එක්තරා රූපවාහිනි රූපලාවන්‍ය වැඩසටහනකට සවන් දුන් මෙම ප‍්‍රදේශයේ සිවුදරු මවකට දින ගණනක් වෛද්‍ය ප‍්‍රතිකාර ලබන්නට සිදුවී යැයි අසන්නට ලැබුණි. එම කතා පුවත මෙසේය. මෙම ප‍්‍රදේශයේ සිවුදරු මවක් එක්තරා රූපවාහිනියක රූපලාවණ්‍ය වැඩසටහනක් නරඹමින් සිටියාය.
එහිදී කියැවුණේ මුහුණේ පිරිසුදු බව රැකගැනීම ගැනය.
මෙය අසා සිටි කාන්තාව නිවෙසට ගෙනවුත් තිබූ රූපවාහිනි වැඩසටහනේ කියැවූ ද්‍රව්‍ය රාත‍්‍රී කාලයේ හොඳින් මුහුණේ උලා නින්දට ගියාය. පසුදින අලූයම ඇය අවදිවන විට මුහුණ ඉදිමිලාය. ඇයට ඇයව හඳුනාගත නොහැකි තරමටම මුහුණ ඉදිමිලාය. කළ හැකි කිසිවක් නොවූ ඇය මුහුණ රෙද්දකින් වසාගෙන වෛද්‍යවරයකු වෙත ගියාය.
වෛද්‍යවරයා ඇගේ මුහුණ දැක කීවේ විෂබීජයක් හේතුවෙන් මුහුණ ඉදිමී ඇති බවකි. ඇයට වෛද්‍යවරයාගේ ගාස්තුවත් ඔසුසලේ බෙහෙත්වලටත් රුපියල් දහසකට වැඩි මුදලක් වැය කෙරුණි. ඇගේ මුහුණේ ඉදිමුම බැස ගියේ දින හතරකට පසුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර රූපවාහිනී වෛද්‍ය- රූපලාවන්‍ය වැඩමුළු වෙළඳ වැඩමුළු පමණි.(ම)
සත් කෝරළෙත් ඉන්නේ හඳට ගල්ගහපු අයද මන්දා? රූපවතී කියන්නේ ළමයිනේ, එයාගේ යාලුවෙක් ඉංග්‍රීසි කියවන්න බැරි නිසා වැරදි ක්‍රීම් එකක් මුහුණේ ගාලා වෙච්ච ඇබැද්දියක් ගැන. (නි)
ස්වභාවික දේවල් තමයි හොඳ.(ම)
ඇයි ශ්‍රියා දන්නෙ නැද්ද රූපවතී අක්කා ශඩ්භාෂා පරමේශ්චර කියලා? (නි)
මොකද මන්දා, මට හිතෙන්නෙම මේ අලකලංචිය රූපවති ලංකාවේ හිටපු කාලයේ වෙච්ච එකක් කියලාමයි (නි)
ස්වභාවයෙන් ලැබී තියෙන ලස්සන වැඩියෙන් ලස්සන කරගන්න ගියාම ඔය වාගේ දේවල් වලට තමා මුහුණ දෙන්න වෙන්නේ.(ම)
එතකොට මොනවද වුණේ උලාගෙන තියෙන්නේ කියල නැද්ද..?පිටරටකදී මම දන්නා කෙනෙක්...ශ්‍රී ලාංකික කාන්තාවක් කියවීමේ නොහැකියාවට (අ)
මොනවාද මේ රුපවතීගේ අපබ්‍රංස .(අ)
දවල් වරුවට චැනල් වල උපදෙස් දෙනවා බෙහෙත් ගැන කරල් ගැන . මේ අය කිසිම දැනුමක් නියමිත ලෙස ලබා ගත අය නෙවි . නිලියෝ නිවේදිකාවෝ. මිනිස්සු රැවටෙනවා දොස්තර කියල. (අ)
මොනවාද මේ රූපවතීගේ අපබ්‍රංශ? ඕවා ගණන් ගන්න එපා (නි)
කාන්තාවොනෙ දෙයියනේ! හදන්න බැහැ. (නි)
හොඳ වැඩේ! (නි)
මුහුණේ ලස්සන හදවතේ තිබෙනවා නම්... (නි)
රුපවතී, කියන දෙයක් අන්ඩර දෙමලෙන් කියන්නේ නැතුව තේරෙන බාශාවකින් කිව්වානම් ..(අ)
අප්පේ සිව්දරු වෙලා ඔහොම රූපවාහිනිය බල බලා මූණ අල්ලගෙන දඟලන්න වෙලාවක් තියෙනවාද? අපිට මේ එක් දරු වෙලා ගෙදර වැඩ ටික කරලා රැකියාවටත් ගිහින් හවස ගෙදර එනකොට මූණක් කියලා දෙයක් තියෙනවාද කියලා දැනෙන්නේ නැති තරමට මහන්සියි (බ)
රූපවතීට බෙහෙත් ගන්නම වෙනවා. දිගටම ඔහොම හිටියොත් ලෙඩේ තවත් බරපතල වෙනවා.. (නි)
මෙච්චර කියනවා, ඒත් කවදාවත් හැදෙන්නෙ නම් නැහැ මෙයාලා (නි)
අපේ කාන්තාවන් කවදා හැදෙයිද මන්දා? (නි)
රූපවතී ඔක්කොම දන්නවනේ බලනකොට (නි)
රූපවතී නම් ඕවා කරන්න එපා. (නි)
ඒ කාලේ සුර්යග්‍රහණ දිනයක අර යම්කිසි පානයක් බිව්වෙත් මේ වාගේම බවලත්තු තමයි. (නි)