(උණවටුන - ඩී.ජී. සුගතපාල)
අකුණු ගසමින් ඇද හැලෙන ධාරාණිපාත වැස්සය. නගරයේ මංමාවත් සියල්ලම පාහේ යටවී ඇත. බස් නැවතුමේ සිටි මව සහ දියණිය තද සුළඟින් හමා එන වැහිපොදවලින් බේරීමට ඒ මේ අතට කැරකුණත් බේරීම පහසු නොවීය.
“අම්මේ අදනං ගෙදර යන්න වෙන්නේ නැහැ වගෙයි. අපේ පාරෙ යන බස් එකත් නැහැ. පාරෙ වතුර පිරිලා ඇති. එහෙම වුණොත් බස්එක එන එකකුත් නැහැ” දියණිය අම්මාට කීවාය.
“අපි බලමු තව ටිකක් පායාවිද කියලා. අපේ පාරෙ බස් එක නාවොත් ත්‍රිවිල් එකකවත් යමු” අම්මා යෝජනා කළාය.
එහෙත් වැස්ස පායනවා වෙනුවට තවත් තද කළේය. එනිසා බස් නැවතුම ඉදිරිපිට නවතා තිබූ ත්‍රිරෝද රථයකට දුව අත වැනුවාය. අධික වැස්ස නිසා දෙපසම තිර රෙදිවලින් ආවරණය කරන ලද ත්‍රිරෝද රථය බස් නැවතුමේ වේදිකාව අසළට ළඟාවිය. පළමුව දියණිය ගොඩ වූ අතර පසුව මව ගොඩ වූවාය.
මව මැදි වයස ඉක්මවා සිටි අතර දියණිය අවුරුදු විසි පහක තරම් වයසේ විය. ත්‍රිරෝද රියේ වාඩි වූ පසු ඇය ඇඳ සිටි කොට ගවුම තවත් ටිකක් දණ හිසෙන් උඩට හැකිලී ගියේය. වතුර දෙබෑ කරමින් යමින් සිටි ත්‍රිරෝද රථයේ රියැදුරා වේගය මදක් අඩුකොට එක් වරම දියණිය වාඩිවී සිටි අසුන යටට අත දමන්නට විය.
එසේ අත දමනවිට ඔහුගේ අත ඇයගේ දකුණු කකුලේ වැදිණ. මෙය දුටු අම්මාට ඉහවහා කෙන්ති ගියාය. “මොකද ඕයි ගැනු ළමයින්ගේ කකුල් අත ගාන්නේ. තමුසෙ ඒකට වෙන කෙනෙක් හොයාගන්නවා.”
“අපොයි මං කකුල් අත ගෑවෙ නැහැ. මම රිසව් එක දැම්මා.” රියැදුරා කීවේය.
අම්මාගේ කට වැසීමට දියණිය කොතෙක් උත්සාහ ගත්තත් වැඩක් නොවීය. ගෙට ගොඩ වූ ගමන්ම “ත්‍රීවීල් ඩ්‍රයිවර් අක්කාගේ කකුල අතගෑවා” යයි මව පුතාට කීවාය. වහාම පුතා ආවේ ත්‍රීවිලරයට යාමට ඉඩ දීමට නොවේ. එහෙත් රියැදුරා කරුණු පැහැදිලි කිරීමෙන් පසු “හරි හරි යන්න අයියා” කියමින් ඔහු රියැදුරාගේ පිටට තට්ටුවක් ද දැම්මේය.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
රිසව් දාන්න ගිහින් ත්‍රිරෝද රියැදුරුට තොප්පියක්
රිතික් Thursday, 24 May 2018 04:30 PM
බස්වල කෝච්චි වල යනකොටත් රිසව් දානවා මම