
(කටුගස්තොට ධම්මික ගුණවර්ධන)
දුම්බර මිටියාවතේ සංචාරයේ පැමිණි පිරිසක සිටි කාන්තාවන් තිදෙනකුගේ තිසරපට රිළවුන් තිදෙනකු පැහැර ගැනීමෙන් වූ අකරතැබ්බයක් පිළිබඳ පාතදුම්බර වත්තේගම ප්‍රදේශයෙන් වාර්තා වේ.
සිද්ධිය සැකවින් මෙසේයි.
කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ සේවක පිරිසක් ඉකුත් සතිඅන්තයේ දුම්බර මිටියාවතේ සුන්දරත්වය දැක ගැනීමට පැමිණ ඇත.
එසේ යන ගමනේ දොළොස් දෙනෙකුගෙන් සමන්විත පිරිසේ සිටි කාන්තාවන් තිදෙනාගේ බලවත් ඉල්ලීම පරිදි වත්තේගම ‘රහස් ඇල්ලේ’ දිය නෑමට ඔවුනට සිත් පහළවී ඇත්තේ එහි ඇති ස්වභාවික නාන තටාකවලින් ද සමන්විත සුන්දරත්වය නිසාමය.
ඇඳ සිටි ඇඳුම් එහි වූ ගල් තලාවක උනා දමා දිය නෑමට සුදුසු ඇඳුමින් සැරැසී දියබුන් ගසමින් විනෝද වූ පිරිස නැවත පැමිණීමට සැරසෙත්ම ගල්තලාව ආසන්නයේ සිටි රිළා රංචුවක රිළා නාම්බන් තිදෙනකු වහා කාන්තාවන් තිදෙනාගේ තිසරපට රැගෙන පලා ගියේ කාන්තාවන් තිදෙනා පමණක් නොව සෙස්සන් ද අන්දමන්ද කරමිනි.
කෙසේ නමුත් අවසානයේ සංචාරයට පැමිණි පිරිසේ සිටි පිරිමින් කිහිප දෙනකු වත්තේගම නගරයට ගොස් අවශ්‍ය මිමි පවසමින් තිසරපට තුනක් මිලදී ගෙන නැවත රහස් ඇල්ලට පැමිණි බව වාර්තා වේ.
(කටුගස්තොට ධම්මික ගුණවර්ධන)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම විනෝදජනක සිද්ධියක්!
ගිය ආත්මේ ඇඳුරුම්කමක්වත් මතුවුණාද?
ඇයි අනේ රිලව් කියලා නෙමෙයි... මේ අයටත් ඒවායේ කිරි සුවඳ දැනෙන්න ඇති...