සෑම වැටුප් දිනකම තුරඟ තරග සඳහා රුපියල් දස දහසක් ඔට්ටු ඇල්ලීම ඔහුගේ සිරිතය. එදිනද වැටුප් ලබාගත් ඔහු ගියේ අශ්ව රේස් ඔට්ටු පොළකට ය. මෙවැනි ස්ථානවල පිටරටවල තරග වදින අශ්වයින් සහ සුනඛයින්ගේ තරග රූපවාහිනී තුළින් සජීවීව විකාශනය කරන අතර දිනන මුදල ඒ මොහොතේම ලබාදීම ද සිදුවෙයි.
පඩි පැකට්ටුවෙන් රුපියල් දසදහසක් කමිස සාක්කුවට දමාගත් හෙතෙම ඉන් දෙදහසක් එවෙලේ දුවන අශ්වයකුගේ නමට තුණ්ඩුවක ලියා කවුන්ටරයට භාරදුන්නේය. රේස් බුකිය ඔට්ටු අල්ලන්නන්ගෙන් පිරී තිබිණි. තරගය ආරම්භ විය. සෑමදෙනාගේම පැතුම තමන් ඔට්ටු ඇල්ලූ අශ්වයා ජයග‍්‍රහණය කරනු දැකීමය. තරගය නිමාවිය. ඔහු ඇල්ලූ අශ්වයා පැරදුණි. එහෙත් ඉන් පසු නොබැස්ස ඔහු නැවතත් රුපියල් දෙදහසක් ඔට්ටු ඇල්ලීය. එම තරගය නිම වූයේ ඔහු ඇල්ලූ අශ්වයා ජයග‍්‍රහණය ලැබීමෙනි. ඒ සඳහා මොහුට මුදල් කවුන්ටරයෙන් රුපියල් හයදහසක් ලැබිණි. හෙතෙම ඉන් පසුව ඔට්ටු ඇල්ලූ සෑම තරගයක්ම පරාජයට පත්විය. අවසානයේදී ඔහු අත ඉතිරිවූයේ ඔට්ටු ඇල්ලීමට වෙන්කළ රුපියල් දෙදහසක් පමණි. පසුව පැවතියේ ති‍්‍රමාණ රූප සහිත කොම්පියුටර් අශ්වයින්ගේ තරගයකි. ඉතිරිව තිබූ මුදලින් ඔහු කොම්පියුටර් අශ්වයෙකුට ඔට්ටු ඇල්ලීය. තමා ඇල්ලූ අශ්වයා ඉදිරියෙන්ම පැමිණියත් අවසානයේදී වෙනත් අශ්වයෙකු ජයග‍්‍රහණය කිරීම නිසා එම මුදල බුකියට සින්න විය. එහෙත් කොම්පියුටර් ජිල්මාට් යැයි පැවසුවේ එම ඉරණමම හිමිවූ තවත් අයෙකි. දැන් බලන කොට හැමතැනම කොම්පියුටර් ජිල්මාට් යැයි සිතූ ඔහු නියපොතු විකමින් එතනින් ඉවත්විය. වාර්තා වූයේ උතුරු මැද පළාතෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාරත්න, අපිට අපේ කියා හොද ආර්ථිකයක් හදා ගන්නකම් අපි වහල් ජාතියක්. ඒකෙන් ගොඩ එන්න බැහැ. (නි)
ලොතරැයි සුදු නෙමෙයිද? (නි)
පෙත්තා 2013-11-20 10:56:30 දෙයියෝ සාක්කි...අරක්කු මගේ නෙවේ! (ස)
රූපා අක්කේ,මගෙන් මුකුත් අහගන්න එපා (නි)
දැන් හැමතැනම ජිල්මාට් තමයි (නි)
මමත් එකපාරටම බැලුවේ මේච්චාර දැන උගත් අදහස් පලකරන දිසානායක මහත්මයත් මේ ජරා සුදුවට ඇබ්බැහි උනාද කියල.හොද වෙලාවට ඒක හීනයක් (අ)
අන්තර් ජාලයට අපේ සිය අචිච්ලට ගානක් නෑ. ඇටෙන් පොත්තෙන් පනින්න කලින් අම්ම තාත්ත ඉස්පෝර්ට් එක කරන්න තැන් හොයනවා කට්ටියක්. ලෝකෙටම ගහන්න ආයුධ හදනවා තව කට්ටියක්. නම දාගන්න පින්තුරේ දාගන්න තැන් හොයනවා..කැසිනෝ එකත් ඔය වගේ තමයි.පළගැටියෝ ඉගිලේවි.(ස)
සමන් සොයුර ...! ගෞතම බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයේ නොකළ යුතු !..වහල් වෙළදාම යස අගේට කෙරෙනවා ..?සුදුව ,මත්පැන් වෙළදාම ,යස අගේට කෙරෙනවා ...?ඒවා පව් නැති වැඩ ,,?ඒත් වැරදි කරන උන්හට දඩුවම් දීමට එල්ලුම් ගහ ගෙන එම සුදුසු නැති පව් සිදුවන වැඩකි ..?ඒ බුද්ධාගමට අනුව අපේ රට කරවන ධර්ම දීපයක් නිසාවෙනි ?දෙවියන්ටම දඩුවම් කල යුතුයි...? කලයුතු වන්නේ ..පිරිමින් ම පමණක් මේවාට යොමුවන හෙයින් ..සොයුරනි ..!රටක් හැදීමට අපට හැකියාවක් නැත, ඔබ සියලුඋම දෙනා.හදවතින්ම .මේවා වර්ජනය කරන්න ..!දුක් විද තමන් උපයන රුපියල තම පවුලේ යහපත වෙනුවෙන් ආරක්ෂා කරගෙන නිවසට පැමිණෙන්න ....! එය පමණයි අපිට කල හැක්කේ ...?ඔබේ පවුල, දරු පැටව් ටික පමණයි එකම සම්පත .!.උන්ට යහපත් හෙටක් උදා කරදීම ..අපි ඔබ අතේ ඇති ලොකු වගකීමකි ..!!!! එහි පිහිටන අපි අතින් ඉබේම රට හැදේවි යම්තාක් දුරට ....!!! (ස)
පව් අනේ ඒ අයියා,කැරකි කැරකි ඉඳලා දැන් කැරකිල්ල හැදිලා ඇති (නි)
සමන්, සූදුව හොඳ දෙයක් නොවේ. එහෙත් මා දන්නා පරිදි බුදුදහමට අනුව නොකළයුතු කර්මාන්ත පහට සූදුව අයිති නොවේ. මා වැරදි නම් සමාවන්න. කෙසේ වෙතත් එය අයිති විය යුතු එකකි. (නි)
සමන්, සූදුව හොඳ දෙයක් නොවේ. එහෙත් මා දන්නා පරිදි බුදුදහමට අනුව නොකළයුතු කර්මාන්ත පහට සූදුව අයිති නොවේ. මා වැරදි නම් සමාවන්න. කෙසේ වෙතත් එය අයිති විය යුතු එකකි. (අ)
කැසිනෝ වලට වඩා භයානක,රේස් බයි . සෑම නගරයකම වි්‍යාප්තවෙලා .යම් නගරයක ගෙයක් බින්දොත් , මාලයක් ,කැඩුවොත් හෝරාව අල්ලන්න පුළුවන් ලගම තියන රේස් බයි එක ලගට ගියහම .(දිල්)
දළදා සමිදු පිහිටෙන් පාලකයන්ගේ දෙඇස් විවර වේවා. මගේ රට සුරැකේවා. (ස)
කුසුම් ඔය අහල තියනවද " හරකා තමුන්ගේ ශක්තිය හදුනන්න්නේ නැහැ" කියල . අපිත් ඔහොම හිතුවොත් අපිටත් වෙන්නේ ඒ දේ තමා. (අ)
මෙම සූදුවත් සමඟම මෙම රාත්‍රී සමාජ ශාලාවල සිදුවන අනිත් දෙය තමයි සුපිරි ගණිකා සේවය! මෙය සිදු නොවෙයි කියල සිතන්න අමාරුයි. ඊට පස්සේ මේවා අපේ පොලිසියටවත් නතර කරන්න බෑ. හරි වැරැද්ද කෙසේ වෙතත් මේ වගේ සේවය ගන්නත් සේවයට යන්නත් අපේ රටේම අය සහ තරුණියෝ දැනටමත් ලෑස්ති වෙලා ඇති. එහෙම බලන කොට පිරිමින් පමණක් මේවට යොමු වෙනවා කියන රූපවතී අක්කගේ ප්‍රකාශය නිවැරදි විය යුතුයි.මොකද ලංකාවෙත් සමාජ ශාලාවලට ගිහින් මත්පැන් බොන සහ සූදුවට යන අධම ගැහැනුන් ඕනේ තරම් ඉන්නවා. පරණ ප්‍රවෘත්ති පුවත් බැලුවත් කියන්න පුළුවනි ගණිකා නිවාසයක පාලිකාව කව්ද? " ගැහැනියක්ම" කියලා. (ස)
ලොතරැයි සුදු තමයි. පැරදුනොත් රුපියල් 20 . සුදුවට ගිහින් පැරදුනොත් ඒ ගිය සල්ලි ගන්න අතේ තියන ඉතුරු ටික ඉන්වෙස්ට් කරනවා අන්තිමට සේසතම නැති වෙනවා. සුර සල් වහෙනවානම් හොදයි. චමින්ද මහතාගේ තර්කය අපි එක වැරද්දක් කරන නිසා සේරම වැරදි වැඩ කරාට කමක් නැහැ කියන එකද? කෙනෙක් බීමට ඇබ්බැහි වුනොත් අක්මාව නරක වෙන්න කලින් එකෙන් ගැලවෙන්න වෙලා තියනවා. සුදුවට ඇබ්බැහි උනොත් ගැලවෙන්න හිතනකොට මිනිහ වලටම වැටිලා ඉවරයි (අ)
නුවන් මහත්මයා, ඔබ තුමාගේ අදහස යහපත් ආකල්පයෙන් ලිවා නම්, මට සමාවෙන්න!. කැසිනෝ වලට නෙමේ සුදු කියන සෑම ක්‍රීඩාවකටම මම නම් විරුද්ධයි. බුරු පොළවල් පොලිසියෙන් වටලන්නේ මේවා නීති විරෝධි වගේම මනුෂ්‍යන් නොකළ යුතු ක්‍රියා වන් නිසානේ. අපි ඉගෙන ගෙන තියෙන්නේ තමන් වැරද්දක් කරනවා වගේම අන් අය වැරදි කිරීමට පෙළඹවීමත් වැරද්දක් කියලයි. එතැනදී වැරැද්දට යොමු වෙන්නේ අපේ රටේ කෙනාද පිට රැටියද කියන දෙය නෙමෙයි වැදගත් වන්නේ. මට පෙනීයන විශේෂම කාරණය තමයි ඔය කැසිනෝ හරහා එන අතුරු ප්‍රතිපල ඔය සුදුවටත් වඩා බොහෝ සෙයින් භයානක වන්නට පුළුවන් වෙන බව. සර්ව ආගමික රටක් ලෙස ලොකු බෝඩ් ගහගෙන හිටියට එක ආගමක් වත් නිවැරදි ලෙස ක්‍රියාත්මක වන බවක් නම් අපට පෙනෙන්නට නැහැ. (ස)
අපේ සමාජයේ මානසික රෝගීනුත් ඉන්නවා කියන්න උදාහරණයක් සිරිබිරිස් (ස)
සරත් - පර්ත්, මිතුර ඔබගේ පැතුම හොඳ උනත්, කවදාවත් ඒක වෙන්නේ නෑ. එහෙම පහල වුනත් උන් පල උනේ නෑ වගේ ඉන්නවා. මොකද පාඩුව එයාලටමයි. අනිත් කාරණය ඔය තත්වයට අපිම තෝරපු ඔය මිනිසුන්ගේ චර්යාවෙන් 90% කම ඔය කියන කාරණා වලින් තමයි පිරිලා තියෙන්නේ. (ස)
සමන්, මමත් ඔබගේ වටිනා අදහස අගය කරනවා.ලංකාවේ සියලු දෙනා එක වගේ නැගී සිටිය යුතුයි.අපේ ගම් නියම් ගම් හරහා මේ පුවත ගෙනයා යුතුයි. (ස)
මොනවාද මේ අපේ නමින් දාල තියෙන්නේ. සමදරා අක්කා 18.32.4 මේක ඔයාගේ අදහසක් කියලා මම හිතන්නේ නැහැ. ඔයාට මේ විදිහට පහර ගහන්න හේතුව ඔයත් අපිට එකතු උන එක. (ස)
ලංකාව පුරාම ඉන්න හැමෝම අතර මීට විරුද්ධව මතයක් ඉස්මතු වුණොත් මතු පරපුර වෙනුවෙන් අපිට මේක නතර කර ගන්න පුළුවන් වේවි (නි)
කොම්පියුටර් ජිල්මාර්ට් ගැන කියල කට වරද්දගන්න එපා. (ස)
ඔය රූපා නමින් අදහස් දාන රූපරත්නයාගෙන් මම කාරුණිකව ඉල්ලා සිටින්නේ මෙතන ඉන්න බුද්ධිමත් පාඨකයන්ගේ ඔලු ගෙඩි විකෘති වෙන විදියේ අදහස් දැමීමෙන් වළකින ලෙසයි. අපිටම කියලා සංස්කෘතියක්, සභ්‍යත්වයක් තියෙනවා රූපා (නි)
නොකළ යුතු කර්මාන්ත පහට ඒක අයත්. හැබැයි විග්‍රහ කරලා තියන විදිහ වෙනස්(වඩාත් පුළුල්ව). මම ඒක කියන්න නොගියේ ඒකට සමහරු වැරදි අර්ථකතනයක් දිය හැකි නිසයි. (නි)
අපේ ගෙදර එන්නම ඕනෑ දිසෝ (නි)
දැනට මෙහි සමදරා නමින් දා තිබෙන සියලුම අදහස් මගේය (නි)
සමන් ඔබ හදෙන් ආපු කෙනෙක් වගේ කතාකරන්නේ ලංකාවේ බුදුහාමුදුරුවෝ කරන්න එපයි කියපු දේවල් තමයි වෙඩියෙන්ම වෙන්නේ ඔබ කියන ආකාරයේ මිනිසුන් ලංකාවේ හොයාගන්න එක අමාරුයි. (ස)
මෙතන අදහස් දාන බොහෝ දෙනෙකුගේ සමාජ දැනුම ගැන පුදුම වෙනවා. අද රාත්‍රියේ කොළඹ සමාජ ශාලාවකට හෝ හෝටලයකට ගිහින් බලන්න සුරාව, සූදුව, ගණිකාවෝ නැද්ද කියලා. මේවා ඔක්කොම දැනුත් තියෙනවා.අපේ රටේ වෙන අපරාධ නවත්තන්න. රටක දියුණුවට බලපාන ව්‍යාපාර වලට අකුල් හෙලන්න එපා. (ස)
තිස්ස, මට ගුගල් කරන්න ඕනේ නැ. මම කැසිනෝ යන කෙනෙක්.අනික කැසිනෝ එකේ වර්ග ප්‍රමානය නිසා වැඩියෙන් මිනිස්සු යන්නේ නැ.සුදු කෙළින්ට ඉඩ ප්‍රමානය ඉවහල් වෙන්නේ නැ.මම එක්තරා සල්ලි ප්‍රමානයක් අරන් කැසිනෝ එකට ගොඩ වැදෙනවා, එක ඉවර උනහම ගෙදර ගිහිල්ල නිදා ගන්නවා.නැවත දිනක මා කැසිනෝ යන්නේ පැරදුනු සල්ලි නැවත හදාගන්න නොවේ.ඒ දවස අලුත් දවසක් හැටියට.යන්න ඕන නැති අය, නොගිහින් ඉන්න. එතකොට කැසිනෝ ඉබේම වහයි(ස).
සරත් සොයුර ..මා සටහන් කලේ මගේ දැනුමේ ප්‍රමාණයටයි මෙහි අදහසට අනුවයි ..පිරිමින් සුදුවට පෙරමුණේ සිටිනවා වගේම ..මා දන්නේ නැහැ සමාජ ශාලාවල් ගැන හෝ ශ්‍රී ලාංකික කාන්තාවන් සුදුවට නැඹුරුද නැද්ද ..?මොකද මා ඒ ගැන නොදන්නා නිසා, තාමත් මගේ සිතේ ඇදෙන්නේ ගමේ උපන් අපි, ගමේ හැදුන වැඩුන අපි, ගමේ ගැහැණිය ගැන දෑසින් දුටු ඒ භක්තිමත් ගැහැනියයි ..!තාමත් මගේ සිතේ ඇදිල තියෙන්නේ ඒ උතුම් ශ්‍රී ලාංකික ගැහැණිය ගැන පිරිසිදු චිත්‍රයකි ...?එදාට වඩා අද සමාජය වෙනස් කියන දේ පිළිකුලෙන් මා පිලිගන්නවා...?මුදල් මත සේම ..නුගත් කමට ..නොයෙක් දේ ගැහැනුන් කලත් ..තාමත් .මගේ ආදරණීය මෑණියන් සේම භක්තියෙන් යුතුවයි සෑම ශ්‍රී ලාංකීය කාන්තාවක් දිහා මා දකින්නේ .. භක්තියෙන් .!පිතෘ භක්තියද එසේමයි ....!!! (ස)
මගේ සමන් පුතේ, ඔය අදහස් මසුරන් වාගේ. අපේ පාලකයන්ට ඕවා පෙනෙන්නේ නැති එකයි දුක. මගේ දිසාගේ හීනයත් හරි හොඳයි. ඔය රූපා නමින් අදහස් දාන රූපරත්නයාගෙන් ප්‍රවේශම් වෙන්න. එයාට කිසි දෙයක් කෙලින් පෙනෙන්නේ නැහැ. ඇදේට මිස. (නි)
තිස්ස, ඔයා හරි (නි)
"දැන් බලනකොට හැමතැනම කොම්පියුටර් " ඇත්ත කිවුවත් කවුරුවත් ගණන් ගන්නේ නැහැ (නි)
ඒක තමඊ පැන්චියේ ඒ මනුස්සයට කැරකිල්ල හැදෙන්නේ නැද්ද ඔහොම උනාම පවිනේ (ස)
මොහාන්, ඔයා බෞද්ධයෙක් නොවන බවයි පෙනෙන්නේ. සල්ලි ලැබුන කියල බුද්ධාගමේ මිනිස්සු හැම ජරා වැඩක්ම කරන්නේ නැහැ(බහුතරයක් ). දැනට තියන පොඩි රාත්‍රී සමාජ ශාලා මේ මහා පරිමාණ කැසිනෝ එකත් එක්ක සසදන්න එපා. (ස)
මටනං ඔය රේස් එක්ක මාර තරහක් තියෙන්නේ.(අ)
සමන්ගේ අදහස ඉතාම වටිනවා. (ස)
පෙරේරා අංක එක ඉස්සර ගාල්ලේ විතරක් නෙමෙයි කොලඹ තුරග තරග පිටිය ,ගෝල ෆේස් මේ හැම තැනම සුද්දෝ සුදුව කෙරුවා. ඉතින් අපි එවැනි දේ දැන්වත් අපේ සමාජයෙන් බැහැර කල යුතුයි. මොකද අපි තව දුරටත් වහල් ජාතියක් නෙමෙයි (නදී)
අනේ මොහාන් තමුසේ වගේ මෝඩයෙක්! ෂුවර් එකටම තමුසේ ඔය හැම දෙයකටම හොඳ පුරුදු කාරයෙක් වගෙයි! කවුරුත් දැනට ඕව ලංකාවේ නෑ කියල කියන්නේ නෑ! ප්‍රශ්නය තියෙන්නේ එසේ ලබාගන්න දියුණුව කොයිතරම් සාර්ථකද? වටිනවද කියන දේයි! (ස)
හෙන්නායක මහත්තයෝ මම කිවේ මේ වගේ දේවල් වලට රජය අනුග්‍රහය දක්වන එක වැරදියි. අනික බීමත් කම නිසා තමයි ඔය හැම වැඩකටම පෙලබෙන්න. ඔය සුදුපලට කවුරුත් බලෙන් අරගෙන යන්න නැහැ නේද ? තමාගේ අතේ තියන සල්ල දෙගුන කරන්න යන අයට හොද පාඩම්.(නදී)
ගාල්ලේ තිබුනලු ඒ කාලෙත් ජිම්කානා ක්ලබ් කියල එකක්? අස්වයොත් දිව්වලු..අනේ අපිට බලන්ට බැරි උනා නේ? (අ)
කැසිනෝ අවශ්‍ය ශ්‍රී ලංකාවට, හැබැයි ශ්‍රී ලාංකික පුරවැසියන්ට නෙමෙයි. (ස)
සතුන් යොදාගෙන ඔට්ටු අල්ලන එක නම් මම අනුමත කරන්නේ නැහැ.නමුත් සුදුව, ඔට්ටු අල්ලන එක අවුරුදු කාලේ ඕන තරම් දකින්න පුළුවන්. මේවා ක්‍රීඩාවන්. හැමදේටම සීමාවක් තමන් විසින්ම පනවගත යුතුය. කැසිනෝ කියන්නෙත් තවත් එක ක්‍රීඩාවක් පමණි. (ස)
ඒ සල්ලි වලට ජිල්මාට්නේ. මෙතන අදහස් වලත් ජිල්මාට්. දෙයියෝ සාක්කි. (නි)
හඳෙන් බැහැපු සමන් මහත්තයෝ, ඔබතුමාට වැරදිලා වැරදි රටකට ගොඩ බැහැලා තියෙන්නේ. මේක ශ්‍රී ලංකාව! ඔබතුමා බෝඩ් එක ලොකුවට තියෙන නිසා රැවටිලා ගොඩ බැහැලා තියෙන්නේ, දැන් රට ඇතුලේ ඉන්න නිසා බෝඩ් එකේ තිබුන හොඳ දේවල් කණපිටට කියවලා බලන්න. එතකොට ඔක්කොම හරි. (නි)
නොදැන නෙමේ ලිව්වේ මොහාන්, ඔයා ලබන ඔයා සාර්ථකත්වය පොඩ්ඩක් පවුලේ කෙනෙක් සමඟ සසදා බලන්න.එතකොට ඔයාටම හිතෙයි මේක මොන තරම් තරම් සෝචනීයද කියලා.මුදලට වහල් වෙලා හැමදේම එයට සිමා කරන්න එපා සොයුර. (ස)
ඔව් දිසෝ, දැන් සමදරා වෙනද වගේ අපිට ගරහන්නේ නැහැ, එහෙම ලීවොත් කොටවන්න ලියන දෙයක් තමයි, මන් ලංකාවට ගියාම යන්නම්කො මේ සමදරා කව්ද බලන්න, (නදී)
රේස් බුකි කතාව එනකොට ගොඩක් ලොකු කණගාටුවක් එනවා. ලගදි ඉදිකෙරෙන්නේ යන කැසිනෝ එක ෙන. නොකළ යුතු කර්මාන්ත 5 න් 1 විදිහට බුදු හාමුදුරුවෝ දේශනා කලේ සුදුව. අපේ රට බෞද්ධ රටක් අපිට ආවේනික සංස්කෘතියක් සදාචාරයක් තියනවා. කොච්චර මුදල් ලැබුනත් අපි නොකරන දේවල් තියනවා. දෙමව්පියන් ජීවිත කාලයම හම්බ කරපු සේසතම එක කාලකන්නි දරුවෙකුට පැයකින් විනාස කරලා දාන්න පුළුවන් මේ කැසිනෝ හරහා. දැනට පවතින සුළු පරිමාණ කැසිනෝ වගේ නෙමේ මෙම මහා පරිමාණ කැසිනෝ වලට විශාල වශයෙන් සෙනඟ ඇදෙන එක අපිට නතර කරන්න බැරි වේවි. මේවට සෙනඟ ඇද්ද ගන්න මේ ව්‍යාපාරිකයෝ දන්නවා. මේ කැසිනෝ තුල රෙස්ටුරන්ට් සහ නොයෙකුත් විශේෂාංග ඇතුලත් කොට මේවට ආකර්ශනීය බවක් මේ අය ගෙන එනවා . අපේ ලංකාදීප බලන හැමෝගෙන්ම ඉල්ලන්නේ මේ දේ වෙන්න දෙන්න එපා. අපේ දරු පරපුර වෙනුවෙන් නැගිටලා උද්ඝෝෂණය කරන්න එන්න. පාට පක්ෂ බලන්න එපා. අපේ රට ලෝකෙට ආදර්ශයක් වෙන්න ඕනේ. අපේ රටට දියුණු වෙන්න මේ වගේ ජරා මාර්ග ඕනේ නැහැ . සුද්දන්ගේ හෝ වේවා ගින්දර දීල ගන්න සල්ලි අපේ රටට ඕනේ නැහැ. අපේ නායකයන්ගේ දෑස පැදෙවයි පතමි. (ස)
ගෙදර එන අය අලුත් සරොම් අරගෙන එන්න. ඕගොල්ලන්ට දෙන්න සරොම් නැහැ (නි)
කවිය නම් හරිම ලස්සනයි හිනහත් යනවා.ඒ වුණාට දිසා මාමා ආදරේ අර බුසල් බාගෙට විතරයි ..? (නි)
රසික මිතුරේ විදේශ සංචාරයක යෙදුනු අවස්ථාවක මම මෙවැනි ස්ථානයකට ගියා මිතුරනුත් සමඟ. ඉතා කෙටි කාලයකදී මිනිසුන් සිය දිවි නසා ගන්න තත්වෙට ඔයාගේ ඔය ක්‍රීඩාව නිසා පත්වෙන හැටි මම දැක්කා. මේ සුදුව කියන්නේ කුඩු ගැහුවා වගේ ඇබ්බැහි වෙන දෙයක්. (ස)
සමකොනි ත්‍රිකෝණයකි රූපයි ,චන්දියි මමයි හිදින.... මම එක මුල්ලක හිටියා, රූපා අනිත් කොන හිටියා..... නෙත් සයකම පහස ලබා දිසා අයියා මැද හිටියා...... (නි)
ඉස්සර රජවරුන්ට අන්තංපුර තිබුනලු. නාලාගිරි ඇතත් යුද්දෙට ගියේ රා බිලාලු. ලෝකෙම පරණම රස්සාව ගෙවනවා ගෙවෙනවා පවලු. අනුලාවන්ලා රජ කමුත් කලාලු. මොකද අපට බැරි. කැසිනොවත් අන්තර්ජාලය වගේ තමයි රජෝ. (නදී)
මිනිසකු පිට නැගී අසරුවෙකි. ඒ බර ගෙයි වහලට බරකි. පාන්දරින් පැරදුන ඒ මිනිහා හැන්දෑවෙත් අසු පිටට නගී. සුනිල් එදිරිසිංහයන්ගේ ගීතය මගේ කනට ඇසේ!..... (ස)
මම දන්නා විදියට කැසිනෝ වලත් ජිල්මාට් තියෙනවා. ලංකාවේ බුකි වලින් සල්ලි නොදීපු අවස්ථා වාර්තා වෙලා තියෙනවා ඕනේ තරම්. නමුත් කවුරුවත් ඒ අය එක්ක හැප්පෙන්න යන්නේ නැහැ. සුදුව තුල ඇති නියම ස්වරුපය මෙය තමයි. එක අසමත් ව්‍යාපාරයක්. නමුත් ප්‍රිය කරන සල්ලි විසි කරන අයට හොඳයි. (ස)
හරක් මොලය ගැන ගැඹුරින් හදාරලා තියන නුවන් නමැති මහතෙකුගේ අදහසක් දැක්කා, කැසිනෝ සුදුවේ අගය වටහා දෙන්න නේ ඔය ඒ මහතා උත්සහ කරන්නේ නේද? කැසිනෝ හරිම අගෙයි කියල හිතා ගන්නකො. අර හරකාගේ උපමාව ගැන නම් කියන්න තියෙන්නේ, "කොරෙකුගේ කකුල් වලංගු නැතිවාක් මෙන්ම අඥානයා ගේ මුවින් නික් මෙන උපමාවත් වලංගු නොවේ " කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ.(නදී)
මිනිපේ ඔයාගේ සල්ලි. ඔයාට කැමති දෙයක් කරන්න පුළුවන්. හැබැයි වැඩි පුර තියනවනම් පොතක දාල ඉතුරු කරන්න. ජීවිතේ කවද කාට මොනවා වේවිද කියන්න බැහැ. ලෝක දත්ත අනුව කැසිනෝ වලට යන අයගෙන් 30% ක් පමණයි ඔයා කියන වගකීමකින් යුතුව සුදු කිරීමේ නිරත වන්නේ . අනිත් 70% යමතක් දුරට හෝ මේකට ඇබ්බැහි වෙනවා .මෙතැනයි මේකේ බයානක කම තියෙන්නේ.කොහොමත් බොද්ධ රටක් විදිහට අපිට මේක ගැලපෙන්නේ නැහැ .මේවා ඇතුලත් වෙන්නේ දුරාචාරය යටතට.(අ)
අපි වහල් ජාතියක් වෙන්නේ ආර්ථිකය දියුණු වෙනකල් නෙමෙයි ලාල් අපි වහල්ව හිතන කල්. අපි රට දියුණු කරන්න ඕනේ අපේ සබ්‍යත්වයත් එක්ක. තායිලන්තය කියන්නේ ඉස්සර හොද සංස්කෘතියක් තිබ්බ බෞද්ධ රටක්. සංචාරක ව්‍යාපාරයත් සමගම අද ඒ රට ගණිකා වෘතියට අතිශයින්ම ප්‍රසිද්ධ රටක් වෙලා. අපි පිට රට වලින් උදව්ගත යුතුයි. සංචාරක ව්‍යාපාරයත් දියුණු කල යුතුයි. හැබැයි අපේ විදිහට. කැසිනෝ ඇරලා මෙහෙට සල්ලාලයෝ ගෙන්න ගන්න ඕනේ නැහැ. යහපත් ව්‍යාපෘති ආරම්භ කරන්න, මේවට උදව් ගන්න .පිටරටවලින් මෙහෙට එන සල්ලලයොත් යහපත් මිනිස්සු කරන්න පුළුවන් යහපත් ව්‍යාපෘති මේ හොටෙල් වලට අනුබද්ධ කරන්න. බුද්ධිමත්ව කලොත් රට ඉක්මනට දියුණු වේවි . සංස්කෘතියත් රැකේවි.(න
සූදුවෙන් හැම විටම දිනන්නේ සූදු පොල කරවන්නාය. (ස)
පන්සිල් ගන්න උපාසක මහත්වරු කි දෙනෙක් මස් මාළු කන්නේ නැතිද?ලාස් වේගස්වලට එන්න කිව්වට යන ඔක්කොම සූදු කෙලිනවද? දෙය්යෝ සාක්කි...අමද්‍යප නායකයෝ තමා සුරා සාලා පවත්වන්නේ.. මත් පැන් බිමේ ආදීනව දන්නා අය ඒක කරන්නේ නෑ. ගෙදර මිනිහට හොරා ගෙදර ගැනිට හොරා වැරදි වැඩ කරන උපාසක වරු සංක්‍ය ලේකන තියේද?මේක තමා ඇත්ත තත්වය. කන්නාඩි ගලවල බලන්න. (අ)
මිනිපේ අනික වර්ග ප්‍රමාණය ඉවහල් වෙන්නේ නැහැ කියන දෙයින්ම ඔයාගේ දැනුමේ මට්ටම තේරෙනවා. මේවා ඔයා යන ලංකාවේ පොඩි කැසිනෝ එක වගේ නෙමෙයි. ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක කැසිනෝ එකක්. මෙච්චර සල්ලි යොදවන්නේ අපිට ආදරේට කියලද හිතාගෙන ඉන්නේ. රුපියල් මිලියන 50000 ක්. මේක ඇවිල්ලා පොඩි පහේ විනාශයක් නෙමෙයි. තව මිලියන 10000 ක් දායි මේකට ප්‍රචාරණ කටයුතු වලට. ඔයා වගකීමෙන් සුදුවට යයි. බලාගෙන ඉන්න දරුවෝ තාත්තාත් යන නිසා බය නැතුව අවරුදු 18 වෙනකොට මේවට රිංගයි. කවදාහරි ඔයාගේ සේසතම නැති වෙලා (එහෙම නොවේවායි හදවතින්ම පතමි ) යනකම් ඔයා දන්නේ නැති වෙන්නත් පුළුවන්. යාලුවේ, අපි ගැන නෙමෙයි දරු පරපුර ගැන හිතන්න. ඒගොල්ලන්ට සුරක්ෂිත වටපිටාවක් අපි හදමු (නි)
කුසුම් ඔයාගේ බෝඩ් එකේ ලොකු අකුරු නෙමෙයි තියෙන්නේ කිරි! (අ)
සමදරාට මම ගොඩාක් කැමතියි රූපවතියටත්,චන්දියටත් වඩා. මොනවා වුණත් හිත හොඳ එකී (නි)
රූපවතී අක්කේ, රූපවතී අක්කත් ඇතුළුව, මගේ බිරිද, මව, සොහොයුරියන් ඇතුළුව අක්ක ඔය කතා කරන අපේ සිංහල උතුම් කාන්තාවන්ට මම හිස නමා ගෞරවය කරමි! ඒත්, අප දන්නා තරමින් රූපවතී අක්ක තවමත් ගමේ මුලුගන්විලා ඉන්න චරිතයක් නොව විශ්ව සමාජයට විවෘත උන කෙනක්! ඒ වගේම විශ්ව සමාජයට ආගන්තුකත් නෑ! ඉතින් අක්ක වගේ කෙනෙක් ඒ වගේ ගැහැනුන් ගැන නොදන්නවා කියන එක ටිකක් ලාමකයි වගේ. නිකන් බබා පාර්ට් එකක් වගෙයි! ලන්කදීපයේම යන පුවත්වත් කියවල ඇතිනේ. අඩුම ගණනේ "ජිනා මැඩම්" ගැන පල වූ පුවත්වත්. (ස)
09.22.59 .ජිල්මාර්ට් ඒ වගේම 06.34.51 සමදරා අක්කා වෙන්න බැහැ ඒ අදහසත් දාල තියෙන්නේ. (ස)
මම වැටුන වලේ වැටෙන්න එපා මම කතාව කියන්නම්. මා ලග තිබුණු ලක්ෂ 5 ක පමණ මුදලත් අරගෙන මම ලංකාවේ ප්‍රසිද්ද සමාජ ශාලාවකට ගියා. සුදුව දිගටම ගියා මමත් ඔට්ටු ඇල්ලුවා පැරදුනා අන්තිමට ඉතුරු උනේ මගේ අතේ කරේ තියන රත්තරන් බඩු ටික විතරයි . ඒවත් දීල ලක්ෂ 2ක් හදාගත්තා ඒකත් පැරදුනා දැන් ගෙදර නිකන් යන්න බැහැ කොහොම හරි මේ සල්ලි ටික ගන්න ඕනේ ගියා ගෙදර ගෙනාවා ගේ ඔප්පුව ලක්ෂ 75ක් වටින ඔප්පුව 25 ලක්ෂයට තිබ්බා ඒ සල්ලිත් පැරදුනා කරගන්න දෙයක් නැහැ ආව ගෙදර ලිදට දාලා තියන කබේ ලෙහලා ගත්තා. නැග්ග අඹ ගහට ගහේ මුදුනටම නැග්ග කබේ ගැට ගහල බෙල්ලටත් තොණ්ඩුව දාගත්ත .බැලුව බිම බුදු අම්මෝ කියල කෑගැහුන බිම බලන කොට මේ තැන උඩට නැග්ගද කියල හිතුනා. මොකද මිනිහෝ බෙල්ල මිරිකුවා වගේ කෑගෑහුවේ කියලා. අද වැඩට යන්නේ නැද්ද කියල නොනහාමි අහපිය. ලස්සන හීනයක අවසානය නෝනා ඇවිල්ල කාලා දැම්මා.(නදී)
පළමුව සුරාසල් නතර කලා නම් මේ හැම ජරා වැඩක්ම නැති වෙනවා... (ස)
මෛත්‍රී සිත් ඇති පුද්ගලයන් භාවන වඩා මේ ආත්මයේදී නිවන් මාර්ගය නොදැක්කොත් ඔවුන් මරණින් මතු බ්‍රක්ම ලෝකයේ උප්පත්තිය ලබනවා .ද්‍යාන වඩා ය හැකි තැන් වලට යන්න.(නදී)
සිරිබිරිස්, නාලාගිරි ඇතා හිටියේ ලංකාවේද? නාලාගිරි ඇතා යුද්දෙටද ගියේ? ඔයා බුද්ධාගමේ නෙමෙයි නේද සිරිබිරිස් පුතේ? දන්නේ නැති දේවල් කියවන්න එපා. ඉතිහාසයේ වැරදි තිබුනා කියලා අපි තව තව වැරදි කළ යුතුද? (නි)
මිනිපේ, මේ වගේ පොඩි කැසිනෝ තිබිල 150-200 යනවා නම් මහා පරිමාණ එකක් ලංකාවේ ඇරියහම කොහොම යමක් යාවිද?? මිනිපේ, පොඩ්ඩක් ගූගල් කරලා බලන්න මොකද්ද මේ හදන්න යන්නේ කියලා. (ස)
අයියෝ කුසුම් මම කියපු දේ ඔයා වැරදියට තේරුම් අරන් තියෙන්නේ. මම කොහෙත්ම සුදුව අගය කරන්නේ නැහැ. මම කිව්වේ අපිට මේ වෙනුවෙන් යමක් කරන්න බැරි නැහැ කියලා . අපිට එකතු වුනොත් ලොකු ශක්තියක් බලයක් තියනවා කියලා. (ස)
ලඟ ඉඳගෙන මිතුරු ලෙසින් කපන කැපිල්ල ...රජ කාලෙත් දිය රෙද්දෙන් බෙල්ල කැපිල්ල ...සිනහ වෙලා ලගට වෙලා හීනි කැපිල්ල .....සදුන් ගහේ සුවඳ එන්න නිසා කැපිල්ල .....මාලු කඩේ කපන කැපිලි කිලෝ කැපිල්ල .....පාගන්නට කපන කැපිලි ගොයම් කැපිල්ල .......ලී මඩුවේ මුදලාලිගේ කැළෑ කැපිල්ල ...අහිංසකයි බාබර්ලාගේ රැවුල කැපිල්ල .....නැන්දම්මා ලේලිය ලඟ බෑනා කැපිල්ල .......සුදු පොලේ කපන කැපිලි පට්ට කැපිල්ල .....එකට යටින් කපන කැපිලි නියම කැපිල්ල ...දැන් සායට මොස්තරේ උඩට කැපිල්ල (ස)
සමන්, ඔයාගේ අදහස හරියට හරි. ඒත් ධර්මයෙන් එගොඩ වෙන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ජිවිතයට එන්නෙම බාධා.ඒ වාගෙන් වැලකීම තම තමන්ගේ සිත පාලනය කර ගැනීමේ හැකියාව. මේ හැම දෙයක් දෙසම ධර්මානුකුලව බලා අවබෝධ කර ගත හැකි කෙනා සංසාරේම දිනනවා.මාගේ ධර්මද්වීපය සුරැකේවා! (ස)
දැන දැනත් ඇයි තමගේ අතේ තිබෙන මුදල විනාස කරගන්නේ.කොයි සුදුවෙත් කෙරෙන්නේ මුලින් ඇද ගැනීමට සඳහා මුදලක් ලබාදී ඊට පසුව අන්තිම සතේ දක්වා ඔහුව සුදුවට පෙළඹීම සහ ඔහුව සුරා ගැනීමකි.ක්‍ෂණිකව මුදල් හොයන්න යන අයට තමන් විනාස වෙනකම් ඒකෙන් ගැල වෙන්න බෑ.මේක කාගෙවත් වරදක් නෙමේ තමන්ට තමන්ව පාලනය කරගන්න බැරි කම. (ස)
කැසිනෝ කොහොමද අන්තර්ජාලය වගේ වෙන්නේ? අන්තර්ජාලයෙන් කෝටියක් ප්‍රයෝජන තිබෙනවා. කැසිනෝ වල කෝටියක් දුරාචාරය තිබෙනවා (නි)
මේ ඔක්කොම ඉවසන්නම් බොලේ කැපිල්ල - ඉවසනු බෑ වාවනු බෑ අරාබියේ කාලේ කැපිල්ල...// (ස)
අති පූජනීය වූ බෞද්ධ දර්ශනයට වසර 2500 කුත් ගෙවී අවසන්. ඊට පෙරත් ඊට පසුත් සිටි ආගම් කතෘවරුන් දාර්ශනිකයින් බොහෝ දෙනෙක් සුරාව සූදුව, කාමමිච්චා චාරය වගේ වැරදි දෙයින් වලකින ලෙස දේසනා කර තිබෙනවා. බුදුන්වහන්සේ වගේ සමහරු හොඳ නරක කියා දුන්නා.සමහරු දැඩි ලෙස නියෝග පනවල තහනම් කලා.නමුත් එය වර්ධනය වුනා මිස අඩුවක් වුනේ නැහැ. පැහැදිලි එක දෙයක් තිබෙනවා. සිල් රෙදී පොරවගෙන උගුරට හොරා බෙහෙත් කන අයගෙන් ලෝකය පිරිලා. (ස)
මොකක් ද අනේ මේ කසානෝ ..කසා(නෝ) කියන්නේ. යස් කියන්ට බැරිද? (ස)
සුදුවෙන් දියුණු වුණ කෙනෙකුත් නැහැ. රටකුත් නැහැ (නි)
දිසා මාමේ ..ඔයාමද මේ ලීවේ ..?එහෙම නැති නම්..අර ඔයාගේ ගෙදර වත්තේ පොල් ලෙලි ගොඩ යට ඉන්න නයා නෙවෙනි ..?ඇත්තටම හීනයක්නි ..? එහෙනම් කමක් නැහැ ..දැනුයි හුස්මටිකක් වැටුනේ ..පපු කැනැත්තට ...?? නෝනා හාමි හින්ද පන බේරුනා කියල හිතාගන්න ..? (අ)
සමදරා 2013-11-20 18:32:04 මගේ අදහසක් නෙවි. දිසාගේ වැඩක් වෙන්න ඕන. මිනිහ අබින් කාපු මිනිහා වගේ කියලා මම කිවුවනේ (නදී)
දිසාගේ හීනෙ නම් හොඳයි.., හැබැයි පුතෝ ..., හැබැහින් නම් එපා හොඳේ. මොකද අපි මේ මැද පෙරදිග ඉදන් සොයන මුදලින් (අපේ දරුවන් ගෙන් පවා ඈත්වී ) උපරිම ප්‍රයෝජන ගන්න ඕන., (ස)
අරාබි රටවල් වල හැර මුළු ලෝකෙම ඔය සූදුව තියෙනවා. මත් වතුර, දුම් වැටි, සූදුව මුළු ලෝකෙම රජ කරනවා. නතර කරන එකනම් මුහූද හිදෙනකන් බලන් ඉන්නවා වගේ වැඩක්. (ස)
දිසා අයියේ, කොහොම හරි අන්තිමට මගේ කෑල්ලට කට්ට ගැහුවා නේද? (ස)
අන්ධ වූ පාලකයින්ට නැණස පහළවී යහමගට පිවිසේවා! (නි)
ජිල්මාට් පිරි ලෝකයක්! (නි)
මෙතන හැම එක්කෙනාම කතා කරන්නේ සුදවේ ආදීනව ගැන. එය අප කව්රුත් දන්නා කාරණයකි.තමාට තම ක්‍රියාවන් පාලනය කර ගැනීම,වැඩිහිටි අප සතු කාරියකි.සැම විනොද්යක්ම සිමාවක් තමා විසින්ම පනවා ගත යුතයි.කැසිනෝ වලට යන ලංකිකයන් දවසකට 150-200 අතරයි.හුගක් අය නොදන්නා දේවල් කතා කරනවා. (අ)