IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ලොක්කාගේ අලුත්ම මෝටර් රියට අමුතු ඇඳුමක්

තම ආයතන ප්‍රධානියා අලු‍තින් මිලදී ගත් මෝටර් රථය වටේට කොළ අතු එල්ලා සිය සතුට පළ කළ සේවක පිරිසක්  පිළිබඳ පුවතකි.


 සිද්ධිය මෙසේය.


එය  පළාතේ ගම්බද ප්‍රදේශයක පිහිටි රාජ්‍ය ආයතනයකි.


 ලොකුකමින් හිස උදුම්මා නොගත් ආයතන ප්‍රධානියා එහි ඉහළම සේවකයාට මෙන්ම පහළම සේවකයාට ද සැලකුවේ තමන්ගේම සහෝදරයන්ට මෙනි.  


ඒ නිසාම එහි සියල්ලෝද  සිය ප්‍රධානියා සමඟ බෙහෙවින් කුලුපග වූ අතර ඔහුට ඉතා ආදරයෙන් සලකන්නටද වූහ.  


ඒ නිසාම  ඇතැම් අවස්ථාවල ඔවුන් ඔහු සමඟ විහිළු තහළු කරන්නට පවා පුරුදු වී සිටියේ ආයතන ප්‍රධානියාගේ නිලය පවා අමතක කරමිනි.


  පසුගිය දිනක ඔහු තමුන් සතුව තිබූ මෝටර් රථය විකුණා දමා අලු‍ත්ම වර්ගයේ මෝටර් රථයක් මිලදී ගත්තේ වැටුපෙන් ඉතිරිකරගත් මුදලක්ද ඊට යොදවමිනි.


  ආයතනය ඉදිරිපිට නවතා තිබූ සිය ප්‍රධානියාගේ අලු‍ත්ම අලු‍ත් මෝටර් රථය දුටු සේවක පිරිසක් ඔහුට විහිළුවක් කිරීමට සිතා මෝටර් රථයේ බඳ වටා  කොළ අතු ආදිය   එල්ලා සිය සතුට පළ කළේ ආයතනයේ සෙසු සේවක පිරිසද ඊට එක්කර ගනිමිනි.


     දෛනික කටයුතු නිම කළ ප්‍රධානියා  කිසියම් කටයුත්තක් සඳහා නගරයට යෑම සඳහා මෝටර් රථය අසලට පැමිණෙන විට එය කොළ පැහැති අතුවලින් වසා   තිබෙනු දකිද්දී ඔහුට  දෙලොව රත්වූයේ අලු‍ත්ම මෝටර් රථයට කිසියම් විනාශයක් සිදුව ඇතැයි සිතුණ නිසාය.


  එහෙත්   එය තම ආයතනයේම සහෝදර සේවක පිරිසගේ කවට කමක් බව ඔහුට වටහා ගැනීම එතරම් අපහසු නොවිණි.


‘‘උඹලා ඕනේ එකක් එල්ලු‍වට කමක් නෑ. හැබැයි පුතෝ ඕකේ අතු එල්ලන්න ගිහින් හීරුවොත්  නං මම නරකයි කියන්න එපා‘‘ යැයි සිනහ මුසු මුහුණින් පැවසූ ප්‍රධානියා කැලෑ අතු ටික එහාට මෙහාට තල්ලු‍ කර දමා සිය ගමන පිටත් වූයේ   ඈත සිට බලා සිටි සේවක පිරිසට සවසට හමුවෙමු යැයි හස්ත සංඥාවක්ද කරමිනි.

 

(වියලු‍ව වාර්තාකරු)

 



අදහස් (0)

ලොක්කාගේ අලුත්ම මෝටර් රියට අමුතු ඇඳුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 235 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 72 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site