තරුණ රියැදුරකුගේ සොහොයුරිය විදේශයක සේවය කළාය. දිනක් ඇය ඔහුට කතා කොට ලංකාවට එන බවත්, ඇය කැටුව යෑමට පැමිණෙන ලෙසත් දැන්වූවාය. රියැදුරාගේ සේවා ස්ථානයේ සතියේ දිනවල නිවාඩු ලබාගැනීම අසීරුය. නිවාඩුවක් ගන්නේ කෙසේ දැයි කල්පනා කළ ඔහුට ගණදෙවි නුවණ පහළ විය. හෙතෙම ප‍්‍රධානියාගේ කාමරයට ඇතුළු විය.
”මොකද මනෝජ්” ප‍්‍රධානියා විමසීය.
”සර් මට සිකුරාදා කොළඹ යන්න වෙලා. වැදගත් කාරණාවකට” මනෝජ් පැවසීය. එවිට ප‍්‍රධානියා ”මනෝජ් දන්නවානේ සතියේ දවස්වල නිවාඩු ගන්න බැරි බව. මොකක්ද ඔය තරම් ලොකු හදිස්සිය” යනුවෙන් විමසීය.
”සර් මගේ ගෑණු ළමයයි මමයි මුදු මාරු කර ගන්නවා. එදාට” තරුණ රියැදුරා පැවසීය. ”ඔය වගේ දේකට නිවාඩු නොදී බැහැනේ. ඔයා යන්න. මම එදාට වෙන කෙනෙක් හොයාගන්නම්” ප‍්‍රධානියා ද කීය.
සිකුරාදා තම කටයුත්ත ඉටු කළ රියැදුරා සඳුදා සේවා ස්ථානයට පැමිණියේය. ඔහු දුටු ප‍්‍රධානියා ”මයි කන්ග‍්‍රැජුලේෂන්” යනුවෙන් සුභ පැතීය. ”කෝ රින්ග් එක” ප‍්‍රධානියා විමසූ විට ”සර් මට සමාවෙන්න. අක්කා රට ඉඳන් ආවා. එයාව ගේන්න මම එයාපෝර්ට් ගියා. මෙහෙන් නිවාඩු දෙන්නැති නිසයි මම බොරුවක් කීවේ” රියැදුරා පැවසීය.
”හරි කමක් නැහැ. බොරුවක් කළේ තමන්ගේ අක්කා වෙනුවෙන්නේ” ප‍්‍රධානියා සිනාසෙමින් කීය.
මේ දිනවල රියැදුරා අත වෙලාගෙන සිටින අතර ඔහු හේතුව නොකියන්නේ ඒ බොරුවක් කියා සමහරු සිතන බැවිනි.
(ක‍්‍රිස්ටෝපර් සීපියන්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම මල්ලි කෙනෙක් (නදී)
ආයතනේ ප්‍රධානියා මනුස්ස කම දන්නා කෙනෙක් වාගේ , රියදුරා පසුව හෝ ඇත්ත ප්‍රකාශ කලාම ඔහු එය වටහා ගත් ආකාරයෙන් පේනවා (ම)
ගහලද ? (ස)