එදා ද උණුසුම් රාත්‍රියකි. වේලාව මැදියම් රැයට ආසන්නය. පාර අයිනේ තිබූ වත්තක තැඹිලි ගහකට කළුවරේම බඩගාන අයෙකි. ගහ මුදුනට පැමිණි ඔහු තැඹිලි ගෙඩි දෙකක් කඩා, එකක් කටින් එල්ලාගෙන අනෙක අතේ රඳවාගෙන බහින්නට විය. ගහමුලට පැමිණි ඔහුට යමෙක් තදින් තමාව අල්වා ගන්නවා දැනිණි. ඔහුට ඉබේටම කෑ ගැසිණි. ගස යට සිටියේ තැඹිලි ගහේ හිමිකරුය. හොරාගේ මුහුණට විදුලි පන්දම එල්ල කළ ඔහු විස්මයට පත්විය.
හොරා අන් කිසිවෙක් නොව යාබද නිවසේ හිමිකාරියගේ පුතාය. “අනේ මාමේ අම්මට කියන්න එපා. රස්නේ හින්දයි කැඩුවේ” ගැටවරයාගේ ආයාචනය විය. ඔහුගේ මුව තම අතින් වැසූ තැඹිලි ගසේ හිමිකරු ඔහුගේ හිස පිරිමැද “ශබ්ද කරන්න එපා” යැයි පවසා ඔහු මුදා හැරියේය. පසුව තැඹිලි ගසේ හිමිකරු කාටත් හොරා හීන් සිරුවේ තම නිවසට ඇතුල් විය.
ක්‍රිස්ටෝපර් සීපියන් අනුරාධපුර.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒත් මට නම් ඇල්ලුවේ නැහැ මේක වැඩිය. ඔලුවත් අතගාලා කටත් අතින් වහලා. අනිත් එක අයිතිකාරයා කාටත් හොරෙන් හිමින් සීරුවේ ඇයි ගේ ඇතුළට ගියේ...?අනික ඇයි මේ ගහේ අයිතිකාරයා මහ රෑ එළියට ආවේ? මට නම් හරිම සැකයි මේක අද කාලේ අහන දේවල් නිසා.... (නි)
හරිම අපුරුයි වැඩේ. බලාන ගියාම මාමත් කොහේ හරි හොර කොටුවක් පැනල වගේ. ඒ වගේම අහන්නත් සන්තොෂයි අද කාලේ අයට ගස් යන්න පුළුවන් වීම ගැන.(අ)
අයියෝ! ඔලුවත් අතගාලා අතින් කට වහලා තියෙන්නේ කොලුවාගේ අම්මාට ඇහැරෙයි කියලා. තමන්ගේ වත්තේ තැඹිලි හොරෙන් කඩනකොට මහ රෑ එළියට එන්නේ නැතුව එළවුණාම එන්නද? (නි)
මට නම් පෙනෙන්නේ අන්කල් රාත්‍රියේම කොහේහරි මගොඩියක යන ගමන් අහම්බෙන් මේක අහුවුණේ. කලබල කරන්න ගිහින් ගෙදර මායියා ඇහැරුනොත් ඔක්කොම හබක් නිසා කොල්ලට බෝනස් සමාවක් දීලා අන්කලුත් ෂේප් වුණා (නි)
සිරිපාලට ඕකවත් තේරුම් ගන්න බැරිද අනේ? (නි)
තැබිලි ගෙඩියක් කඩාගත්තම මොකද වෙන්නේ. (ර)
දැන් කාලේ ගැහැණු ළමයෙක් පරිස්සම් කරනවට වඩා අමාරුයි කොල්ලෙක්ව පරිස්සම් කරන එක (බ)
කවදා හරි මාමගේ ගෙටත් රිංගලා තමයි පුතා පස්ස බලන්නේ..(හේ)
දැං කාටවත් කියන්න එපා කියපු එක කවුද කිව්වේ.(හේ)
තවමත් ගස් බඩගාන්න පුළුවන් ගැටවරයෝ ඉන්න එක ගැන සන්තෝෂයි.(හේ)
තණකොළ තියනවද බලන්න ගහේ නගින්න ඇති. (ර)
ගැටවරයාගේ ක්‍රියාව අනුමත නොකළත්, තැඹිලි ගසේ හිමිකරුගේ කරුණාවන්තකම අගයමි. ගැටවර වයසේ දඟකාරකම්නේ. මැදියම් රැයේ ගස් බඩගාපු එක ගැන නම් මීට වඩා සැළකිලිමත් වෙන්න තිබුනා. අතින් කටින් තැඹිලි එල්ලාගෙන ගසින් බසිනවිට අනතුරක් වුණොත් කාට කියන්නද...? (නි)
හරිම හිත හොඳ මනුස්සයෙක් (නි)
හොරකමට අනුබලදීමක්. වැරදි ක්‍රියාවක් මාමා කරලා තියෙන්නේ. (නි)
කරුණාවන්ත මහත්මයෙක් වගේ. දෙකක් කැඩුවේ ඉතින් බොන්නමනේ. (නි)
අද අප්‍රියෙල් පළවෙනිදානේ (නි)
තේරෙන්නේ නැද්ද? මමත් තැඹිලිගෙඩියක් බීලා එනගමන් තමයි වැඩේට අහුවුණේ. (බ)
ඒ පැත්තේ ඉන්නෙම මේ වගේ අය තමයි (නි)
අල්ලපු ගෙදර මනුස්සයනේ...! (නි)