වෙළෙඳ ආයතනයක ගෙවීමේ ක්‍රමයට අලුත්ම පරිගණක යන්ත්‍ර අලෙවියට තබා තිබිණි. රජයේ සේවිකාවක් වූ මවක් සිය දියණියට එම ආයතනයෙන් පරිගණකයක් මිලට ගෙන දුන්නාය. මාස කිහිපයක් හොඳින් ක්‍රියා කළ පරිගණකය ක්‍රියාවිරහිත විය. දියණිය විභාගයකට සූදානම් වූ නිසා මව එය අලුත්වැඩියා කිරීමට කටයුතු නොකළාය.
දිනක් ඔවුන්ගේ රූපවාහිනිය ද ක්‍රියා විරහිත වූයෙන් මව එය මිලදීගත් ආයතනයට ඒ බව දැන්වූවාය. කාර්මිකයෝ දෙදෙනෙක් පැයක් තුළදී පැමිණියහ. රූපවාහිනිය යථා තත්ත්වයට පත්කළ පසු දියණිය මව අමතා “අම්මේ අපේ කොම්පියුටර් එකත් හදන්න පුළුවන්ද කියලා අහනවාදැයි” විමසුවාය. මව ක්‍රියාවිරහිත වූ පරිගණකය ඔවුන්ට පෙන්වා දියණිය සමඟ තේ පිළියෙළ කිරීම සඳහා මුළුතැන්ගෙට පිවිසියාය. බන්දේසියක තැබූ තේ කෝප්ප දෙකක්, කේක් සහ කෙසෙල් ද රැගෙන පැමිණි දියණිය ඒවා කාර්මිකයින්ට පිළිගැන්වූවාය.
මිස් කොම්පියුටර් එක පාවිච්චියට ගන්න බැහැ. සේරම පිච්චිලා. අලුත් එකක් ගන්නැයි පැවැසූ ඔවුහු පිටව ගියහ.
දිනක් එම නිවසට පැමිණි පරිගණක අලෙවි කරන ආයතනයක නෑදෑයෙක් ක්‍රියාවිරහිත වූ පරිගණකය ගැන විමසූ අතර ඔවුන් පැවසුවේ එය පිළිස්සී ඇති බවය. පරිගණකය ගලවා පරීක්ෂා කළ ඥාතියා “කව්රුවත් මේක ගැලෙව්වාදැයි” විමසීය. “ඔව් ඔව් ටෙක්නීසියන්ලා ඇවිල්ලා බැලුවා. එයාලා කිව්වා මේක පිච්චිලා කියලා. දියණිය කීවාය. එවිට ඥාතියා පැවසුවේ පරිගණකයේ වටිනා උපාංග කිහිපයක් දක්නට නොමැති බවය.
(ක්‍රිස්ටෝපර් සීපියන්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කියවන කොට මතක් වුනේ .දවසක් යකඩ බඩු එකතු කරන මනුස්සයෙක් අවා අපේ ගෙදරට ඉතින් දර මඩුව ඇතුලේ තිබුණු පරණ යකඩ කෑලි ටිකක් එකතු කරලා දුන්නා ගෝනියට දාගන්න .මනුස්සයා ගියාට පස්සේ හවස ලෑන්ඩ්මස්ටරය ස්ටාර්ට් කරන්න හදන කොට එකේ යතුර නෑ . එකත් අර මනුස්සයා අපේ ඇස් වහල අරගෙන ගිහින් .බොහොම අමාරුවෙන් මෑන්ව හොයාගෙන බලෙන්ම වගේ යතුර ඉල්ලා ගත්තේ (හේ)
ඔය වගේ දේවල් වෙනවා.(හේ)
පරිගනකයක් භාවිතා කරන විට එහි දෘඩාංග පිළිබඳව මූලක දැනුමක් තිබිය යුතුයි. එසේම පරිගණකයක් අලුත්වැඩියාවට ලබා දෙන විට එහි අඩංගු පුද්ගලික දත්ත පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි. (ම)
සුලෝචන, තව පොඩ්ඩෙන් මෑණියන්දෑවත් රවටා ගන්නවා. (නි)
නන්නාදුනන කෙනෙක් ගෙදරට ආවම ගෙදර කව්රුහරි ලග ඉන්න ඕන. ඔය එක එක ටෙක්නිෂන්ලා ඇවිත් කරන්නේ අපිට තට්ටු වන දෙයක්ම තමයි. අනේ මන්ද දැන් කාලේ කාව විශ්වාස කරන්නද කියල. (ර)
ඇති ඔයින් බේරුනා! (නි)
ගෙදර හිටපු දියණියව රටවා නොගත් එක ගැන සතුටු වෙන්න (නි)