IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


ලෝක විනාශයට බයවෙලා ණය මුදල් ඉක්මනින් ඉල්ලලා

ලෝක විනාශය ගැන අසා තමන් ණයට දුන් මුදල් එකතු කිරීමටත් අලූතෙන් ණයදීමත් නැවැත්වූ පුද්ගලයෙක් පිළිබඳව කොළඹට නුදුරු ප‍්‍රදේශයකින් පසුගියදා අසන්නට ලැබිණි. ඔහු හැට පැන්න පුද්ගලයෙකි. ඔහු කළ රැකියාවෙන් විශ‍්‍රාම ගැනීමේදී ලැබූ මුදල්වලින් එදිනෙදා රැකියා කරන අයට ණය මුදල් දී එයින් ලැබෙන පොලි මුදලින් ජීවත් විය. කාලයක සිට කරගෙන ආ ණයදීම හදිස්සියේම නවත්වා ණය දී ඇති පුද්ගලයන් වෙත ගොස් මෙම 20 වැනිදාට පෙර ණය මුදල් ගෙවන ලෙස පැවසීම නිසා ණය ලබාගත් අය දැඩි අපහසුතාවට පත් වී ඇත. මේ පිළිබඳව ඔහුගෙන් ණයකරුවන් ඇසූවිට පවසා ඇත්තේ තමාට ශල්‍යකර්මයක් කිරීමට ඇති බවත් ඒ සඳහා මුදල් අවශ්‍ය බවයි. ණයකරුවන් මේ පිළිබඳව කරුණු සොයා බලා ඇතත් ශල්‍යකර්මයක් කිරීමට තරම් ණය දෙන්නා රෝගීව නොසිටි බව පැහැදිලි විය. පසුව සොයා බැලීමේදී හෙළිවී ඇත්තේ ලෝක විනාශයක් ඇතැයි පළවූ ප‍්‍රවෘත්තියක් අසා ඇති බවත් යම් හෙයකින් ණයකරුවන්ට කරදරයක් සිදුවී තමා ජීවත්ව සිටියහොත් මුදල් අහිමි වේයැයි බියක් ඇති කරගෙන මෙසේ කර ඇති බවයි.



අදහස් (0)

ලෝක විනාශයට බයවෙලා ණය මුදල් ඉක්මනින් ඉල්ලලා

ජීවන් Tuesday, 18 December 2012 12:59 PM

අනේ අනිච්චං.... (ස)

:       0       0

සමන්ත Tuesday, 18 December 2012 01:03 PM

එයා මැරෙන්නේ නැතුවද? (නි)

:       0       0

නසාර් Tuesday, 18 December 2012 01:35 PM

ලෝක විනාශයක් තිබෙනමුත්, එය සිදුවෙන කාලය‍ හෝ වේලාව කොයිමාකාරයේ ජගතෙකුටවත් කියන්න බැහැ. (නි)

:       0       0

සරත් Tuesday, 18 December 2012 01:42 PM

එයාට අනාගතය ගැන බය හිතෙන්න ඇති. (නි)

:       0       0

රොෂාන් Tuesday, 18 December 2012 07:35 PM

නොමැරෙන මිනිහෙක් වගෙයි. (නි)

:       0       0

උමේෂ් Wednesday, 19 December 2012 03:26 PM

මේක පුදුම වැඩක්නේ...ඒ මනුස්සයගෙ සල්ලි ගන්න කාගෙන්වත් අවසර ඕනෙද? (ස)

:       0       0

රාජා Tuesday, 18 December 2012 03:34 PM

එයා යනකොට අරගන යන්න වෙන්න ඇති. ඉක්මනට දීලදාන්න බලන්න. (ස)

:       0       0

දයා, සෞදියේ සිට Tuesday, 18 December 2012 03:34 PM

අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු ලංක‍ාවේ ඉන්නවනේ (ස)

:       0       0

මුතුකුඩ Tuesday, 18 December 2012 09:11 PM

ඒකනේ අපි පොළියට දෙන්නෙත් නැහැ. පොළියට ගන්නෙත් නැහැ. ඒක නිසා ලෝකය විනාශ වුණත් අපිට ප්‍රශ්ණයක් නැහැ. (නි)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 19 December 2012 10:35 AM

සාමාන්‍ය දෙයක් මිනිස්සු හිතන්නේ තමන් ගැන විතරයි (දී)

:       0       0

ප්‍රසන්න Saturday, 22 December 2012 02:56 PM

මැරෙන්න කලින් නය අරන් මොනවා කරන්නද (දී)

:       0       0

විනෝද් Wednesday, 19 December 2012 11:30 AM

මේක තමයි මනුස්ස කම (ස)

:       0       0

ෂෙරිෆ් Tuesday, 18 December 2012 11:02 AM

අනේ පව් පොලී මුදලාලි ජීවිත කාලයටම බණක් අහන්න පන්සල පැත්තෙ ගිහිං නැහැ වගේ..!(නු)

:       0       0

ප්‍රසන්න Sunday, 23 December 2012 10:22 AM

මේ සල්ලි ඒ මන්ස්සයා‍ගෙනේ. මේ ක්‍රියාව සාධාරණයි. (නි)

:       0       0

ශ්‍රියාණි Friday, 21 December 2012 02:03 PM

ගොඩක් ගිනි පොළී කාරයින්ට මැරෙන බව අමතකයි. (නි)

:       0       0

වරුණ Tuesday, 18 December 2012 12:16 PM

ලෝක විනාශයට කලින් සල්ලි ටික එකතුකර‍ාගන බැංකුවේ දාගන්න හිතුණද දන්නෙ නැහැ. (නි)

:       0       0

කමල් Thursday, 20 December 2012 01:38 PM

මම හරිම ආසයි ලෝක විනාශක් උනොත් ඔය පුද්ගලයා මගෙ ළගම ඉන්නවානම්.. එතකොට මට අහන්න පුළුවං අපි දෙන්නටම කොහොම හම්බකලත් එකම ගමන නේද යන්න වෙලා තියෙන්නේ කියලා..!(නු)

:       0       0

සිල්වා Tuesday, 18 December 2012 05:29 PM

අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක් පොළීකරුනි, දැනේද මින් සැනසීමක්... (නි)

:       0       0

අජිත් Saturday, 22 December 2012 07:05 AM

ගිනි පොළීකාරයෝ කොහොමත් තණ්හාවයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site