තමා ලොකු ආයතනයක ලොක්කකු යැයි කියමින් ලොකුවට රඟපෑ අයෙකුගේ රෙද්ද ගැලවුණු පුවතක් දකුණේ නගරයකින් වාර්තාවේ.

හේ ගමේ ආයතනයක අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කළේය. එම ආයතනයේ අධ්‍යක්‍ෂවරයකු වූ ඔහු තමා රටේ නමක් ගත් නගරයේ ලොකු හෝටලයක ලොක්කකු බව පවසමින් අධ්‍යක්‍ෂකම දැරූ ආයතනයේ ලොකු රඟපෑමක් කරමින් සිටියේය. ගමේ ආයතනයේ පොඩි සේවකයකු ඔහුට සර් නොකීවොත් ඔහුට පස්සෙන් පන්න පන්නා තරහ පිරිමහයි. මෙලෙස ඔහුගේ මේ රංගනය කාලයක් තිස්සේම ගෙන ගියේය.
මේ අතරවාරයේදී ඔහු අධ්‍යක්‍ෂකධූරය දරන ගමේ ආයතනයේ සනීපාරක්‍ෂක කම්කරුවෙකු නගරයේ පැවති හෝටලයක විවාහ මංගල උත්සවයට සහභාගි වූයේය. එහි ගොස් ටික වේලාවකින් හෝටලයේ වේටර්වරයකු පැමිණි පිරිසට සිසිල් බීම අල්ලන්ට පටන්ගෙන තිබිණ. තමා හොඳින් දැක පුරුදු වේටර් කෙනෙකු සිසිල්බීම අල්ලනු දුටු ඒ පිළිබඳව තවත් විමසිලිමත් වුවේය.
තමා සේවය කරන ආයතනයේ අධ්‍යක්‍ෂවරයාගේ මුහුණට මේ වේටර්වරයාගේ මුහුණ බොහෝ දුරට සමාන වුවත් ඔහුට ඒ ගැන සිතීමටවත් සිතට ඉඩක් නොදුන්නේ තමාගේ අධ්‍යක්‍ෂවරයා හෝටලයක ලොක්කකු යයි මුලු ආයතනයේම ප්‍රචලිතවී තිබීම නිසාය.
මේ වේටර්වරයා ක්‍රම ක්‍රමයෙන් සිසිල්බීම අල්ලමින් මේ සනීපාරක්‍ෂක කම්කරුවාටද සිසිල්බීම ඇල්ලීමට පැමිණියේය. දෙදෙනාගේම දෙනෙත් එක ලෙසම විනාඩියක් දෙකක් පටලැවී ගියේ දෙන්නට දෙන්නා හඳුනා ගැනීමත් සමගය. හනේ මේ අපේ සර්නේ සනීපාරක්‍ෂක කම්කරුවා කීවා නොව කියැවිණි. මුවින් කිසිවක් නොකියා හනි හනිකට අඩියට දෙකට එතනින් ඉවත් වූ මේ වේටර්වරයා ඉන් පසු සිසිල්බීම ඇල්ලීමට තියා වෙන කිසිම දේකට ඒ පැත්ත පළාතටවත් නොආවේය.
ඒ විතරක් නොව ඔහු ගමේ ආයතනයටද අධ්‍යක්‍ෂක කමේ ලොකුකම පෙන්වීමටද මින්පසු නොආවේය. සනීපාරක්‍ෂක කම්කරුවා තමාට අත්විදින්නටවූ මේ අත්දැකීම ආයතනය පුරාම විදුලි වේගයෙන් පැතිරී ගියේය.
(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
891
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
619
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලොක්කෙකු වෙන්න ගිහින් රෙද්ද ගැලවිලා