මාර්ග අංකය 255 ය. දිනය ඉකුත් 15 වැනිදාය.
වේලාව 7.45ට පමණ ඇත. පිම්මේ හඹා ගිය බස් රථය බස් නැවතුම්පළවල් කිහිපයකින් මගීන් නංවා ගැනිණි. බස් රථය නැවත නැවතුමක නවත්වා මගීන් නංවයි, බස්සයි.
ඊයේ යාමට තිබූ ගමනක් යන ආකාරයෙන් නැවත ධාවනය කරයි. කොට්ටාව පිළියන්දල මාර්ගයේ බස් නැවතුමේ බසය නතර කෙරිණි. බස් රථය තුළ විශාල මගී පිරිසකි. බසයට නගින්නට පොරකන පිරිස ද විශාලය. කොන්දොස්තර බස් රථයේ පිටුපස දොරෙන් මගීන් නංවයි. ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඔහු කෑ ගසයි.
රියැදුරු ඉදිරිපස දොරටුවෙන් මගීන් නංවයි. ‘‘පස්සට යන්න පස්සට යන්න’’ ඔහු කෑ ගසයි. මගීහු අන්දමන්ද වෙති. රියැදුරු තැන මහහඬින් කෑගසමින් මගීන් නංවයි. මගීන් නංවා අවසන් වූ තැන ඔහු මහ හඬින්ම හරි රයිට් යන් යැයි කෑගැසීය. තදබදයේ හිරවී සිටි නමුත් මගීන් මහ හඬින් සිනාසෙන්නට විය.
රියැදුරට යමක් වැරදුණ බව වැටහිණි. ඔහු තව ටිකක් තප්පර ගණනක් සිට හරි මමනේ යන්න ඕනෑයැයි කියමින් ගියරය මාරු කර බස් රථය ඉදිරියට ඇද්දුවේය.
2025 ඔක්තෝබර් මස 08
1357
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1264
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
461
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රියැදුරු කොන්දොස්තරවී ජංජාලයක්
ලක්මාල් Thursday, 18 February 2016 06:42 AM
අපිට හරි හිනා. (ර)
සෑම් Thursday, 18 February 2016 06:47 AM
අම්බලන්ගොඩ බස් නැවතුමෙන් පිටිසර පළාතකට යන අවසාන බසයට මගීන් පිරී ගිය පසු කොන්දොස්තර සීනුව ගැසුවාලු . නමුත් රියදුරා ආසනයේ නැති බව මගීන් කිව්වාලු . ඊට පසුව වට පිටේ හැම තැනම හොයා බලනකොට රියදුරා බැටරි පෙට්ටිය උඩ ඉඳගෙන ඉන්නවාලු . වෙන කෙනෙක් අතේ පණිවිඩයක් ඇරලා මිනිහව බසයෙන් බස්සාගෙන ටිකවෙලාවකින් නැවත බසයට ගොඩ කරලා ගමන ගියාලු . හේතුව රියදුරා ගංජා බීලා මත්වෙලා සිහින ලෝකෙට ගිය එකලු. මේක 80 දශකයේ වෙච්ච සිදුවීමක්. (ර)
වික්‍රම Friday, 19 February 2016 01:56 AM
අපේ මලයා අනූ ගණන් වල බස් එකක් දැම්මා ගාල්ලෙ ටිකක් එහාට වෙන්න තිබුණ ගමකට. සෙනඟ ගොඩක් හිටියෙ නැති හින්දා කොන්දොස්තර වැඩේ කළෙත් මල්ලිමයි. ගමේ මිනිස්සු සල්ලි වෙනුවට මී කිරි, හකුරු, එළවලු දීලා ගිහින් (නි)
පිටබැද්දර ජයා Thursday, 18 February 2016 08:25 AM
දෙකක් නැහැ මේ රියදුරා හොරට බස් එලවන කොන්දොස්තර කෙනෙක් , කලබලේට මිනිහට අමතක උන අද කරන්නේ රියදුරු කම කියලා මොනවා උනත් හිනා යන කතාවක්. (ර)
චන්දි Saturday, 20 February 2016 01:47 PM
හිනා යන කතාවක්. දකුණේ කට්ටිය වගේ මෙතන ලියලා තියෙන්නේ මී කිරි ගැන ලියපු නිසයි. එහෙම කිවුවේ අපේ දකුණට. ජය වේවා! (නි)
අමල් Thursday, 18 February 2016 09:06 AM
හොඳ කතාවක්. (ර)
අජිත් Thursday, 18 February 2016 12:41 PM
සමහරවිට අලුත ලයිසන් එක ගත්තු රියදුරෙක් වෙන්ට ඇති. කලින් කොන්දොස්තරයෙක් වෙලා අමතක වුණා. දැන් මිනිහගේ ජොබ් එක. (බ)
පිටබැද්දර ජයා Friday, 19 February 2016 08:04 AM
ඒ කාලේ අපේ ගෙදරත් ඉතින් මී කිරි , හකුරු , එළවලු අඩුපාඩු උනේ නැහැ , මොකද වික්‍රමගේ බාගෙන් කොටසක් නොවැරදීම අපේ ගෙදරට ලැබෙන නිසා , අපි ඉතින් වික්රමටත් මල්ලිටත් පිං දිදී කනවා. (ර)
ආරච්චිගේ Thursday, 18 February 2016 06:09 AM
යන්තම් ඇති පස්සට ගියේ නැතිව. කවුද දන්නේ නෑ ලයිසම දුන්නේ. (බ)
හිමාල් Thursday, 18 February 2016 06:25 AM
සුළු අතපසු වීමක්. (ර)
රාධා Thursday, 18 February 2016 03:27 PM
කොට්ටාවෙන් කොළඹ දුවන බස් කීපයක ඉන්නේ කේරල ගිහින් ආපු අය බව වෙනත් බස් රථ ධාවකයන් දනී.කේරල භාෂාව නම් නොදනී (බ)