IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


ලෝක විනාශය වළකන්න හැදූ වරෙන්තුකරු මානසික රෝහලට

අධිකරණයෙන් ඇප මත මුදා සිටි සැකකරුවකු ලෝක විනාශය නතර කිරීමට ගොස් වරෙන්තු නිකුත්කර තිබූ සිද්ධියක් මෙසේ වාර්තාවේ. සැකකරු ගංජා සුරුට්ටුවක් ළඟ තබා ගැනීමේ චෝදනාවකට ඇපමත මුදා හරිනු ලැබ සිටියේය. ඔහු නියමිත දිනට අධිකරණයට නොපැමිණීම නිසා වරෙන්තු නිකුත්කර තිබිණි. එම වරෙන්තුව ආපසු කැඳවීමට නීතිඥ මහතෙක් සැකකරු වෙනුවෙන් ඉදිරිපත් විය. ඒ අනුව සැකකරු මුණගැසුණ නීතිඥ මහතා ඇයි එදා උසාවි ආවේ නැත්තේ යැයි විමසීය. ‘‘ඇයි සර් ලෝක විනාශය නතර කිරීමට මම ඉර්දිවුණා’’ ඔහු පැවැසීය. ‘‘ඉතින් උසාවියට ඇවිත් යන්න තිබුණනෙ’’ කාරණාව වැටහුණ නීතිඥ මහතා නැවත පැවැසුවේය. ඉතින් සර් මොනවා කරන්නත් ලෝක විනාශය නතර කරන්න  ඕනෑ නේ. සැකකරු පැවැසීය. පසුව විනිසුරු වෙත ඉදිරිපත් කැරුණු සැකකරු මානසික වෛද්‍යවරයකු වෙත යැවීමට නියම කෙරිණි.



අදහස් (0)

ලෝක විනාශය වළකන්න හැදූ වරෙන්තුකරු මානසික රෝහලට

සිල්වා Thursday, 15 November 2012 12:13 PM

මට නම් හිතෙන්නේ, මානසික රෝහලකට යවන්න තරම් එයාට ලෙඩක් නැහැ කියලයි. (නි)

:       0       0

අජිත් Thursday, 15 November 2012 05:21 PM

ඔය ලෝක විනාශය අපේ රටෙන්ම පටන් ගනීවිද කියලයි මට සැක. (නි)

:       0       0

තුෂාර Friday, 16 November 2012 08:07 AM

මුකුත්ම මතක නැහැ කිවුවා නම් ඉවරයිනේ. (නි)

:       0       0

ජනක Thursday, 15 November 2012 05:26 PM

අනේ අනිච්චං දුක්ඛං... (නි)

:       0       0

සිල්වා Thursday, 15 November 2012 12:50 PM

දකුණේ අයටයි වෙන්නප්පුවේ අයටයිනම් මේවා විහිළු (ස)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Friday, 16 November 2012 09:24 AM

මේක වුණේ කොයි රටේද? (ස)

:       0       0

සුමී Tuesday, 20 November 2012 05:08 AM

මානසික ලෙඩක් වීම කෙසේවෙතත් ගංජා සුරුට්ටුවේ වැඩක් වියහැකියි. (නි)

:       0       0

ලලිත් Sunday, 18 November 2012 09:38 PM

මොන මානසික ලෙඩක්ද මේ මනුස්සයට. එදා ගංජා සුරුට්ටුවක් බීලා ඉඳලා තියෙන්න (ස)

:       0       0

මධුෂාණි Friday, 16 November 2012 09:17 AM

ආයෙත් අලුතින් වෙන්න දෙයක් නෑ. මේ තමයි ලෝක විනාශය (ස)

:       0       0

සුභාෂිණි Thursday, 15 November 2012 06:01 PM

මේවා විහිලුවට ගන්න හොද නැහැ. (නි)

:       0       0

සුනන්ද Tuesday, 20 November 2012 06:21 PM

පනාගොඩයි, සිල්වායි දෙන්නම ගංජා බොන අය නේද? (නි)

:       0       0

නසාර් Saturday, 17 November 2012 09:59 AM

ගංජා බ්ව්වම පිස්සු හැදෙනවා . හැබැයි එ වෙලාවට විතරයි (ස)

:       0       0

පිටිගල Thursday, 15 November 2012 07:04 PM

මට මතක නැහැ කියලා පහුගිය කාලේ වෙච්ච සිද්ධි දිහා බලලා යම් අලුත් දෙයක් කරන්න හදපු උත්සාහයක්වද්ද? (නි)

:       0       0

සරත් Saturday, 17 November 2012 07:57 PM

මොන ලෝක විනාසයක්ද

:       0       0

හසංක Friday, 16 November 2012 05:01 PM

මටනම් හිතෙන්නේ පොඩ්ඩක්හරි එයාට පිස්සු ඇති (ස)

:       0       0

හේරත් Sunday, 18 November 2012 12:34 PM

අයියෝ සල්ලි

:       0       0

හේරත් Thursday, 15 November 2012 09:11 PM

කොහොම වුණත් ලෝක විනාශය නම් කොහොමහරි නවත්වන්න ඕනෑ. පිස්සුවෙන් වුණත් එයා කියන්නේ සහතික ඇත්ත. (නි)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 15 November 2012 03:21 PM

ලෝක විනාසය වෙලා ඉවරයි (ස)

:       0       0

තාරක Thursday, 15 November 2012 09:40 PM

කපටිකමක් වෙන්න බැරිද? (නි)

:       0       0

තාරක Thursday, 15 November 2012 09:24 PM

මනිහනම් නියම වැඩ කාරයෙක්.නියම කපටියෙක් (ස)

:       0       0

සමන්ත Thursday, 15 November 2012 10:33 PM

යාළුවනේ, මේ ලෝකය එකපාරටම විනාශ වෙන්නේ නැහැ. (නි)

:       0       0

කැකිල්ලේ Thursday, 15 November 2012 03:52 PM

මානසික රෝහලට යැවිය යුතු ජනතා මුදල් කාබාසීනියා කරනඅය තව ලංකාවේ ඉන්නවා.(නු)

:       0       0

මලිත් Sunday, 18 November 2012 12:18 AM

නියම උත්තරයක් නේ දීල තියෙන්නේ

:       0       0

ලලිත් - කටාර් Thursday, 15 November 2012 11:00 AM

මෙහෙම ‍දේවල් වෙනකොට ලෝක විනාශයත් ඉක්මන් වෙයි තමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 269 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 291 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 464 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site