(කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ)
රිළවුන් එළවීමට තමන්ම ගොවිබිමේ සවි කළ වෙස් මුහුණකට බියවීම නිසා අත, කන, කර උගස් කිරීමට සිදුවීමේ අපූරු පුවතක් පසුගියදා වික්ටෝරියා රක්ෂිතයට ආසන්නයේ පිහිටි ගමකින් වාර්තා විය.
ගොවිතැනෙන් මූලික ජීවනෝපය සරිකරගත් පිරිසක් මෙම ගම්මානයේ විසූහ.
මෙම ගම්මානයේ ගොවිතැනට කාලාන්තරයක් තිස්සේ බලපාන ප්රධාන ගැටලුව වූයේ වනසතුන්ගෙන් තම වගාවන්ට සිදුවූ වගා හානිය වළක්වා ගැනීමය.
මෙසේ හානී සිදු කළ සත්ත්වයින් අතරින් රිළවුන්ගෙන් වූ හානි බහුල ලෙස වාර්තා විය. මෙම හානිය වළක්වා ගැනීම සඳහා විවිධ උපක්රම යෙදුවත් ඉන් ප්රතිඵලයක් නම් නොවීය.
එමනිසා මහනුවර නගරයට පැමිණි එක් ගොවියකු වෙස් මුහුණුක් සමග රාත්රී කාලයේ පැල් රැකීමේදී වෙහෙස නිවා ගැනීම සඳහා අති විශේෂ පානයක්ද රැගෙන ගියේය.
එදිනම වෙස් මුහුණ ගොවී බිමේ සවි කළ ගොවියා, සවස් කාලයේ මදු විතෙන් සප්පායම්වී තමන් විසින් යෙදූ උපක්රමය අනෙක් ගොවීන්ට ද පවසමින් තම වගා බිමට යන්නට විය.
එසේ එද්දි වෙනදා නොමැති පාළු දැනෙන්නට වූ අතර එක්වරම ඈතින් යම් ශබ්දයක් ඇසී ඒදෙසට යාමේදී ඈතින් දක්නට වූ දෙයින් ඔහු බියට පත්වී හොල්මනක්, යකෙක්, යකෙක් කියමින් ආපසු නිවස බලා දිව යන්නටත් විය. ඒ අතරම ඔහු බිය වූ බව ආරංචිය ද ගමපුරා පැතිරෙන්නට විය. පසුව පසුදා ගමේ තරුණයින් පිරිසක් ගොවි බිමට ගොස් බැලූ_ අතර කිසිදු හෝඩුවාවක් දක්නට නොලැබුණු අතර දක්නට ලැබුණු එකම දේ වූයේ ගෙවිබිමේ වූ වෙස් මුහුණ පමණි.
දින කිහිපයක් සිහි විකලෙන් පසුවූ ගොවියාට කළ සාත්තු කිසිවකින් සුවය නොලැබුණු තැන අවසානයේ අත, කන, කර උගස්කර පැවැත් වූ තොවිලයකින් පසු ඔහු සූවය ලද බවට වාර්තා විය.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රිළවුන් බයකරන්න ගිහින් තමන්ම බයවී තොවිලයකුත් කරලා