IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


රළු මුහුදේ නෑම වැළකූ ජීවිතාරක්ෂකට පොලූපහර

මුහුදේ නාමින් සිටිය දී රළ පහරට හසුවී අනතුරකට ලක්වීමට ගිය පිරිසක් එයින් බේරා ගැනීමට උපදෙස් දුන් ජීවිතාරක්ෂක සේවකයකුට එම පිරිස විසින් ස්තූති කරනවා වෙනුවට නෑමට බාධා කළේ යැයි උරණ වී පොලූ පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධියක් බෙන්තොට මුහුදු වෙරළේ දී සිදුවිය.

මේ දිනවල බෙන්තොට මුහුදු තීරයේ නෑම අනතුරුදායක නිසා ඒ බව හැඟවීමට රතු කොඩියක් ද වෙරළේ සවිකර තිබේ.

ඒ ගැන නොතකා බොහෝ දෙනා මුහුදේ නෑමට පෙළඹී සිටිති.

එවැනි පිරිසක් මුහුදේ නාමින් සිටිනු දුටු බෙන්තොට මුහුදු වෙරළේ ජීවිතාරක්ෂක ඒකකයේ සේවකයකු වූ ඩබ්ලිව්. කුමාර  සිල්වා මහතා වහා මුහුදට බැස නලාවක් ශබ්ද කර මුහුදේ රළ පහර වේගවත් බව හඟවා දියඹට නොගොස් ගොඩට එන ලෙස එම පිරිසට දැන්වීය. එහෙත් ඔවුන් එම දැන්වීම නොතැකූ නිසා තවත් කීපවරක් කුමාර මහතා මෙම අනතුරු හැඟවීම කළේය.

එවිට එම පිරිසෙන් කීප දෙනෙක් ගොඩට පැමිණ නෑමට බාධා කළේ යැයි බැණ වදිමින් කුමාර මහතා එළවාගෙන ගොස් ඒ අසල තිබූ මුහුදේ අනතුරු බව හඟවන රතු කොඩිය සවිකර තිබූ ලීය ගලවා එයින් කුමාර මහතාට පහරදී ඇත. මේ හේතුවෙන් පිට පෙදෙසට තැලූම් තුවාල ලද කුමාර මහතා බෙන්තොට පොලිසියට පැමිණිල්ලක් ද කර ප‍්‍රතිකාර ලබා ගැනීමට රෝහල්ගත විය.

පසුව වෙරළේ සිටි තවත් පිරිසක් මේ අරගලය සමථයට පත් කිරීමට යාමේදී කුමාර මහතාට පහරදුන් පිරිසේ අයකු ද තුවාල ලබා තිබිණි.

කෙසේ හෝ පසුව පොලිසිය මැදිහත් වී දෙපාර්ශ්වයේම එකඟතාව මත මෙම ආරවුල සමථයකට පත් කළේය.

වසර ගණනාවක් තිස්සේ මුහුදේ ගිලීමට ගිය සිය ගණනක් බේරාගැනීමට දායකවී සිටි තමාට ප‍්‍රථම වරට සිදුවූ මෙම අලකලංචිය අමතක නොවන සිද්ධියක් වූ බව කුමාර මහතා පැවසීය.



අදහස් (0)

රළු මුහුදේ නෑම වැළකූ ජීවිතාරක්ෂකට පොලූපහර

අවිශ්ක Monday, 26 August 2013 10:44 AM

අයෙමත් වරුණ මෝඩ කතාවක් කියලා වගේ. (ස)

:       0       0

ගයා Tuesday, 27 August 2013 05:59 AM

එක පාරක් කියලා අහන්නේ නැත්තම් මැරෙන්න අරින්න. ඔය වගේ අය ජීවත් වුනත් අනිත් මිනිස්සුන්ට කරදරේ. (නි)

:       0       0

නිශාර්ඩ් Monday, 26 August 2013 11:08 AM

කුමාර මහත්තයෝ, ඔය වගෙ වසලයෝ අද සමාජයේ ඕනෙ තරම් ඉන්නවා. ඔබ කරන සේවයට ශිෂ්ට සම්පන්න මිනිසුන්ගෙ ප්‍රණාමය ඔබට සැමදා තියේවී. (ස)

:       0       0

පිටිගල Friday, 23 August 2013 02:18 PM

මත්පැන් බීලා මුහුදේ නාන කොට විනෝදය සනීපය වැඩිද ? මම බීලා මුහුදේ නාල නැහැ . දන්නේ නැති නිසයි අහන්නේ. (ස)

:       0       0

ජූඩ් Monday, 26 August 2013 05:44 PM

කොහොමත් බිවුවහම අපේ කට්ටිය වීරයෝ වෙනවනේ. පොලිචිය ක්‍රියා කළ ආකාරය වැරදියි. ගහපු කට්ටියව හිර කරන්න තිබුනා. (නි)

:       0       0

ප්‍රියන්ත Saturday, 24 August 2013 10:17 AM

බෙන්තර ගගෙන් එහානම් ඉතින් කතාකරල වැඩක් නෑ.(නදී)

:       0       0

ගමගේ Friday, 23 August 2013 02:55 PM

මම නම් දකින්නේ අපේ රටේ බලධරයන්ට අවනත වීම මදිකමක් යැයි සලකන සමජයකුයි බිහිවෙලා තියෙන්නේ.ඒ නිසා අර මනුස්සයා කියපු දේ අහන්නේතුව ගහලා තියෙන්නේ. සමාජය වල් බිහිවෙලා තියෙන්න, මතකනේ දවස් කීපයකට ඉස්සෙල්ලා එකම පන්තියේ ළමයෙකුට ගහලා වීඩියෝ කරලා තිබ්බේ. ඒකයි දැන් රටේ තත්වය. වෙනස් කරන්න ගොඩක් අමාරුයි. (ස)

:       0       0

චතූ Friday, 23 August 2013 09:52 AM

ඕකට කියන්නේ වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුනා කියලා.(නදී)

:       0       0

රෝහන Saturday, 24 August 2013 10:24 AM

අද අපේ මව්බිමේ සදාචාරය මනුස්සකම නැති වෙලා ඉවරි. අද දෙමපියුනුත් එම අය බිහිකරන දරුවනුත් හැසිරෙන්න මිනිසුන් වගේ නොවී තිරිසන්නු වගේ (අ)

:       0       0

හේරත් Sunday, 25 August 2013 11:17 AM

මැටි හරක් ටිකක්.(නදී)

:       0       0

සුරංග Friday, 23 August 2013 09:36 PM

මනුස්සකම කෝ? (දී)

:       0       0

සමන්ත Friday, 23 August 2013 10:32 AM

බෙන්තොට.......... අර ගහපු කට්ටිය යහතින් ගෙදර ගිහිල්ලද?මම නම් හිතන්නේ නැ අතපය තියනවද දන්නේ නැහැ.(නදී)

:       0       0

ජයන්ත Friday, 23 August 2013 10:38 AM

ලංකාවේ කව්ද ඕවා කරන්න යන්නේ. ඕනෑ කෙනෙක් පිනාලා ගිහින් මැරුණත් බේරා ගන්න යන්න එපා. මේ අය හරිම දරුණු මිනිසුන්. කිසිම හැදියාවක් නැති ජාතියක්.(නදී)

:       0       0

රූපවතී Friday, 23 August 2013 10:42 AM

මට මේක කියවල ,හිනහව නවත්වා ගන්න බැරුව කදුළුත් ආවා..මට මතක් උනේ මහදැනමුත්තයි ,ගෝලයෝ රොත්තයි ,,,,?(නදී)

:       0       0

විරිදු Friday, 23 August 2013 10:47 AM

මැරෙන්න දුන්නනම් ඉවරනේ.. ඉවක් බවක් නැති අමනුස්සයන්ට...(නදී)

:       0       0

ආනන්ද ආර් Sunday, 25 August 2013 05:43 PM

මේක වර්තමාන ශ්‍රී ලංකාවේ වුනු සිද්ධියක් නිසා "දෙයියෝ සාක්කි" කියන්න තරම් අරුමයක් නැහැ. ඒත් අපේ රටට, සදාචාරයට සිදුවෙලා තිබෙන අපරාධය ගැන කනගාටු හිතෙනවා..(දී)

:       0       0

නිමන්ත Saturday, 24 August 2013 11:39 AM

ප්‍රියන්ත, උඩින් පල්ලෙන් බලල ප්‍රතිචාර දාන්න එපා. කොතනද තියෙන්නෙ මෙතන වැරැද්ද කරේ දකුණෙ කෙනෙක් කියලා.(නදී)

:       0       0

ශාන් Friday, 23 August 2013 10:59 AM

පව් වැඩේ.මහා ජරා වැඩ.(නදී)

:       0       0

ගමගේ Saturday, 24 August 2013 11:46 AM

ඉන්දු ඔයා පිස්සු නම් කතා කරන්න එපා. ඒ ගොල්ලන්ව එහෙම මරන්න දෙන්න බැහැ. ඒ ගොල්ලා බේරාගන්න අපි හොදට සංවිදානය වෙලයි ඉන්නේ. නිකන්වත් එහෙම හිතන්න එපා. ඒ අය මේ බිපු කොල්ලෝ වගේද?(නදී)

:       0       0

පහන් Friday, 23 August 2013 04:04 PM

පිටිගල හොද ප්‍රශ්නයක්. සමහරවිට වීර ක්‍රියාවක් කරනවා කියන හැගීම දැනෙනවා ඇති .අපේ අයට වැවක්, දිය ඇල්ලක් දැක්කහම තමා නාපු නැති වග මතක් වෙන්නේ . (ස)

:       0       0

වරුණ Friday, 23 August 2013 04:06 PM

අද ලංකාවේ බොහොමයක් කළගුණ නොදත් ජාතියක් බවට පත්වීගෙන යනවා එයයි පිරිහීමට මුල. (ස)

:       0       0

ඩෙනම් Friday, 23 August 2013 11:18 AM

මාත් බෙන්තොට මුහුදු වෙරල තීරයට ගිහින් තියෙනවා , ඔතන ඉන්න ජීවත ආරක්ෂක කට්ටියත් සමහරක් වෙලාවට බීලයි ඉන්නේ,හොඳින් කිව්වොත් ලංකාවේ පොඩි ළමයෙක් වුනත් අහනවා , කුණුහරපෙන් කිව්වොත් කාටත් කේන්ති යනවා.මට මේක සැක සහිතයි .මෙතන වෙන යම් කිසි දෙයක් සිද්ද වෙලා ඇති .(නදී)

:       0       0

චන්දි Saturday, 24 August 2013 12:06 PM

නිමන්ත! ඔයාට ස්තුතියි ., මන් දැක්කා කිහිප පළකම දකුණට අපහාස කරලා තියෙනවා ,සමහර අය හොදට කියවන්න දන්නේ නැහැ මට හිතෙන්නේ .(නදී)

:       0       0

සෙන්තිල් Monday, 26 August 2013 06:44 PM

මට නම් ඔක්කොම එකයි (නි)

:       0       0

මාධවී Monday, 26 August 2013 07:31 AM

ඔන්න ඉතින් ප්‍රියන්තට මතු වුනා ගඟෙන් මෙහා ගතිය.ඕක ඉතින් කවදාකවත් මකන එක බොරු. (නි)

:       0       0

චන්දි Friday, 23 August 2013 05:16 PM

කොච්චර කිව්වත් අහන්නේ නැතිලු.වෙරළාරක්ෂක අයගේ බෝට්ටුවකුත් පෙරලලා කියලයි දැනගත්තේ. මගේ නෑදෑ වෙන පුතෙක් වෙරළාරක්ෂක කෙනෙක් හැටියට දැන් බෙන්තොට සේවය කරනවා. කියනදේ අහන්නේ නැත්නම් මැරෙන්න දුන්නා නම් එක්කෙනෙකුට අනෙක් අයවත් බය වෙලා නොගිහින් ඉදිවී (නි)

:       0       0

චන්ද්‍රා Monday, 26 August 2013 07:37 AM

ඕකටනේ කියන්නේ කියන දේ නාහන එකා උඩින් ගියත් එකයි බිමින් ගියත් එකයි කියලා.මැරෙන්න නියම වෙලා හිටපු එක මරණෙන් බේරගත්තට කෙලෙහිගුණ සළකන්න පොලුපාර දීලා.මේ ගොල්ලන්ට තමා කියන්නේ ලෝකෙට පව් දෙන්න උපන් අය කියලා. (නි)

:       0       0

දනු Tuesday, 27 August 2013 02:07 PM

මැරෙන්න අරින්න තිබුනේ, ජීවිත ආරක්ෂක සේවක මහතාට ඉක්මන් සුව (දී)

:       0       0

මැණික් Saturday, 24 August 2013 01:40 PM

මම බෙන්තර සංචාරක හෝටල් 2ක අවුරුදු 4ක් වැඩ කරලා තියෙනවා... මේ කියන පහරදීම වියහැකි උනත්. වෙරල ඉන්න අය හා ඒ අවට අය කිසිම මානුෂික හැගීමක් නැති අය. (නදී)

:       0       0

මනෝජ් පිරිස් Friday, 23 August 2013 12:17 PM

ලංකාවේ සුලභ දෙයක් රාජකාරිය හරියට නොකිරිම, මිනිස්සු මුහුදට බහින කල් ජීවිත ආරක්ෂක කොහෙද හිටියේ මුහුදට බැස්සට පසු අනතුර ගැන පහදලා දුන්නද? නැත්නම්....... මේක මගේ මුහුද , එහෙමද කිවුවේ (ස)

:       0       0

ප්‍රදීපා Friday, 23 August 2013 12:23 PM

හොඳින් හෝ නරකින් කිව්වත් ඒ කියන්නේ ඒ මහතාගේ ආරක්ෂාවට නෙවෙයිනේ. හිතන්න ඕනේ ඒ අපේ ආරක්ෂාවටයි කියලා. තමුන්ගේ ජීවිතේ ආරක්ෂා කරගන්න කියලා වැඳලා කියන්න නැතුව ඇති සමහරවිට.(දී)

:       0       0

ලක්ෂිත ප්‍රංශය Sunday, 25 August 2013 01:34 PM

දෙන්න ඕනේ හොදට රිදෙන්න. කුමාර මහතාට ඉක්මන් සුව.(නදී)

:       0       0

වරුණ Monday, 26 August 2013 09:39 AM

බෙන්තර ගඟෙන් එහා පැත්තේ හින්දා පුදුම වෙන්න දෙයක් නෑ!(නදී)

:       0       0

ඉන්දු melbourne Saturday, 24 August 2013 05:15 AM

හරක් ! මැරෙන්න අරින්න තිබුනේ, ජීවිත ආරක්ෂක සේවක මහතාට ඉක්මන් සුව !(නදී)

:       0       0

පිටිගල Friday, 23 August 2013 01:14 PM

සේරටම හේතුව කාගේ කාගෙත් බීඹත්කම. මූදට නාන්න එන අය 75% ක්ම බීලා ඉන්නේ.(නදී)

:       0       0

ඉෂාර Friday, 23 August 2013 01:23 PM

රාජකාරියට බාධා කිරීම කියලා නීතිමය ක්‍රියා මාර්ග ගන්න බැරිද? (ස)

:       0       0

බමුණු Friday, 23 August 2013 01:37 PM

"මට මේක කියවල ,හිනහව නවත්වා ගන්න බැරුව කදුළුත් ආවා..මට මතක් උනේ මහදැනමුත්තයි ,ගෝලයෝ රොත්තයි ,,,,?" මට පනයනකන් හිනාව මොකද රූප ව්ති නැන්දගේ කොහෙද යන්නේ මල්ලේ පොල් කතාවට. මහදැනමුත්තයි ,ගෝලයෝ රොත්තයි කොහොමද මේ කතාවට එකතු වෙන්නේ? අනේ නැන්දේ පොඩ්ඩක් කියනවද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 582 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 729 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 639 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


ඉඟිය වැරදී අවුරුදු උළෙලේ ජරමරයක්
2025 අප්‍රේල් මස 29 1235 0

සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු‍ දිසාවේ ගමකින


යතුරු මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 28 715 0

අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට


අවුරුදු උළේලෙ සැගවුණූ අමුත්තාට දරුවකු සමග තරුනියක් තෑගි
2025 අප්‍රේල් මස 26 771 0

අවුරුදු උත්සවයේ සැඟවුණ අමුත්තා ලෙසින් සිදු වූ වැරදීමකින් සැඟවුණ අමුත්තාට ලැබුණු අපුරු ත්‍යාගයක් පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 614 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 155 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1181 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site