IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


රාලහාමිගෙ පොල්ලෙන්ම ගෙදර බල්ලාගේ අණ්ඩ කඩලා

දූනගහ ප්‍රදේශයේ පදිංචි ආරක්ෂක නිලධාරියකුගේ නිවෙසකට රාත්‍රී කාලයේ පාරේ ගමන් කරමින් සිටි බීමත් පුද්ගලයෙක් පැමිණියේය.


ඔහු පැමිණෙන විට ආරක්ෂක නිලධාරියා නිවෙසේ දොර ජනෙල් වසා දමමින් සිටියේය.


අනේ රාලහාමි මම අපේ මල්ලිගෙ ගෙදර යනවා. පාරෙ හපන බල්ලෙක් ඉන්නවා. මට බේරිලා යන්න පොලු කෑල්ලක් දෙන්නකො.


ආරක්ෂක නිලධාරියා ඔහුට පොලු කැබැල්ලක් දුන්නේය.


හරි රාලහාමි මම යන්නම් බුදු සරණයි. ඔහු යන්නට ගියේය.


ආරක්ෂකයාගේ පවුලේ අයත් නින්දට ගියහ. රාත්‍රියේ බල්ලකු කෑ ගසන හඬ ඇසුනත් ඔවුහු ඒ ගැන නොබැලූහ.


පසුදා අලුයම අවදිව බලද්දී ආරක්ෂකයාගේ නිවසේ බල්ලා කකුලක් කැඩී බිම වැටී සිටියේය.


ආරක්ෂකයා සොයාදුන් පොල්ලෙන්ම බීමත් මිනිසා ආරක්ෂකයාගේ බල්ලාටම පහර දී ඇතැයි පසුව හෙළිවිය. 
(දූනගහ බටේපොල විජයසිරි)



අදහස් (0)

රාලහාමිගෙ පොල්ලෙන්ම ගෙදර බල්ලාගේ අණ්ඩ කඩලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 276 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 87 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 780 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site