දුම්රිය මාර්ගයේ අශෝභන ලෙස හැසුරුණු තරුණ යුවළකට අසල්වැසි කාන්තාවක් කියා දුන් අපූරු පාඩමක් පිළිබඳ පුවතක් දකුණේ ප‍්‍රධාන නගරයකින් වාර්තා වේ. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පිහිටි ප‍්‍රධාන නගරයකි.
ප‍්‍රධාන පාසල් කිහිපයක්ම මේ නගරයේ තිබේ. සෑම දිනකම පාහේ සතියේ දිනවල පස්වරුවේ දී සහ නිවාඩු දිනවල උදයවරුවේ මුහුදු බඩ දුම්රිය මාර්ගයේ පාළු තැනක ඇති මේ ස්ථානයට තරුණ ජෝඩුවක් පැමිණෙති. වැඩිය කාත් කවුරුවත් නොගැවසෙන බැවින් ඔවුහු මේ ස්ථානයේ අශිලාචාරව පෙම් ජවනිකා රඟ දක්වති.
මේ ස්ථානයේ දුම්රිය මාර්ගය අයිනේ තිබුණේ එකම එක දෙමහල් මන්දිරයක් පමණි. මේ නිවසේ කාන්තාව මෙසේ නොහැසිරෙන ලෙස මේ තරුණ ජෝඩුවට කිහිප දිනක්ම කීවත් ඒ හැම අවස්ථාවකදීම ඔවුන් කීවේ දුම්රිය මාර්ගය කාටත් පොදු තැනක් බවත් ඒ නිසා තමන් මේ ස්ථානයේ කොහොම හැසුරුණත් කාටවත් වැඩක් නැති බවත්ය. මෙයින් කෝපාගිනිව දැල්වෙමින් සිටි මේ කාන්තාව මේ දෙදෙනාට අවවාද කොට ඵළක් නැතැයි සිතා හොඳ දඬුවමක් දිය යුතු යයි කල්පනා කරමින් සිටියාය.
ඒ සඳහා හොඳ දඬුවමක් ගැන සිහියට ආවාය. එදා දිවා කාලයේ දී සිය නිවසට ආහාරය සඳහා ගෙනවිත් තිබූ මාළු කපා එම මාළු ලේ ඉවත නොදමා භාජනයකට දමා තිබ්බාය. සුපුරුදු පරිදි එදින ද මේ ජෝඩුව ඇයගේ නිවස ඉදිරිපිට දුම්රිය මාර්ගයේ ඇසැබි පෙම් ජවනිකා රඟපාමින් සිටියහ.
දිවා කාලයේ දී භාජනයකට දමා තිබූ මාළු ලේ උඩු මහලේ සිට ඇය මේ ජෝඩුවට ද වදින සේ දුම්රිය මාර්ගයට දැමුවාය. මෙයින් කෝපාවිශ්ඨවූ මේ ජෝඩුව මාළු ලේ විසි කළ ඇයට බැන වැදුනහ. එවිට ඇය ඇඟපතට නොදැනී ”මම මාළු ලේ විසිකළේ රේල් පාරටනේ. ඒකට කාටවත් කතා කරන්න බැහැ.
අනෙක් කාරනාව රේල්පාරේ මගීන්ට ඉන්නත් තහනම්නේ” යයි කීවාය. මේ කතාවෙන් පසු හිමින් ලිස්සා ගිය මේ තරුණ ජෝඩුව එදා සිට තවත් මේ ස්ථානයට ඇසැබි පෙම් සුව විඳින්නට නොආබව ද පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉමේෂ් නම් පිස්සෙක් (බ)
පද්මිණි නංගි අර කාන්තාව කරපු දේ හරියට හරි. ආදරේට අපිත් ආදරෙයි. නමුත් අනුන්ට වද දෙන ආදරේට කොහොමටත් අපි විරුද්දයි (නදී)
ආදරය කියන දේ කාටත් පොදු දෙයක්. අපි හැමෝටම අතීත සැමරුම් බොහෝ ඇත.එහෙත් අපේ රටේ වගේ යුරෝපීය රටවල මේවා දකින්න නැහැ. අපේ රටේ වගේ තරුණ ළමයි ආදරය නිසා මංමුලා වී ජීවිතේ අඳුරු කරගෙනත් නැහැ. ඒ මොකද මේ රටවල පාසලේ අධ්‍යාපනයට සෑම දරුවෙකුටම පාසලෙන් ලිංගික විෂය අධ්‍යයනය පාඩම් මාලාවට ඇතුළත් කරලා ඇති හෙයින්. තවද දරුවන් නිසි වයසට එනවිට ගැහැණු පිරිමි කියලා වෙනසක් නැහැ.ඒ සැවොම සාමාන්‍ය ලෝකේ ජීවත්වෙනවා. දියුණු සමාජයේ දරුවන්ට අධ්‍යාපනයෙන් ආදරයත් එක්ක වැදගත් විදියට ඉදිරියට යන්න ඉඩසළසා දෙනවා නම්, ඔවුන් දෙස කැලෑ සතුන් දෙස නොබලනා අකාරෙන් සාමාන්‍ය ලෙස සිතා කටයුතු කරන්නේ නම් මේවා ව්‍යසනයන් නොවනු ඇත. (නි)
එතකොට රූපවතී ඉන්න රටේ රේල් පාර වැනි පොදු තැන්වල මෙහෙම දේවල් සිද්ධවෙනවද? (නි)
අර වයසක කාන්තාවට අමතක වුණා ද එය තරුණ කාලේදී වින්ද පෙම් සුව? සමහරවිට ඒ කාලේදී ඒ පැත්තේ දුම්රිය පාරක් හරි දෙමහල් නිවසක් හෝ තිබුනේ නැහැ වෙන්න පුළුවන්. (අ)
ගොඩක් අශෝභන නම් නොබලා ඉන්න තිබුනේ. "අන් සැපතට ඊර්ෂ්‍යා නොකරමු" (නි)
නිදහසේ ආදරය කරන්න මේ ජෝඩුවට ඇති අයිතිය වාගේම, තමන්ගේ ළමාළපටි, නොමිලේ වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටියක් බලන එක නතර කරන්න ඒ අහළ පහළ වැඩිහිටියන්ට අයිතියක් තියනවා නේද? (නි)
හොද වැඩේ.(හේ)
රූපවතී දන්නේ කොහොමද සුරේන්ගේ ලැජ්ජා නැති වැඩ ගැන. මෙතන හැම දෙයක්ම දන්නවා වගේ පණ්ඩිත කථා ලියන එකම කෙනා ඔයා. පිටරට ගිය සමහරුන්ට ඔහොම මානසික තත්ත්ව පහු වෙනකොට ඇති වෙනවා (බ)
අනේ ඉතින් සල්ලි නැත්නම් මොකද කරන්නේ? (නි)
සුරේන්, මෙහෙ රේල් පාරවලට යන්න ඕනෑ නැහැ.මේ රටවල තරුණ ළමුන් පාරවල් වල ඒ උත්තරීතර ආදරය නිගාවට පත්කරන්නේ නැහැ.ලංකාවේ මිනිසුන් පාලු තැන්වලට,රේල් පාරවල් වලට යන්නේ ඔයාලා ඒ මිනිසුන් දිහා කැලෑ සතුන් දිහා බලන විදියට බලන්න පුරුදුවෙලා තිබෙන නිසයි. කෙල්ලෙක් කොල්ලෙක් පාරේ යනවා දැක්කොත් ඇති මිනිසුන් ඔවුන් පිටිපස්සෙන් යනවා, මොකද කරන්නේ කොහෙද යන්නේ බලන්න. ලැජ්ජා වෙන්න ඕනෑ ඔයාලයි (නි)
සමහර අයගේ අතීත තරුණ කාලය කොහොම එකක්ද කියලා දැනගත්තේ අදහස් දැක්කට පස්සේ. එහෙම අත්දැකීම් ඇති අයටනේ තරහා ගිහින් තියෙන්නේ. පොදු ස්ථාන තියෙන්නේ එහෙම හැසිරෙන්නද? (නි)
ආදරය කලාට කිසිම සීමාවක් නැහැ තමන්ගේ රටේ සංස්කෘතිය ගැන හිතලා එසේ කරන්න (නදී)
දැන් හැදෙන සමාජෙට බැනල වැඩක් නැහැ ..බනින්න ඕනේ දැන් හැදෙන වැඩිහිටියෝන්ටයි ..එයාල තමයි මේ සමාජේ මේ තත්වෙට පත් කරලා තියෙන්නේ ..?ඉතින් දරුවෝ ලබාගන්නේ සමාජ අභාෂය ..දෙමාපිය ආභාෂය ..අපි හිටිය කාලේ සමාජය හොද හැදියාවක් තිබුන ..ඒ ගැමි ජීවිතවල වැඩිහිටි පැවැත්මේ හොද ලක්ෂණ නිසා අපි ගියේ දෙමාපිය වැඩිහිටි පාරේ. අපිත් ආදරය කරපු කාලයක් තිබුනා .ඒ ඔය පාරවල් රීල් පීලි ගානේ වනචර විදියට නෙමේ... අපේ ජීවිතවල ඔය කියන කැළෑ හදයෝ හිටියේ නැහැ ..? වැදගත් විදියට අපි ආදරය කළා ..?එ්ත් පැරදුනා ..? (බ)
මම නම් කවදාවත් ආදරේ කරලා නැහැ. මොකද කිවුවොත් කිසිම ගැහැණු ළමයෙක් මට කැමති නැහැ (නි)
පද්මිණි නංගි,ඔව් ආදරය කියන්නේ සුන්දර වරදක් තමා. නමුත් අශීලාචාරව හැසිරීම කොහොමත් සුන්දර වරදක් නම් නෙමෙයි. (නි)
මට පේන්නේ රූපවතී ලංකාවෙදි ආදරය කරලා එපා වෙලා පිටරට ගිය කෙනෙක් වගේ. නැතිනම් මොකද මේ ලවක් දෙවක් නැතිව ලංකාවේ මිනිසුන්ට ආඩපාලි කියා ගත්තු ගමන් (බ)
ආදරය කිරීම වරදක් නොවේ. නමුත් රහසේ කළයුතු දේවල් පොදු ස්ථාන වල කිරීම වරදක් (නි)
රූපවතී,ඔබ ඔය ඉන්න රටේ විදිහටද "හොඳයි ඔහොම තමයි ඉන්න ඕනෑ" කියලා කිවුවේ.කවුද දන්නේ යටගියාවේ මාළු ලේ පාරක් කාලාද ඉන්නේ කියලා? (නි)
අනේ මං දන්නේ නෑ රූපවතී පිවිතුරු යහපාලට එහා වගේ ලියනවා කියවනවා මොකක් හරි හිතේ අමාරුවකින් වගේ (බ)
පිටබැද්දර ජයාට ටිකක් වැඩිවෙලා වාගෙයි.හැමවෙලේම රෑපවතියෙක් අල්ලාගෙන අදහස් දානවා.ඇස් දොස්තර කෙනෙක් ළඟට ගිහිල්ලා ඇස් දෙක පරීක්ෂා කරගත්තොත් හොඳයි වාගෙයි. (නි)
ඇන්ටිට ඊර්ෂ්‍යා හිතෙන්න ඇති. (නි)
ආදරය සහ ලිංගික කුල්ලප්පුවෙන් හැසිරිම දෙකක් , ආදරය කිරීමට වෙරළේ වෙටකෙයියා ගස් අස්සේ හෝ සිනමා ශාලා වල රිංගීම වෙනත් දෙයක් , (හේ)
ආදරය ගැන කියවුණා විතරයි පිටබැද්දර ජයාට මෙලෝ සිහියක් නැතිව ගිහින් වගේ (බ)
ජෙහාන්, ඔබගේ අදහස තමයි හරිම දේ කියා තියෙන්නේ (නි)
ආදරය කියන්නේ සුන්දර වරදක්නේ. චන්න, ඔච්චර නපුරු ඇයි? (නි)
මෙවැනි ආදරවන්තයන්ගේ පෙම් කෙලි බොහෝ යු ටුයුබ් වල අන්තරජාලයේ අප බහුලව දකිනවා , මේවා ආදරය කියා අර්ථය දීම වරදක් , මේවා ඇවිස්සුන කමාෂාව ඉටුකර ගැනිමක් පමණි , ආදරය කරන කෙනෙක් තම පෙම්වතියට අපහස වන ක්‍රියා කරන්නේ නෑ (අ)
නොගැළපෙන දෙයක් සිදුවෙනවා නම් පොලිසියට දැනුම් දෙන්න. (නි)
ආදරයේ නාමයෙන් කෙනෙක් අපහසුතාවයකට පත්වෙන යමක් ප්‍රසිද්ධ ස්ථානයක සිදුවෙනවා නම්,ඔබ ආදරණීය දෙමව්පියෝ නම් ඔබගේ සිතුවිලි කෙසේ වේවිද....? (නි)
මම නම් කියන්නේ තමන්ටත් මෙහෙම අතීතයක් තිබුණා කියලා හිතන්න තිබුණා (නි)
මම නම් කියන්නේ දෙගොල්ලන්ම වැරදි. කවුරුත් මෙතන හරි නෑ. (බ)
නියම පාඩම (නි)
මේ ගෙදර පොඩි ළමයි සහ තරුණ ළමයි ඉන්න ගෙදරක් නම් මම හිතන්නේ නැහැ එම දෙමාපියන් ඔවැනි නිවසක ජීවත්වෙයි කියා.පදිංචිවෙලා හිටියා නම් හැම වෙලාවේම රණ්ඩු කර කර තමයි ඉන්න වෙන්නේ. (නි)
අනේ රූපවතියේ, නොදන්නා දේවල් වලට හොට නොදා ඉන්නකෝ. අර අම්මණ්ඩි මාළුවතුර ටික සඳලු තලයෙන් විසිකළේ කුස්සියේ ඉඩ නැතුව වෙන්න ඇති. නැත්නම් කුස්සිය ගඳ ගහන නිසා වෙන්න ඇති. පෙම්යුවලට හානියක් කරන්න හිතලා නොවෙන්නත් පුළුවන්. කවුද දන්නේ එයා පස්සේ ඒ යුවල ගෙදරට ගෙන්නලා ඇඟපත හෝදගන්න බාත්රූම් එකට යවලා, ඇඳුම් හෝදලා, අයන් කරලා යැවුවද කියලා? (නි)
රුපවතී,ඔයා ඉන්න රටේ මේ වගේ ප්‍රශ්නයකදී ,මොනවාද කරන්නේ? (ම)
පව් වැඩ. ඕව අදිරාජ්‍ය වාදී කුමන්ත්‍රණ. යහපාලනේ හැටි පේනවා නේ දැන්. නිදහසේ ලව් කරන්නත් නැහැ (නදී)
රුපවතී, හැමදේම කියෙව්වත් ඉන්න රට ගැන හුමිටි නැත්තේ එයාට බූට් එක දුන්න කෙනා දැන ගනී කියලා වෙන්න ඇති..අපිට මෙච්චර බනින්නෙත් ඇයි කියලා දැනුයි දන්නේ. (බ)
එක දවසක් මම අපේ අක්කාගේ 14 හැවිරිසි දුව එක්ක ගියා නුවර පාසල් අතර තරගයකට. අපි ගියා නුවර කොළඹ බසයේ අන්තිම ආසනයේත් මෙහෙම වැඩක් සිද්ධ වුණා. මම අන්තිමේ අපේ ළමයට ඉස්සරහා හිටපු වැඩිහිටි කෙනකුට කතා කරලා ඒ ආසනයේ බැරි මරගාතේ ඉඩ අරන් දුන්නා. ළමයත් එක්ක පෙනි පෙනී ඉවසන්න බැරි තරම් දේවල් එතැන එදා වුණා (බ)
ගාමිණී, ඔබ හරියටම හරි. සැබෑ ආදරවන්තයා තම ආදරිය පණමෙන් රකියි (නි)
ඇත්තටම මෙතනදි නම් රූපවතී හරි. අපේ රටේ තරුණ ජෝඩුවකට නිදහසේ ගමනක් බිමනක් යන්න කතා බහ කරන්න, ආදරය විඳින්න තවමත් නිදහස නැහැ. තවමත් අපි හන මිටි කරේ තියන් යනවා නේද ? (නදී)
ආදරය කිරීමයි ලිංගික අවශ්‍යතාවයයි යනු දෙකක්. මෙතන රේල් පීලි අස්සේ තව කෙනෙක් බලා සිටිද්දී පෙම්වතියගේ ආත්ම ගරුත්වය නැති වෙන ලෙස හැසිරෙන තරුණයාට අවශ්‍ය දේ ගණිකාවකගෙන් වුණත් ලැබේවි. ඒත් ආදරය එහෙම ලැබේවිද (බ)
ආදරය පුජනීය දෙයක්. රාගය තවත් දෙයක්. දෙකම එකක් කරගත්තහම ලෝකෙම ඉන්නේ තමුන් දෙන්න විතරයි කියලා හිතනවා. එහෙම හොඳ නැහැ නේද? (නි)
ඔබ අහුමුළු වල පෙනෙන හැමදෙයම ආදරය යැයි අපිට කියන්න අමාරුයි (නි)
ආලය අන්ධයි කියන්නේ ඕකටනේ.සමහර අයට ඒ වෙලාවට ඉන්නේ කොහෙද කියලාවත් මතක නැහැ.කාන්තාවට තිබුනේ ඒ පැත්තට තිබුන ජනේලේ හරි දොර හරි ඒ වෙලාවට වහලා දමන්න.එතකොට.ප්‍රශ්නය ඉවරයිනේ. (නි)
රූපවතීට තරහා ගිහින් තියෙන විදිහට ඉස්සර මාළු වතුර නාලා ඇති බව පැහැදිලිව පෙනෙනවා (නි)
පුජිතට නම් මම ඉන්න රට තියා හුළඟ හමාගෙන එන දිශාවවත් කියන්නේ නැහැ. මමත් ලංකාවේ සිටියදී පාසල් යන කාලේ ආදරය කළා.අයියගෙන් ගුටිත් කෑවා එකසැරයක් විතර. ඒ අම්මට බොරු කියලා කොල්ලව බලන්න ගිහින් අයියගේ අතටම අහුවෙලා. කාලය ගතවෙද්දී අපේ මාම කෙනෙක් මඟින් හමුවුණු අඟහරු ලෝකෙන් ආ කෙනෙක් සමඟ විවාහවෙලා ඉන්නේ (නි)
ලලිත්, ඔයා ලවක් දෙවක් නැතුව මම දිහාම බලා ඉන්න නිසයි ඔයාට මාව ලවක් දෙවක් නැතුව පෙනෙන්නේ. මම හරියට මාළු වතුර කොරහා ලලිත්ගේ ඇඟට වීසිකළා වගේනේ කතා කරන්නේ. ඇත්තට ලලිත්ද ඔය රේල්පාරේ හිටියේ? (නි)
එම කාන්තාව කරලා තියෙන්නේ නපුරු වැඩක්. එහෙම කරන්ට අයිතියක් නැහැ. (අ)
අතීතය කොහොම වෙතත් තමන්ගේ තමන්ගේ දුව මේ වගේ හැසිරෙනවට මොන අම්මද කැමති? ආදාය ශීලාචාරව ගෙනියන්න ඇයි බැරි ? (නදී)
අත්දෙක අල්ලාගෙන සාමාන්‍ය විදිහට කතා කර කර හිටියා නම් ඇය මෙහෙම කුලප්පු වෙන්නේ නැහැනේ (නි)
හොඳයි... හොඳයි ... ඔහොම තමයි ඉන්න ඕනෑ (නි)
සිද්ධිය නොදැක්ක නිසා හරියටම මොකුත් කියන්න බෑ. තරුණ ජෝඩුවක් එක ලඟ නොගෑවෙන දුරින් වාඩි වෙලා කතා කර කර හිටියත් සමහර වැඩිහිටියො බනිනවා මුන්ට විලි සංගෙ නෑ කියල. ඒ වගේමයි සමහර ජෝඩු කිසිම ලැජ්ජාවක් නැතිව ඉසුරුමුනි යුවලටත් එහාට යනවා. සභ්‍යත්වය හා අසභ්‍යත්වය අතර සීමා ඉර නිවැරැදිව ලකුණු කරගත නොහැකි කමක් තිබේ.(නදී)
දැන් හැදෙන තරුණියන්ගේ විලි ලැජ්ජාවක් නැහැ (නදී)
සහතික ඇත්ත ඉමේෂ්, ළගදීම මහමග, දුම්රියමග , පන්සල , පල්ලිය, කෝවිල පාසල පොදු ප්‍රවාහන සේවය මේ සෑම තැනම නිදහසේ රති කෙලියටත් (අබු සැමියන් ලෙස හැසිරීමට) ඔබල නිදහස පතයි. අපි අහක බලා ගත්තත් නොදරුවෝ. ? (බ)
ඇත්තටම බටහිර රටක් වුණත් මම ඉන්න රටේ පෙම්වත්තු ප්‍රසිද්ධියේ මෙහෙම හැසිරෙන්නේ නැහැ. එහෙම වුණොත් දඩ ගහනවා. (නි)