IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


රිළවු එළවන්න පුහුණුවට ආ පිරිස දැක ගම්මු බයවෙලා

දේශපාලන උණුසුම සමඟ පසුගිය දිනක මාවතගම ප‍්‍රදේශයේ සැරිසැරූ මැර කණ්ඩායමක් පිළිබඳ ආරංචියක් පැතිරයාම නිසා ගම්මාන කීපයකම වැසියෝ බියෙන් ඇළලී ගියහ.

තුවක්කු අතැතිව, පොලූ මුගුරු හා වක් පිහියා අතැතිව, කොට කලිසම් හා තොප්පි පැළඳ සිටි මේ දහ පහළොවකින් යුතු කණ්ඩායම ඇතැමෙක් උඩුකය ද නිරුවත්ව සිටි බව ද දුටු අය ගම් වැසියන්ට පවසා තිබිණි. පැයකින් දෙකකින් ගම් 2x3ක මේ පිළිබඳ ආරංචිය පැතිර ගියේය.

විවිධ පක්‍ෂවල දේශපාලනය කරන පිරිස මේ කට කතාව පිළිබඳ ඇතැමෙක් සැක කළහ. බියට හා සැකයට පත්වූ ඔවූහු ඇතැමකු පැවසුවේ මැර කණ්ඩායම් ගම්මානවලට එවා ඇති බවයි. අවසානයේ එක්තරා තරුණයකු මේ මැර කණ්ඩායම පිළිබඳ සොයා බලන්නට යතුරුපැදියකින් එම පිරිස සිටින ආසන්නයට ළඟාවී හිතවතුන්ගෙන් ඒ පිළිබඳ විමසා බැලීමට තීරණය කළේය.

එම ප‍්‍රදේශයේ ඇති පොල්වත්තක පොල් අස්වනු විනාශ කරන රිළව් කණ්ඩායම් එළවීමට එම වතුයායේ මුරකරුවන් පුහුණු කරන වැඩමුළුවකට සහභාගි කළ පිරිසක් එහි සිටි බව පසුව දැන ගන්නට ලැබිණි. කට කතාව පැතිර ඇත්තේ ඔවුන් පිළිබඳව බවත් හෙළිවිය.



අදහස් (0)

රිළවු එළවන්න පුහුණුවට ආ පිරිස දැක ගම්මු බයවෙලා

සම්පත් Wednesday, 22 July 2015 09:33 AM

ඔව් ඔව් එන පොට හොද නෑ කෙල්ල ගෙට ගන් කිව්වලු (බ)

:       0       0

ජයමාල් Friday, 24 July 2015 03:17 AM

රිලව් එළවන්න එපා උන් අපේ රටට ආවේණික විශේෂයක්. අපේ පැත්තෙ දැන් වඳුරෙක් වත් නෑ. මේ පැත්තෙ ගෑණු දෙන්නෙක් එකහුවෙලා උන්ව එළවනවා. (ම)

:       0       0

ගුණවර්ධන Wednesday, 22 July 2015 06:02 PM

සම්පත්, නියම කතාව. කෝ මේ රූපවති නංගි අදහස් දාන්නේ නැද්ද? (නි)

:       0       0

චතුරි Wednesday, 22 July 2015 08:56 PM

කොහොමත් ඔය කියන කට්ටිය දැකපු ගමන් රිළවු පැනලා යයි (නි)

:       0       0

රූපවතී Thursday, 23 July 2015 07:49 PM

මම ටිකක් සද්ද නැතුව හිටියේ අපේ පළාතේ නිසයි.කොහෙද මගේ නම අඬගහලා කෑ ගහනවානේ...? සද්දෙට මම බැලුවේ රිළා පැංචෙක් රංචුවෙන් මඟහැරිලාවද්ද කියලා (නි)

:       0       0

ගමගේ Wednesday, 22 July 2015 08:04 AM

මම හිතුවා පරයන් පුහුණුව ලබන කණ්ඩායමක් කියල. මාවතගම තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේද? (බ)

:       0       0

ගුනවර්දන Wednesday, 22 July 2015 08:32 AM

මේ රිලව් එළවීම කෙසේ වෙතත් මේ අය ගමෙන් එලවා දමන්නට ඉක්මනට සුදානම් විය යුතුයි. නැත්නම් ගමේ ඉන්න කෙල්ලන්ගේ ආරක්ෂාවට කුමක්වෙයිද ? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1312 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 452 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site