IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රස්නේ නිවාගන්න අල්ලපුගෙදර තැඹිලි ගහට බඩගාලා

එදා ද උණුසුම් රාත්‍රියකි. වේලාව මැදියම් රැයට ආසන්නය. පාර අයිනේ තිබූ වත්තක තැඹිලි ගහකට කළුවරේම බඩගාන අයෙකි. ගහ මුදුනට පැමිණි ඔහු තැඹිලි ගෙඩි දෙකක් කඩා, එකක් කටින් එල්ලාගෙන අනෙක අතේ රඳවාගෙන බහින්නට විය. ගහමුලට පැමිණි ඔහුට යමෙක් තදින් තමාව අල්වා ගන්නවා දැනිණි. ඔහුට ඉබේටම කෑ ගැසිණි. ගස යට සිටියේ තැඹිලි ගහේ හිමිකරුය. හොරාගේ මුහුණට විදුලි පන්දම එල්ල කළ ඔහු විස්මයට පත්විය.

හොරා අන් කිසිවෙක් නොව යාබද නිවසේ හිමිකාරියගේ පුතාය. “අනේ මාමේ අම්මට කියන්න එපා. රස්නේ හින්දයි කැඩුවේ” ගැටවරයාගේ ආයාචනය විය. ඔහුගේ මුව තම අතින් වැසූ තැඹිලි ගසේ හිමිකරු ඔහුගේ හිස පිරිමැද “ශබ්ද කරන්න එපා” යැයි පවසා ඔහු මුදා හැරියේය. පසුව තැඹිලි ගසේ හිමිකරු කාටත් හොරා හීන් සිරුවේ තම නිවසට ඇතුල් විය.

ක්‍රිස්ටෝපර් සීපියන් අනුරාධපුර.



අදහස් (0)

රස්නේ නිවාගන්න අල්ලපුගෙදර තැඹිලි ගහට බඩගාලා

සිරිපාල Friday, 01 April 2016 02:02 AM

ඒත් මට නම් ඇල්ලුවේ නැහැ මේක වැඩිය. ඔලුවත් අතගාලා කටත් අතින් වහලා. අනිත් එක අයිතිකාරයා කාටත් හොරෙන් හිමින් සීරුවේ ඇයි ගේ ඇතුළට ගියේ...?අනික ඇයි මේ ගහේ අයිතිකාරයා මහ රෑ එළියට ආවේ? මට නම් හරිම සැකයි මේක අද කාලේ අහන දේවල් නිසා.... (නි)

:       0       0

අජිත් Monday, 04 April 2016 12:08 PM

හරිම අපුරුයි වැඩේ. බලාන ගියාම මාමත් කොහේ හරි හොර කොටුවක් පැනල වගේ. ඒ වගේම අහන්නත් සන්තොෂයි අද කාලේ අයට ගස් යන්න පුළුවන් වීම ගැන.(අ)

:       0       0

කේ.සිරි Friday, 01 April 2016 05:55 PM

අයියෝ! ඔලුවත් අතගාලා අතින් කට වහලා තියෙන්නේ කොලුවාගේ අම්මාට ඇහැරෙයි කියලා. තමන්ගේ වත්තේ තැඹිලි හොරෙන් කඩනකොට මහ රෑ එළියට එන්නේ නැතුව එළවුණාම එන්නද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 02 April 2016 09:30 AM

මට නම් පෙනෙන්නේ අන්කල් රාත්‍රියේම කොහේහරි මගොඩියක යන ගමන් අහම්බෙන් මේක අහුවුණේ. කලබල කරන්න ගිහින් ගෙදර මායියා ඇහැරුනොත් ඔක්කොම හබක් නිසා කොල්ලට බෝනස් සමාවක් දීලා අන්කලුත් ෂේප් වුණා (නි)

:       0       0

ඉම්රාන් Saturday, 02 April 2016 09:36 AM

සිරිපාලට ඕකවත් තේරුම් ගන්න බැරිද අනේ? (නි)

:       0       0

නීල් Friday, 01 April 2016 04:17 AM

තැබිලි ගෙඩියක් කඩාගත්තම මොකද වෙන්නේ. (ර)

:       0       0

ධනුෂ්ක Friday, 01 April 2016 09:52 AM

දැන් කාලේ ගැහැණු ළමයෙක් පරිස්සම් කරනවට වඩා අමාරුයි කොල්ලෙක්ව පරිස්සම් කරන එක (බ)

:       0       0

රොෂාන් Friday, 01 April 2016 10:23 AM

කවදා හරි මාමගේ ගෙටත් රිංගලා තමයි පුතා පස්ස බලන්නේ..(හේ)

:       0       0

අනුර Friday, 01 April 2016 05:55 AM

දැං කාටවත් කියන්න එපා කියපු එක කවුද කිව්වේ.(හේ)

:       0       0

කසුන් Friday, 01 April 2016 06:16 AM

තවමත් ගස් බඩගාන්න පුළුවන් ගැටවරයෝ ඉන්න එක ගැන සන්තෝෂයි.(හේ)

:       0       0

නවරත්න බණ්ඩාර Friday, 01 April 2016 06:55 AM

තණකොළ තියනවද බලන්න ගහේ නගින්න ඇති. (ර)

:       0       0

ඉනෝකා Thursday, 31 March 2016 09:54 PM

ගැටවරයාගේ ක්‍රියාව අනුමත නොකළත්, තැඹිලි ගසේ හිමිකරුගේ කරුණාවන්තකම අගයමි. ගැටවර වයසේ දඟකාරකම්නේ. මැදියම් රැයේ ගස් බඩගාපු එක ගැන නම් මීට වඩා සැළකිලිමත් වෙන්න තිබුනා. අතින් කටින් තැඹිලි එල්ලාගෙන ගසින් බසිනවිට අනතුරක් වුණොත් කාට කියන්නද...? (නි)

:       0       0

අරවින්ද Thursday, 31 March 2016 10:06 PM

හරිම හිත හොඳ මනුස්සයෙක් (නි)

:       0       0

ජනක Thursday, 31 March 2016 10:29 PM

හොරකමට අනුබලදීමක්. වැරදි ක්‍රියාවක් මාමා කරලා තියෙන්නේ. (නි)

:       0       0

සරත් Thursday, 31 March 2016 10:56 PM

කරුණාවන්ත මහත්මයෙක් වගේ. දෙකක් කැඩුවේ ඉතින් බොන්නමනේ. (නි)

:       0       0

නීල් Saturday, 02 April 2016 04:52 AM

අද අප්‍රියෙල් පළවෙනිදානේ (නි)

:       0       0

චන්දි Friday, 01 April 2016 08:04 AM

තේරෙන්නේ නැද්ද? මමත් තැඹිලිගෙඩියක් බීලා එනගමන් තමයි වැඩේට අහුවුණේ. (බ)

:       0       0

අශිකා Friday, 01 April 2016 12:17 AM

ඒ පැත්තේ ඉන්නෙම මේ වගේ අය තමයි (නි)

:       0       0

රන්ජිත් Friday, 01 April 2016 03:17 PM

අල්ලපු ගෙදර මනුස්සයනේ...! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 93 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 896 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site