කාර්යාල වේලාවට ප්‍රථම පැමිණ සේවකයන්ගේ වරදක් නොවූ බැවින් සේවකයින් කිහිප දෙනකුට පැමිණීමේ පොතෙහි රතුඉර ගසා උජාරුවෙන් පිටව ගිය අතර ඊට දින කිහිපයකට පසුව නැවතත් රතුඉර ගැසීමේ අරමුණින් පැමිණ ඇති අතර එදා කාර්යාල සේවකයකු අපූරු වැඩක් කර තිබිණ. එනම් එදින කාර්යාල දිනයක්. මහජනයා නිරන්තර වැඩි වශයෙන් පැමිණෙන දිනයක් ද වන බැවින් රතු ඉර පැනගන එන රතු ඉර කාරියට එදින පොට වැරදුනේය. එනම් කිසියම් සේවකයකු කාර්යාල ඔරලෝසුවේ විනාඩි කිහිපයක් වෙනස් කර තමන් නොදන්නා මෙන් පාඩුවේ සිටියේය. හදිසියේ රතුඉර ගසා ප්‍රමාදවී සේවය වාර්තා කරන්නන්ට පාඩමක් උගන්වන්නම් සිතා ඒ වෙන විටත් සේවයට නොපැමිණි සියළු සේවක සේවිකාවන්ට හිතේ හැටියට රතු ඉර ගසා මදක් රැදී සිටියේ එකී සේවක සේවිකාවන්ට බැණ වැදී යන්නටය. කඩි මුඩියේ බොහෝ සේවක සේවිකාවන් පැමිණ තමන් රාජකාරියට පැමිණ අස්සන් කිරීමට බලද්දී රතු ඉර දැක ගත හැකිව මවිතය පළකරමින් ඒ ගැන විමසීය.
“ඇයි මමයි රතු ඉර ගැහැව්වේ මොකද අද ඔක්කොම ප්‍රමාද කියා ඇසීය.” කලබල නොවූ සේවක සේවිකාවන් තමන් අත වූ ඔරලෝසුවල හෝරාව පරීක්ෂාකර බලා කාර්යාලයේ ඔරලෝසුව දිහා බලා කාරණය වටහා ගෙන රතු ඉර කාරියගෙන් ඔවුන් විමසා සිටියේ ඇයි මොකද අද ඉර පායා ඇත්තේ වෙනත් දිසාවකින්දැයි සැවොම එකවර ඇසීමෙන් තමන්ගේ වරද වටහාගත් ආයතනයට පැන රතු ඉර ගසන්නිය කාටත් නොකියා පිටව ගොස් ඇත්තේ වැරදි වෙලාවකට ප්‍රමාදය සලකුණු කර තිබීම හේතුවෙනි. එදින එසේ පිටවගිය ප්‍රධානියා කිසිම දවසක රතු ඉර ගැසීමට එම කාර්යාලවලට යළි පැමිණ නැත.
(අලුත්ගම විශේෂ - තුසිත කුමාර ද සිල්වා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රජයේ සේවකයෝ හිතා ඉන්නේ රාජකාරියට කැමති වෙලාවක එන්න හැකිය කියායි. මහජන සේවකයන් හැටියට ඔවුන් කළ එම ක්‍රියාව සාධාරණ නොමැත. වැරැද්ද කළ සේවකයෝ තමන්ගේ ලොක්කාද රැවටිමට තැත්කිරීම රාජ්‍ය සේවය වැටී ඇති පහත්බව කියාපායි. (නි)
අබය නිවැරැදි දේ පැහැදිලිවම කියා තිබෙනවා (නි)
මොනවා කියනවද අබය දින කීපය කට ප්‍රථම මම සේවයකළ නාරාහේන්පිට දෙපාර්තමේන්තුවේ කොළඹ අංශයට වුවමනාවකට ගියා එම අංශයේ සිටි ගැහැණු කට්ටිය කිසිම හිරිකිතයකින් තොරව සිනහවෙවී ඉන්ටෙර්නෙට් බලනවා. පිට කෙනෙක් මෙම ස්ථානයට පැමිණ සිටිනවා කියාවත් හැඟීමක් නැත. යම් නිලධාරියෙක් මොවුනට විරුද්දව ක්‍රීයා කළොත් ඔහුට විරුද්ධව නොයෙකුත් චෝදනා එ්වි ජනරාල් තුමාට මේගැන ක්‍රීයා කිරීමට බැරි තරමට දෙපාර්තමේන්තුව අරාජික වෙලා (බ)
මතක හිටින පාඩමක් උගන්වලා තියෙන්නේ (නි)
මම දැකල තියෙනවා ඕස්ට්‍රේලියාව වැනි දියුණු රටවල රජයේ ආයතන ,ආරෝග්‍යශාලා වැනි ස්ථාන වල සේවය ලබා ගන්නට එන ජනතාවගේ හිත සුව පිණිස රුපවාහිනී යන්ත්‍ර සවිකොට තිබෙනවා. ඒත් ලංකාවේ ගමන් බලපත්‍රය දීර්ඝ කිරීමට ගිය විට එම ආයතනයේ රුපවාහිනී යන්ත්‍ර හරවා තිබුනේ එහි වැඩ කරන සේවකයන් සඳහායි. ඔවුන් රුපවාහිනිය දිහා අවධානය යොමුකරගෙන සිටීම නිසා සේවාදායකයින් මහත් අපහසුවට පත්වී තිබුනා. මේ විහිලු වැඩ නවතා දමන්නට මොන ආණ්ඩුව ආවත් ලෙහෙසි වෙන්නේ නැහැ (බ)
ඕවා එච්චර මහ ලොකු දේවල් නොවෙයි.ඔය ක්‍රම නැති කරන්න. සියලුම දෙනාට පරිගණක ගත කාඩ් එකක් දුන්නාම ඉවරයි නේ. කාගෙවත් රැස් ඕනෙත් නැහැ,පරක්කුවෙලා එන්න ඕනෙත් නැහැ. මහා ලොකු වියදමක් යන ක්‍රමයක් නොවෙයි නේ. (බ)
මෙන්න මේ නිසා තමයි ඇඟිලි සලකුණු යන්ත්‍රයක් ගේන්න හැදුවේ, විරුද්ධ වුන එක ඇඟට හොඳ නෑ කියලා, නමුත් ඇත්ත හේතුව මේ වගේ මගෝඩි වැඩ කරන්න බැරි නිසා, මේ ළඟදි මම දැක්ක එක්තරා රාජ්‍ය ආයතනයක කට්ටිය ඇඟිල්ල ගහන්න පෝලිමේ ඉන්නවා. බල්ලදී ඇඟිලි සළකුන ගහන්න 5 වෙනකන් ඉන්නව කලින් ඇවිත්. (බ)
මගේ අම්මෝ මේ නෝනගේ මහත්තය කොහොම ඉන්නවද දන්නේ නැහැ ගෙදර ? (බ)